මේ ධම්මපද ගාථාව චුට්ටක් බලන්න.

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේ ගාථා තුන බලන්න.

    බහුං වෙ සරණං යන්‌ති, පබ්‌බතානි වනානි ච;

    ආරාමරුක්‌ඛචෙත්‍යානි, මනුස්‌සා භයතජ්‌ජිතා.

    අර්ථය :- බියෙන් තැතිගත් මිනිස්සු පර්වත,කැලෑ,ආරාම,ගස්,චෛත්‍ය යන මේවා බොහෝ සෙයින් සරණ කොට යති.

    නෙතං ඛො සරණං ඛෙමං, නෙතං සරණමුත්‌තමං;

    නෙතං සරණමාගම්‌ම, සබ්‌බදුක්‌ඛා පමුච්‌චති.

    අර්ථය :- මේ කිසිවක් බිය රහිත නොවේ.උතුම් ද නොවේ.මේ කිසි සරණයකට පැමිණ සියලු දුකින් මිදෙන්නටද නොපිලිවන.

    යො ච බුද්‌ධඤ්‌ච ධම්‌මඤ්‌ච, සඞ්‌ඝඤ්‌ච සරණං ගතො;

    චත්‌තාරි අරියසච්‌චානි, සම්‌මප්‌පඤ්‌ඤාය පස්‌සති.

    අර්ථය :- යමෙක් බුදුන්,දහම් හා සඟුන් "මට පිහිටය" යි සරණ යයිද, චතුරාර්‍ය සත්‍යය මනා නුවණින් දකීද, ඔහුම දුකින් මිදේ.

    මේවා තියෙන්නේ ධම්ම පදයේ බුද්ධ වර්ගයේ.මේකෙන් පැහැදිලි වෙනවා බුදුන් වහන්සේ ආරාම,ගස්,චෛත්‍ය වන්දනාව ප්‍රතික්ෂේපකරපු බව.

    ඒත් අපි බෞද්ධයින් විදියට කරන මූලිකම දෙයක් තමා ඒවා වන්දනා කිරීම.ඒ තුන විතරක් නෙවෙයි තව ඒවත් අපි වන්දනාකරනවා.(පිළිම වගේ)

    මට දැනගන්න අවශ්‍ය මේකයි.

    බුදුන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරපු ඇදහිලි කොහොමද අද වෙද්දි අපේ මූලිකම ඇදහිලි බවට පත් වුනේ?

    මොකද්ද ඒකට හේතුව?

    දන්න කෙනෙක් කියන්න.

    ප.ලි.:- මේ මතය බැහැර කරන්න ධර්මයේ වෙනත් තැනකින් මොකක් හරි පාඨයක් උපුටන්න එපා.ධම්ම පදය කියන්නේ සූත්‍රපිටකයේ ඛුද්දක නිකායේ කොටසක්.ඒ නිසා එහෙම කළොත් බුද්ධ ධර්මයේ පරස්පරයක් මතු වෙනවා මිසක් ප්‍රශ්නයට උත්තරයක් ලැබෙන් නෑ.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මේකයි. ඔතන චයිත්ය කියල කියන්නෙ බුදුරජාණන් වහන්සේ හෝ රහතුන් වහන්සේලාගේ දාතු චයිත්ය යන අර්ථයෙන් නොවේ. ඉස්සර මිසදුටු මිනිස්සු එක එක ඍෂිවරු බමුනන් ඇදහුව. ඒ මිනිස්සුන්ගේ අවශේෂ කොටස් වලින් චයිත්ය පිළිම හදල වන්දනා කළා. ඒක කිසි තේරුමක් නෑ කියල කිව්වේ. ඔය කියන්නෙ ආර්යයන්ගේ තිබෙන ශ්‍රද්ධාවෙන් වැඳීම හා සමාන වෙන්නෙ නෑ. ඒකයි බුදුන් වහන්සේ පැහැදිලිව කිව්වේ මේ ලෝකෙ ජීවත්ව සිටියදීත්, ජීවත්ව නොසිටියත් ජීවත්ව සිටින කෙනෙකු ලෙස සලකා ශ්‍රද්ධාවන්තයන්මෙ ලොව වන්දනා මාන කල යුතු, එසේම වන්දනාවට පාත්‍ර විය යුතු පුද්ගලයින් කොට්ටාශ 3ක්‌ ගැන. ඒ කියන්නෙ බුදු රජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා සහ සක්විති රජවරු යන අයට කරන වැදීම මෙලොව පරලොව යහපත පිනිසම හේතු වෙනව කිව්වේ. උන් වහන්සේලාගේ දාතු චයිත්ය වලට කරන වැඳීම උන් වහන්සේලා ජීවත්ව නොසිටියත් චයිත්‍යය වඳිනවා ලෙස පමණක් නොසලකා එම චයිත්‍ය බුදු රජාණන් වහන්සේ හෝ රහතුන් වහන්සේ හෝ සක්විති රජු ලෙස සලකා වන්දනා මාන කරන්න කියල කිව්වේ ඒකයි.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මේකයි. ඔතන චයිත්ය කියල කියන්නෙ බුදුරජාණන් වහන්සේ හෝ රහතුන් වහන්සේලාගේ දාතු චයිත්ය යන අර්ථයෙන් නොවේ. ඉස්සර මිසදුටු මිනිස්සු එක එක ඍෂිවරු බමුනන් ඇදහුව. ඒ මිනිස්සුන්ගේ අවශේෂ කොටස් වලින් චයිත්ය පිළිම හදල වන්දනා කළා. ඒක කිසි තේරුමක් නෑ කියල කිව්වේ..

