මේ භවය නාස්ති නොකරනු!!!
හාමුදුරුවරු, පින්වතුනි කියල අපව ආමන්ත්‍රණය කරන්නේ කුමක් නිසාද යත් ඔබ අප සැම දන්නා කාරණයකි. පෙර ආත්මයෙහි තිරිසනෙකු වී, මනුසත් භාවයක් ලැබීම අති දුර්ලභ සිදුවීමකි. එහෙයින් අප හැමදෙන පෙර ආත්මයේ දෙවියෙකු හෝ මනුස්සයෙකු වී ඉඳ ඇත. අප දැන් ලැබ සිටින මනුසත් භවය ඉතා උතුම් සහ දුර්ලභ වන්නේ, අප ඉපදී තිබෙන්නේ බුදු දහම සජීවීව පවතින කාලයකය. රැස් කිරීම දුකම ගෙනදෙන්නේය, අතහැරීම සැනසුම සහ සතුටම ගෙනදෙන්නේය යන දහම් කාරණා වලින් අප සවන් පිරෙන්නේ අප මිත්‍යා දෘෂ්ටික නොවන පරිසරයක ඉපදී ඇති බැවිනි.
ඔබ මෙතෙක් ජිවිතයේ ගත කරපු කාලය තුල ඔබ සතුට පමණක්මද අත්වින්දේ? කෙසෙවෙතත් මේ සසර ගමනේ ඔබට ජාති, ජරා, ව්‍යාධි, මරණ යන දුක ගෙන දෙන කාරණා වලට මුහුණ දීමට සිදුවෙනු ඇත. බොහෝ දෙනා මේ සසර දුකින් එතෙර වීමට තමා විසින් සිදු කල යුත්තේ කුමක් දැයි දැන සිටියත් ඒ සඳහා වීර්යයක් කරන්නේ නැත. සමහරු ඊලඟට මෙලොව පහලවන මෛත්‍රී බුදු රජාණන්වහන්සේ දැක නිවන් දැකීමට බලා සිටියි. නැවත බුදු හාමුදුරු කෙනෙක් බිහිවීමට තව අවම වශයෙන් අවුරුදු ලක්ෂ 25ක් වත් ගතවේයැයි අසා ඇත්තෙමි. ඔබ අවුරුදු ලක්ෂ 25ක් බලාසිටින්න සුදානම් වූවත්, ඔබට සහතිකයක් තමාටම දිය හැකිද තමා එම භවයේ මිනිසෙකු වී උපදියි කියා? මිනිසෙක් වී උපත ලැබුවත්, ඔබ මිත්‍යා දෘෂ්ටික පවුලක උපත ලැබුවොත්?
පෙර ගෞතම බුදුන්ගේ කාලයේ සමහරවිට අපිත් උන්වහන්සේගෙන් බණ අසා, අතරමැදදී නැගිට යන්න ඇති. මොකද්දෝ කරුමයකට ලැබුණු අවස්ථාව මඟ හැර යන්නට සිත් පහල වන්ට ඇති. සෑම බුදු කෙනෙකුගේම ධර්මය එක වේ. එහෙයින් ඔබට ඉදිරියේදී ලොව පහලවන මෛත්‍රී බුදු රජාණන්වහන්සේව දැන් මනසින් දැකිය හැක. මෙම ලබාගත් උතුම් දුර්ලභ වූ මනුසත් භවයෙන්, සසර ගමන අහවර කිරීමට මාර්ග ඵල ලබා ගැනීමට, හරි මාර්ගයේ ගමන් කිරීමට යුහුසුළු වෙමු.