මේ තරම් සියුමැලිද කලු ගල්(දෑස් දුන් මිනිසš
මේ තරම් සියුමැලිද කලු ගල්(දෑස් දුන් මිනිසා)
.......................
මේ ලංකාවේ වැඩිපුරම යන්න කැමැති කොහෙද කියලා කවුරු හරි මගෙන් ඇහැව්වොත් මම දෙන එකම පිළිතුර අනුරාධපුර කියලා.ඔව් කාෂ්ටකයි තමයි..හැබැයි මට ඒ කාෂ්ටක පොලොවෙ දනෙන මාගේකම මට කොතෙනකදිවත් දැනිලා නෑ.ශ්‍රී මහා බෝ හාමුදුරුවෝ අතු පතර සිප වැලද ගනිමින් නමස්කාර කොට එන මද නල තරම් කිසිවෙක් මා සනසලා නෑ...රජරට පොලොවේ නැවුම් සුවද,මහ උසට වැඩුණු රූස්ස ගස්,ඒ මිනිස්සුන්ගේ අව්‍යාජ හිනාව ඒ හැම දේකටම වඩා මහා තේජාන්විත ඉතිහාසය මේ හැම දේම ගෙනාවෙ හුරු පුරු හැගීම් ගොඩක්.
කාෂ්ටක රජරට පොලොවේ නැව්ම් ස්නේහය සිප වැලද ගන්නා මේ අපුර්ව මිනිසා මතක් කරදුන් නිර්මාණයක් "මේ තරම් සියුමැලිද ගල්..."
මේ වූ ගල් වඩුවා නේත්‍රා තබන්නෙ බුදු රුවට...රලු ගල් කුලකින්.. අනුරපුර,ඒ මහා රාජධානියේ ඉදී වූ සියලු ශෛලමය නිර්මාණයන්හි ගරුත්වය උදාර ලෙස එකී රාජධානියම උසුලාගෙන සිටී...අමතක වී ගිය ශෛලයටම දියවී ගිය ඒ සොදුරු ගල් වඩුවානන් සොයා යාමට මෙම පද පියැවිලි අතුරා තිබේ...අනුරාධපුර නම් ඒ මහා රාජධානියේ තේජස උසුලා සිටින සමාධිය තම නොසොල්මනේ වැඩ සිටී.
ඔහු ප්‍රේමයෙදී අකම්පිතය...ඔහුට අටලෝ දහම වටහා ගැනීමේ අනුපමේය හැකියාවක් ඇත.නිසැකවම එය ඔහු උගත්තේ බුද්ධ ධර්මයේ අද්‍යාත්මික සුවයෙන් විය යුතුය. ඔහු ඉලුක් ගස යට තම හිදී. ප්‍රතිමාවන්හි සියුරෙහි රැලි සියුම් ලෙස නිර්මාණය කළ ඔහු කලා වැව ඉස්මත්තේ ජිවිතය තේරුම් ගනිමින් සිටී...ඔහුගේ අල්පේච්ඡ ජිවිතය මදහස්මයක් නගන්නේ අටලෝ දහමට කම්පිත අපටමය...
(රෝසාවකාශ )