    උන්ගේ දාතු වඳින්න එපා. අපේ දාතු වඳින්න.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    සරණ යාමයි වන්දනා කිරීමයි දෙකක් මචං.

    ගොඩක් බෞද්ධයෝ කරන්නේ චෛත්‍ය සරණ යාම තමයි, ඒ කියන්නේ කරන්න එපා කියපු දේ. ඒ නිසා තමා බෝධි වෘක්ෂ ළඟ, චෛත්‍ය ළඟ එක එක දේ ඉල්ලන්නේ.

    මේ සරණ යාම කියන්නේ ගැඹුරු දෙයක්. (Taking refuge කියන එක. ) තෙරුවන් සරණ යාම කියන්නේ තමන් ප්‍රතිපත්ති (අරි අටඟි මග) යන ගමන් ඒකේ සරණ බව ලබා ගන්නවා කියන එක. නිකන් ගාථාවක් කියන එක නෙවෙයි.
    මේක හැබැයි ගොඩක් හොඳට විස්තර කරලා තියනවා මහායාන පොත් වල.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උන්ගේ දාතු වඳින්න එපා. අපේ දාතු වඳින්න.
    මටත් ඕක හිතුනා.කීවෙ නෑ.මේ වගේ දේවල් ගැන සංවාදයකදි ඔහොම පැහැදිලි කිරීම් නිතරම දකින්න පුලුවන්.
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,383
    3,695
    113
    මොනර තැන්න
    සරණ යාමයි වන්දනා කිරීමයි දෙකක් මචං.

    ගොඩක් බෞද්ධයෝ කරන්නේ චෛත්‍ය සරණ යාම තමයි, ඒ කියන්නේ කරන්න එපා කියපු දේ. ඒ නිසා තමා බෝධි වෘක්ෂ ළඟ, චෛත්‍ය ළඟ එක එක දේ ඉල්ලන්නේ.

    මේ සරණ යාම කියන්නේ ගැඹුරු දෙයක්. (Taking refuge කියන එක. ) තෙරුවන් සරණ යාම කියන්නේ තමන් ප්‍රතිපත්ති (අරි අටඟි මග) යන ගමන් ඒකේ සරණ බව ලබා ගන්නවා කියන එක. නිකන් ගාථාවක් කියන එක නෙවෙයි.
    මේක හැබැයි ගොඩක් හොඳට විස්තර කරලා තියනවා මහායාන පොත් වල.
    මහා යාන ,, අදහන අයත් මේ දම්ම පදය කියන පොත ද? අත් පොතක් විදිහට තියන් ඉන්නේ ??? දන ගන්න පොඩ්ඩක් විකො ...
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මටත් ඕක හිතුනා.කීවෙ නෑ.මේ වගේ දේවල් ගැන සංවාදයකදි ඔහොම පැහැදිලි කිරීම් නිතරම දකින්න පුලුවන්.
    ඕවට හරි definition එකක් නැති නිසා සංවාද වලදී හැරෙන හැරෙන පැත්තට වෙනස් කරනවා.

    චිකන් කන්න එපා උනාම මස් කන එක වැරදි වෙනවා.
    චිකන් කෑල්ලක රස බලන්න ඕන උනාම. සතෙක් මරන්නම් නම් කරුණු 4 ක් සම්පුර්ණ වෙන්න ඕනේ කියනවා.

