මේ නව සොයා ගැනීම මොකක් වෙන්න පුළුවන්ද

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,472
    100,549
    113
    From fb
    බලන්න තහනම් කල ඕස්ට්‍රේලියාවේ ඇති ලංකාවේ කළු පෙට්ටිය! 'සුවර් නැහැ නේද' කෙනෙකුට එහෙම හිතෙන්නත් ඇති. ඉතින් රටවල් බර ගණනකින් වෙනත් රටකදී මට එහෙම එකක් අහන්න ලැබුණු එකම එක අවස්ථාවක් තියෙනවා. ඒකත් මේ විද්‍යාත්මක වැඩක්.

    ඒ මීට වසර 11 කට පෙර ඕස්ට්‍රේලියාවේදී. එක පෙලට මගේ අලුත් දේවල් ටිකක් හසුවෙන්න ගත්ත. ඉතිං දැන් මේක සුවර් වැඩක්ද කියල බලන්න එයාලට ඕන වුනු වෙලාවක්. මගේ බොස් වුනු prof ට මාව සුවර් - මොකද එයාටත් අමාරු ඒවා සමහර වෙලාවට මම විසඳලා දුන්න නිසා වෙන්නැති ඒ. දැන් වට මේස සාකච්ඡාවක් පැවැත්වෙනවා. එදා එතැන UniSA ආරම්භක උප කුලපති (අද adelaide නගරය මැද තියෙන උසම ගොඩනැගිල්ල නම් කරපු) prof Bradley ත් හිටියා. සුදු ජාතික අනෙක් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්ට මගේ බොස් පෙන්වල දෙනවා ඒ සොයාගැනීම්වල තියෙන වටිනාකම ගැන. ඉතින් උසස් නිලතල දරන මේ මහාචාර්යවරුන්ට මේ හාදයගෙ ඒවා ඔය කියන තරම් වැදගත්ද කියල සුවර් එකක් නැහැ වගේ.

    දැන් එයාල කතා වෙනවා. අපි මේක මෙහෙ වෙන uni එකකට යවල අදහස් විමසල බලමු කියල. එතකොට තව කෙනෙක් කියනව - ඕස්ට්‍රේලියාවේ ඔක්කොම uni එකිනෙකට support නේ අපි මේක වෙන රටකට යවමු - USA හොඳයි එහෙට යවමු කියල. එතන හිටි යුරෝපියන් prof දැන් කියපි, 'ඉංග්‍රීසි රටවල් ඉංග්‍රීසි රටවල් වලට favor කරනවනේ ඒ නිසා අපි මේක ඉංග්‍රීසි දැක්කම වහ කදුරු වගේ දකින රටකට යවමු' කියල අදහසක් - දැන් එයා කන්නාඩියට උඩින් මගේ දිහා බලල කියනවා 'ඒ නිසා අපි මේක ප්‍රංශයට යවමු' කියල කට කොනකින් හිනා වෙන ගමන්ම. උත්තරය නම් ඩස්ට් බින් එක තමයි කියලත් කියවුනා. දැන් කාගේත් තීන්දුව ඒක ප්‍රංශයට යවන්න. මමත් ඉතිං ඔලුව වැනුවා. එතකොට තව කෙනෙක් ඒ පාර කියනව හරියටම තත්වේ මනින්න නම් ඒ ගමන්ම අපි මේක රුසියාවටත් යවමු කියල. මටත් මොකද කියල මමත් ඉතින් ආයෙත් ඔලුව වැනුවා.

