මේ දවස් වල internet මෙච්චර slow ඇයි ?

nisal bro

Active member
  • Apr 11, 2020
    32
    116
    33
    මේ දවස් වල අපිට මුහුණදෙන්න වෙලා තියන ගෝලීය වසංගතය නිසා අපි හැමෝම ගෙදරට වෙලා ඉන්නේ. මේහෙම වෙනෙදට වඩා වැඩී කාලයක් ගෙදරට වෙලා ඉද්දී ඔයගොල්ලෝ වෙනෙදට වඩා වැඩි ප්‍රමානයක් internet පාවිච්චි කරන්න ඇති. මෙහෙම internet එක පාවිච්චි කරද්දී පහුගිය කාලේ ආපු ලොකුම ප්‍රශ්නයක් තමා ඉන්ටෙර්නෙට් එක වෙනෙදට වඩා විශාල ලෙස slow වෙන එක.

    අපි මුලින්ම තේරුම් ගන්න ඔන කාරනාව තමයි internet එකේ ඉතිහාසය පුරාව මේ වගේ දේකට මුහුන දෙන්න සිද්ද වුනේ නෑ. මොකද මේ වෙද්දී මුලු ලෝක ජනග්‍රහනයම වගේ ගෙදරට වෙලා ඉන්නේ, ඒ විතරක් නෙමෙයි netflix,youtube වගේ වැඩිපුර bandwidth එක්කක් ඔනේ application නිතරම පාවිච්චි කරනවා.ඒ විතරක් නෙමෙයි මේ වෙද්දී මිලියන ගනනක් දෙනා ගෙදර ඉදන් තමයි වැඩ කරන්නේ මේ විදිහට ගෙදර ඉදන් වැඩ කරනකොට නිතරම video conferencing පැවැත්වෙනවා ,ගිගාබයිට් ගනන් fills internet එක හරහා එහා මෙහා යනවා. මේක නිසා මේකට විශාල bandwidth (internet එක හරහා මොකක් හරි දෙයක් එක තැනක ඉදලා තව තැනකට යන්න අවශෂ ඉන්ටෙර්නෙට් ප්‍රමානය) එකක් ඕන වෙනවා. මේක නිසා සාමාන්‍ය දින වලට වඩා වැඩි ප්‍රමනයක් ඔයාගේ ඉන්ටෙර්නෙට් එක වැය වෙනවා ඇති.
    මේක නිසා ලොකේ පුරාම තියන internet service providers ලා හැමෝම වගේ විශාල අපහසුතාවයකට පත් වෙලා තියනවා.ඒ වගේම මේක පාලනය කරන්න ලෝකේ ප්‍රසිද්ධ ආයතන දැඩි තිරන අරගෙන තියනවා. උදාහරණයක් විදිහට netflix හා youtube වල සාමාන්‍ය විඩියෝ වල පැහැදිලිතාව 480p දක්වා අඩුකරන්න තීරනය කරලා තියනවා. එහෙම කලේ නැත්තම් එගොල්ලන්ගේ servers වලට මේක දරාගන්න බැරි වෙනවා.


    ඇමරිකාව,සිංගප්පූරුව,ඔස්ට්‍රේලියාව වගේ රටවල data centers ගොඩක් තියනවා. ඒ වගේම international services වෙච්ච youtube,netflix,facebook වගේ කට්ටියත් මේ රටවල් ඇතුලෙම data centers පවත්වගෙන යනවා. ඒක නිසා ගොඩක් වෙලාවට මේ රටවල internet service providers ලට මේ රටවල් වල traffic එක පාලනය කරන්න වෙන්නේ රට ඇතුලේ විතරයි. මේ කාරනව නිසා තමයි මේ රටවල unlimited internet දැක ගන්න පුලුවන් වෙන්නේ.