    උන්ට ඕන ඕන විදියට හදාගන්නවා. අපේ උන් ආගමේ විදියට ඉන්නවා නෙමෙයි උන්ගේ විදියට ආගම හදාගන්නවා.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මහා යාන ,, අදහන අයත් මේ දම්ම පදය කියන පොත ද? අත් පොතක් විදිහට තියන් ඉන්නේ ??? දන ගන්න පොඩ්ඩක් විකො ...
    හරියටම දන්නේ නැහැ මහායානයේ ධම්මපදයේ බාවිතය ගැන. නමුත් ධම්මපදය බේදයක් නැතුව හැමෝම පාවිච්චි කරනවා.
     
    • Like
    Reactions: NRTG and Mr Robot

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඕකත් හරියට අභයරාජ කුමාරයාගේ කතාව වගේ.

    අභයරාජ කුමාරයා බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවලු "ඔබවහන්සේ අනුන්ගේ සිත් රිදවන දේවල් කියනවද?" කියලා.
    බුදු හාමුදුරුවෝ "ඔව්" කිව්ව නම් අහනවලු "පෘතුජ්ජන මිනිස්සුන්ගෙයි ඔබවහන්සේගෙයි වෙනසක් නෑනේ. පෘතුජ්ජන මිනිස්සුත් කරන්නේ ඔය පහත් වැඩේමයි නේද" කියලා.
    "එහෙම කරන්නේ නෑ" කිව්වනම් අහනවලු "එහෙනම් දේවදත්ත ආපායේ යනවා කිව්වම හිත් රිදෙන්නේ නැද්ද" කියලා.

    අන්න ඒවගේ..

    මේ පාඨය පෙන්නලා අහනවා "බුදුහාමුදුරුවෝ චෛත්‍ය, ගස් ආදිය වන්දනා කරන්න එපා කියලා දේශනා කරලා තියෙනවා නේද?" කියලා.
    මේකේ එවුන් "ඔව්" කිව්වොත් අහනවා "එහෙනම් පංසල්වල ඔව්වා හදාන වන්දනා කරන එක බොරු දෙයක් නේ" කියලා.
    "නෑ" කිව්වොත් පාඨය පෙන්නලා අහනවා "බුදුහාමුදුරුවන්ටත් වඩා උඹ දන්නවද?" කියලා. :lol:

    ---------------------------------------------------

    අනෙක් අතට සරණ යෑම සහ වන්දනය කියන්නේ දෙකක්. බෞද්ධයෝ සරණ යන්නේ බුද්ධ,ධම්ම, සංඝ කියන ත්‍රිවිධ රත්නය විතරයි. ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කරන්නේ ශ්‍රද්ධාවෙන් බුදුන් කෙරෙහි උපන් ගෞරවාදරයෙන්. හරියට දරුවෙක් දෙමාපියන්ට ගුරුවරුන්ට කරන වන්දනය වගේ. එහෙම නැතුව ත්‍රිවිධ චෛත්‍ය නොවැන්දොත් නිවන් දකින්න බෑ කියන භයට නෙවෙයි. ගාථා පාඨයේ සදහ්න් විදිහට බියෙන් තැතිගෙන චෛත්‍ය වදින බෞද්ධයෝ නම් නෑ.

    ඔය ධම්මපද ගාථාවන් දේශනා කරන්න හේතු වුණ නිදාන කතාව කියවලා බලන්න.

    තව දෙයක්. වෙනතැනකින් පාඨය උපුටලා ගත්තහම ධර්මය පරස් පර වෙන්නේ නෑ.
    "මා සමණො නො ගරු" (ගුරුවරයා කී පමණින් නොපිළිගන්න) කියලා කාලාම සූත්‍රයේ කිව්වම අපේ ගුරුවරයා(ශාස්තෘවරයා) බුදුරජාණන් වහන්සේ නිසා එතනත් පරස් පර වෙන්න එපැයි. නමුත් එහෙම වෙන්නේ නෑ.

    ඝාතකයෝ මිනිසුන්ව තියුණු ආයුධවලින් කපනවා. වෛද්‍යවරු ද මිනිසුන්ව තියුණු ආයුධවලින් කපනවා. එකම ක්‍රියාවක්. හැබැයි හේතුන් දෙකක්. චේතනාවන් දෙකක්. ඵලයන් දෙකක්.

    අන්‍ය ආගමිකයෝත් වන්දනාවන් කරනවා. බෞද්ධයෝත් වන්දනාවන් කරනවා.එකම ක්‍රියාවක්. හැබැයි හේතුන් දෙකක්. චේතනාවන් දෙකක්. ඵලයන් දෙකක්.
     
    අභයරාජ කුමාරයගෙ කතාව කෙසේ වෙතත් අනිත් කතාව තර්කිකයි.අනිත් පැත්තෙන් ප්‍රශ්නයක් එන්නෙ නැති වෙන්න පහදගන්න බෑ කියන්නෙ එතන ප්‍රශ්නයක් තියෙනවනෙ.

