මේ තමයි වමාගේ කතාව
මේ තමයි වමාගේ කතාව....
ශිෂ්යත්ව කඩඉම සමත් වෙනවා කියන එක ඒ කාලෙ හැටියට ලොකු අභියෝගයක්. ඒ අභියෝගයත් ජය අරගෙන ආනන්දෙට එනවා කියන්නේ ඊටත් වඩා ජයග්රහණයක්. ඉතින් ඔහු ඒ හැම ජයග්රහණයක්ම ලබා ගෙන ආනන්දෙ නේවාසිකාගාරේ ජීවිතේ නවාතැන්පොල බවට පත් කරගන්නේ ජීවිතේ සුන්දර පරිච්චේදයක් ලියන්න හිතාගෙන.
ආනන්දේ නේවාසිකාගාරේ ඉන්න බොහෝ දෙනෙක්ට basketball ගහන්න ලොකු උණක් තිබුන. ඉතින් ඉස්කෝලේ ඉවර උන ගමන් කාල බීල room time ඉවර වෙලා ගොඩක් දෙනා යන්නේ පිට්ටනියට එහෙමත් නැත්තම් basketball court එකට.
ඉතින් නේවාසිකාගාර මතකය හදිසියේම අවරුදු 10ක් 11ක් විතර පසුපස දිව යනවා. ආනන්දෙ basketball court එකේ හරිම උණුසුම් තරඟයක්. දෙපිලම කරට කර සෙල්ලම් කරනවා. එදා අනන්දෙත් එක්ක තරග වදින්නේ කොළඹ රාජකීය විද්යාලය. දෙපිලෙන්ම ජය ඝෝෂා නැගෙනවා. ඒ අතරින් තරමක් කළු පැහැති එතරම් උස නැති ක්රීඩකයෙක් කැපී පෙනෙනවා. ඔහු කණඩායම වෙත ලකුණු රැස් කරමින් ආනන්දය ජයග්රහණය කරා ගෙනි යනවා.
ඔහු අන් කවරෙකුවත් නොවෙයි. ආනන්දෙ basketball team එකට 2005/2006 කාල සීමාවෙ නායකත්වය දුන්න හෂාන් එරංග එහෙමත් නැත්තම් අපි හැමෝම ආදරයට කතා කරපු "වමා ".අපේ ආනන්ද මාතාව ජයග්රහණය කරා රැගෙන යන්න ඔහු ක්රීඩාවෙන් සිය උපරිමය ලබා දුන්නා.
නමුත් වමාගේ ජීවිතේ නොසිතූ ලෙස හදිස්සියේ වෙනස් වෙනවා. ඒ පිළිකාවක් හේතුවෙන්. ආනන්දය වෙනුවෙන් තරඟ වදින අතරතුර සිදු වූ තැල්මක් පසුව පිළිකාවක් බවට පත් වෙනවා. "වමා"ට තමන්ගේ දකුණු පාදයෙන් කොටසක් ඉවත් කරන්න දොස්තරවරු නියම කරනවා. ඉතින් ඒ ශල්යකර්මයෙන් පස්සේ සියල්ල හොඳ අතට හැරේවි යයි සිතුවත් දෛවයේ සරදමකට අනුව නැවතත් ඔහුගේ පිළිකාව පෙනහළු දක්වා පැතිරිලා කියල දැනගන්නට ලැබෙනවා. මේ හැමදේම සිදුවන්නේ 2006-2008 කාලය අතරතුරදි.
අපි අපේ "වමා"ව බේරගන්න බස් වල නැගල ටිකට් විකිණුවා, සල්ලි තියෙන අය හොයාගෙන ගියා. ඒ අපි ඒ කාලේ වෙනකොට එතරම් මුල්යමය අතින් ශක්තිමත් නොවූ හින්ද. වමා කවදාවත් ජීවිතය ගැන බලාපොරොත්තු අත ඇරියේ නෑ. හැමදාමත් ජීවිතයට ධෛර්යවන්තව ජීවිතයට මුහුණ දුන්නා.
මගේ දයාබර මිතුරනේ....
මේ තමයි වමාට අපේ සහයෝගය නැවතත් දෙන්න අවශ්යම කාලය. වමාගේ පෙනහැල්ලේ තිබෙන පිලිකා සෛල ඉවත් කරන්න රුපියල් මිලියනයකට වඩා අධිකව වැය වෙන සැත්කමක් කරන්න සිදු වෙලා. ඒ සැත්කම ලබන මාසේ සිදු කරන්න නියමිතයි. සැත්කම කරන්න නියමිත වෙලා තියෙන්නේ ආසිරි රෝහලේ වෛද්ය D M S හඳගල මහතා අතින්. ඉතින් අපි හැමෝම එකතු වුනොත් ඒ මුදල හොයාගන්න බැරිකමක් නෑ. මොකද දැන් අපි අතරින් ගොඩක් දෙනා මුල්යමය අතින් ශක්තිමත් තැනක ඉන්න නිසා …
මිතුරුදම කියන්නේ කවදාවත් කිසි ලෙසකින් නොබිඳෙන බැඳීමක්. ඉතින් වමා අපි උඹ වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. උඹ ජීවිතය ගැන දකින සුන්දර හීන කිසිදාක බොඳ වෙන්න අපි ඉඩ තියන්නෙ නැහැ. ඒ සඳහා 2007 කණ්ඩායම විදියට අපි මනුෂ්‍යත්වය හඳුනන සියලු දෙනාවම පෙළගස්වන්න කටයුත් කරනවා.