මේ නැවතත් මේ දම්දිව උතුම් දහම් රණ බෙර වැයෙ&#35

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    නැවතත් මේ දම්දිව දහම් රණ බෙර වැයෙන කාලයයි

    17757427_458332827851285_3986844952842813299_n.jpg

    දිනක්, කොසොල් මහ රජුගේ මංගල හස්ති රාජයා, කිසියම් කාර්යයක් අතරතුර, කරවටක් ගැඹුරු මඩේ එරී ගියේ ය.
    යුද්ධයේදී පවා පෙරමුණ ගන්නා, ජවසම්පන්න, මහත් කාය බල ඇති ඇතෙකු වුවත්, කරවටක් මඩේ එරුණු තැන අසරණ විය.
    හස්ති රාජයා, මඩෙන් ගොඩ ගනු පිණිස, කොසොල් මහරජු නානාවිධ උත්සහයන්හී නිරත විය. තවත් ශක්ති සම්පන්න ඇතුන් කිහිප දෙනෙකු යොදවා, ශක්ති සම්පන්න මිනිසුන් යොදවා, කොතරම් උත්සහයන් දැරුවද, දැවැන්ත හස්ති රාජයා ගොඩ ගැනීම කෙසේවත් කළ නොහැකි විය. ඇතු කුංච නාද කරමින්, මඩේම එරී සිටියේ ය.
    කළ හැකි කිසිවක් නොවූ තැන, කොසොල් රජුට තමාගේ මහා කළණ මිතුරාණන් වූ තථාගත බුදු හිමියන් පිළිබඳ සිහිවිය. නිසැකව මෙම ප්‍රශ්නය විසඳන මගක් බුදු හිමියන් පවසනු ඇතැයි යන දැඩි විශ්වාසයෙන්, කොසොල් රජු බුදු හිමියන් කරා ගොස්. වැඳ එකත්පස්ව හිඳ, තමාගේ ගැටළුව ඉදිරිපත් කළේ ය. සියල්ල අනාවරණ නුවණින් දත් තථාගත බුදු පියාණන් වහන්සේ, ඇතා මඩෙන් ගොඩ ගනු පිණිස කළ යුතු දේ කොසොල් රජුට පෙන්වා දුන්හ.
    ඒ අනුව නැවත ඇතු කරා ගිය කොසොල් රජු, රාජ අංගනය පුරා සියක් රණ බෙර කරුවන් රැස් කර, යුද නළා හඬවා, මහා රණ ඝෝෂාවක් පවත්වන ලෙස, අණ කර සිටියේ ය. රජුගේ අණ අනුවම සියල්ල ක්‍රියාත්මක විය. මොහොතකින් රාජ අංගනය ගිගුම් දෙවමින් මහ රණ ඝෝෂාවක් ඇසෙන්නට විය. එතෙක් වේලා, මඩේ අලසව නිද්‍රෝපගතව එරී සීටි, යුධකාමි, මහා තේජවන්ත, ජවසම්පන්න කෝසල හස්ති රාජයා, මහා කුංච නාද පාමින්, කිසිවෙකුගේ සහයක් නොමැතිවම, තමන් එරී සිටී මඩට නින්දා කරමින්, අසුරක් ගසන සැණින්, මඩ ඉක්මවා ගොඩ දෙසටම දිව එන්නට විය. රජු ඇතුළු පිරිස ප්‍රීති ගෝෂා පවත්වන්නට වූහ.
    යුධකාමි කෝසල හස්ති රාජයා මඩෙන් ගොඩට ගැනීමට, ඇති හොඳම උපාය, රණ බෙර හැඬවීම බව, තථාගත බුදු පියාණන් වහන්සේගෙන් කොසොල් රජුට ලැබුණු උපදේශයයි. මෙම සිදුවීම නිසා, මුළු සැවැත්නුවර පුරාම, බුදු හිමියන්ගේ උපදේශය අනුව කටයුතු කොට කෝසල හස්ති රාජයා මඩෙන් ගොඩ ගත් පුවත, ලැව් ගින්නක් සේ පැතිර ගියේ ය. බොහෝ දෙනා ඒ අපූරු පුවත ගැන විස්මයෙන් කතා බහ කළහ. එම පුවත එදින සැවත් නුවර, ජේතවනාරාමයේ භික්ෂූන් වහන්සේලා අතරද, වැදගත් මාතෘකාවක් වූහ. සියලු දෙනාගේ අවධානයට ලක් වූ කෝසල හස්ති රාජය පිළිබඳ පුවත, හුදු සිදුවීමකට පමණක් සීමා නොවන බව, තථාගත බුදු නුවණට ගෝචර වූහ.
