මේ මගේ මල්ලි accident වෙලා මැරුණ video එක...

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ----https://www.facebook.com/BikeHome097/videos/548474629492516/---

    "මේ මගේ මල්ලි accident වුන video එක..මගේ මල්ලි accident වෙලා විනාඩි 15 ක් යනකන් මහ පාරේ පණ අදිනවා. ඔතනට එන කිසිම කෙනෙක් මගේ මල්ලිව අල්ලන්නෙවත් නැහැ. විනාඩි 15 කට විතර පස්සේ මල්ලිව hospital අරන් යනවා police නිලධාරින් දෙදෙනෙක් ඇවිත්. මේ accident එක වෙන්නේ නිට්ටබුව කලගෙඩිහේන. මල්ලිව hospital එකට අරන් යද්දිත් එයාගේ මොලේ මැරිලා ඉවරයි.
    මගේ මල්ලියි මමයි පෞද්ගලිකව පාරේ පූස් පැටියෙක් හැප්පිලා හිටියත් අපි. ඒ සතාව බේර ගන්න කාරැණික වෙනවා . ඒත් කෝ මේ මිනිසුන්ගේ මනුස්සකම. මගේ මල්ලි පාරේ පන අදිද්දි කොහොමද දෙයියනේ මෙහෙම මිනිස්සු අහක බලන් යන්නේ . අද ඔතන ඉන්න එක්කෙනෙක් හරි මගේ රත්තරං මල්ලිට උදව් කලා නම් . අද මාස 5 ක පුතෙකුට තාත්තා කෙනක් නැති වෙන්නේ නෑ . බිරිදකට සැමියා නැති වෙන්නෙ නෑ. දෙමා පියන්ට ,සහෝරදරියට එයාව නැති වෙන්නෙ නෑ . විශේෂයෙන් මගේ මල්ලි මගේ රට ආරක්ෂා කරපු පොලිස් නිලදාරියෙක් , රටට නැති වෙන්නෙ නැහැ. රටේ ජනාධිපති ආරක්ෂා කරපු ජනාධිපති ආරක්ෂකයෙක් රටට නැති වෙන්නේ නැහැ.
    අපිට ලැබුන මිනිසත් බාවය අපිට පින්කමකට යොදවන්න බැරි නම් ඒ මනුෂ්‍ය භාවයෙන් ඇති වැඩක් නැහැ. මේ video එක බලන කවුරැ හරි ආයෙමත් මේ වගේ වැරද්දක් ඔයාලා අතින් නම් වෙන්න දෙන්න එපා."
    🙏


    අද අද එයි මරු පින් කර ගන්නේ
    කෙලෙසද සෙට මරු නේති සිතන්නේ
    කි කලද මහසෙන් මරු ඇප වන්නේ
    කුමටද කුසලට කම්මැලි වන්නේ

    FB උපුටාගැන්මකි..දෙපස ඇති කඩ ඉරි නොමැතිව ලින්ක් එක කොපි කර පේස්ට් කරන්න..


    හරියට චෝදනා නේද ? පුදුමෙකුත් නෑ. මෙච්චර ආත්මාර්ථකාමි ජීවීන් කෝට්ඨාසයක් මේ පෘතුවියේ ඉන්නවද කියලා රිසැර්ච් එකක් කරන්න ඔනේ..පිටරටක ගියත් මේ රටේ උන් එකාට එකා නෑ.. :yes:
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,544
    167,027
    113
    එකමත් එක රටක
    මේ video එක බලන කවුරැ හරි ආයෙමත් මේ වගේ වැරද්දක් ඔයාලා අතින් නම් වෙන්න දෙන්න එපා.
    වැස්සේ හයියෙන් ගිහන් හැප්පෙන එක ගැනද කියන්නේ ?? ඒක තමයි වැරැද්ද නම්.
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මොනාද මේ දාන ත්‍රෙඩ්
    ඉස්සර කිරිය මෙහෙම නෑ
    දෙපස ඇති කඩ ඉරි නොමැතිව ලින්ක් එක කොපි කර පේස්ට් කරන්න..ඒත් අවුල් වගේනම් ඔයත් මෙහෙම ඇක්සිඩන්ට් දැක දැක මාරු වෙලා ගිය කෙනෙක්.. :yes:
     
