මොකාගේ මොන ලබ්බක් රිදුනත් කරන්න දෙයක් නෑ . බාලවයස්කරුවෙකුට තීරන ගැනීමට ඉඩදීමනම් අමන මීහරක් වැඩක් .. ලිංගිකත්වය ගැන නිවැරදි තීරන ගන්න ඔය වයස් කාණ්ඩයේ අයට බැරිනිසයි වයස 16ට අඩු අය කැමැත්තෙන් ලිංගිකව එකතු උනත් බාලා අපරාධයක් ලෙස සලකන්නේ .... දැන් ඔය තියරිමය පාවිච්චි කරලා ලිංගිකව එකතුවීමේ අයිතියත් පොඩි එවුන්ට දෙන්න ඕනේද ? යම්කිසි දෙයක් ගැන සම්මතයක් හැදෙන්නේ මිනිස් වර්ගයා ලබන අත්දැකීම් , පාරිසරික තත්වයන් ඇතුලු විවිධ හේතු ගනනාවකින් .. ඒවාට අනුව තමයි නීති සම්පාදනයත් වෙන්නේ ... සමාජයක් විදිහට නීති වලට ගරු නොකරනවානම් මුලු පද්ධතියම බිද වැටෙනවා ... අසම්මත තත්වයන් සම්මත කරන්න ගියාමත් මුලු සිස්ටම් එකටම කෙළවෙන එකයි වෙන්නේ ..අනිත් ඔක්කෝම වන්වේ එකක එක පැත්තට යනකොට මගේ හිතරිදෙනවා කියලා මම විරුද්ධ පැත්තට ගියොත් මොකද වෙන්නේ ... ලෝකයේ ජීවත්වෙන හැම එකාම සතුටු කරන්න පුලුවන් ක්‍රමයක් නෑ .. එක එකාට ඕන ඕන විදිහට නීති හදන්න ගියොත් වැඩිකාලයක් මිනිසාට පොලවමත ජීවත්වෙන්න බැරි තත්වයක ඇතිවෙයි ...
සරලව ලංකාවට ආදේශ කරලා කතාකළොත්, ලංකාවෙ ළමයෙක් වරදකට අපරාධකාරයෙක් විදිහට අච්චු කරන්න පුලුවන් අවම වයස් සීමාව මොකද්ද?
ගුගුල් කලහම ආවෙ 8. ඒක වැරදි ඇති නේ? 12ද හරි එක? ඒක 8 හෝ 12 නම්,
ට්‍රාන්ස් වීමට හෝ නොවීමට තනිවම තීරණ ගන්න සුදුසු නැති ලමයා කොහොමද අපරාධයක් කරන්න තනිවම තීරණ ගන්නෙ සුදුසුයි කියලා කියන්නෙ?
දෙක වෙනස් දෙකක් කම්පෙයාර් කරන්න බැහැ කියලා ප්රශ්නය විසික්කරන්නද වෙන්නෙ?
නීතියෙ එහෙම කන්සිස්ටන්ස් ගතියක් තියෙන්න ඕනෙ නැද්ද.
සම්මතයන් හැදෙන්න අපිට මොනවගේ සමාජයක්ද අවශ්‍ය වෙන්නෙ කියන එකත් බලපානවා නේ?