    එදින සැඳෑ භාගයේ සුපුරුදු පරිදි, දම් සභා මණ්ඩපය වෙත වැඩම කළ තථාගත බුදු පියාණන් වහන්සේ, තමන් වහන්සේ වැඩම කරන්නට පෙර ශ්‍රාවකයන් වහන්සේ වහන්සේලාට විෂය වුණේ කිනම් කතාවක්දැයි විමසා සිටියහ. එවිට, ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වැඩම කරන්නට පෙර, අප සාකච්චා කරමින් සිටියේ, අද මඩෙන් ගොඩ ගත නොහුණු කෝසල හස්ති රාජයා, ඔබ වහන්සේගේ උපදෙස් නිසා, පහසුවෙන් ගොඩ ගත් පුවත පිළිබඳයි. එය බොහෝ දෙනා විමතියට පත් කළ සිදුවීමක් ස්වාමිනි.....
    මහණ, එම පුවත තුළ ඔබ නොදකින තවත් කරුණක් පවතිනවා. එම කරුණ දැකීමයි වඩා වැදගත්.
    ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, අපට අනුකම්පාවෙන් එම කරුණ පෙන්වා දෙන සේක්වා........
    ශ්‍රාවකයන් වහන්සේලාට නිවන් දහම දෙසන්නට සුදුසු අවස්ථාව එළැඹි බව දුටු තථාගතයන් වහන්සේ, එදින කාගෙත් මාතෘකාව වූ කෝසල හස්ති රාජයා පිළිබඳ සිදුවීම ම උපමාවට ගෙන, ලෝකයා එතෙක් නොදුටු ලොව්තුරු සත්‍යය පහදා දෙමින්, ධර්ම දේශනා සිදු කළහ.
    මහණ, මහරජු රණ බෙර වයා, රණ ඝෝෂා පවත්වද්දි, කරවටක් මඩේ එරී සිටිය කොසොල් ඇතු, තමාගේ ජවය අවදි කොට, දැඩි අධිෂ්ඨානයෙන්, අපසුබට වීර්යයෙන්, අප්‍රමාදීව, තමා එරී උන් මඩමට නින්දා කරමින්,. කුංච නාද පවත්වමින්, ගොඩ දෙසටම දිවා ආයේ යම් සේද, එසේම නුවණැති සත්වයෝද, මිනිස් ලොව මුල් කොට, තිස් එක් තලය මුළුල්ලේ රැව්දෙන සේ, තථාගතයන් වහන්සේ දහම් රණ බෙර වයද්දි, දහම් ඝෝෂා පවත්වද්දි, තමන් කරවටක් එරී සිටින කෙළෙස් නම් මඩටම නින්දා කොට, ආර්ය සීහ කුංචනාද පවත්වමින්, නිර්වාණය නම් වූ ගොඩ දෙසටම දිව ආ යුතු ....... ඊටම අප්‍රමාද විය යුතු .........ඊටම වෑයම් කළ යුතු ...... යනාදි වශයෙන්, කොසොල් හස්ති රාජයාගේ සිදුවීම උපමාවට ගෙන, තථාගත බුදු පියාණන් වහන්සේ එදින ශ්‍රාවක භික්ෂූන් වහන්සේලා ඇතුළු සැවත්නුවර වැසියන්ට, නිවනේ අගයම පෙන්වා දෙමින් ලොව්තු දහම් දේශනා කළහ. බණ ඇසු බොහෝ දෙනා, උතුම් මඟඵල ලබා, නිවනින් සැනසුණෝ ය.
    මේ ද, නැවතත් මේ දම්දිව උතුම් දහම් රණ බෙර වැයෙන කාලයයි. දහම් ඝෝෂා රැව් නැගෙන කාලයයි. වීර්යය ගෙන, අප්‍රමාදීව අප සියලු දෙනා කෙළෙස් මඩෙන් මීදි යාමටම වෑයම් කළ යුතු කාලයයි...