    • Wow
    Reactions: Solo Rider

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    බයිඉස්ටැන්ඩර් ඉෆෙක්ට් එක.
    හැමෝම හිතනවා අනික් කෙනා උදව් කරයි කියලා.
    එහෙමත් එකක් තියනවද ? :shocked:බෞද්ධයෝ ඉන්න රටක ඔහොම ඉෆෙක්ට් එන්න විදිහක් නෑනේ.. මොකද බේරුවොත් තමන්ටයි පින..:rolleyes:
     
    • Like
    Reactions: mr.Z

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඒත් අවුල් වගේනම් ඔයත් මෙහෙම ඇක්සිඩන්ට් දැක දැක මාරු වෙලා ගිය කෙනෙක්.. :yes:

    පිස්සුද, පිස්සුද

    මන් ලගදිත් ඇක්සිඩන්ට් වෙච්ච වෑන් එහෙකට වැඩිපුරත් උදව් කරල ආවෙ




    කාලකන්නියෙක්
    තමන්ගේ මහන්සියෙන් හම්බකරලා වාහනයක් ගත්තු එකෙක් නම් අනුන්ගේ වාහනයකට මෙහෙම කරන්නේ නෑ

    ------ Post added on Jul 5, 2021 at 9:32 PM
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මේකට related නැති වෙන්න පුළුවන් .. accident එකක් උනාම ambulance එකකට කතා කරන්න ඕනේ .. ලංකාවේ එහෙම නැති එකයි අව්ල .. දැන් නං සුවසරියට කතා කරන පුළුවන් මන් හිතන්නේ .. එහෙම නැතුව wheel වලයි lorry වලයි දෙකට නමල ලේ යද්දී ඉක්කමනට උස්සගෙන hospital අරන් ගියා කියල මිනිස්සු බේරගන්න බෑ .. හරි ක්‍රමේට ගෙනියන්න ඕනේ training එකක් තියන උන් .. නැත්තන් තව damage වැඩි වෙන එක විතරයි වෙන්නේ
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    පවු ඉතිං.. මොනා කරන්නද.. මිනිස්සු අමාරුවෙ වැටෙන්න කැමති නෑ.. ඒත් උදව් කරන අය ඉන්නව..
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    කිසිම හිතක් පපුවක් නැති එවුන් ඉන්නෙ නේද. 😑😑😑
    කොහෙත් ඉන්නවා බං ඔහොම එවුන්. අපේ තාත්තා අවුරුදු 37ක් අධිකරණ ශේත්‍රයේ ලොක්කෙක් විදියට හිටියේ. පොලිසිය එක්කමනේ වැඩ කරේ. අමුතු කොට්ටාශයක් කිව්වා පොලිසිය කියන්නේ. විශ්වාස කරන්න අමාරුයි කියලා තමා කියන්නේ. උන්ට තියෙන පීඩනය අනන් මනන් හෙන කේස් සෙට් එකක් තියෙනවා කිව්වා. හොඳ වුනුත් ඉන්නවා. වාත එවුනුත් ඉන්නවා. නාහෙට නාහන එවුනුත් ඉන්නවා. ගොන්නුත් ඉන්නවා. මටත් නරක එවුන් වගේම හොඳ එවුනුත් සෙට් වෙලා තියෙනවා. 2016 වගේ ගෙදර වාහනේ අරන් පරණ අවුරුද්ද දවසේ උදේ ටවුමට ගියා. හරියටම පුත්තලම් හන්දිය මැද්දේ වාහනේ නැවතුනා Electrical Case එකක් නිසා. වදින්නෙම නෑ. එකෙක් ආවේ නෑ උදව්වට තල්ලුවක් දාන්නවත්. පස්සේ එතන පොලිස් පෝස්ට් එකේ බුවාලා දෙන්නා ඇවිත් තල්ලු කරේ. වචනයක් වත් කිව්වේ නෑ ආපහු ගියා. මන් හිතුවේ කනු කුනු ගායි කියලා මොකද මාතර මගේම යාලුවෙක්ගේ වාහනේ පාරේ කැඩුනයි කියලා ලියලා තිබ්බා (මම දන් නෑ මොන ලොජික් එහෙකට ලිව්වද කියලා).