මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි

    මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
    මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි

    වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
    නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
    සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
    ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

    ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
    සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
    ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
    ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා



    තමන්ගෙ විශ්ව විද්යාල ප්රේමවන්තිය හදිස්සියේ පාරෙදි මුණගැහෙනව , සුහදව ඇය හා කතාකරන රචකයා ඇය යනකල් බලාගෙන ඉන්නව එවිට ඔහුට ඇතිවෙන සංකල්පනාවක් තමා මේ ගීතයේ ගලාගෙන යන්නෙ... හරි අපි බලමු.........

    සරසවිය ආදරයට මුල පුරන්නා වූ සාධකයන් බොහෝ එක් කෙරෙන තැනකි. තරුණ තරුණියන් ලෙස සරසවියට පිවිසි පසු ජීවිතය තුළ ඇති වන කම්කටොලූ විසඳා ගැනීම, අධ්ය යන කටයුතු උදෙසා, විනෝදය හා කලා කටයුතු ආදී කරුණු වල දී නිතර නිතර ඔවුහු හමු වෙති. එලෙස ආදරයෙන් බැඳෙන අය තම ආදරය පරම රමණිය, නොබිඳෙන එකක් බව තරයේ අදහති. මේ ඒ ආදර කතාවේ එදා සහ අද තත්වයයි.....

    මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
    මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි


    ඉතින් ආදරෙන් බැදුන අපි විශ්ව විද්යාලයෙන් වෙන්වුනාට පසු අපි අපිවම අමතක කරල ඈත් කරල දාල... නමුත් එහෙම කලේ කමැත්තෙන් නෙමෙයි. කරන්න උනා.... ඔයා කොහෙද මම කොහෙද .... සහ අපේ ජීවිත ප්රතශ්ණ.... අපි විශ්ව විද්යාකලයේ හිටපු කාලෙ කරපුව දැන් කරන්න බෑ... ඒක නිසා අපි වෙන් උනා නෙමෙයි වෙන් කෙරුණා. ඒ නිසා තමා මේ ගීතයේ මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි කියල යෙදෙන්නෙ....

    වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
    නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
    සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
    ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

    අපි නෑ කියල නෑ... ඔයාටයි මටයි හොදට පුරුදු වැව් ඉවුර එදා වගේමයි.... නුග ගස් එදාවගේමයි... එහෙනම් ඉතින් සොදුරිය අපිටත් එදා වගේ ආදාරය කරන්න පුළුවන් නේද....? අපි එහෙනම් සරසවි බිමට යමුද? එදා වගේම ආදරයක් අපි කරමුද? නමුත් සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා......... මෙහි කදුරැල්ල කියල දක්වන්නෙ දෙදෙනාගේම විවාහ... ඉතින් අපිට ආයෙත් පෙමෙන් බැදුන්න හිතුනත්... හීන දුටුවත්.... ඒ හීන වලට ලොකු බාධාවක් තියෙනව ඒ තමා අපේ විවාහයන්... මේ විවාහයෙන් එතෙරව ඔයත් එක්ක මට යන්න හිතෙනවා සොදුරිය...... එහෙම හිතුනත් ඒ සිතිවිල්ල පාලනය වෙනව.... ඒකට හේතුව තමා පහලින් තියෙන්නෙ....

    ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
    සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
    ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
    ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා


    මම ඔයාගෙ අත අල්ලගෙන ගියපු මේ පාරෙ දැන් මම මගේ බිරිද එක්කයි යන්නෙ. ඒක එක හේතුවක්.... නමුත් ඊට වඩා ප්රගබල වූ හේතුවක් තියෙනවා.... ඒ තමා මගේ අතැගිල්ලෙ එල්ලීඑන මගේ ලේ වලින් උපන්න මගේම පුතා. මේ විදියට යන්න අපි පතපු හැටි, මෙහෙම අපේ ළමයි ගැන අපි කතාකරපුව දැන් එකින් එක මට සිහිවෙනව...... සිතුදේ නොමවෙන... නොසිතූ දෙවල් වෙන මේ ජීවිතය හරියට හීනයක් වගේ....

    හැඟුම් වලට වහල් ව කරන්නා වූ ආදරයේ අනිත්ය. ස්වභාවයත් සිතූ දේ නොසිදුවන ලෝක ස්වභාවයත් පේරුම්මකීර්ති කවියාණෝ මනාවට විගර්ය.හ කරති. සිංහල සංගීතයේ කතෝලිකයන් ගේ ලකුණ මනාවට පිළිබිඹු කරන සුනිල් සාන්ත, අයිවෝ ඩෙනිස් ආදීන් ගේ ගණයටම වැටෙන මර්වින් පෙරේරා ශිල්පියා දෙව් මැදුරේ අසන්නට ලැබෙන යාතිකා වල ආභාසය මෙහි සංගීතයට මුසු කරනු පෙනේ. මෙම ගීය සිංහල ගීත වංශ කතාව තුළ දශක තුනක් තිස්සේ වැජඹෙමින් සහස් සංඛ්යා.ත ශරා වක සවන් පත් සනහා ලන්නකි. එසේම එය තවත් සියවසකටම රසික හදවත් ඇද බැඳ ගෙන තබා ගනු ඇත.

    ඔය ගීතය ප්රේමකීර්ති ද අල්විස් ලියලා ඉවර වෙලා, සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා කියන පදයට යටින් ඉරක් ඇදලා කිව්වලු මේ පදය තමා මේ සින්දුවේ ප්රබලම පදය කියලා.


    ඇත්තටම තමන්ගේ ළමයෙක් එක්ක ඉන්නකොට තමුන්ගේ පරණ පෙම්වතියව හම්බ උනොත් මොනා හිතෙයිද? ඇත්තටම ලස්සන සින්දුවක්.!!!!!!!
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ලස්සන සිදුවක් කියන්නේ සමහරුන්ට ඕක අහගෙන ඉන්න බෑ ...මගෙ බැචාලා ඉන්නව ඔය සින්දුව අහන්න බැරි...උන්ට උන්ගෙ කැම්පස් කාලෙ ලව් මතක් වෙනවා... මටනම් කැම්පස් එකේ ඇතුලෙ කොක්කක් හිටියෙ නෑ...මම ඒකාලෙත් යාලු වෙලා හිටියේ අද මගෙ ආදරනීය වයිපරය සමග..එයා පේරාදෙනියෙ නෙමෙයි හිටියෙ...නමුත් මගෙත් බොක්ක සීතල වෙනවා මේ සින්දුවෙ අර්තය ඇත්තටම අත්විදින්න වෙච්ච් එකෙක් ගැන හිතෙනකොට....
     
    හිත ටිකක් රිදුන සහෝ.
    සරසවිය දාල යන්න තව ටික කාලයයි, මේ යාළුවො, මම ඉගෙනගත්ත පාඩම්, ජිවිතයට ඉගෙන ගත්ත පාඩම් අනන්තයි.
    අතීතය මතක් වෙනකොට දුකයි.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජීවිතේ කන්දක් වගේ ගොඩ ගහ ගෙන හිටපු හීන බිදිල විසිරිල තියනව දකින්න හම්බ වෙන්නේ ඇය අත ගෙන වීදියේ තවකෙකු ගේ අත අල්ලා ගෙන යන විට.........
    සසර පුරාම එහෙම අත් අල්ල ගෙන යන්න හිතපු විදිය හිතෙන කොට වාවන්නේ නැතුව යනවා.........
    අප නොමැති වුණත්, ලොව සියළු දේ නොවෙනස් ව සිදුවනවා......
    අප ඇවිද ගිය වීදි අස ගස් තවමත් ළපළු පත් දරනවා......මල් විකසිත කරවනවා......
    සිහින් දිය රැළිති නගන වැව් ජලයෙන් නුවර වැව් බැම්ම, තවමත් සෙනෙහස විදිනවා.....
    නමුත් එලෙස සෙනෙහස විදින්නට අහස උසට බලාපොරොත්තු ඇතුව සිටි මට නුඹේ සෙනෙහස අහිමියි...
    ඒ සෙනෙහස අද මා ලබන්නේ වෙනෙකෙකු ගෙන්......
    නමුත් ඒ සෙනෙහසේ තියෙනවාද, නුඹේ සෙනෙහසේ රැදි අකාස්මික උණුහුම..........

    මේ ජීවිතයම උදේ අවදි වන විට බිදී යන සිහිනයක් ම නොවේ ද?

    -උපුටා ගැනීම මේ තගරය ගීතය සදහා පූර්විකාවක් ලෙස ලියූ සසල හද විල්තෙර පිටපතකින්-
     
    • Like
    Reactions: ^Buddhika^

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ජීවිතේ කන්දක් වගේ ගොඩ ගහ ගෙන හිටපු හීන බිදිල විසිරිල තියනව දකින්න හම්බ වෙන්නේ ඇය අත ගෙන වීදියේ තවකෙකු ගේ අත අල්ලා ගෙන යන විට.........
    සසර පුරාම එහෙම අත් අල්ල ගෙන යන්න හිතපු විදිය හිතෙන කොට වාවන්නේ නැතුව යනවා.........
    අප නොමැති වුණත්, ලොව සියළු දේ නොවෙනස් ව සිදුවනවා......
    අප ඇවිද ගිය වීදි අස ගස් තවමත් ළපළු පත් දරනවා......මල් විකසිත කරවනවා......
    සිහින් දිය රැළිති නගන වැව් ජලයෙන් නුවර වැව් බැම්ම, තවමත් සෙනෙහස විදිනවා.....
    නමුත් එලෙස සෙනෙහස විදින්නට අහස උසට බලාපොරොත්තු ඇතුව සිටි මට නුඹේ සෙනෙහස අහිමියි...
    ඒ සෙනෙහස අද මා ලබන්නේ වෙනෙකෙකු ගෙන්......
    නමුත් ඒ සෙනෙහසේ තියෙනවාද, නුඹේ සෙනෙහසේ රැදි අකාස්මික උණුහුම..........

    මේ ජීවිතයම උදේ අවදි වන විට බිදී යන සිහිනයක් ම නොවේ ද?

    -උපුටා ගැනීම මේ තගරය ගීතය සදහා පූර්විකාවක් ලෙස ලියූ සසල හද විල්තෙර පිටපතකින්-

    :sorry: andenawa patta
    tfs
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
    ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා
    :(
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    පුදුම සංවේදී අදහසක්. අපේ එකෙක් හිටිය AL කලේ පටන් ගත්ත ආදරය campus එකෙත් දිගටම තිබ්බ අවුරුදු 7 විතර. උදේ ඉදන් හවස් වෙනකම් දෙන්න එකට පාඩම් කරේ; ආදරේ කරේ; කැවේ බිව්වේ. අන්තිම අවුරුද්දේ වෙන් වුන.
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113

    tfs ! 8+++

    maxxa macho rep+++++

    මම අහල තින ලස්සනම සින්දුවක්
    tfs

    bump
    rep 10+


    නියමයි යලුවා++

    pattai machan


    Thanks machn, thawa oya wage mean thiyana sindu danawada plz

    ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
    ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා
    :(




    hemotama thanks machan..!!