සහතික ඇත්ත මචන්.අතේ ඇති මුදලට අනුන්ට පේන්න නැතුව හොදට ජීවත් වෙන්න සුපිරි මයින්ඩ් සෙට් එකක් ඕනෙ. බැරි බැරි ගාතෙ සල්ලි හම්බුන දවසක උඩ තට්ටු හදන්න හිතන් අනුන්ට පේන්න අපේ උන් තට්ටු ගනන් ගෙවල් හදන්න පටන් ගන්නව. අන්තිමට ස්ලැබ් දාගෙන රස්නෙට පිච්චි පිච්චි කාලයක් ඉන්නව. අන්තිමට ලමයෙක් තමා ගේ ෆිනිශ් කරන්නෙ.
අපේ ගෙවල් ලගත් පොරක් ඉන්නව. තට්ටු 3ට ගේ ප්ලෑන් කරල දැන් යටතට්ටුව හදල ස්ලැබ් එක දාන් ඉන්නව. දවල්ට ගෙදර පෝරනුව වගේ. කපරාරුව දෙපැත්තෙම තාම නෑ. ටයිල් කරලවත් නෑ. අඩුම ගානෙ පොලොවෙ සිමෙන්ති මැදලත් නෑ. ටයිල් පස්සෙ අල්ලන නිසා සිමෙන්ති මදන එක පාඩුයිලු. එච්චර වැඩ තියෙද්දි දැන් දෙවෙනි තට්ටුවේ කනු නග්ගනව. අනේ මන්ද යටතට්ටුව හදන් සුපිරියට ඉන්න පුලුවන්කම තියෙද්දි
උබට කියන්න, අපි ගෙදරට පදිංචියට ආවේ ගෙදර වැඩ ඔක්කොම ඉවර කරලා, ගාඩ්න් එකත් හදලයි. දැන්නම් පට්ට සැනසීමක් දැනෙන්නෙ.
