මේ ටිකත් කියවලාම බලපන්.. ❤❤❤

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    මේ ටිකත් කියවලාම බලපන්.. ❤❤❤

    අවුරුදු 18ක ලෝක කුසලාන පිපාසය සහමුලින්ම ඉවර කරලා දාපු 2014 අප්‍රේල් 6 !!

    1996 ලෝක කුසලානය දෝතට ගත්තු අපි 99 දි ආ ගිය පයින්ම ගමන් මළු අහුරාන ආයෙම එන්නේ එදා ලෝක කුසලානය දිනා දුන්න අර්ජුන රණතුංගගේ ඒකාධිපති පාලනය නිසා කණ්ඩායම ඇතුලේ සිදුවන අසමගියට උත්තර හොයාගන්න බැරි වෙන නිසාය !! අරවින්දට බෑ කියන නායකත්වය තමන්ගේ වගකීමක් විදියට ගත්තු සනත් සමග ගොඩ නැගෙන ශ්‍රී ලංකාව සනත්ගේ නායකත්වයෙන් 2003 ලෝක කුසලානයට යනවා.. කෙන්යාව ඉදිරියේ අමිහිරි පරාජයක් ලැබුනත් අන්තිම හතරට ඔලුව රිංගා ගන්න සිංහ කණ්ඩායම ඕස්ට්‍රේලියානු කැන්ගරුවන් ඉදිරියේ අසරණව එලියට විසි වෙනවා.. සනාගෙන් නායකත්වය මාවන්ට ගියත් මාවන්ගේ ආබාධය සමගින් මහේල ජයවර්ධනට යන සිංහ නායකත්වය මහේල සන්තකයේ ස්ථාවර වෙනවා !!

    ඉතින් ක්‍රීඩා ලෝලී මිත්‍රවරුනි ශ්‍රී ලංකා සිංහයින් ලෝක කුසලාන පිපාසයෙන් පෙලෙන්න ගන්නේ මෙතන ඉදන් !!

    මහේලගේ නායකත්වය සමග 2007 ලෝක කුසලානයට යන සිංහයින් සියල්ල හොදට කර අවසන් මහා තරගයේ දි වැස්ස ඉදිරියේ අසරණ වූවාටත් වඩා ගිල්ක්‍රිස්ට්ගේ ස්කොෂ් පන්දු සහිත අත් ප්‍රහාරයෙන් අන්ත අසරණ වෙලා ලෝක කුසලානය අත් හැර එනවා !!

    2009 විස්සයි විස්ස ලෝක කුසලානයට යන කුමාර් සංගක්කාර ප්‍රමුඛ සිංහ නඩය සියලු කණ්ඩායම් වලට ප්‍රබල අභියෝගයක් වෙන්නේ තිලකරත්න ඩිල්ශාන් නැමති එවකට විස්ස විස්ස පිටියේ ප්‍රබල අවිය නිසා.. තරගාවලිය පුරාම අති සාර්ථක ඩිල්ශාන් අවසන් මහා තරගයේ දි මොහොමඩ් අමීර් ඉදිරියේ ලකුණු නොලබාම බිලි වීමත් සමග පසුබසිනවා.. සහීඩ් අෆ්‍රිඩිගේ ගිණිකෙලි සංදර්ශනය ඉදිරියේ තෙවෙනි වතාවටත් ලෝක කුසලානය අත් හැර එන්නට සිංහයින්ට සිදු වෙනවා !!

    2010 දි නැවතත් සංගක්කර සමග විස්සයි විස්ස ලෝක කුසලානයට යන සිංහ නඩයේ ප්‍රබලම අවිය බවට මහේල ජයවර්ධන පත් වන්නේ එවකට සිටි ලොව හොදම විස්සයි විස්ස පිතිකරුගේ භූමිකාව රග දක්වමින්.. සියල්ල හොදට කරන සිංහයින් අන්තිම හතර දෙනා අතරට ගියත් තරගාවලිය පුරාම අති සාර්ථක මහේල ජයවර්ධන අසාර්ථක වීමත් සමග එංගලන්තය ඉදිරියේ පරාජය බාර අරන් අවසන් මහා තරග සිහිනය බොද කරගනිමින් ආපසු එනවා !!

    නැවතත් 2011 දී සංගක්කාර සමගින් එක්දින ලෝක කුසලානයට යන සිංහ නඩය අවසන් මහා තරගය කරා එන්නේ ලෝක කුසලාන පිපාසයට පිලියම් සොයමින්.. අවසන් මහා තරගය මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගනය සිසාර පිත්ත ක්‍රියාත්මක කරන අත් විශිෂ්ඨ මහේල ජයවර්ධන සටන්කාමීන් ශතකයක් ලබා ගෙන සිංහ නඩය ශක්තිමත් කරනවා.. පිලිතුරු දෙන්න එන්න ඉන්දියානුවන්ව අසරණ කරන ලසිත් මාලිංග සචින් ටෙන්ඩුල්කාර් , විරේන්ද්‍ර ශේවාග් ආ පයින් හරවා යවනකොට තිලකරත්න ඩිල්ශාන්ගේ අති විශිෂ්ඨ උඩ පන්දු රැකීම ඉදිරියේ විරාට් කෝලි අසරණ වෙන විට ලෝක කුසලානය අපේ වූවායැයි හදවත කියනවිට ගෞතම් ගාම්භීර් සමග නායක මහේන්ද්‍ර සිං දෝණි අපෙන් එය උදුරා ගන්නේ සාහසිකයන් ලෙසින්.. සංගක්කාර අතින් දුවද්දි දැවී යාමක් ගිලිහිමත් කුලසේකර අතින් උඩ පන්දුවක් ගිලිහීමත් කවදාවත් වෙන්න බැරි දේවල් බව සියලු හදවත් කියනවිට නැවත වතාවත් සිංහයින්ට ලෝක කුසලානයක් අහිමි වෙනවා.. !!

