මේ ගාථා තුන බලන්න.
බහුං වෙ සරණං යන්ති, පබ්බතානි වනානි ච;
ආරාමරුක්ඛචෙත්‍යානි, මනුස්සා භයතජ්ජිතා.
අර්ථය :- බියෙන් තැතිගත් මිනිස්සු පර්වත,කැලෑ,ආරාම,ගස්,චෛත්‍ය යන මේවා බොහෝ සෙයින් සරණ කොට යති.
නෙතං ඛො සරණං ඛෙමං, නෙතං සරණමුත්තමං;
නෙතං සරණමාගම්ම, සබ්බදුක්ඛා පමුච්චති.
අර්ථය :- මේ කිසිවක් බිය රහිත නොවේ.උතුම් ද නොවේ.මේ කිසි සරණයකට පැමිණ සියලු දුකින් මිදෙන්නටද නොපිලිවන.
යො ච බුද්ධඤ්ච ධම්මඤ්ච, සඞ්ඝඤ්ච සරණං ගතො;
චත්තාරි අරියසච්චානි, සම්මප්පඤ්ඤාය පස්සති.
අර්ථය :- යමෙක් බුදුන්,දහම් හා සඟුන් "මට පිහිටය" යි සරණ යයිද, චතුරාර්ය සත්‍යය මනා නුවණින් දකීද, ඔහුම දුකින් මිදේ.
මේවා තියෙන්නේ ධම්ම පදයේ බුද්ධ වර්ගයේ.මේකෙන් පැහැදිලි වෙනවා බුදුන් වහන්සේ ආරාම,ගස්,චෛත්‍ය වන්දනාව ප්‍රතික්ෂේපකරපු බව.
ඒත් අපි බෞද්ධයින් විදියට කරන මූලිකම දෙයක් තමා ඒවා වන්දනා කිරීම.ඒ තුන විතරක් නෙවෙයි තව ඒවත් අපි වන්දනාකරනවා.(පිළිම වගේ)
මට දැනගන්න අවශ්‍ය මේකයි.
බුදුන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරපු ඇදහිලි කොහොමද අද වෙද්දි අපේ මූලිකම ඇදහිලි බවට පත් වුනේ?
මොකද්ද ඒකට හේතුව?
දන්න කෙනෙක් කියන්න.
ප.ලි.:- මේ මතය බැහැර කරන්න ධර්මයේ වෙනත් තැනකින් මොකක් හරි පාඨයක් උපුටන්න එපා.ධම්ම පදය කියන්නේ සූත්‍රපිටකයේ ඛුද්දක නිකායේ කොටසක්.ඒ නිසා එහෙම කළොත් බුද්ධ ධර්මයේ පරස්පරයක් මතු වෙනවා මිසක් ප්‍රශ්නයට උත්තරයක් ලැබෙන් නෑ.