මේ මගේ හස්බන්ඩ්ගේ හොඳම

kputha

Member
May 5, 2012
5,534
240
0
මේ මගේ හස්බන්ඩ්ගේ හොඳම

-----------------------------------------------
r23-1.png
පසුගිය දවසක ගම්පහ ජූඩ් සාජන්ට් මහත්තයා රථවාහන රාජකාරියේ යෙදිලා ඉන්න අතරේ තරුණ ජෝඩුවක් ආපු මෝටර් සයිකලයක් නතර කෙරෙව්වා. ඒ සයිකලය පැදපු කෙනාගේ රියදුරු බලපත්‍රය, සයිකලයේ ආදායම් බලපත්‍රය, රක්ෂණ සහතිකය එහෙම තියෙනවද බලන්න. තරුණිය සයික‍ලේ ආවේ තරුණයාගේ බෙල්ල බදා ගෙන වගේ. සාමාන්‍යයෙන් අපේ රටේ සාමාන්‍ය ජනතාව මෝටර් සයිකල් සඳහා ලබා ගන්නේ තුන් පාර්ශවය සඳහා වන
රක්ෂණ ආවරණයක්
විතරයි. ඒ රක්ෂණ ආවරණයක් යටතේ වාහනයක් අනතුරට පත්වීමේදී වාහනයට හෝ එහි ගමන් කරන අයට වන්දි ලැබෙන්නේ නැහැ. ඒ වන්දිය හිමි වෙන්නේ ඒ වාහනය නිසා අලාභ හානි සිදුවෙන අනික් පාර්ශ්වයේ පුද්ගලයන්ට සහ දේපළ සඳහා විතරයි. නමුත් හුඟ දෙනෙක් පූර්ණ රක්ෂණය පැත්තකින් තියලා මේ රක්ෂණ ආවරණයට යොමු වෙනවා. ඒ වැයවන මුදල බොහොම පුංචි එකක් නිසයි.
“ම්.....ම්..... තර්ඩ් පාටි නේද?”
ඒ මෝටර් සයිකල්කරුගේ
රක්ෂණ කාඩ්පත පරීක්ෂා කරන අතරේ ජූඩ් සාජන්ට් මහත්තයා සයික‍ලේ පිටිපස්සේ ඉන්න තරුණිය දිහාත් බොහොම සුහද සිනාවක් පළ කරන ගමන් ඇහුවා. එතකොටම ඒ යුවතිය ඒ වෙනකම් තරමක් හකුලුවා ගෙන හිටපු ශරීරයත් දුන්නක් දිග හරිනවා වගේ එක පාරටම කෙළින් කරලා සාජන්ට් මහත්තයා දිහා බැලුවා.
“චී, මහත්තයා එහෙම කැත විදියට හිතන්න එපා, මේ මගේ හස්බන්ඩ්ගේ හොඳම යාළුවෙක්”. :lol: