🔴 පාපන්දු ලෝක කුසලානය 2022

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,177
    8,180
    113
    M-Town
    තව හරියටම සති දෙකක වගේ කාලයකින් මේ මහා පෘථිවියේම තනි ක්‍රීඩාවක් වෙනුවෙන් පැවැත්වෙන විශාලතම තරගාවලිය ආරම්භ වෙනවා. ඒ තමයි පාපන්දු ලෝක කුසලානය! මේක ඇවිල්ලා ක්‍රීඩා තරගාවලියකටත් එහා ගියපු සැනකෙළියක්. හැබැයි මේ පාර පොඩි පොඩි ජල්බර කේස් ටිකක් නිසා ගොඩක් දෙනෙක් පාපන්දු ලෝක කුසලානයට විරුද්ධ වෙන්න පටන් අරන් තියෙනවා!

    පළවෙනි කාරණාව තමයි සල්ලි! සල්ලි කියන්නේ දෙයියන්ගෙ මල්ලි කියලා කතාවක් අහලා තියෙනවද? අන්න ඒක පොඩ්ඩක් වෙනස් කරගන්න සල්ලි කියන්නේ දෙයියන්ගේ මල්ලි නෙමෙයි සල්ලි කියන්නේ කටාර් කියලා. මේ වෙද්දි කටාරය නිළ වශයෙන් පාපන්දු ලෝක කුසලානයට ඩොලර් බිලියන 220 ක මුදලක් යට කරලා ඉවරයි. නිල වශයෙන් හොඳේ. නොනිල වශයෙන් තව කොච්චර යට කරාද කියලා දන්නේ දෙයියොයි මිෂෙල් ප්ලැටිනියි වගේ කිහිප දෙනෙක් තමා. ඒක පස්සෙ කියන්නම් දැන් නිකං හිතන්න

    මේ සල්ලි වලින් ශ්‍රී ලංකාවේ සමස්ථ ණය 4 පාරක් ගෙවලා ඉවර කරන්න පුළුවන්. තෙල් නැවක් ඩොලර් මිලියන 50 ක් කියලා හිතුවොත් අපිට පුළුවන් තෙල් නැව් 4 400 ක් ගේන්න. කොටින්ම පෙට්‍රල් වලින් BBQ දාන්න පුළුවන්. 2018 දි රුසියාව වියදම් කළේ ඩොලර් බිලියන 18 ත් 20 ත් අතර ප්‍රමාණයක්. මේ පාර ඒක කෙළින්ම 11 ගුණයක් වෙලා තියෙනවා. Wtf නේද? කටාර් සල්ලි විසි කරනවා විසි කිරිල්ලක්!!! මේ ඔක්කොම කරන්නේ නොවැම්බර් 20 ඉඳන් දෙසැම්බර් 18 වෙනකන්. මාසෙකටත් අඩු කාලයකට

    මේ ලෝක කුසලානයේ සත්කාරකත්වය ගන්න ලොකු තරගයක් තිබුණේ නෑ. ඕස්ට්‍රේලියාව, අමෙරිකාව, ජපානය සහ දකුණු කොරියාව එක්ක කටාරය තරග කළා. අන්තිම වෙද්දි අමරිකාව හිටිය් දිනලා ඉවරයි වගේ. සාමාන්‍යයෙන් ලෝක කුසලානයක සත්කාරකත්වය ගන්න FIFA එකේ උඩම ඉන්න Members ලා 24 ක ඡන්දය ගන්නවා. ඔතන හිටියා මිෂෙල් ප්ලැටිනි කියලා බුවෙක්. පොර ඒ කාලේ වයිස් ප්‍රසිඩන්ට්. FIFA එකේ ප්‍රසිඩන්ට් වෙලා හිටියේ සෙප් බ්ලැටර් සීයා.

    පාපන්දු බලන කෙනෙක්ට නම් ප්ලැටිනි ගැන අමුතුවෙන් අටුවා ටීකා තිප්පිලි කොඩිවින අවශ්‍ය වෙන්නෙ නෑ. බැලොන් ඩොර් එක තුන් පාරක් දිනපු අම්මටසිරි වෙන ප්ලේයර් කෙනෙක් තමා ප්ලැටිනි. හැබැයි ඔය වෝට් එකට කලින් ප්‍රංශ ජනාධිපති එක්ක මිෂෙල් ප්ලැටිනි ඩිනර් එකකට යනවා. ඔන්න ඔය ඩිනර් එකේදී කටාර් නියෝජිතවරුන් වගයක් ඇවිල්ලා කියනවා අපිට ඡන්දේ දෙන්න අනේ. අපි සලකන්නම් ඇතෙක් බරට රත්තරන් දීලා කියලා. බොර දියෙත් මාලු බාන්න පුළුවන් නම් ප්‍රංශ කාරයෝ ඒකත් කරනවා. ආයෙ දෙපාරක් හිතන්නෙ නැතුව ප්ලැටිනි වැඩේට කැමති වුණා. ඒ විතරක් නෙමෙයි අමෙරිකාවට වෝට් කරන්න හිටපු සෙට් එකේ ඡන්ද පවා මේ යකා මාරු කළා.

    අවසන් ඡන්ද විමසීමේ වටය උදා වුණා. අමෙරිකාව නියෝජනය කරලා ආපු එක්කෙනෙක් තමයි බිල් ක්ලින්ටන්. කලින් ජනාධිපති. අපේ හිලරි ක්ලින්ටන් ඇන්ටිගේ මහත්තයා. එච්චර වැදගත් මනුස්සයෙක්ව නියෝජිතයා විදිහට එවන්න අමරිකාවට මේ සත්කාරකත්වය ගන්න එක කොච්චර වැදගත් වුණාද කියලා හිතාගන්නකෝ...! අන්තිම වෝට් එක ඇමරිකාවට 8 යි. කටාර් වලට 14 යි. දෙන්නෙක් වෝට් කලේ නෑ. බෑම්!!!! 2022 පාපන්දු ලෝක කුසලාන සත්කාරකත්වය හම්බුණේ කටාර් වලට. පස්සෙ අසූහාරදාහට මළ පැනපු ක්ලින්ටන් මහත්මයා හෝටලේට ඇවිල්ලා බඩු පොළේ ගහලා ඩෙඟා නටලත් තියෙනවා.

    මිෂෙල් ප්ලැටිනි ට හම්බුන සල්ලි කොච්චරද කියලා මිනිහම තමයි දන්නවා ඇත්තේ! පෝර බෑග් වලින් හම්බෙන්නැති. සෙප් බ්ලැටර් සීයටත් මේකෙන් හොඳ කුට්ටියක් හම්බුණා. ඒ විතරක්ද? රාජ්‍ය තාන්ත්‍රික විදිහට ප්‍රංශයටත් සල්ලි තව එක එක දේවල් ගොඩක් ලැබුණා. කටාර් වල මේ World Cup එකටම සුවිශේෂී හෝටල් 7 ක් විවෘත කරනවා. මේ භූමි ඔක්කොම ප්‍රංශයට දීලා තියෙන්නෙ. ඔය ශ්‍රැංගිලා භූමිය මයින්ද මාත්තයා දීලා තියෙන්නේ. ආං ඒ වගේ තමයි හොඳේ. මේ ඔක්කොම හෙළි වෙද්දි වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි.

    මේ එකක් විතරයි. ෆිෆා එකේ ඉඳපු ලොක්කො ගහපු ගැහිලි එක පිට එක මාට්ටු වෙන්න ගත්තා. සන්ඩේ ටයිම්ස් පත්තරෙන් කියනවා කටාර් වලින් වෝට්ස් හරවන්න එක්කෙනෙක්ට ඩොලර් මිලියන 1.5 ගානේ දීලා තියෙනවා කියලා. ඔය පැනල් එකේ ඉඳපු 24 න් කරප්ෂන් වලට අහු වුණ,

    ප්‍රසිඩන්ට් සෙප් බ්ලැටර් සීයට අවුරුදු 8 ක් FIFA එකට සම්බන්ධ සියලු දේ තහනම් කරනවා ✅