    2012 දී නැවතත් මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් විස්සයි විස්ස ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයා දක්වා අරන් එන්න මහේලගේ විශිෂ්ඨ නායකත්වය සමත් වූවත් අවසන් මහා තරගයේදි ලසිත් මාලිංගට කොදෙව් සැමුවෙල්ගේ අනුකම්පා විරහිත ප්‍රහාරය නිසා නැවත ලෝක කුසලාන සිහිනය බොද වෙන අයුරු දිස් වෙනවා.. පිලිතුරු සොයන සිංහ නඩයේ පිතිකරුවන් මහේල ජයවර්ධන අන්තයක තනි කරමින් කඩුළු පූජා කරන්නේ කොළඹ ඛෙත්තාරාමයේ සියලු ප්‍රේක්ෂකයන්ගේ ඇස් කදුලින් තෙත් කරමින්.. අයාලේ ගියපු වැස්සක් පවා සිංහ ජයග්‍රහණට කණ කොකා හඩවනවිට මහේල ජයවර්ධනගේ ඉවසීම පරාජයට පත් කරමින් ඔහුට සුපුරුදු ලකුණු මැවු රිවස් ස්වීප් පහරම මහේලව බිලි දෙන්නේ නැවතත් ලෝක කුසලානයක් ශ්‍රී ලංකාවට අහිමි කරමින්ය !!

    අවුරුදු 18 ලෝක කුසලාන හතරක අවසන් මහා තරග හතරක් පරාජය වීමේ අති සෝචනීය ඛේදවාචකය කර පින්නාගෙන දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් 2014 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ මහේල , සංගක්කාර සුසංයෝගයේ අන්තිම විස්සයි විස්ස රග දැක්වීම බවට පත් වෙනවා.. තරගාවලිය අතර මැද චන්දිමාල්ට තරගයක් තහනම් වීමත් නායකත්වය ලසිත් මාලිංගට හුවමාරු වීමත් ජය ගතයුතුම තරගයක් පරාජය වෙන තැනකට ඒමත් එය කණපිට හරවා තරගාවලිය පුරාම බංකුව රත් කල රංගන හේරත් නවසීලන්තය අසරණ කරමින් ප්‍රාතිහාර්ය පෑමත් මාලිංග රැක ගනිමින් තිරය පිටුපස අති විශිෂ්ඨ නායකත්වයක් සැපයූ මහේල ජයවර්ධන කරලියට නිරාවරණය වූ

    " මහේල අයියේ මම කොතනද ඉන්න ඕනේ "

    වැනි සොදුරු වැකි මාලිංගගේ කටින් පිට වීමත් චන්දිමාල් නැවත නායකත්වය ගෙන ඇතුලට නොපැමිණ මාලිංගට නායකත්වය පරිත්‍යාග කිරීමත් තම ස්ථානය තරගාවලිය පුරාම අසාර්ථක කුමාර් සංගක්කාර වෙනුවෙන් පූජා කිරිමත් 2012 දී ගන්න බැරි වුන වාඩුව කොදෙව්වන්ගේ අවසන් හතර දෙනාගේ වටයෙන් ගැනීමත්

    " මහේල , සංගක්කාර මහත්වරු දෙන්නාට හොඳ විදියට සමු දෙන්නට දෙවියන්ට අවශ්‍ය වෙන්න ඇති "

    කොදෙව් නායක ඩැරන් සමීගේ කටින් පිටවීමත් කර පින්නාගෙන අවසන් තරගයේදි 2011 දි අපට ලෝක කුසලානය අහිමි කල ඉන්දියාව හමු වෙන්නේ පලි ගැනීමේ හොදම අවස්ථාවක් උදා කරමින් !! ඉන්දියානු පිතිකරුවන් සිය පාලනයේ තබාගෙන ලසිත් මාලිංග ප්‍රමුඛ සිංහ පන්දු යවන්නන් පන්දු යැවීමත් සංගක්කාරගේ වචනයෙන්ම කීවොත්

    " මෙච්චර කාලෙකට මම දැකපු හොදම අන්තිම ඕවර් හතර "

    යවමින් ඉන්දියානු ලකුණු පුවරුව සීමා කල සිංහයින් පිටියට පැමිණියේ පිලිතුරු ලකුණු සෙවීටම වඩා ගන්නට බැරි වූ වාඩුවක් ගැනීමටය.. තරගාවලිය පුරාම අසාර්ථක වූ කුමාර් සංගක්කාර තම අවසන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය නිමා කරන්නේ සටන්කාමී අර්ධ ශතකයක් සමගින් වසර 18 ලෝක කුසලානය පිපාසය නිමා කරමින් 2014 අප්‍රේල් 6 වෙනිදා නිමා කරමින්ය !!

    ඉතින් ක්‍රීඩා ලෝලි මිත්‍රවරුනි ආයේ කාලෙකට අපට විදින්නට තියා ලං වෙන්නවත් බැරි ලෝක කුසලානයක සොදුරු මතකයක් සමග සුසුම් හෙලන්නට පටන් ගෙන අදට වසර පහකි.. !!

    #මෙසී ගේ වෝල් එකෙන්...
     
    • Like
    Reactions: Sanjeewamilan