නැවතත් මේ දම්දිව දහම් රණ බෙර වැයෙන කාලයයි
දිනක්, කොසොල් මහ රජුගේ මංගල හස්ති රාජයා, කිසියම් කාර්යයක් අතරතුර, කරවටක් ගැඹුරු මඩේ එරී ගියේ ය.
යුද්ධයේදී පවා පෙරමුණ ගන්නා, ජවසම්පන්න, මහත් කාය බල ඇති ඇතෙකු වුවත්, කරවටක් මඩේ එරුණු තැන අසරණ විය.
හස්ති රාජයා, මඩෙන් ගොඩ ගනු පිණිස, කොසොල් මහරජු නානාවිධ උත්සහයන්හී නිරත විය. තවත් ශක්ති සම්පන්න ඇතුන් කිහිප දෙනෙකු යොදවා, ශක්ති සම්පන්න මිනිසුන් යොදවා, කොතරම් උත්සහයන් දැරුවද, දැවැන්ත හස්ති රාජයා ගොඩ ගැනීම කෙසේවත් කළ නොහැකි විය. ඇතු කුංච නාද කරමින්, මඩේම එරී සිටියේ ය.
කළ හැකි කිසිවක් නොවූ තැන, කොසොල් රජුට තමාගේ මහා කළණ මිතුරාණන් වූ තථාගත බුදු හිමියන් පිළිබඳ සිහිවිය. නිසැකව මෙම ප්රශ්නය විසඳන මගක් බුදු හිමියන් පවසනු ඇතැයි යන දැඩි විශ්වාසයෙන්, කොසොල් රජු බුදු හිමියන් කරා ගොස්. වැඳ එකත්පස්ව හිඳ, තමාගේ ගැටළුව ඉදිරිපත් කළේ ය. සියල්ල අනාවරණ නුවණින් දත් තථාගත බුදු පියාණන් වහන්සේ, ඇතා මඩෙන් ගොඩ ගනු පිණිස කළ යුතු දේ කොසොල් රජුට පෙන්වා දුන්හ.
ඒ අනුව නැවත ඇතු කරා ගිය කොසොල් රජු, රාජ අංගනය පුරා සියක් රණ බෙර කරුවන් රැස් කර, යුද නළා හඬවා, මහා රණ ඝෝෂාවක් පවත්වන ලෙස, අණ කර සිටියේ ය. රජුගේ අණ අනුවම සියල්ල ක්‍රියාත්මක විය. මොහොතකින් රාජ අංගනය ගිගුම් දෙවමින් මහ රණ ඝෝෂාවක් ඇසෙන්නට විය. එතෙක් වේලා, මඩේ අලසව නිද්‍රෝපගතව එරී සීටි, යුධකාමි, මහා තේජවන්ත, ජවසම්පන්න කෝසල හස්ති රාජයා, මහා කුංච නාද පාමින්, කිසිවෙකුගේ සහයක් නොමැතිවම, තමන් එරී සිටී මඩට නින්දා කරමින්, අසුරක් ගසන සැණින්, මඩ ඉක්මවා ගොඩ දෙසටම දිව එන්නට විය. රජු ඇතුළු පිරිස ප්‍රීති ගෝෂා පවත්වන්නට වූහ.
යුධකාමි කෝසල හස්ති රාජයා මඩෙන් ගොඩට ගැනීමට, ඇති හොඳම උපාය, රණ බෙර හැඬවීම බව, තථාගත බුදු පියාණන් වහන්සේගෙන් කොසොල් රජුට ලැබුණු උපදේශයයි. මෙම සිදුවීම නිසා, මුළු සැවැත්නුවර පුරාම, බුදු හිමියන්ගේ උපදේශය අනුව කටයුතු කොට කෝසල හස්ති රාජයා මඩෙන් ගොඩ ගත් පුවත, ලැව් ගින්නක් සේ පැතිර ගියේ ය. බොහෝ දෙනා ඒ අපූරු පුවත ගැන විස්මයෙන් කතා බහ කළහ. එම පුවත එදින සැවත් නුවර, ජේතවනාරාමයේ භික්ෂූන් වහන්සේලා අතරද, වැදගත් මාතෘකාවක් වූහ. සියලු දෙනාගේ අවධානයට ලක් වූ කෝසල හස්ති රාජය පිළිබඳ පුවත, හුදු සිදුවීමකට පමණක් සීමා නොවන බව, තථාගත බුදු නුවණට ගෝචර වූහ.