    ඉතින් මාසයක් විතර ගියාට පස්සේ එහෙ ඉහලම පෙලේ බෝර්ඩ් එකක් හදිසියෙ රැස්කරල මටත් හදිසි කැඳවීමක්. ප්‍රංශයේ පැරිස් එයිට් විශ්ව විද්‍යාලයේ expert විද්‍යාඥයින් ඒවා ගැඹුරින් විශ්ලේෂණය කරලා දිග වාර්තාවක් එවල. එකින් එක පැහැදිලිව ලියල. ප්‍රංශ වාර්තාවෙන් මුලින්ම කියල තිබුණු දේ මෙහි ලියන්න මටත් නිකන් මොකක්ද වගේ. එහි තිබුනේ මහින්ද පාතෙගමගේ මේ සොයාගැනීම් එකින් එක විශ්ලේෂණය කරන විට අපට සිහිගැන්වුනේ පෙර සිටි ශ්‍රේෂ්ඨ විද්‍යාඥයින්ගේ සොයාගැනීම් කියවන්නා සේ හැඟීමකි' කියන අදහස. (ඒක කියවන කොට මට ටිකක් හීන් දාඩියත් දැම්ම). ඉතින් ඒ අයට පුදුම සතුටක්. මමත් ඔහේ බලන් හිටිය මේ මොන මගුලක්ද මට වෙන්න යන්නේ කියල. ප්‍රංශය එසේ කියද්දී රුසියාවෙන් එවල තිබුණු වාර්තාව කියවද්දී කව්රුත් විස්මය පල කරනවා දැක්ක. රුසියාවෙ වාර්තාවේ සංක්ෂිප්තයට ලියල තිබුනේ 'ලොව සිටින නම්බර් 1 AI scientist කෙනෙක් විදියට නම් කරන්න ඔවුන් පැකිලෙන්නේ නෑ කියන අදහස. ඒ විශ්ලේෂණ වාර්තාවට රුසියාවේ ඉහල පෙලේ AI ආයතනයේ නම් දරාපු AI scientist ල අත්සන් කරලා තිබුනා. ඒ සියල්ල ලිඛිත වාර්තා. අපේ prof ල කිව්වේ එය එතෙක් මෙතෙක් සිදු නොවුණු අපූරු සිදුවීමක් කියල.

    ඉතින් ඔය විදියට සතියක් විතර ගියා. එයාල ඒ බව එරටේ ඉහළටත් දැනුම් දීල. මේ ගැන මගේ කිසිම ඉල්ලීමක් නැති නිසා මගේ තීරණය එනකල් දැන් මේ සොයාගැනීම් අඩංගු දේ සංරක්ෂණය කරන්න එයාල තීන්දු කරලා. දැන් මේක කාටවත් බලන්න බැරි විදියකට ඕස්ට්‍රේලියාව කියන රටේ යම් තැනක දඩ සේප්පුවක කල් පවතින ලෙසින් කෙමිකල් තොර කරලා මම ඉදිරිපිටදීම ආරක්ෂා සහිතව තැන්පත් කලා. මේ පින්තුරය නම් ඒකට අදාළ නැහැ.
    කිසිවෙකුට තියා මගේ බොස්ටවත් ඒක ආසාවකටවත් ආයේ බලන්න බැහැ කිව්වා. රහස් ඛේතය මට දුන්න මායා වරුන්ගේ කැලැන්ඩරයේ අවසන් දිනේදී. ඒක අරින්න මමම යන්නත් ඕනේ. ඔබම ඉන් කල යුත්තේ කුමක්දැයි තීරණය කරන තෙක් එලෙසින් ආරක්ෂිතව තියේවි. ඒ ඔවුන්ගේ පිළිතුර වුණා. මට ආරක්ෂාව ඕනෙද ඇහුවා, තුස්නිම්බුතව සිටි මම කිව්වා මට මොනාටද ආරක්ෂාවක් කියල. ඇත්තම කියනවනම්, මට ඒකෙන් කරන්න තරම් දෙයක් හිතට ආවේ නැහැ. ඔය සම්මාන එහෙම ගැන එතරම් ආසාවක් තිබුනෙත් නැහැ. ඒ වෙනකොටත් ඕනෑවටත් වැඩිය සම්මාන අඩු වයසේදීම මට ලැබිල තිබුණ නිසා වෙන්නැති ඒ. එනිසාම මම ඒ කිසිවක් එතරම් තැකුවේ නැහැ.

    එහෙදි මට කිව්වෙ ඕනෑම මොහොතක එය ගත හැකි බවත් අන් කිසිවෙකුට එය ගත නොහැකි බවත්. ඉතින් දැන් ඒ black box එකට අවුරුදු 11 කටත් වඩා කල් ගෙවී ගිහින්.



    @Edward Kenway මේ මනුස්සයාව දන්නවද?

