Lakbima :-
වබේ අඩවි 5ක් අවහිර කිරීම ගැන ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කරයි 2012 මැයි 17 වෙනි බ්‍රහස්පතින්දා, 02:38 .
ඇතැම් වබේ අඩවි තුළින් පුද්ගල කීර්තිනාමයට හානි වෙනවා නිශානී ලසිතා හේරත් බන්නැහැක
වබේ අඩවි පහක් අවහිර කිරීම නීති විරෝධී බව පවසමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ගොනුකළ මූලික අයිති-වාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨා-ධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඊයේ (16) නඩු ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කළේය.
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක, නිමල් ගාමිණී අමරතුංග, ආර්.කේ.එස්. සුරේෂ්චන්ද්‍ර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ මෙම පෙත්සම විභාගයට ගැනුණි. මෙම පෙත්සම ශ්‍රේෂ්ඨා-ධිකරණයට ගොනුකර තිබුණේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර හා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විධායක සභාවේ සාමාජික උදය කළුපතිරණ යන දෙදෙනා විසිනි.
ශ්‍රී ලංකා මිරර් ලංකා ඊ නිවුස් ශ්‍රී ලංකාවේ නිවුස් ශ්‍රී ලංකා ගාඩියන් පැපරාසි ඩොට් කොම්යන වබේ අඩවි පහ අවහිර කිරීම වෙනුවෙන් මෙම නඩුව ගොනුකර ඇත.
තමන් නිරන්තරයෙන් අන්තර්ජාලය භාවිතා කරන බවත් මෙම වබේ අඩවි පහ තහනම් කළ බව මාධ්‍ය නිවේදනවලින් දැනගන්නට ලැබුණු බවත්, එම වබේ අඩවිවලට පිවිසීමට උත්සාහ දැරීමේදී ඒවා අවහිර වී ඇති බවත් දැනගන්නට ලැබුණු බවත්, එමගින් තම තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය වන බවත් කියා තිබුණි.
මෙහි වගඋත්තරකරුවන් ලෙස ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ආරියරත්න ඇතුගල ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඩබ්.ඩී. ගනේගල, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම, එහි අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට හා නීතිපති නම් කර තිබුණි.
මෙම නඩුව ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ පෙත්ස-ම්කරුවන් වෙනුවන් පෙනී සිටි නීතිඥ ජේ.සී. වැලි අමුණ කියා සිටියේ මෙම වබේ අඩවි තහනම නීතියට පටහැනි හිතුවක්කාරී අත්තනෝමතික ක්‍රියාමාර්ගයක් බවයි. එමගින් තම භාෂණ හා තොරතුරු දැනගැනීමේ අයිතිය මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමිවන බව කියා සිටියේය. ලංකාවට සම්බන්ධ 300 පමණ වබේ අඩවි ශ්‍රී ලංකාවෙන් පිටත ඇති බවත් සඳහන් කළේය.
මෙහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ෂවීන්ද්‍ර ප්‍රනාන්දු කියා සිටියේ වබේ අඩවි යම් සීමාවක් යටතේ ක්‍රියාකළ යුතු බවත් එම සීමාව ඉක්ම වූ පසුව අන් අයගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීම සිදුවිය හැකි බවත්ය.
මෙම වබේ අඩවිවලට ලියාපදිංචි වීමට අවකාශ තිබුණත් ලියාපදිංචි වී නොමැති බව කියා සිටියේය. එම නිසා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වී නැති බවද හෙතෙම සඳහන් කළේය.
අනන්‍යතාවයක් නොමැති වබේ අඩවි වැඩිපුරම ඇත්තේ නෙදර්ලන්තයේ හා ප්‍රංශයේ බවත් එම රටවල අධිකරණය මගින් අයිතිකරුවන් අනාවරණය කළ හැකියාව ඇති නමුත් ලංකාවේ එසේ නොහැකි බව වගඋත්තර පාර්ශ්වයේ නීතිඥ අල් ෂබිල් මහතා පෙන්වා දුන්නේය.
නීතිඥ ඩී. එස්. විජේසිංහ කියා සිටියේ වබේ අඩවි 41 පමණ ලියාපදිංචි කර ඇති බවත් 4ක් 5ක් පමණ ලියාපදිංචි වී නැති බවයි.
එළකිරි ඩොට් කොම්, ගොසිප් ඩොට් කොම් පැපරාසි ඩොට් කොම් ඒ අතර වන බවද හෙතෙම සඳහන් කළේය.
ලියාපදිංචි නොකරන ලද ඇතැම් වබේ අඩවි මගින් මිනිසුන්ගේ කීර්ති නාමයට හානිවන බවත්, ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බවත් හෙතෙම සඳහන් කළේය. දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ ත්රි්රපුද්ගල විනිසුරු මඩුල්ල නඩු ගාස්තු රහිතව පෙත්සම නිෂ්ප්‍රභ කළහ.