ඒකාලෙ ගිය ටෙලිනාට්ටිවල කොලිටි එකනම් මාරයි බං.
දැන් හදන නාට්ටිවල තත්වෙයි ඒවයි දැක්කහම කලකිරෙනව.
දැන් නාට්ටිවල තාක්ෂණය වැඩි වුනාට ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය & චිත්‍රපටි මේ හැම එකේම හොදටම තියෙන්න ඕන අංගය වෙන ස්ථාවර, රසවත් කතාවක්/පිටපතක් ඇත්තෙම නෑ.
කුලල් කාගන්න පවුල් ප්‍රශ්නයි, කෙල්ලො දෙන්නෙක් එක කොල්ලෙක්ට මරාගන්න එකක්හරි-කොල්ලො දෙන්නෙක් එක කෙල්ලෙක්ට මරාගන්න එකක්හරි, දුප්පත් කොල්ලයි පෝසත් කෙල්ලයි- පෝසත් කොල්ලයි දුප්පත් කෙල්ලයි වගේ කිසිම වටිනා කමක් නැති කලාවක් නැති දහදුරා කතාමයි දැන් හැදෙන්නෙ.
මේ දවස්වල රූපවාහිනියෙ යනව "ඉසිවර අසපුව" කියල ගොඩක් පරණ නාට්‍යයක් පොඩි කාලෙ බලපු. කතාව, රඟපෑම් විතරක් නෙමෙයි ඒ දවස්වල තිබුන පරණ කැමරා වුනත් ඒ ඒ දර්ශණයට අදාල විදියට මාරම දක්ශ විදියට කරපු කැමරාකරණය පවා හරිම ලස්සනයි.