    සියලුම ධර්ම සාකච්ඡා සදහා පිවිසෙන්න,
    YouTube : https://www.youtube.com/watch?v=Fsn0KOVyKqk&list=PLCwAkX1DFpzKWF0qBnxDDwFMvHx8zRomw
    Web Site : http://www.nirapekshathwayemaga.com/
    Facebook Page: https://www.facebook.com/Nirapekshathwayemaga
    Source
     
    Last edited:

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    චක්ඛුං උදපාදී
    ඥාණං උදපාදී
    ප්‍රඥා උදපාදී
    විද්‍යා උදපාදී

    ආලෝකෝ උදපාදී
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    17757427_458332827851285_3986844952842813299_n.jpg

    මේ ද, නැවතත් මේ දම්දිව උතුම් දහම් රණ බෙර වැයෙන කාලයයි. දහම් ඝෝෂා රැව් නැගෙන කාලයයි. වීර්යය ගෙන, අප්‍රමාදීව අප සියලු දෙනා කෙළෙස් මඩෙන් මීදි යාමටම වෑයම් කළ යුතු කාලයයි...

    මටත් එහෙම හිතෙනව. දැන් ඉස්සරට වඩා බුදු දහමේ හැසිරනෙ පිරිස වැඩියි ලංකාවෙ
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    17757427_458332827851285_3986844952842813299_n.jpg

    මේ ද, නැවතත් මේ දම්දිව උතුම් දහම් රණ බෙර වැයෙන කාලයයි. දහම් ඝෝෂා රැව් නැගෙන කාලයයි. වීර්යය ගෙන, අප්‍රමාදීව අප සියලු දෙනා කෙළෙස් මඩෙන් මීදි යාමටම වෑයම් කළ යුතු කාලයයි...

    මටත් එහෙම හිතෙනව. දැන් ඉස්සරට වඩා බුදු දහමේ හැසිරනෙ පිරිස වැඩියි ලංකාවෙ
    :)
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ඉන්දියන් ටෙලි, මොඩ සිහලු, රට බොරු, හින්දු නාඩගම්

    සම්මා සම්බුදු සරණයි
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ඇත්තටම ඇයි අපි නිවන් දකින්නට ඕනෙ? අපි උප්පත්තියෙන් බෞද්ධයන් නිසාද ? එහෙම නැත්නම් තතාගතයන් වහන්සේ යම් දර්ශනයක් දේශනා කරපු නිසාද? මෙම නිවන් සුවය මැරුනට පස්සෙ ලැබෙන සුවයක්ද? ඇයි මේ වර්තමානයේ බෞද්ධ තරුණ තරුණියන් වැඩිහිටියන් මේ තරම් මේ උද්යෝගයෙන් මේ නිවන් මාර්ගය ගැන හොයන්නෙ . මේ සියලුම ප්‍රශ්න වලට හේතුව හොයාගත්ත උත්තමයන් දැන් මේ ලක්දෙරනේ බිහි වී හමාරයි . මැරෙන්නට පෙර විදිය හැකි අසීමිත නිවෙන සුවයක් ,ආශ්වාදයත් ආශ්වාදයත් නිස්සරණයත් අවබෝධය තුලින් ලැබෙන බව දැන් ප්‍රායෝගිකව දහස් ගනන් පින්වතුන් තහවුරු කර හමාරයි . අප හා රැදෙන්න සත්‍ය ගවේෂණය කරන්න.තෙරුවන් සරනයි .නිවනම වෙත්වා .