    කලින් නව නිපැයුම් එකෙත් හිටියා නේද
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කමෙන්ට් බලපන්කෝ

    ඒ සත්‍ය නුදුරේදී නිරායාසයෙන් නිරාවරණය වන ආකාරය ඉවසීමෙන් විමසීමෙන් සලකන්න සිවු හෙලයේ උරුමය පිබිදෙනවා මේ එය ලග ලගම එන බව කියන පෙන්වීමයි ජය වේවා
    🙏
    🙏
    🙏
    ඔබ තුමාටත් මේ උතුම් රටේම පුරවැසියන්ගේ අනාගතයටත් තෙරුවන් සරනයි ඔබ තුමාට
    🙏
    🙏
    🙏
    💐
    💐
    💐
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,549
    113
    ඒ සත්‍ය නුදුරේදී නිරායාසයෙන් නිරාවරණය වන ආකාරය ඉවසීමෙන් විමසීමෙන් සලකන්න සිවු හෙලයේ උරුමය පිබිදෙනවා මේ එය ලග ලගම එන බව කියන පෙන්වීමයි ජය වේවා
    🙏
    🙏
    🙏
    ඔබ තුමාටත් මේ උතුම් රටේම පුරවැසියන්ගේ අනාගතයටත් තෙරුවන් සරනයි ඔබ තුමාට
    🙏
    🙏
    🙏
    💐
    💐
    💐
    මම දන්න තරමට නන් සැහෙන රිසර්ච් පබ්ලිකේෂන් තියෙනවා මනුස්සයට
     
    • Wow
    Reactions: Solo Rider

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    පොරට ළඟක ඉඳන් ට්‍රැක් පැනල ඉන්නේ, පව් ඉතින්.
    "මම අද දකින අනාගතය දැකගන්න මට ඉන්නට නොහැකිවෙනවා. ඒත්, මහින්ද පාතෙගම නම්වූ විද්‍යාඥයා දකින අනාගතය ඔහුගේ ඇස්පනාපිටම සැබෑවක් වෙනවා."
    - සර් ආතර් සී ක්ලාක්
    (මොරටුව විශ්ව විද්‍යාලයේ හිටපු කුලපති.)
    (සැටලයිට් සංකල්පයක් ලෙස ලොව මුලින්ම දුටු, සර් ආතර් සී ක්ලාක් මැතිතුමාගේම වචනයෙන් මා පිළිබඳව කියූ කතාව ඇතුලත් සජීවී වීඩියෝපටයක් මාවෙත ලැබී ඇත. එය මාලඟ ඇත. අජටාකාශගාමින් තෝරන ඇමෙරිකාවේ ප්‍රබල ආයතනය මෙතුමාගේ නමින් නම් කිරීමට තරම් නාසා ආයතනය ගෞරවයෙන් පිළිගත් සර් ආතර් සී ක්ලාක් මහතා සියලු ඉංග්‍රීසි ජාතීන් විසින් ගෞරවයෙන් පිළිගන්නා අයෙකි. එතුමන් බැතියෙන් සිහිපත් කරමි.)
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,454
    6,328
    113
    මම දන්න තරමට නන් සැහෙන රිසර්ච් පබ්ලිකේෂන් තියෙනවා මනුස්සයට
    සමහර උගත් මිනිස්සුන්ට නාකි වෙන කොට එක එක මානසික ලෙඩ හැදෙනව බන්. මෙහෙත් ඉන්නෙ ගොඩක්.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,992
    152,994
    113
    මෙයා ඉස්සර හොලෝග්‍රෑම්වලට සම්බන්ධ මොකක්හරි අලුත් ටෙක්නොල්ජි එකක් හොයාගත්තා කියලා මීඩියාවල කියව කියව ගියා මතකයි. 🥴
     
    • Wow
    Reactions: Solo Rider

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    සමහර උගත් මිනිස්සුන්ට නාකි වෙන කොට එක එක මානසික ලෙඩ හැදෙනව බන්. මෙහෙත් ඉන්නෙ ගොඩක්.

    චන්ද්‍ර වික්කමසින්හේ , අනුරුද්ද පාදෙණිය
     
    • Like
    Reactions: Mr.dark

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඒ සත්‍ය නුදුරේදී නිරායාසයෙන් නිරාවරණය වන ආකාරය ඉවසීමෙන් විමසීමෙන් සලකන්න සිවු හෙලයේ උරුමය පිබිදෙනවා මේ එය ලග ලගම එන බව කියන පෙන්වීමයි ජය වේවා
    🙏
    🙏
    🙏
    ඔබ තුමාටත් මේ උතුම් රටේම පුරවැසියන්ගේ අනාගතයටත් තෙරුවන් සරනයි ඔබ තුමාට
    🙏
    🙏
    🙏
    💐
    💐
    💐
    ටහුක් 🥴
     
    • Haha
    Reactions: Solo Rider