මේ දවස්‌වල පැතිර යන වෛරස් උණ
*රෝග තත්ත්වය බොහෝවිට මතුවන්නේ උගුරේ ඇතිවන වේදනාවකිනි. උගුරේ වේදනාව සමඟ උදාසීනගතිය, නුරුස්‌සන සොබාහවය, කෑම අරුචිය ඇති වේ.
* ඉන් පැය 12-20 අතර කාලය තුළ දී දැඩි ඇඟපත වේදනාවක් සමඟ උණ ඇති වේ.
* ඇතැමුන්ට බඩ රිදීමක් සහ වරක් හෝ දෙවරක් වමනය ඇතිවීමක් බඩ බුරුලෙන් යාමක් පවා දැක ගත හැකිය.
මේ දවස්‌වල ඉතා වේගයෙන් පැතිරයන වෛරස් රෝග අතරින් වෛරස් උණ පිළිබඳව ඔබේ අවධානය යොමු කරවන්න අපි සිතුවෙමු.
වෛරස් රෝග වර්ග කිහිපයක් ඇතත් සමාජයේ ඉතා තදින් පැතිර යන උණ රෝගය අපි වෛරස් උණ යනුවෙන් හඳුන්වමු.
මෙම උණ රෝග තත්ත්වය කෙනෙකු ගෙන් තවත් කෙනෙකුට වාතය මගින් බෝ වේ. වෛරස් උණ රෝගයෙන් පෙළෙන රෝගියෙකු කතා කරනා විට, කිවිසුම් අරිනවිට, පිටවන විෂබීජ තවත් කෙනෙකු විසින් අශ්වාස කිරීම මගින් මෙම රෝගය පැතිරේ. රෝගියෙකු අසල යම් වෙලාවක් ගැවසීම පමණක් මෙම රෝගය වැළදීමට හේතු විය හැකියි.
නමුත් අද සමාජයේ බොහෝ අය මෙම වෛරස් උණ වැලදුනවිට ඖෂධ ලබාගනිමින් තමන්ගේ රාජකාරි කටයුතුවලටත්, දරුවන් පාසැල් වලටත් යවති. මෙය ඉතාම වැරදි මෙන්ම ආත්මාර්ථකාමි ක්‍රියාවකි. බටහිර රටවල මිනිසුන් ලෙඩ නිවාඩු භාවිතා කරන්නේ ඔවුන් අසනීප වූ විටය. නමුත් අපේ රටෙහි වැඩකරන ජනතාව එසේ නොකරන අතර ඒවා ප්‍රයෝජනයට ගනු ලබන්නේ ඔවුන්ගේ විනෝද චාරිකා, වෙනත් විනෝදකාමි කටයුතු සඳහායි. මෙවැනි ක්‍රියා මගින් සමාජය තුළ රෝගය තදින් පැතිර යයි.
බොහෝ දෙමාපියන් දරුවන්ට ඖෂධ ලබාදී රෝග තත්ත්වය යටපත් කිරීමෙන් පාසල් වැඩ අතපසුවන බව සිතමින් දරුවන් පාසල් යවයි. මෙවැනි ක්‍රියාවලින් සිදුවන්නේ පන්තියේ අනෙක් සෑම දරුවෙකුට ම රෝගය බෝවීමයි.
රෝග තත්ත්වය බොහෝවිට මතුවන්නේ උගුරේ ඇතිවන වේදනාවකිනි. උගුරේ වේදනාව සමඟ උදාසීනගතිය, නුරුස්‌සන සොබාහවය, කෑම අරුචිය ඇතිවේ.
ඉන් පැය 12-20 අතර කාලය තුළ දී දැඩි ඇඟපත වේදනාවක් සමග උණ ඇතිවේ.
ඉතා දරුණු ලෙස පටන් ගන්නා වෛරස් උණට බොහෝ අය මුලදී බිය වේ.
ඇතැමුන්ට බඩ රිදීමක් සහ වරක් හෝ දෙවරක් වමනය ඇතිවීමක් බඩ බුරුලෙන් යාමක් පවා දැක ගත හැකිය. ඇගේ රතු ලප මතුවීමක් ද සිදුවිය හැකිය.
වෛරස් උණ ඇතිවී මුල් දවස් දෙක තුන තුළදී මෙය ඩෙංගු රෝගයෙන් වෙන්කර හඳුනා ගැනීමට ද අපහසු වේ. නමුත් දෙවන දවසේ අවසන් කාලයේදී වෛරස් උණ වැලදී ඇති රෝගියෙකුට යම්කිසි සුවදායක තත්ත්වයක් දැනීමට පටන් ගන්නා අතර උණ ගතිය ක්‍රමක්‍රමයෙන් අඩුවේ.
නමුත් ඩෙංගු රෝගය උත්සන්න වන්නේ සාමාන්‍යයෙන් තෙවන දිනයෙන් පසුවයි. එම නිසා කිසිවිටෙකත් උණ වැළදී මුල් දවස් දෙක තුන තුළදී රුධිර පරීක්‌ෂාවක් කර ඩෙංගු උණ නොවේ යෑයි නිගමනය කළ නොහැකිය.
වෛරස් උණ රෝගයෙන් පෙළෙන රෝගින් ඉහත සඳහන් කළ ආකාරයට ශරීරයට අවශ්‍ය වන විවේකය ලබා නොදුන්විට ද්විතික බැක්‌ටීරියා ආසාධනයන්ට පවා ගොඳුරු වේ. එවැනි කෙනෙකුට කැස්‌ස, සෙම ගතිය ඇති වේ.
වෛරස් උණට ගත යුතු ප්‍රතිකාර සමග පහසුවෙන් දිරවිය හැකි ආහාර (තෙල්, මස් මාංශ, චීස්, බිත්තර වලින් තොරව) වැඩි වශයෙන් දියර වර්ග, ජලය, සුව නින්ද සහ ශරීරයට විවේකය ඉතා වැදගත් වේ.
උණ බැසීම සඳහා පැරසිටමෝල් නියමිත මාත්‍රාවෙන් ගැනීම, විටමින් සී සමග මස්‌පිඬු වේදනාව සමනය කිරීමට යම් ප්‍රතිකාරයක් පමණක් ප්‍රමාණවත් වේ. නමුත් වෛරස් උණ සමග කැස්‌ස, සෙම ගතිය ඇත්නම් විශේෂයෙන් වෛද්‍යවරයෙකු වෙත යොමු වී ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් යෝග්‍ය වේ.