    https://www.facebook.com/DhammaTalksTheEndOfSuffering/posts/1011483522321864
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    17757427_458332827851285_3986844952842813299_n.jpg

    දිනක්, කොසොල් මහ රජුගේ මංගල හස්ති රාජයා, කිසියම් කාර්යයක් අතරතුර, කරවටක් ගැඹුරු මඩේ එරී ගියේ ය.
    යුද්ධයේදී පවා පෙරමුණ ගන්නා, ජවසම්පන්න, මහත් කාය බල ඇති ඇතෙකු වුවත්, කරවටක් මඩේ එරුණු තැන අසරණ විය.
    හස්ති රාජයා, මඩෙන් ගොඩ ගනු පිණිස, කොසොල් මහරජු නානාවිධ උත්සහයන්හී නිරත විය. තවත් ශක්ති සම්පන්න ඇතුන් කිහිප දෙනෙකු යොදවා, ශක්ති සම්පන්න මිනිසුන් යොදවා, කොතරම් උත්සහයන් දැරුවද, දැවැන්ත හස්ති රාජයා ගොඩ ගැනීම කෙසේවත් කළ නොහැකි විය. ඇතු කුංච නාද කරමින්, මඩේම එරී සිටියේ ය.
    කළ හැකි කිසිවක් නොවූ තැන, කොසොල් රජුට තමාගේ මහා කළණ මිතුරාණන් වූ තථාගත බුදු හිමියන් පිළිබඳ සිහිවිය. නිසැකව මෙම ප්‍රශ්නය විසඳන මගක් බුදු හිමියන් පවසනු ඇතැයි යන දැඩි විශ්වාසයෙන්, කොසොල් රජු බුදු හිමියන් කරා ගොස්. වැඳ එකත්පස්ව හිඳ, තමාගේ ගැටළුව ඉදිරිපත් කළේ ය. සියල්ල අනාවරණ නුවණින් දත් තථාගත බුදු පියාණන් වහන්සේ, ඇතා මඩෙන් ගොඩ ගනු පිණිස කළ යුතු දේ කොසොල් රජුට පෙන්වා දුන්හ.
    ඒ අනුව නැවත ඇතු කරා ගිය කොසොල් රජු, රාජ අංගනය පුරා සියක් රණ බෙර කරුවන් රැස් කර, යුද නළා හඬවා, මහා රණ ඝෝෂාවක් පවත්වන ලෙස, අණ කර සිටියේ ය. රජුගේ අණ අනුවම සියල්ල ක්‍රියාත්මක විය. මොහොතකින් රාජ අංගනය ගිගුම් දෙවමින් මහ රණ ඝෝෂාවක් ඇසෙන්නට විය. එතෙක් වේලා, මඩේ අලසව නිද්‍රෝපගතව එරී සීටි, යුධකාමි, මහා තේජවන්ත, ජවසම්පන්න කෝසල හස්ති රාජයා, මහා කුංච නාද පාමින්, කිසිවෙකුගේ සහයක් නොමැතිවම, තමන් එරී සිටී මඩට නින්දා කරමින්, අසුරක් ගසන සැණින්, මඩ ඉක්මවා ගොඩ දෙසටම දිව එන්නට විය. රජු ඇතුළු පිරිස ප්‍රීති ගෝෂා පවත්වන්නට වූහ.
    යුධකාමි කෝසල හස්ති රාජයා මඩෙන් ගොඩට ගැනීමට, ඇති හොඳම උපාය, රණ බෙර හැඬවීම බව, තථාගත බුදු පියාණන් වහන්සේගෙන් කොසොල් රජුට ලැබුණු උපදේශයයි. මෙම සිදුවීම නිසා, මුළු සැවැත්නුවර පුරාම, බුදු හිමියන්ගේ උපදේශය අනුව කටයුතු කොට කෝසල හස්ති රාජයා මඩෙන් ගොඩ ගත් පුවත, ලැව් ගින්නක් සේ පැතිර ගියේ ය. බොහෝ දෙනා ඒ අපූරු පුවත ගැන විස්මයෙන් කතා බහ කළහ. එම පුවත එදින සැවත් නුවර, ජේතවනාරාමයේ භික්ෂූන් වහන්සේලා අතරද, වැදගත් මාතෘකාවක් වූහ. සියලු දෙනාගේ අවධානයට ලක් වූ කෝසල හස්ති රාජය පිළිබඳ පුවත, හුදු සිදුවීමකට පමණක් සීමා නොවන බව, තථාගත බුදු නුවණට ගෝචර වූහ.