එදින සැඳෑ භාගයේ සුපුරුදු පරිදි, දම් සභා මණ්ඩපය වෙත වැඩම කළ තථාගත බුදු පියාණන් වහන්සේ, තමන් වහන්සේ වැඩම කරන්නට පෙර ශ්‍රාවකයන් වහන්සේ වහන්සේලාට විෂය වුණේ කිනම් කතාවක්දැයි විමසා සිටියහ. එවිට, ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වැඩම කරන්නට පෙර, අප සාකච්චා කරමින් සිටියේ, අද මඩෙන් ගොඩ ගත නොහුණු කෝසල හස්ති රාජයා, ඔබ වහන්සේගේ උපදෙස් නිසා, පහසුවෙන් ගොඩ ගත් පුවත පිළිබඳයි. එය බොහෝ දෙනා විමතියට පත් කළ සිදුවීමක් ස්වාමිනි.....
මහණ, එම පුවත තුළ ඔබ නොදකින තවත් කරුණක් පවතිනවා. එම කරුණ දැකීමයි වඩා වැදගත්.
ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, අපට අනුකම්පාවෙන් එම කරුණ පෙන්වා දෙන සේක්වා........
ශ්‍රාවකයන් වහන්සේලාට නිවන් දහම දෙසන්නට සුදුසු අවස්ථාව එළැඹි බව දුටු තථාගතයන් වහන්සේ, එදින කාගෙත් මාතෘකාව වූ කෝසල හස්ති රාජයා පිළිබඳ සිදුවීම ම උපමාවට ගෙන, ලෝකයා එතෙක් නොදුටු ලොව්තුරු සත්‍යය පහදා දෙමින්, ධර්ම දේශනා සිදු කළහ.
මහණ, මහරජු රණ බෙර වයා, රණ ඝෝෂා පවත්වද්දි, කරවටක් මඩේ එරී සිටිය කොසොල් ඇතු, තමාගේ ජවය අවදි කොට, දැඩි අධිෂ්ඨානයෙන්, අපසුබට වීර්යයෙන්, අප්‍රමාදීව, තමා එරී උන් මඩමට නින්දා කරමින්,. කුංච නාද පවත්වමින්, ගොඩ දෙසටම දිවා ආයේ යම් සේද, එසේම නුවණැති සත්වයෝද, මිනිස් ලොව මුල් කොට, තිස් එක් තලය මුළුල්ලේ රැව්දෙන සේ, තථාගතයන් වහන්සේ දහම් රණ බෙර වයද්දි, දහම් ඝෝෂා පවත්වද්දි, තමන් කරවටක් එරී සිටින කෙළෙස් නම් මඩටම නින්දා කොට, ආර්ය සීහ කුංචනාද පවත්වමින්, නිර්වාණය නම් වූ ගොඩ දෙසටම දිව ආ යුතු ....... ඊටම අප්‍රමාද විය යුතු .........ඊටම වෑයම් කළ යුතු ...... යනාදි වශයෙන්, කොසොල් හස්ති රාජයාගේ සිදුවීම උපමාවට ගෙන, තථාගත බුදු පියාණන් වහන්සේ එදින ශ්‍රාවක භික්ෂූන් වහන්සේලා ඇතුළු සැවත්නුවර වැසියන්ට, නිවනේ අගයම පෙන්වා දෙමින් ලොව්තු දහම් දේශනා කළහ. බණ ඇසු බොහෝ දෙනා, උතුම් මඟඵල ලබා, නිවනින් සැනසුණෝ ය.
මේ ද, නැවතත් මේ දම්දිව උතුම් දහම් රණ බෙර වැයෙන කාලයයි. දහම් ඝෝෂා රැව් නැගෙන කාලයයි. වීර්යය ගෙන, අප්‍රමාදීව අප සියලු දෙනා කෙළෙස් මඩෙන් මීදි යාමටම වෑයම් කළ යුතු කාලයයි...
සියලුම ධර්ම සාකච්ඡා සදහා පිවිසෙන්න,
YouTube : https://www.youtube.com/watch?v=Fsn0KOVyKqk&list=PLCwAkX1DFpzKWF0qBnxDDwFMvHx8zRomw
Web Site : http://www.nirapekshathwayemaga.com/
Facebook Page: https://www.facebook.com/Nirapekshathwayemaga
Source

Last edited:

+10