මේ පාර LLB ලියන අය සෙට් වෙන්න.

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Result enawalu February. Ikmanata lamai gani parakku una nisa

    මේ සීන් එක මොකද උනේ? ඔය පේපර් එක ආයේ තියෙනවද?

    Results denawalu ikmanata. Exm department eken exm cancel karena
    ------ Post added on Dec 18, 2021 at 2:47 PM
     
    • Haha
    Reactions: saja

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    https://www.lifetraveler.lk/2022/07/24/ousl-law-exmae-life-treveler/

    OUSL නීති උපාධි ප්‍රවේශයේ අපේක්ෂකයන්ගෙන් විභාග අක්‍රමිකතාවයක් පිළිබඳව චෝදනා
    By: Isuru Samasundara On: July 24, 2022
    විවෘත විශ්ව විද්‍යාලයීය, ඉකුත් නීති උපාධි ප්‍රවේශ විභාගයේ දී අක්‍රමිකතා රැසක් සිදුව ඇති බවට විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් පවසනවා. ඔවුන් සැක කරන්නේ එහිදී විභාග වංචාවක් ද සිදුව ඇති බවටයි. විවෘත විශ්ව විද්‍යාලය සිය නීති උපාධි පාඨමාලාව සඳහා සිසුන් බඳවා ගැනෙන මෙම තරඟකාරී විභාගයේ දී, පැවැත්වීමේ මෙහෙයුම් කටයුතු සිදු කරන්නේ විභාග දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන්. උත්තර පත්‍ර පරීක්ෂාවෙන් අනතුරුව ප්‍රතිඵල නිකුත් කෙරෙන්නේද එම දෙපාර්තමේන්තුව විසින්. සමන්‍යයෙන් වාර්ෂිකව පැවැත්වෙන මෙම විභාගය මෙවර සම්පූර්ණ කෙරුණේ වසර හතරකට පමණ පසුවයි. 2018 වසරේ සිටම කල් දමමින් සහ කොවිඩ් 19 පැතිරයාම නිසා පැවැත්වීමට නොහැකි වෙමින්, දින වකවානු නියම කරමින්, යළි යළිත් කල් යමින් ඉදිරියට ඇදී ආ විභාගය, 2021 වසරේ දී පැවැත්වීමට විවෘත විශ්ව විද්‍යාලයීය පාලනාධිකාරිය සමත්ව තිබුණා. එලෙස කාලාන්තරයක් තිස්සේ අවිනිශ්චිතතාවයෙන් පීඩාවට සහ පීඩනයට පත්ව සිටි විභාග අපේක්ෂකයන්, විභාගයට මුහුණ දුන්නේ වසරේ මැද භාගයේදී හෝ සරසවි ප්‍රවේශය ලබා ගැනීමේ අරමුණින්. නමුත් අවාසනාවන්ත තත්ත්වය වූයේ විභාගයේ ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය ගැටලුකාරී වීමයි. විභාගයට පෙනී සිටි අය චෝදනා කළේ එම භාෂා ප්‍රශ්න පත්‍රයේ තිබූ ප්‍රශ්න කිහිපයක්ම ඊට පෙර අවසන් වරට පැවැත් වූ විභාග ප්‍රශ්න පත්‍රයේ තිබූ ගැටළු ම බවයි. ආකෘතිය නොව සිදුව තිබුණේ ඇතැම් ගැටළු “ගෙඩි පිටින්” ලබා දීමක් බව ඔවුන් ඉස්මතු කළ කැපී පෙනෙන කරුණක්. රචනා මාතෘකා පවා, කාලීන ඒවා නොව, පෙර පැවති විභාගයේ දී ලබා දුන් මාතෘකාවන්ගෙන් ම සැදුම්ලත් ඒවා බවයි ඔවුන් විභාගය නිමවී පැවසුවේ. එනම් මීට වසර කිහිපයකට පෙර විභාගයකට අදාළ වූ, කාලීනභාවය හීන කරුණු ගැන විමසූ රචනා මාතෘකාවන්. කොවිඩ් 19 හෝ ආර්ථිකය පිළිබඳව මාතෘකාවක් ඇතුළත්ව නොතිබීම සිසුන් විමතියට පත් කළ කරුණක්. මෙවන් තත්ත්වයක් තුළ, විභාගය නිම වූ වහාම, ද්‍රවිඩ ජාතික සන්ධානයේ ශානක්‍යයන් රාසමානික්‍යම් මන්ත්‍රීවරයා මෙම සිද්ධිය පාර්ලිමේන්තුව හමුවේ සභාගත කළා. අයදුම්කරුවන්ගේ ද දැඩි විරෝධතාවයක්ද ඇති වූ අතර මේ සඳහා උනන්දුව දැක් වූ අය සංගම් ගත වී විවෘත විශ්ව විද්‍යාලයීය පාලන අධිකාරිය සමඟ සාකච්ඡාවල නිරත වුණා. විභාග දුර්වලතාවයක් බව පැහැදිලිව පෙනෙන්නට තිබුණු බැවින්, සහ අයදුම්කරුවන් ඒ සම්බන්ධව මතු කළ බරපතළ සැකය මත, ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය පමණක් යළි පැවැත්වීමේ තීරණයකට එළඹීමට විවෘත විශ්ව විද්‍යාලයට සිදුවුණා. එය එක්තරා ආකාරයකට සරසවි ප්‍රවේශ අපේක්ෂකයන් කළ අරගලයක ජයග්‍රහණයක්. කෙසේ වුවත් විභාග දෙපාර්තමේන්තුවේ නොසැලකිලිමත්කම හෝ වෙනත් යම් සැඟවුණ න්‍යාය පත්‍රයක් නිසා, තවදුරටත් ප්‍රවේශ අපේක්ෂකයන්ගේ සිහින ඉටුවීම 2022තෙක් කල්ගියා. උක්ත සිදුවීම්දාමය මත ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය කලකට පසු යළි පැවැත්වූ අතර සමස්ත ප්‍රතිඵල ලබා දීම ද තවදුරටත් පමා වුණා. කෙසේ වුවත් සමස්තයේ ප්‍රතිඵල පිට කෙරුණේ ද අපේක්ෂකයන්ගේ සැකසංකා අවුස්සනසුළු ආකාරයෙන්. ප්‍රතිඵල ලබා දීමේ, නිල වෙබ් අඩවිය සම්බන්ධව සහ නිකුත් කරන ආකෘතිය පිළිබඳව විවෘත විශ්ව විද්‍යාලයත්, විභාග දෙපාර්තමේන්තුවත් අතර නිසි සන්නිවේදනයක් තිබූ බව දක්නට තිබී නැහැ. ප්‍රශ්න පත්‍රවල ලකුණු මට්ටම් පෙන්නුම් කර නොතිබීම පමණක් නොව සිසුන්⁣ගේ ලකුණු පවා ⁣ප්‍රදර්ශනය නොකෙරුණු තත්ත්වයක් මත අපේක්ෂකයන් පත්ව තිබුණේ බලවත් අසහනයක⁣ට. කඩඉම් ලකුණුද මුල් අවස්ථාවේ දන්වා තිබී නැහැ. නමුත් සිසුන් සරසවියට බඳවා ගැනීමේ දිනවකවානු පවා ප්‍රසිද්ධ කිරීමක් මේ අතරවාරයේ සිදුව තිබෙනවා. කඩිමුඩියේ සිදුවන මේ ක්‍රියාදාමය පිළිබඳව සිසුන් බලන්නේ බලවත් සැකයෙන්. ඒ අතර අධ්‍යාපනික ආයතනයකට සම්බන්ධ වෙබ් අඩවියකින් “සමත් සිසුන්ගේ” යැයි පැවසුණු ලයිස්තුවක් පිටවුණා. ඒ සමඟ සිසුන් කෝපයට පත් වුණේ, ලකුණු පවා සිසුන්ට දන්වා නොමැති වටපිටාවක් තුළ මෙවන් ලයිස්තුවක් විභාග දෙපාර්මේන්තුවට පරිබාහිර ස්ථානයකින් පිට වන්නේ කෙසේදයන වග විමසමින්. විභාග දෙපාර්තමේන්තුව සහ විවෘත විශ්වවිද්‍යාලය, පසුව සිසුන්ගේ ලකුණු සහ කඩඉම් ලකුණු ලබාදීමක් සිදු කළා. කෙසේ නමුත් මේ වන විට බරපතළ විභාග අක්‍රමිකතාවයක් පිළිබඳව විභාග අපේක්ෂකයන් බලධාරීන් ව ප්‍රශ්න කරමින් පවතිනවා. -the life traveler
    ------ Post added on Aug 12, 2022 at 3:26 PM