    එදින සැඳෑ භාගයේ සුපුරුදු පරිදි, දම් සභා මණ්ඩපය වෙත වැඩම කළ තථාගත බුදු පියාණන් වහන්සේ, තමන් වහන්සේ වැඩම කරන්නට පෙර ශ්‍රාවකයන් වහන්සේ වහන්සේලාට විෂය වුණේ කිනම් කතාවක්දැයි විමසා සිටියහ. එවිට, ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වැඩම කරන්නට පෙර, අප සාකච්චා කරමින් සිටියේ, අද මඩෙන් ගොඩ ගත නොහුණු කෝසල හස්ති රාජයා, ඔබ වහන්සේගේ උපදෙස් නිසා, පහසුවෙන් ගොඩ ගත් පුවත පිළිබඳයි. එය බොහෝ දෙනා විමතියට පත් කළ සිදුවීමක් ස්වාමිනි.....
    මහණ, එම පුවත තුළ ඔබ නොදකින තවත් කරුණක් පවතිනවා. එම කරුණ දැකීමයි වඩා වැදගත්.
    ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, අපට අනුකම්පාවෙන් එම කරුණ පෙන්වා දෙන සේක්වා........
    ශ්‍රාවකයන් වහන්සේලාට නිවන් දහම දෙසන්නට සුදුසු අවස්ථාව එළැඹි බව දුටු තථාගතයන් වහන්සේ, එදින කාගෙත් මාතෘකාව වූ කෝසල හස්ති රාජයා පිළිබඳ සිදුවීම ම උපමාවට ගෙන, ලෝකයා එතෙක් නොදුටු ලොව්තුරු සත්‍යය පහදා දෙමින්, ධර්ම දේශනා සිදු කළහ.
    මහණ, මහරජු රණ බෙර වයා, රණ ඝෝෂා පවත්වද්දි, කරවටක් මඩේ එරී සිටිය කොසොල් ඇතු, තමාගේ ජවය අවදි කොට, දැඩි අධිෂ්ඨානයෙන්, අපසුබට වීර්යයෙන්, අප්‍රමාදීව, තමා එරී උන් මඩමට නින්දා කරමින්,. කුංච නාද පවත්වමින්, ගොඩ දෙසටම දිවා ආයේ යම් සේද, එසේම නුවණැති සත්වයෝද, මිනිස් ලොව මුල් කොට, තිස් එක් තලය මුළුල්ලේ රැව්දෙන සේ, තථාගතයන් වහන්සේ දහම් රණ බෙර වයද්දි, දහම් ඝෝෂා පවත්වද්දි, තමන් කරවටක් එරී සිටින කෙළෙස් නම් මඩටම නින්දා කොට, ආර්ය සීහ කුංචනාද පවත්වමින්, නිර්වාණය නම් වූ ගොඩ දෙසටම දිව ආ යුතු ....... ඊටම අප්‍රමාද විය යුතු .........ඊටම වෑයම් කළ යුතු ...... යනාදි වශයෙන්, කොසොල් හස්ති රාජයාගේ සිදුවීම උපමාවට ගෙන, තථාගත බුදු පියාණන් වහන්සේ එදින ශ්‍රාවක භික්ෂූන් වහන්සේලා ඇතුළු සැවත්නුවර වැසියන්ට, නිවනේ අගයම පෙන්වා දෙමින් ලොව්තු දහම් දේශනා කළහ. බණ ඇසු බොහෝ දෙනා, උතුම් මඟඵල ලබා, නිවනින් සැනසුණෝ ය.
    මේ ද, නැවතත් මේ දම්දිව උතුම් දහම් රණ බෙර වැයෙන කාලයයි. දහම් ඝෝෂා රැව් නැගෙන කාලයයි. වීර්යය ගෙන, අප්‍රමාදීව අප සියලු දෙනා කෙළෙස් මඩෙන් මීදි යාමටම වෑයම් කළ යුතු කාලයයි...

