මත් කුඩු ලඟ තිබු තරුණයා පොලීසිය ඉදිරිපිට කරගත් විනාශය
පොලීසිය සෝදිසි කිරීමකට සූදානම් වූ අවස්ථාවේ ඉන් බේරීමට වැවට පැන්න තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අදාළ සිදුවීම වාර්තා වන්නේ කුරුණෑගල ප්රදේශයෙනි.
අද (19) උදෑසන කුරුණෑගල වැව ඉවුරේ දිව ආ තරුණයෙකු පිළිබඳව සැකසිතී පොලීසිය ඔහුව සෝදිසි කිරීමට සැරසී තිබේ.
එම අවස්ථාවේ තරුණයා එක්වරම කුරුණෑගල වැවට පැන දියේ ගිලී අතුරුදන්ව ඇත.
පොලිස් ජීවිතාරක්ෂක ඒකකය වැවේ කිමිදී සිදුකළ සෝදිසි කිරීමකදී මියගිය තරුණයාගේ දේහය ගොඩගෙන තිබේ.
අනතුරුව සිදුකළ විමර්ශනවළදී මෙලෙස මියගොස් ඇති තරුණයාගේ අත තුළ රඳවාගෙන සිටි මත් කුඩු බවට සැක පැකට්ටුවක් සොයාගැනීමට පොලීසිය සමත්ව ඇත.
කුරුණෑගල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
https://www.aruna.lk/
මේ සීන් එක නිකම් අවුල් සීන් වගේ නේද මචං....

Last edited: