මේ තරම් සියුමැළි ද කලුගල්

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    මේ තරම් සියුමැළි ද කලුගල්

    ගීයක අරුත

    man asama song 1k ban.
    lassna nisma kastiyath 1a beda ganata hithuna ban.
    hodi nam bump 1k wath dala yanla.


    රචකයා ප්රථමයෙන් ම එක්තරා කල්පිත සිද්ධියක් මවාගනියි. එනම් අවුකන බුදුන්ටත් දෑස දුන් මිනිසාසොයා යාමයි. එවැනි සිතුවිල්ලක් පහළ වූ හේතුව වන්නේ කලුගල් මේ තරම් සියුමැළි ද යනුවෙන්සිතන්නටවත් බැරිනිසා ය. පැරණි කලා නිර්මාණ පිළිබඳ ව ඇතිවන විශ්මිත බව මේ තුළින් ප්රථමයෙන්ම මතුවෙයි. ඒ අතර අවුකන පිළිමය විශ්මිත බවෙන් සුවිශේෂවෙයි.

    දැවැන්ත කළුගලකට බුද්ධ ලීලාව ආරෝපණය කරමින්, මහා කරුණාබර ගුණය ගල්කටුව හා මිටියටඑක්කොට දෑස්වලට එක්කිරීම සැබැවින් ම විශ්මිත කටයුත්තකි. එහෙත් රචකයා ඒ විශ්මිත බව තුළජීවත් වෙමින් දේ්ශාභිමානය මර්දනය කිරීම නම මූලික අරමුණු කර නොගනී.

    රචකයාට අවශ්ය වන්නේ මෙබඳු විශ්මිත නිර්මාණ කළ සැබෑ කලාකරුවන්ගේ ජීවිතවලට එබීබැලීමටයි

    රජී වසන්ත වෙල්ගමට හමුවන ගල්වඩුවා ද දුක්බර ජීවිතයක් ගතකරන්නෙකි. අහස විනිවිද යන මහාප්රතිමාවක් නෙළු ඔහු කෙබඳු ජීවිතයක් ගත කරන්නේද? රචකයාට ඔහු හමුවන්නේ කලාවැව අසලඉලුක් සෙවිලිකළ මැටි ගැසු පැල්පතක් තුළයි.

    ”කලාවැව ළඟ ඉලුක් හෙවණක
    මැටි පිලක පැදුරක් එලා
    රිදුම් පිරිමදිමින් බලයි ඔහු
    මැරෙන ඉපදෙන රළ දිහා”

    එදා සිට අද දක්වා කලාකරුවන්ගේ ඛේදවාචකය මෙහි අන්තර්ගත ය. ටජ්මහල සමඟ ලියැවෙන්නේ සාජහන් ගේ නමයි. සීගිරිය සමඟ ලියැවෙන්නේ කසුප් රජුගේ නමයි. ඒ මහා කලාකෘති නම කළකලාකරුවන් කොහිද? ඔවුන් පස් අතරේ නිහඬ ව වැළලී ගොසිනි. ඇතැම් ජනප්රවාද වලට අනුව මේරජවරුන්ම ඔවුනට විවිධ පීඩා සිදුකර තිබේ.

    එහෙත් මේ මහා කලාකරුවන් වූ කලී උපේක්ෂාව ප්රගුණ කළ පිරිසක් ම ය. මේ කලාකරුවාබලාසිටින්නේ කලාවැවේ මැරෙන ඉපදෙන රැලි දෙස ය. අනිත්ය ධර්මතාවය ඔහු කලාවැවේ රැලිමත්තෙන්ම අවබෝධකර ගනී. මහා කළුගලක් මත ගොඩනැඟෙන බුදුරුවට ඔහු තම ජීවිත ඥානයෙන්පෝෂණයවන ප්රතිභාව ද ඉවහල් කරගනී. ඒ මහා කලාකෘතිය නිමකිරීමේදී ලැබෙන ශාරීරිකවේදනාවන් පවා ඔහුට ගෙනදෙන්නේ මිහිරකි. ඒ සැබෑ කලාකරුවාගේ ස්වභාවයයි.

    රජී වසන්ත මේ කල්පිතයේ තවත් ඉදිරියට ගමන් කරයි. ඔහු මිළඟට මේ ගල්වඩුවාගෙන් අසන්නේඉසුරුමුණියේ කළුගලක නෙළු සුන්දරිය කොහි සිටීද යනුවෙනි. එහිදී රචකයා කල්පනා කරන්නේ ඒඔහුගේ ම හද ඇඳි ප්රතිබිම්බයක් බවයි. රචකයාගේ සිතුවිල්ල සාධාරණ ය. මන්ද කලාකරුවාගේහදවත බොහෝවිට ඔහුගේ නිර්මාණයන්ගෙන් හඳුනාගත හැකි බැවිනි.

    ”ඉසුරු මුණියේ ඔබ තැනූ
    පෙම්බරිය කොතැනද කියා
    මා ඇසූ විට හිනැහුණා ඔහු
    තාම තනිකඩ යැයි කියා...”

    මේ කලාකරුවා කෙරෙහි විශාල දයා අනුකම්පාවක් හටගන්නේ මේ අවසාන ප්රකාශය හේතුවෙනි.අනුන්ගේ ආදරය කැටයමට නඟන ඔහු තාම ජීවිතයේ තනිකඩයෙකි. ඇතැම්විට ඔහුගේ පෙම්බරිය ඔහුව අතැර දමා යන්නට ඇත. මුතුබෙල්ලකු තම වේදනාව මුතු බවට පත්කරන්නා සේ මේ කලාකරුවා තමජීවිතයේ ලද අනේකවිධ දුක්වේදනා නිර්මාණ බවට පත්කරයි.

    සමස්ත අව්යාජ කලාකරුවන්ගේ යථාර්ථය මේ නිර්මාණය ඔස්සේ රචකයා විසින් ප්රදර්ශනය කරනුලබයි. සැබවින්ම අවුකන පිළිමයට දෑස දුන් මිනිසා කලාකරුවෙකි. එසේ නම් රචකයා සොයා යන්නේකලාකරුවකු ය. ඔහුට කලාකරුවා මුණගැසෙයි. ඔහු දුක වළඳන්නෙකි. ඒ මඟින් අව්යාජ කලාකරුවන් බහුතරයක්තම නිහතමානී බව නිසා ම, හුදෙකලා වන ආකාරය ප්රදර්ශනය වෙයි.

    මේ නිර්මාණයට සංගීතය සපයන්නේ තරුණ සංගීතඥයෙකි. ඔහු පොළොන්නරුවේ ඈත පිටිසරගමකින් බිහිවුණ ඉඳහිට කොළඹට එන, තරුණ සංගීතවේදියෙකි. පද රචනයක සමස්ත අර්ථය මනා වස්පර්ශ කිරීමේ හැකියාව මේ සංගීතඥයා සතු ව පවතී. බටනළාව, වයලීනය වැනි සංගීත භාණ්ඩ වැඩිඅවස්ථාවලදී යොදාගෙන මේ කලාකරුවාගේ ශෝචනීය ඉරණම රසික හදවතට කාවැද්දීමට රුවන්දර්ශන දිසානායකයෝ සමත් වෙති. තරුණ සංගීතඥයන්ට ඔහු සපයා ඇත්තේ කදිමමාර්ගෝපදේශයකි.

    අද අපට කනවැකෙන බොහෝ නිර්මාණ විවිධ නාදවලින් හිදැස් පිරවූ නිර්මාණ ය. වාර්තාමය පදමාලාවන්ට සංගීතමය සැරසිලි දමා රසිකයා ඉදිරියට ගෙන ඒම මෙහිදී සිදුවෙයි. එයට තවත් අරුත්සුන්රූපමාලාවක් එක්කරගනී. සින්දු අහන පරම්පරාවක් නොව සින්දු බලන පරම්පරාවක් එමඟින් බිහිවෙයි.

    ගායක ගායිකාවන් ගේ විවිධ ඉරියව් නරඹමින් මානසික උත්තේජනයක් හා ලිංගික උත්තේජනයක්ලබන පරපුරක් ගොඩනැඟෙමින් පවතී. මේ පදරචකයන්ට හා සංගීතඥයන්ට උඩුගම්බලා පිහිනන්නටසිදුවන්නේ මෙබඳු පරිසරයක ය. එහෙත් මෙබඳු ගීත ගැයීමට මේ පරිසරයේ සුනිල් එදිරිසිංහයන්ටහැකිවීම, එක්තරා භාග්යයකි.

