මචන් ලා මට වුන දෙයක් අනිත් අයටත් දැනගන්න එක්ක කියන්නේ. මම සාමාන්‍යයෙන් වතුර බොනවා අඩුයි. ඔය රස්නේ වැඩි වෙන්න පටන් ගත්ත කාලේ ඉඳන් පැනඩෝල් බීවත් හරියන් නැති ඔළුවේ කැක්කුමක් එන්න පටන් ගත්තා. ඔළුවේ පිටිපස්ස තද වෙනවා වගේ මාර අමාරුයි. ඇස් දෙකටත් හරි අමාරුයි ඇහි පිය ගහද්දි ඇහේ ඇතුළ නිකම් වැලි කඩදාසියක ඇතිල්ලිලා එනවා වගේ රිදෙනවා. ඇස් පෙනීමත් ටිකක් අඩු වෙලා වගේ. ඔය අමාරු එන්න එන්න වැඩි වුන නිසා බෙහෙත් ගන්න ගියා. විජලනය වෙලා කියලා ජීවනී බොන්න කිවුවා. සේලයින් බෝතල් 2 කුත් දීලා එව්වේ. සමහර අයට මේ දවස් වල දවසට වතුර ලීටර් 8ක් බීවත් මදි කිවුවා. මාත් අමාරුවෙන් හරි දැන් වතුර ලීටර් 4කට කිට්ටුව බොනවා. ඔහොම නොවෙන්න හොඳට වතුර බොන්න...![]()
ගෙදර සිවිලිමක් නැද්ද?