    සීනියර් වයිස් ප්‍රසිඩන්ට් ජූලියෝ ග්‍රන්ඩෝනා 2014 දි මැරුණා පොරටත් දූෂණ චෝදනා එල්ල වුණා ✅

    වයිස් ප්‍රසිඩන්ට් ජැක් වර්නර් ට දූෂණ චෝදනා එල්ල වුණා ✅

    මිෂෙල් ප්ලැටිනි ටත් අවුරුදු 8 ක් බෑන් වෙන්න වුණා. පස්සෙ ඒක අවුරුදු 4 කට අඩු කළා ✅

    රිකාඩෝ ටෙයික්සියේරා ට දූෂණ චෝදනා එල්ල වුණා ✅

    මොහොමඩ් බින් හමාම් ව බෑන් කළා ✅

    චක් බ්ලේසර් ට දූෂණ චෝදනා එල්ල වුණා ✅

    වොරාවි මකුඩි ට දූෂණ චෝදනා එල්ල වුණා ✅

    නිකොලස් ලියෝස් ට දූෂණ චෝදනා එල්ල වුණා ✅

    රෆායෙල් සල්ගුයේරෝ ට දූෂණ චෝදනා එල්ල වුණා ✅

    ඔන්න ඔහොමයි වුණේ. 2015 දී මහා රැල්ලක් විදිහට පැනල් එකේ ඔක්කොම අහු වෙද්දී කටාර් වලින් ලෝක කුසලානය රිවස් කරන්න පරක්කු වැඩියි. ඉතින් 2022 ලෝක කුසලානය කටාර් වලම පවත්වන්න තීරණය වුණා. හැබැයි මේක මෙතනින් නැවතුනාද මිත්‍රවරුනි? නෑ! දැන් තමා හොඳම හරිය

    කටාර් මේ World Cup එක ඉලක්ක කරලා ග්‍රවුන්ඩ් 8 ක් හැදුවා. එතනින් 6 ක් ම අලුතෙන්ම හදපුවා. මේ ග්‍රවුන්ඩ් හදන්න ගෙනාපු කම්කරුවන්ගෙන් බහුතරය ඉතින් කරගන්න දෙයක් නැතුව රට රස්සාවට ගිහින් කීයක් හරි හොයාගන්න හදන දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානුවන්. ඔවුන්ගෙන් වැඩ අරගෙන තිබුණේ නූතන ව ha ල් සේවා වේ පිළිඹිබුවක් විදිහට! කොටින්ම ආරක්ෂිත හිස් වැසුමක්වත් ලබා දෙන්න කටයුතු කරලා තිබුණේ නෑ.

    අවම වශයෙන් පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් මිනිස්සු 15 000 ක් තමන්ගේ ජීවිතය පුද කරලා තියෙනවා. ඒ වගේම තවත් දහස් ගණනක් සදාකාලික ආබාධිතයෝ බවට පත් වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් BBC එකෙන් Documentary එකක් කරනවා. ජීවිතය ගලවගෙන ආපු මිනිස්සු කියන්නේ තමන්ට හරියට කන්න බොන්න තියා කරපු වැඩ වලට පඩියක්වත් දුන්නේ නෑ කියලා.

    "ඔවුන්ව ගොඩක් තියලා තිබුණේ හරියට කුකුල් කූඩු වල ගාල් කරලා වගේ. එක ළඟ එක ළඟ ගොඩක් තැන්. ආරක්ෂාවට කිසිම දෙයක් නෑ. අඩුම ගානේ කිසිම සෞඛ්‍ය පහසුකමක් වත් නෑ. බොහොම අනාරක්ෂිත පරිසරයක් ඇතුළේ මේ මිනිස්සු ජීවත් වුණා. ගොඩක්ම මරණ ඇති වෙලා තියෙන්නේ මී උණ හැදිලා. සාමාන්‍යයෙන් වසංගතයක් බෝ වෙන්න ගත්තම ඔවුන් හිටපු පරිසරය එක්ක බොහෝ දෙනෙක් ඉක්මනින් ම ඒකට ගොදුරු වෙලා මරණයට පත් වෙලා තියෙනවා." මේ Documentary කියන කතාව.