    මම මනසින් අතීතයට ගමන් කරමි. අනුරාධපුර පොළොන්නරු රාජධානි කරා මගේ මනස ඇදී යයි. ඒඅතර මහා කළුගලක් දෙස බලාසිටින කුඩා මිනිසකු මට දිස්වෙයි. ඔහු අතේ ගල්කටුවක් ද මිටියක් දඇත. ඔහු ඒ ගල්කටුවෙන් මහා කළුගලට තට්ටු කරන්නට පටන් ගනියි.

    දින සති මාස ගෙවී යයි. මහා බුදුරුවක් මා ඉදිරියේ දිස්වෙයි. ගල්කටුව හා මිටිය තම මල්ලට දමාගන්නාමේ මිනිසා, ගමන්මල්ල වෑ කන්දේ තබා වැවට බැස දියනා ගනියි. නැවත ගමන් මල්ල රැගෙන ඉලුක්සෙවිලි කළ තම මැටි පැල කරා ගමන් කරයි. ඒ පැල ඉදිවී ඇත්තේ කලාවැව අසලයි. පුරා හඳ පැලටඉහළින් බැබළෙයි.

    ඔහු මැටි පිල මත පැදුරක් එළා, රිදුම් දෙන තම ශරීරය පිරිමදිමින් කලාවැවේ මැරෙන උපදින රළ දෙසඋපේක්ෂාවෙන් බලා හිඳියි. ඔහුට තමා ව අතහැර ගිය සුන්දරිය සිහිවෙයි. ඇය හා ගෙවු සොඳුපැනිමේෂයන් සිහිපත් වෙයි. ඇය හා ගෙවු සොඳුරු නිමේෂයන් සිහිපත් වෙයි.

    කඳුළු පිස නිදාගන්නා ඒ මිනිසා උදෑසනින් අවදි ව ගල්කටුව හා මිටිය තම ගමන් මල්ලේ දමා ගෙනඉසුරුමුණිය දෙසට ගමන් කරයි.

    ”මේ තරම් සියුමැළි ද කලුගල්
    සිතන්නටවත් බැරි නිසා
    මම ගියා අවුකන බුදුන්ටත්
    දෑස දුන් මිනිසා සොයා...”

    කලාවැව ළඟ ඉලුක් හෙවණක
    මැටි පිලක පැදුරක් එලා
    රිදුම් පිරිමදිමින් බලයි ඔහු
    මැරෙන ඉපදෙන රළ දිහා

    ඉසුරු මුණියේ ඔබ තැනූ
    පෙම්බරිය කොතැනද කියා
    මා ඇසූ විට හිනැහුණා ඔහු
    තාම තනිකඩ යැයි කියා...
     
    • Like
    Reactions: Jagoris

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    සුනිල් අයියගේ හුගක් සිංදුවල අර්ථය හොයන්න කිමිදුම් කට්ටල බැදන් පනින්න ඕනේ බන් සින්දුවට ....මමත් ආස සින්දුවක් තමා මේ ...
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    සුනිල් අයියගේ හුගක් සිංදුවල අර්ථය හොයන්න කිමිදුම් කට්ටල බැදන් පනින්න ඕනේ බන් සින්දුවට ....මමත් ආස සින්දුවක් තමා මේ ...

    සුනිල් අයියා??? උඹ එච්චර වයසද බන් :confused:
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    හිතට වදින ගීතයක් ගැන හිතට වදින විදිහට ලියපු ලිපියක්. ස්තුතියි මචන් බෙදාගත්තට.
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මටනම් හිතෙන්නේ මේ සින්දුවේ තියෙන්නේ ඉතාමත් සරල තේරුමක් කියලා.... ඒ තමයි ලෝකයාට පෙන්නන් සැබෑ සුන්දරත්වය සැබෑවටම ඒ මිනිසුන් තුල නැතිබව සහ එම ආදරය කරුණාව එම පුදගලයන් නොලබන බව.

    ඉසුරු මුණියේ ඔබ තැනූ
    පෙම්බරිය කොතැනද කියා

    මා ඇසූ විට හිනැහුණා ඔහු
    තාම තනිකඩ යැයි කියා...
     

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    සිරාවටම මචන් මම හිතුවේ දකුණු අප්‍රිකාවේ ගිහින් ආපු කට්ටියක් ලියපු සින්දුවක් කියලා.