මේ තරම් උණුසුමක්...! ඇයි මේ.....??

sl_m

Member
Sep 30, 2011
104
6
0
මේ තරම් උණුසුමක්...! ඇයි මේ.....??

මේ දිනවල රාත්‍රී කාලයේ පවතින්නේ අධික උණුසුමක්. එම තත්වය මේ මස අවසන් වන තුරුම පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

පරිසරයේ පවතින ජලවාෂ්ප ප්‍රමාණය ඉහල ගොස් ඇති නිසා ශරීරයේ දහදිය වාෂ්ප නොවීම මෙලෙස අධික උණුසුමක් දැනීමට හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ මස අවසන් වන විට නිරිත දිග මෝසම් වැසි ආරම්භ වන බවත් ඒ සමඟම මෙම අධික උණුසුම් තත්වය මඟහැරී යන බවත් කාලගුණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.


එහෙත් මෙම තත්වය පිළිබඳව විවිධ අදහස් පල වී තිබෙනවා. දැනට ලංකා කේන්දරයේ තිබෙන ග්‍රහ පිහිටීමත් මෙම තත්වයට ප්‍රධාන හේතුවක් බවයි ජ්‍යෝතිශවේදීන් පෙන්වා දෙන්නේ.


අලුත් අවුරුද්ද ලැබීමත් සමඟම ඇති වූ මෙම පරිසර වෙනස් වීමට හේතුව වෘශ්චික රාශිය තුල රාහු තැන්පත් වීමත්, සිංහ රාශිය තුල කුජ තැන්පත් වීමත් සමඟම අධික උෂ්ණත්වයක් නිපදවීම බව ඔවුන් පවසන්නේ. කුජ, රාහු මෙන්ම සිංහ සහ වෘශ්චිකය ද අග්නි තත්වයට අදාල වීමත්, වෘෂභ රාශියේ එකකට එකක් නොගැලපෙන ග්‍රහයන් හතර දෙනෙකු ගේ සංයෝග වීම මෙලෙස උෂ්ණත්වය වැඩි කිරීමට ප්‍රභල ලෙස බලපාන බවයි පවසන්නේ.


තවද අප්‍රේල්, මැයි මාස වල සූර්ය්‍යා අප රටට ඉහලින් ගමන් කරන බවත් අභ්‍යන්තරයේ නිරන්තරයෙන් හටගන්නා කැළඹිලි සහගත තත්වයන් නිසා පිට වන සූර්‍යය ගිනිදළු හෙවත් සූර්‍යය සුළං හි බලපෑම පෘතුවියට තදින් මේ දින වලදී දැනෙන බවත් හේතුවක්.


ආතර් සී ක්ලාක් මධ්‍යස්තානය පෙන්වා දෙන පරිදි හඳ කි.මී. 50,000 ක් සමීප වීම නිසා ද මෙම සූර්‍යය කිරණ පරාවර්තනය වීම හරහා වන බලපෑම ද ඉහල යන බවත් පැවසෙනවා. දෙවැනි හිරු හෙවත් "නිබිරු" ගේ බලපෑම ද මෙලෙස උෂ්ණත්වය ඉහල යාමට හේතුවක් වන බවටත් විවිධ මත පල වෙනවා. "නිබිරු" යනු විශාල උල්කාවක් හෝ තවත් තරුන සූර්‍යයකු බව සලකනවා.


අපගේ සූර්‍යයයා මිය යමින් පැවතීමත් නිබිරු ගේ ශතියත් මත ඉදිරි කාලයේ දී පෘථිවි කක්ෂය පවා වෙනස් වීමට අවදානමක් පවතින බවටයි මත පලවන්නේ. එසේම දැනට ඉතා සූක්ෂම කැමරා භාවිතයෙන් නිරික්ෂණය කිරීම් වල දී ඉරවල් දෙකක් ලෙස මෙය දැකගත හැකි වෙනවා.


කෙසේවෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මෙය නිරිත දිග මෝසම් සක්‍රීයා වීමට උචිත තත්වයන් නිර්මාණය වීමේ දී හටගන්නා ස්වභාවික තත්වයක් බවත් මෙම මස අවසානයේ දී මෝසම සක්‍රීය වීමත් සමඟම මෙම අධික උණුසුම් තත්වය නිමා වන බවයි.

-:angry::angry:


 
Last edited:

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    115,998
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    "දෙවැනි හිරු හෙවත් "නිබිරු" ගේ බලපෑම ද මෙලෙස උෂ්ණත්වය ඉහල යාමට හේතුවක් වන බවටත් විවිධ මත පල වෙනවා. "නිබිරු" යනු විශාල උල්කාවක් හෝ තවත් තරුන සූර්‍යයකු බව සලකනවා.

    අපගේ සූර්‍යයයා මිය යමින් පැවතීමත් නිබිරු ගේ ශතියත් මත ඉදිරි කාලයේ දී පෘථිවි කක්ෂය පවා වෙනස් වීමට අවදානමක් පවතින බවටයි මත පලවන්නේ. එසේම දැනට ඉතා සූක්ෂම කැමරා භාවිතයෙන් නිරික්ෂණය කිරීම් වල දී ඉරවල් දෙකක් ලෙස මෙය දැකගත හැකි වෙනවා.":eek::oo:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කුමන්ත්‍රණ ඕවා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. :angry: