මේ පොඩි වැඩේට ඔච්චර ගානක්

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    1605765132387.png



    කස්ටමර් කෙනෙක් ඇවිත් ඇහුවා හෑන්ඩ් බිල් එකක් හදන්න කීයක් ගන්නවද කියල...
    මං කිව්වා 1500 ඉදන් වගේ හදලා දෙන්න පුළුවන් කියල.....
    කස්ටමර් - මේ පොඩි හෑන්ඩ්බිල් එකක් හදන්න එච්චර ගන්නවද
    🤓

    මම - එහෙනම් ඔයාගේ ගාන කියලා ඉන්නකො
    😌

    කස්ටමර් - වැඩිම උනොත් 500 ක් ගන්න මල්ලි, පොඩි වැඩක්නෙ
    🤨

    මම කිව්වා '' අපරාදේ මට 500 ක් මට දෙන වෙලාවේ ඒ වැඩේ ඔයාටම කරගන්න පුළුන් නේ'' කියල
    කස්ටමර් - '' ඒත් මං ඔය කම්පියුටර් වැඩ දන්නැනේ මල්ලි''
    මම - හරි 500 ක් මට දෙන්න. මං උගන්නන්නම්, ඔයාට 1000ක් ම ඉතිරි වෙනවනේ අයියේ, ඊලග පාර ඕන උනාම ඔයාට තනියම හදාගන්න පුළුවන්
    කස්ටමර් - 'ම්...ඒක නම් හොද අදහස මල්ලි'
    මම - හැබැයි අයියෙ තවදෙයක් මම ඔයාට උගන්වන්නම්, ඊට කලින් ඔයා සොෆ්ට්වෙයා ටික හොයලා දාගෙන කම්පියුටර් එකක්, තව ප්‍රින්ටර් එකක් එහෙම ලෑස්ති කරගන්න ඕනේ
    කස්ටමර් - " ඇ.....මල්ලි මං කොහොමද ඉතිං මේ හදිස්සියේ ඕවා හොයා ගන්නෙ....අනික මේ එක හෑන්ඩ් බිලක් හදාගන්න වැඩේට විතරක් කම්පියුටර් එකක් අරගන්න පුළුවන් යැ?"
    මම - " හරි....මට තව 300 ක් දෙන්න, මං මගේ කම්පියුටර් එක දෙන්නම් අයියට එක දවසකට...වැඩේ කරගෙන දෙන්න
    කස්ටමර් - "හරි මල්ලි...ඒක හොදයි,
    මම - අයිය සදුදා උදේ වරුවේ එන්න, දෙන්න පුළුවන් කම්පියුටර් එක...මං එදාට free.
    කස්ටමර් - අපො මල්ලි...සදුදා මං වැඩට යන්න එපැයි....මට ඉරිදා විතරයි පුළුවන්
    මම - එහෙනම් කරන්න දෙයක් නැ අයියෙ...අනිත් දවස් වලට කරන්න මට වැඩ වගයක් ඇවිල්ලා තියෙන්නෙ
    කස්ටමර් - ඒකත් එහෙමද? ඒ කියන්නෙ එහෙනම් ඉතිං මට මේකටම නිවාඩුවක් දාන්න වෙනව, වැඩේ කරගන්න
    මම - අනික අයියෙ මේ වැඩේ ඔයාම කරන්න යද්දි තව තව පොඩි වියදම් ටිකකුත් යනව
    😁

    කස්ටමර් - මොකක්....ඒ මොනවද?
    🤔

    මම - ඇයි අයියෙ කරන්ට් බිල්??? තව කඩදාසි, තීන්ත වලට එහෙම
    😅

    😌
    🥺
    🧐

    " ආපෝ මල්ලි...මේ පොඩි වැඩේ කරගන්න මම මගේ කාලයයි සල්ලීයි දෙකම නාස්ති කරගන්න එපැයි....මේ වැඩේට ඕන දේවල් ඔයාටම තියෙන එකේ ඔයාට පුළුවන් නේද මල්ලි මට මේ වැඩේ කරලා දෙන්න?.....මම ම කරගන්න ගියා නම් මේක කෙරන්නෙ නැ මල්ලි.....1500 ක් දීලා ඔයාටම කියල හදාගන්න ඒක ලේසී"
    -------------------------------------------------------------------
    විශේෂයෙන් නිර්මාණාත්මක කටයුත්තකදි ඔයාලා මේ මුදල් වියදම් කරන්නෙ නිකන්ම නිකං කොලකෑල්ලකට විතරක් ම නෙමි, අදාල වැඩේ ගැන designer ට තියෙන,
    දැනුමට
    අත්දැකීම් වලට
    එයා මහන්සිවෙලා ඉගෙනගත්ත දේවල් වලට,
    කැප කරන වේලාවට,
    ලබා දෙන සේවයට,
    අදාල වැඩේට පාවිච්චි වෙන උපකරණ වලට,
    අදාල දවසට අදාල වෙලාවට වැඩෙ කරල දෙනවට,
    කාර්්‍යක්ෂමතාවයට,
    ඔහුගේ කැපවීමට,
    ඒ වගේම වගකීමක් අරගෙන හරියට වැඩේ කරනවට.
    කාටවත්ම බැ designer කෙනෙක් කරන සේවාව දිහා ඔහේ නිකං බලලා ඒක ගණන් අඩුවෙන් ගන්න ඕන වැඩක්ද නැද්ද කියන එක කලින්ම තීරණය කරන්න. මොකද client කෙනෙක් විදියට ඔයා දකින ගානට වඩා වැඩි ගාණක් අනිවාර්යෙන්ම වියදම් වෙනව මේ කරන Designing වැඩකදි.
    මේක මම ලිව්ව දෙයක් නෙමි, ඒත් මං මේක share කරනව, designer ලාට වගේම අනික් creative වැඩ කරන හැම කෙනාටම support එකක් විදියට.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Uba machan hand bill hadana welawe pothak liyapan ☺️☺️☺️ man anura kumarage kathawakata passe kiyawapu diga a kathawa ☺️☺️☺️
     
    • Haha
    Reactions: krizta

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මිනිස්සු ඒ උනාට ලක්ෂ ගානක් වියදම් කරලා යන්තර, ගුරුකම් එහෙම කරනවා නේද, ඒවායේ ගාන වැඩියි වගේ කතා මොනාත් නොකියා. පෙළක් වෙලාවට ලක්ෂ ගානක් දීලා දාන යන්තරේ (සුරය) අනික් අයට පෙන්නන්නේ ආඩම්බරෙන්, මම මෙච්චර ගානක් දීලා මේක දාගත්තේ වගේ (උබලට කොහෙන්ද මේවා-වලතර ස්ටයිල්).
     
    • Haha
    Reactions: Heshan Daminda

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,562
    4,059
    113
    Unkown
    x.com
    කස්ටමර් - "වෙන තැන්වල 500ට කරනවනෙ මල්ලී" - mehema kiwwoth?:oo:

    fb post eka share karapn puluwannm, comments wala athi answer eka.
     
    Last edited:
    • Haha
    Reactions: krizta and kolavari