    සියලුම ධර්ම සාකච්ඡා සදහා පිවිසෙන්න,
    YouTube : https://www.youtube.com/watch?v=Fsn0KOVyKqk&list=PLCwAkX1DFpzKWF0qBnxDDwFMvHx8zRomw
    Web Site : http://www.nirapekshathwayemaga.com/
    Facebook Page: https://www.facebook.com/Nirapekshathwayemaga
    Source

    වලස්මුල්ලේ අභය හිමි
    http://www.trekmentor.com/si/content/sanga/940

    වලස්මුල්ලේ අභය හිමිගේ දේශනා එකතුවක්
    http://www.trekmentor.org/si/content/savaka/22178

    Skylark
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,567
    8,810
    113
    ලංකාවේ ගොඩක් අය පන්සල් ගියාට බුදු දහම පිළිපදිනවද කියන එක ප්‍රස්නයක්. මම ගොඩක් දැකල තියෙන දේවල් 2ක්, බස් වල කොන්දොස්තරට වැරදිලා වැඩියෙන් සල්ලි දුන්නොත් එක දැකල හිනා වෙලා සාක්කුවට දාගන්නවා, පාරේ සල්ලි වැටිලා තිබ්බොත් කියා උනත් අහුලලා දාගන්නවා.
    අඩුම ගැනේ ඕවගේ එව්වත් කරන්නේ නැතුව ඉන්නවනම් හොදයි.:confused::confused::confused:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ආර්ය සල්ලෙඛය ගැන වලස්මුල්ලේ අභය හිමිගේ බමුණු විස්තර කිරීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1806487

    වලස්මුල්ලේ අභය හිමිගෙන් ආදරයට නව අරුතක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1805845

    නිත්‍ය දේ ගැන ත්‍රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1800141

    වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල
    http://www.elakiri.com/forum/showthread.php?t=1799505

    වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1793843

    අභය හිමිගේ බට සුද්ධය
    http://www.elakiri.com/forum/showthread.php?t=1793694

    වලස්මුල්ලේ අභය හිමි සීලය හොරකමක් සේ දැකීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1793647

    තෙරුවන් ගුණ පටලැවිල්ල - "මම අහපු ඇති දෙයක් නැති බනක් තියෙනවා පල්ලෙහා ලින්ක් එකේ"
    http://www.elakiri.com/forum/showthread.php?t=1788777

    Skylark
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙවට කතා කරලා නිකන් අම්මට බැනුම් අස්සන්න ඔනා නැති නිසා කතා නොකර ඉන්නයි බැලුවේ.. බුද්ද ධර්මයේ වැරැද්දක් නැ. කරුමෙට ඒක ෆලො කරන්නේ දර්මය වල්ගෙන් අල්ලගත්ත මොඩ රැලක්. උන් නිවන් දකින්න සියලු දේ අත් හරින්න ලබන ආත්මේ සුගතියක් ලබන්න, මේ ආත්මේ දුක් විදින මෙලො රහකට නැති සෙට් එකක්. ඊලග ආත්මේවත් මට හොද වෙයිනේ කියලා, මේ ආත්මේ කෙන්දරකාරයගෙන් අපලේ ගෙවෙන්න අරක මේක කර කර කොහෙවත් නැති ග්‍රහා තාරකාවලට ජිවිතේ බාරදීලා කවුරුහරි එකෙක් ඇවිත් නිවන් දක්කනකන් බලන් ඉන්න මාරම ජාතියක්.

    එකග නැත්තම් මට බනින්න, අම්මට නම් බනින්න එපා.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මෙවට කතා කරලා නිකන් අම්මට බැනුම් අස්සන්න ඔනා නැති නිසා කතා නොකර ඉන්නයි බැලුවේ.. බුද්ද ධර්මයේ වැරැද්දක් නැ. කරුමෙට ඒක ෆලො කරන්නේ දර්මය වල්ගෙන් අල්ලගත්ත මොඩ රැලක්. උන් නිවන් දකින්න සියලු දේ අත් හරින්න ලබන ආත්මේ සුගතියක් ලබන්න, මේ ආත්මේ දුක් විදින මෙලො රහකට නැති සෙට් එකක්. ඊලග ආත්මේවත් මට හොද වෙයිනේ කියලා, මේ ආත්මේ කෙන්දරකාරයගෙන් අපලේ ගෙවෙන්න අරක මේක කර කර කොහෙවත් නැති ග්‍රහා තාරකාවලට ජිවිතේ බාරදීලා කවුරුහරි එකෙක් ඇවිත් නිවන් දක්කනකන් බලන් ඉන්න මාරම ජාතියක්.

    එකග නැත්තම් මට බනින්න, අම්මට නම් බනින්න එපා.

    ehema ayath innawa ehema nowena ayath innawa (mama kiyanne man gana newei)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ehema ayath innawa ehema nowena ayath innawa (mama kiyanne man gana newei)
    බහුතරේ එහෙමයි බන්. ඒකයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ.. කිසිම එකෙක් මේ ආත්මේ රටට ජාතියට සේවයක් කරන්න ලැස්ති නැ. රට ජාතිය මතක් වෙන්නේ 60 පැන්නම. ලමාකලේ පුලුවන් තරම් ජාතික දේපල බුක්ති විදිනවා. තරුනකාලේ පුලුවන්තරම් අරගල කරලා ජාතික දේපල වනසලා රැඩිකල් වෙනවා. 40 පැන්නම තමන්ට කියලා රස්සාව උගස් තියලා පාගා ගහනවා. 60 පැන්නම රට ජාතිය ගැන මාර හැගීම. පෙන්ශන් එක අරන් ගෙදර ඉන්න ගමන් මාර ජාතික හැගීම් එන්නේ.. එතකොට තරුන කොල්ලො කෙල්ලොන්ගේ රැඩිකල් අදහස් පේන්න බැ.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,748
    1,592
    113
    Hakata-ku, Fukuoka
    17757427_458332827851285_3986844952842813299_n.jpg

    මේ ද, නැවතත් මේ දම්දිව උතුම් දහම් රණ බෙර වැයෙන කාලයයි. දහම් ඝෝෂා රැව් නැගෙන කාලයයි. වීර්යය ගෙන, අප්‍රමාදීව අප සියලු දෙනා කෙළෙස් මඩෙන් මීදි යාමටම වෑයම් කළ යුතු කාලයයි...

    1987 -1991 මෙවන් කාලයක් නොම ඒවා
     
    Similar threads