    මේ ලෝක කුසලානය සුන්දර කරන්න ගියපු ශ්‍රී ලාංකිකයොත් 500 කට වඩා වැඩි පිරිසක් ආයෙම පණපිටින් ගෙදර ආවේ නෑ. සුන්දර ක්‍රීඩාංගන වටේට ගොඩක් අසුන්දර ලේ, කලු සල්ලි ගෝනි ගණන් ගොඩ ගැහිලා තියෙනවා. මේ හේතුව හින්දා යුරෝපය පුරාවට මෙවර ලෝක කුසලානයට විශාල විරෝධතාවයක් ගොඩනැගිලා තියෙනවා.

    ඒ විතරක් නෙමෙයි කටාර් වල නීතියට යුරෝපියන් ෆෑන්ස්ලා කොහොම අවනත වෙයිද කියන්න දන්නෙ නෑ. ප්‍රසිද්ධියේ බොන්න බෑ. ටී ශර්ට් ගලවන්න බෑ. විවාහ නොවී ලිංගිකව හැසිරෙන්න බෑ. හේතු ගොඩයි. සාමාන්‍යයෙන් එංගලන්ත කාරයෝ, ජර්මන් කාරයෝ ෆුට්බෝල් බලන්න එන්නෙ එක පැත්තකින් බියර් මග් එක අතේ තියාගෙන. ඒක ක්ලබ් ෆුට්බෝල් වල ඉඳලම උන්ගේ ෆැෂන් එක. උන් එන්ජෝයි කරන්නේ එහෙමයි. හැබැයි මේ පාර පුළුවන් වෙයිද? ප්‍රශ්නයක්!

    වෙනදට සමර් එකේ තියෙන ෆුට්බෝල් World Cup එක මේ පාර ඔක්කොම නීති වලට පිටින් November - December වලට ගේනවා. ක්ලබ් ෆුට්බෝල් මැද බ්‍රේක් එකේ එන නිසා රෙස්ට් එක නැතුව දැනටම ගොඩක් ක්‍රීඩකයෝ ඉන්ජර්ඩ් වෙලා ඉවරයි. හැබැයි සල්ලි වලට වහ වැටිලා ඉන්න FIFA කියන හොර ගුහාවට ඒක අදාල වෙන්නෙ නෑ. කිසිම දේකට නවත්තන්න බැරි ලෝක කුසලානය ලබන සතියේ නෙමෙයි ඊළඟ සතියේ ඉරිදා කටාර් ඉක්වදෝර් මැච් එකෙන් පටන් ගන්නවා. කවුරු මොනවා කිව්වත් ලෝක කුසලානය ක්‍රියාත්මක වෙනවා. අපිත් ඉතින් ඒක බලනවා

    මේ සති අන්තයේදී ජර්මනියේ බොරුසියා ඩොර්ට්මුන්ඩ් ෆෑන්ස්ලා මෙන්න මේ වගේ බැනර් එකක් ගේනවා. එයාලා කතා කරන්නේ උඩ සිද්ධීන්ට විරුද්ධව යි. හැබැයි සල්ලි වලට මේ ඔක්කොම යටයි. සල්ලි කියන්නේ දෙයියන්ගෙ මල්ලි නෙමෙයි සල්ලි කියන්නෙ කටාර්! හෑල්ල දිග වැඩි වුණාට සමාවෙන්න. පුළුවන් තරම් කොට කරලා ලිව්වේ.
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ටාගට් කවර් කරන්නෙ එහෙමයි.. මරාගෙන කාලා හරි වැඩේ කරව ගන්න තමයි බල්නනෙ.. ගොඩක් කොම්පැනි එක්කො මලබාරි ඊජිප්තු හෝ ඩුබායි..අහන්නදෙයක් නැ සල්ලි වලට තමන්ගෙ ගැනි දෙන ජාතියක් තමා මලබාරි 😂😂