    වන්දනාවයි සරණ යෑමයි දෙකක් කියල කරල තියෙන පැහැදිලි කිරීම මට පිලිගන්න පුලුවන්.
    ඒත් බියෙන් තැතිගත්ත බෞද්ධයෝ ඕන තරම් චෛත්‍ය සහ බෝධියෙන් පිහිට ඉල්ලනවා මම දැකල තියෙනවා.හැමෝම දැකල ඇති.
    එතකොට ඒ මොකද්ද?
     
    • Like
    Reactions: Gunther

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,325
    2,183
    113
    මේ ගාථා තුන බලන්න.

    බහුං වෙ සරණං යන්‌ති, පබ්‌බතානි වනානි ච;

    ආරාමරුක්‌ඛචෙත්‍යානි, මනුස්‌සා භයතජ්‌ජිතා.

    අර්ථය :- බියෙන් තැතිගත් මිනිස්සු පර්වත,කැලෑ,ආරාම,ගස්,චෛත්‍ය යන මේවා බොහෝ සෙයින් සරණ කොට යති.

    නෙතං ඛො සරණං ඛෙමං, නෙතං සරණමුත්‌තමං;

    නෙතං සරණමාගම්‌ම, සබ්‌බදුක්‌ඛා පමුච්‌චති.

    අර්ථය :- මේ කිසිවක් බිය රහිත නොවේ.උතුම් ද නොවේ.මේ කිසි සරණයකට පැමිණ සියලු දුකින් මිදෙන්නටද නොපිලිවන.

    යො ච බුද්‌ධඤ්‌ච ධම්‌මඤ්‌ච, සඞ්‌ඝඤ්‌ච සරණං ගතො;

    චත්‌තාරි අරියසච්‌චානි, සම්‌මප්‌පඤ්‌ඤාය පස්‌සති.

    අර්ථය :- යමෙක් බුදුන්,දහම් හා සඟුන් "මට පිහිටය" යි සරණ යයිද, චතුරාර්‍ය සත්‍යය මනා නුවණින් දකීද, ඔහුම දුකින් මිදේ.

    මේවා තියෙන්නේ ධම්ම පදයේ බුද්ධ වර්ගයේ.මේකෙන් පැහැදිලි වෙනවා බුදුන් වහන්සේ ආරාම,ගස්,චෛත්‍ය වන්දනාව ප්‍රතික්ෂේපකරපු බව.

    ඒත් අපි බෞද්ධයින් විදියට කරන මූලිකම දෙයක් තමා ඒවා වන්දනා කිරීම.ඒ තුන විතරක් නෙවෙයි තව ඒවත් අපි වන්දනාකරනවා.(පිළිම වගේ)

    මට දැනගන්න අවශ්‍ය මේකයි.

    බුදුන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරපු ඇදහිලි කොහොමද අද වෙද්දි අපේ මූලිකම ඇදහිලි බවට පත් වුනේ?

    මොකද්ද ඒකට හේතුව?

    දන්න කෙනෙක් කියන්න.

    ප.ලි.:- මේ මතය බැහැර කරන්න ධර්මයේ වෙනත් තැනකින් මොකක් හරි පාඨයක් උපුටන්න එපා.ධම්ම පදය කියන්නේ සූත්‍රපිටකයේ ඛුද්දක නිකායේ කොටසක්.ඒ නිසා එහෙම කළොත් බුද්ධ ධර්මයේ පරස්පරයක් මතු වෙනවා මිසක් ප්‍රශ්නයට උත්තරයක් ලැබෙන් නෑ.

    Budu hamuduruwo owa reject kale, ewa kala pamanin niwan dakinna bari nisa..

    uba chaturarya sathya hoyamin hari margaye yanawa nam..oya kiyapu wandana wadak naa... habai dharmaya follow/search karanne nathiwa ehema wandhana kayana ayata waradi kiyana ekath waradi..mokada un yamkisi pinak hari pin kara gannawa banina ekata wadiya..
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    මේකයි.
    ඇම පමණින් පැවසු මුනි දැන තතු
    මෙම හැම දෙන බලවයි දැක්විය යුතු
    තම තම නැණ පමණින් දැනගතයුතු.
    මම නමදිම් සදහම් පැහැදී සිතු

    මේක හරිම රස විද්‍යාවක්. මට තේරෙන තැන උබට තේරෙන්නේ වෙන විදියකට. මෙතන කව්රු මොන උත්තරේ දුන්නත් උබටම ඕවට උත්තර හොයාගන්න පුළුවන් උබ උබ ගැන හෙව්වොත්.