    මේ ප්‍රශ්නයටම තමයි ලංකාවේ internet providers ලටත් මුහුන දෙන්න වෙලා තියෙන්නේ මේ වගේම එගොල්ලන්ගේ internet traffic එක මේ වෙද්දී සෑහෙන්න වැඩි වෙලා තියනවා.ඒ වගේම සෑහෙන්න පිරිසක් සෑහෙන්න data ප්‍රමානයක් පාවිච්චි කරනවා.ඒ හින්දා ලංකාවේ internet speed එකත් සෑහෙන්න අඩු වෙලා තියනවා.ඒ වගේම ලංකාවේ internet service providers ලට ටිකක් විශේෂ තත්ත්වයට මුහුන දෙන්න වෙනවා. ලංකාව ඇතුලත අපි පාවිච්චි කරන international services වල ඒ කියන්නේ youtube,facebook වගේ එවා වල data centers අපේ රට ඇතුලත පවත්වගෙන යන්නේ නෑ. ඒක නිසා අපි එවා පවිචි කරනකොට අපි සම්බන්ධ වෙන්නේ වෙනත් රටක තියන SERVER එකක් එක්ක. ඉතින් මේ හේතුව නිසා ලංකාවේ internet service providers ලට රට තුල INTERNET TRAFFIC එක වගේම රටින් පිටත INTERNET TRAFFIC එකත් පාලනය කරන්න වෙලා තියනවා.
    මේක ඉතාමත් වියදම් අධික කටයුත්තක් . මේ හින්දා තමයි ලංකාවේ කිසිම internet service provider කෙනෙකුට unlimited internet දෙන්න බැරි වෙලා තියෙන්නේ.
    මේ තත්ත්වය යම් තරම් දුරකට පාලනය කර ගන්න ලංකාවේ internet service providers ලා local caching server පාවිච්චි කරනවා. මේ caching server වලට පුලුවන් ඔයා internet එක තුල කරන දේවල් තාවකාලිකව save කරලා තියා ගන්න. එතකොට ඒ ඔය කරපු හෝ බලපු දේ තව කෙනෙක් බලනකොට එගොල්ලන්ට ඉතාමත් වේගයෙන් ඒදේ බලන්න පුලුවන්.
    එත් මේ වෙද්දි ලංකාවේ ඇතුලත internet traffic විශාල ලෙස වැඩි වෙලා තියනවා. මේ නිසා ලංකාව ඇතුලත තියන caching server වල කාර්යක්ෂමතාවත් විශාල ලෙස අඩු වෙලා තියනවා.
    ඒත් මේ වෙද්දී ලංකාවේ internet service providers ලා හැමෝම වගේ විවිධ සහන ලබා දීලා තියනවා SLT, mobitel,dialog ඒ දීලා තියෙන්නේ ලංකාවේ අපි හැමෝම ගෙදරට වෙලා ඉන්න නිසයි. එත් එහෙම දුන්නා කියලා අපි විශාල ලෙස internet පාවිච්චි කලොත් ලංකාවේ network crash වෙලා ලංකාවේ කටවත් internet පාවිච්චි කරන්න බැරි වෙලා යයි.

    මේ වගේ තව ලිපි කියවන්න ඔනෙනම් යන්න : https://geeks.lk/ එකට
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    මේ හින්දා තමයි ලංකාවේ කිසිම internet service provider කෙනෙකුට unlimited internet දෙන්න බැරි වෙලා තියෙන්නේ.
    ඒත් මේ වෙද්දී ලංකාවේ internet service providers ලා හැමෝම වගේ විවිධ සහන ලබා දීලා තියනවා SLT, mobitel,dialog ඒ දීලා තියෙන්නේ ලංකාවේ අපි හැමෝම ගෙදරට වෙලා ඉන්න නිසයි. එත් එහෙම දුන්නා කියලා අපි විශාල ලෙස internet පාවිච්චි කලොත් ලංකාවේ network crash වෙලා ලංකාවේ කටවත් internet පාවිච්චි කරන්න බැරි වෙලා යයි.

    😂 🥴
     
    • Wow
    Reactions: silentsahan

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    "Future today" පුක තමා
    1606221097238.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,161
    113
    මට නන් හිතෙන්නෙ මොකක් හරි ෆිල්ටරයක් ටෙස්ට් කරනව කියල මේ ටිකේ. ගොඩක් අයට ස්ලෝව් උනාට ඒක එච්චරම අවුලක් වෙන ගානට මගෙ නන් අඩු උනේ නෑ

    1606221889274.png
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Godak gewal kollo kello ladies okkoma school na work na wela balanawa, zoom yanawa, tik toc karala upload karanawa hogala. Me ganata hari ohoma wath speed broadband denawa madai
     
    • Haha
    Reactions: nisal bro

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,995
    113
    34
    Kalutara
    මට නන් හිතෙන්නෙ මොකක් හරි ෆිල්ටරයක් ටෙස්ට් කරනව කියල මේ ටිකේ. ගොඩක් අයට ස්ලෝව් උනාට ඒක එච්චරම අවුලක් වෙන ගානට මගෙ නන් අඩු උනේ නෑ

    View attachment 103665
    මේ පොස්ට් එක ෂෙයාර් වුනේ මාර්තු අප්‍රේල් වල පලවෙනි ලොක්ඩවුන් එකේදී. අද මේක එළකිරියේ දැම්මට මේ පොස්ට් එක පරණ එකක්.
     
    • Like
    Reactions: nisal bro

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,161
    113
    මේ පොස්ට් එක ෂෙයාර් වුනේ මාර්තු අප්‍රේල් වල පලවෙනි ලොක්ඩවුන් එකේදී. අද මේක එළකිරියේ දැම්මට මේ පොස්ට් එක පරණ එකක්.
    ඒ උනාට ගොඩක් උන් මේ ටිකේම කියනව වැඩක් දුන්නම නෙට් ස්ලෝව් කිය කිය.