>මේ පොත් තියෙනවද ?

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔය පොත් හොයාගන්න ලොකු උවමනාවක් තියේනන් කරන්න තියෙන්නේ ඩීමන් ආනන්ද මහත්තයගේ ලඟම ඥාතියෙක්ව කන්ටැක්ට් කරගන්න එක..එහෙම නැත්තන් ඔය පොත් පබ්ලිශ් කරපු ආයතන වලට ගිහින් හොයලා බලන එක..එයාලා ගාව අනිවාර්යෙන්ම ඇති..:)
 
DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    දැනට ලංකාවේ ඉන්නෙ ඩීමන් ආනන්ද මහත්තයගෙ දුව විතරයි. ඇය ලඟ තියෙන්නේ පොත් 100 වගේ එකතුවක්.. ඒකත් බොහොම අමාරුවෙන් හොයාගෙන තියෙන්නේ.. හේතුව 2002 අවුරුද්දේ ඔවුන්ගේ නිවසට ගංවතුරක් නිසා මේ පොත් වල මුල් පිටපත් ඔක්කොම වගේ විනාස වෙලා තියෙනවා.. අන්තිමට ආනන්ද මහත්මයා ලඟත් පොත් තිබිල නෑ..:)
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    11169952_10205453575811043_9213951439998728336_n.jpg

    janakaparakkuwa

    Active member
  • ඩීමන් අනන්ද පොත් 1002ක් ලිවුව නෙද? මට මතක විදිහට ටික කාලයක් නිහඩව ඉදල පස්සෙත් ලිවුව ටිකක් ඔක්කොම 1015 ක් විතර ඇති. අපෙ මාමලගෙ ගෙදර ඉස්සර මෙ පොත් ටිකක් තිබ්බ. "ජෙමිස් බන්ඩ" කියල රහස් පරික්ශක චරිතෙ නිර්මනය කලේ ඩීමන් අනන්ද මහත්තය නේද? මේකයි මචන් මෙ පොත් කල් තියෙන්නෙ නැති වෙන්න හේතුව. මෙ පොත් ගැහුවෙ පත්තර කඩදාසි වලින්. සත 50ට විකුනුවෙ. හරියට දැන් ගහන සුජීව ප්‍රසන්න අරච්චිගෙ පොත් වගේ.:D:D:D:D:D
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඩීමන් අනන්ද පොත් 1002ක් ලිවුව නෙද? මට මතක විදිහට ටික කාලයක් නිහඩව ඉදල පස්සෙත් ලිවුව ටිකක් ඔක්කොම 1015 ක් විතර ඇති. අපෙ මාමලගෙ ගෙදර ඉස්සර මෙ පොත් ටිකක් තිබ්බ. "ජෙමිස් බන්ඩ" කියල රහස් පරික්ශක චරිතෙ නිර්මනය කලේ ඩීමන් අනන්ද මහත්තය නේද? මේකයි මචන් මෙ පොත් කල් තියෙන්නෙ නැති වෙන්න හේතුව. මෙ පොත් ගැහුවෙ පත්තර කඩදාසි වලින්. සත 50ට විකුනුවෙ. හරියට දැන් ගහන සුජීව ප්‍රසන්න අරච්චිගෙ පොත් වගේ.:D:D:D:D:D

    සුජීවගේ 2.50 බොලඳ කතා වලට වඩා නම් හොඳයි බන්..
     
    janakaparakkuwa

    Active member
  • සුජීවගේ 2.50 බොලඳ කතා වලට වඩා නම් හොඳයි බන්..
    මම සුජීවගෙ පොත් වල තියෙන දේවල් එක්ක ඩීමන් ආනන්ද මහත්තයගෙ පොත් සන්සන්දනය කලේ නෑ මචන්. මම කියවල තියෙන හින්ද දන්නව එව කොයි තරම් රසවත්ද කියල. සත පනහෙ මල් කතා නෙමෙයි ඒව. මම කිවුවෙ ඒ පොත් මුද්‍රනය කරපු කඩදාසි ගනන් අඩුම ඒව කියල. එහෙම කරල තියෙන්නෙ අඩුම මිලකට විකුනන්න පුලුවන් වෙන්න. එතකොට තමා පොඩි මිනිහත් පොතක් අරන් කියවන්නෙ. එ කාලෙ සාමාන්‍ය මිනිස්සුන්ගෙ කියවීමේ රුචිකත්වය වැඩි කරන්න ඩීමන් අනන්ද මහත්තය ගොඩක් ලොකු සේවයක් කරල තියෙනව.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මම සුජීවගෙ පොත් වල තියෙන දේවල් එක්ක ඩීමන් ආනන්ද මහත්තයගෙ පොත් සන්සන්දනය කලේ නෑ මචන්. මම කියවල තියෙන හින්ද දන්නව එව කොයි තරම් රසවත්ද කියල. සත පනහෙ මල් කතා නෙමෙයි ඒව. මම කිවුවෙ ඒ පොත් මුද්‍රනය කරපු කඩදාසි ගනන් අඩුම ඒව කියල. එහෙම කරල තියෙන්නෙ අඩුම මිලකට විකුනන්න පුලුවන් වෙන්න. එතකොට තමා පොඩි මිනිහත් පොතක් අරන් කියවන්නෙ. එ කාලෙ සාමාන්‍ය මිනිස්සුන්ගෙ කියවීමේ රුචිකත්වය වැඩි කරන්න ඩීමන් අනන්ද මහත්තය ගොඩක් ලොකු සේවයක් කරල තියෙනව.

    ඒක ඇත්ත මචන්.. :yes:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඩීමන්‬ පොත් 1008 ක් ලිව්වත් ඒ පොත්වල මුල් පිටපත් හෝ අවම තරමින් එහි නාම ලේඛනයක්වත් අද කොහෙන්වත් සොයාගත නොහැකිය. ඒ පොත්වල මුල් පිටපත් හා නාම ලේඛනයක් තිබූ එකම ස්ථානය වූයේ වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්තේ පිහිටා තිබු ඩීමන්ගේ නිවෙසේ ය. එහෙත් එක් අවස්ථාවක ඇතිවූ ගංවතුරකින් ඒ පොත් සියල්ල විනාශ වී ගියේය.
    ජාතික ලේඛනාගාරයේවත් අද ඩීමන්ගේ පොත්වල මුල් පිටපත් නැත. ඊට හේතුව රාජ්‍ය ලේඛනාගාරය නුවරඑළියේ තිබී කොළඹට ගෙනෙන අතරවාරයේ එතෙක් එහි තිබූ ඩීමන්ගේ පොත් ලොරි රියැදුරන් හා එහි සහායකයන් විසින් කියවීමට හොරකම් කරනු ලැබ ඇත.