    ඒක පැත්තකින් තියමුකෝ.

    ඕකට නිකන් කෙටි පිළිතුරක් දුන්නොත් ඕක කියවන එකාගේ ටිකිරි මොලේට තේරෙන්නේ නැති උනගමන් @TNHM වගේ හරක් තප්පුලනවා.
    උන් උන් ගැන හොයන්නේ නෑ ඔය වගේ ටිකක් දැනන් පපක් කියවනවා.

    උබ බෝධියට හරි චෛත්‍යට හරි වැදලා මන් වැන්දා මට අරක දෙන්න කියල ඉල්ලන ඒක (prayers), එහෙම නැත්නම් අපේ ඔය බහුතරයක් අතිශය බුද්දිමත් සිංහල බෞද්ද සෙට් එක අංගවිකල හින්දු දෙවියනට වැදලා 1000/5000ක් තියල අහවල් ඒවා ඉල්ලන එකයි,
    මෙන් වැන්දා දැන් අපේ වද පුංචි අම්මගේ ලොකු පුතාගෙ ගැට්ටේ අමාරුව හොදවෙවා කියල කොඩි වැල් ඉල්ලන එකයි මේකේ නෑ.

    එක්කෝ කම්මලිය් බන් ඔතනින් එහාට දාන්න. වෙලා නෑ.
    හැබැයි මතක තියාගන්න බුදු දහම තර්කයට අසු වෙන්නේ නෑ. ඒක හින්දයි තමන් විසින්ම බලන්න කියන්නේ.
    මන් මේක පස්සේ අප්ඩේට් කරන්නම් .දැන් ඔය ළමයි ගෙදර යන්න.
     
    සමහර උන් ඉන්නවා බන් බුදු හාමුදුරුවන්ගෙන් බණ ඇහුවා වගේ ටෝක්ස් දෙන්නේ. හැබැයි ඇත්තටම කටින් කට ඇවිත් පොත් වල ලියපු හෑලි ටිකක් අරගෙන ඒවගේ තේරුම හැරෙන හැරෙන අතට වෙනස් කර කර පණ්ඩිත ටෝක්ස් දෙනවා.

    මෙච්චර internet අනන් මනම් තිබිලත් මාතර එකෙක් බඩුවක් ගැහුවම කොළඹට ඒ අරන්ච්චිය එනකොට අරු බඩු හතක් ගැහුවා වගේ එන්නේ. එහෙම එකේ අවුරුදු සිය ගානක් කටින් කට ඇවිත් අවුරුදු 2500 කට වඩා පරණ information පොඩ්ඩක් හරි ප්‍රශ්න කරොත් සැහෙන්න රිදෙනවා.

    මේකේ උන් ටෝක්ස් දෙන්නේ හරියට ඉපදෙනකොටම මුන් බුද්දාගමේ වගේ. උබලා අපි හැමෝම "බුද්දාගමේ " උනේ අම්මයි තාත්තයි බුද්දාගමේ උන නිසා මිසක් ඕවා ඉගෙනගෙන නෙමෙයි. (අනික් ආගම් වලටත් අදාලයි). පොඩි කාලේ ඉදන් අන්ධ බල්ලෝ වගේ පස්සෙන් ගියපු නිසා තේරෙන කාලේ ආවම ඔකේ තියෙන content එහෙට මෙහෙට වෙනස් කර කර තමන්ගේ ගොන් කන් ගොන් කන් නෙමෙයි කියලා ඔප්පු කරන්න හදනවා.
     
    • Haha
    Reactions: Deviyo

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,325
    2,183
    113
    ඕවට හරි definition එකක් නැති නිසා සංවාද වලදී හැරෙන හැරෙන පැත්තට වෙනස් කරනවා.

    චිකන් කන්න එපා උනාම මස් කන එක වැරදි වෙනවා.
    චිකන් කෑල්ලක රස බලන්න ඕන උනාම. සතෙක් මරන්නම් නම් කරුණු 4 ක් සම්පුර්ණ වෙන්න ඕනේ කියනවා.

    උන්ට ඕන ඕන විදියට හදාගන්නවා. අපේ උන් ආගමේ විදියට ඉන්නවා නෙමෙයි උන්ගේ විදියට ආගම හදාගන්නවා.

    Owata hariyata definitions budda deela tiyenawa... pahadiliwa pennala tiyenawa pina/pawa kiyanna mokakda, pina udaw wenne kohomada, punyabhi/apunyabhi/ananjabhi sankara kiyanne monawada kiyala..

    owa wenas karanna dagalanne, owa hariyata danne nathi un... ehema un ekka argue karala wedak naa..