මේ මොන හරුපයක්ද?
මේ ලිපිය උපුටා ගන්නා ලද්දකි.
https://yakaageadaviya.blogspot.com/2015/09/blog-post_14.html?m=1
සමහරවිට මෙය ඉතාමත් මතභේදකාරී විවාදයට තුඩුදෙන සමහර අයට උන්හිටිතැන් ඉහිලුම් දෙන්නැති ලිපියක් වෙන්න බොහෝ අවස්ථාව තිබෙනවා.
ලිපිය වගේම මේ ලිපිය සඳහා අදහස් දක්වා ඇති අයගේ අදහසුත් කියවීමට වටිනවා.
මරා ගැනීමකින් තොර අදහස් දැක්වීමක් වටිනවා කියලා හිතුණු නිසයි එලකිරියට මේක දාන්නේ.
ලිපිය ගොඩක් දිගයි කියවලා බලන එක වටිනවා.
ඒහි පස්සිකෝ ( එව බලව ) / තාර බර හැර මඩද සෝදා ඇත්ත මතුකරගනිමු.
බුදුන් වහන්සේගේ චරිත කතාව දෙරණ රූපවාහිනියේ කොටස් වශයෙන් යයි. මේ වන එහි පරිනිර්වාන සමයයි.අප ඇසූකියවූ දේවල් රූපමය ලෙසින් නැරඹීම අපූරු අත්දැකීමක් විය. මෙය මීට කලින්ද විකාශනය කළත් එය මට නැරඹිය නොහැකි විය.ලංකාවේ විකාශනය කරන විට බුදුන් නොපෙන්වා බුද්ධ පින්තූරයක් පෙන්වා තිබේ. එය හොඳය. බුදුන් වෙනුවෙන් නළුවෙක් රඟපාන හැටි දකින එක ටිකක් අවුල් නිසාය.
මම සාමාන්‍යයෙන් කෙනෙක් කියන දෙයක් එලෙසම පිළිනොගෙන හැම දෙයක් ගැනම තර්ක කරන්නට වෙනස් පැති ඔස්සේ සිතන්නට පුරුදු වුන කෙනෙක්මි. මේ නිසා මට ආගමක් දහමක්, පක්ෂයක්, රජකෙනෙක්, දෙවිකෙනෙක් ,වීරයෙක් ,නායකයෙක් ගැන භක්තියක් පිහිටුවාගැනීමට අමාරුය.
භක්තිය අපූරු සංකල්පයකි. තමන්ට කිසිසේත්ම ලගාවිය නොහැකි යම් දෙයකට හෝ පුද්ගලයෙකුට හෝ බලවේගයකට සිය මුළු පෞර්ෂයම ඌණනය කිරීම භක්තිය ලෙස අර්ථ දැක්විය හැකියැයි මම සිතමි.භක්තිය යන වචනය ටිකක් අසභ්‍යයි කියා සිතෙන නිසාදෝ අපි ශ්‍රද්ධාව කියා වචනයක් ඇත.මේ දෙකම බොහෝදුරට සමානය.වෙනසක් ඇත.ශ්‍රද්ධාව යනු පැහැදීම නිසා යමකට හෝ යමෙකුට මෝහනය වීමයි.
මම කියන්නට යන්නෙ මේකයි.බුදුන් වහන්සේ සර්වඥද කියන ප්‍රශ්නය මට ඇතිවුනේ කුඩා කලදීමය.මට බුදුන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් භක්තියක් ඇතිවී නොතිබුනාම නොවේ.එවැණි අවස්ථාවක් මට මතකය. කණදුල්ල පන්සලේ අටවිසිබෝධිපූජාව දා මට ඇතිවුනේ කියා නිමකළ නොහැකි භක්තියකි.බුද්ධ රූප පසුකරගෙන යනවිට මම බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔකද වීමි.මෙය උපාසකම්මලා තුල ඇතිවන හැඟීමම විය හැක.
අපේ ආච්චි ( අපේ පළාත්වල කියන්නෙ කිරි අම්ම කියාය ) පැවසුවේ ( විශ්වාස කළේ ) ඉරසේවය යනු සූර්යයා සම්බුදු සිරිපතුලට නමස්කාර කිරීම බවය. වර්තමානයේ පොඩි ළමයිවත් මෙය විශ්වාස නොකරති.මෙවැනි හැඟීමක් ඇති කෙනෙකුට බුදුන් ගැන ඇත්තේ අපූරු හැඟීමකි. බුදුන් යනු දහ අට රියනක් උස දෙතිස් මහා රූප ලක්ෂනයෙන් හෙබි අපූරු කායකි. අහසින් ගමන් කළ හැක.කළ නොහැකි දෙයක් නැත.රහතන් වහන්සේලා අහසින් යන නිසා අනුරාධපුර යුගයේ කාන්තාවනට වී වේලා ගැනීමට අපහසු වූ බව කියනු ලැබේ.
පසුකලෙක ත්‍රිපිටකය මෙන්ම වෙනත් ඉන්දියානු ආගමික ග්‍රන්ථ කියවන විට අප පුරුදු වී සිටියේ එක් කතාන්තරයකට බවටත් ලෝකෙයේ තවත් කතාන්දර තිබෙන බවත් අවබෝධ කර ගත්තෙමි.බුදුන් වහන්සේ ගේ යුගය වනවිට බුද්ධත්වය යන සංකල්පය ජනප්‍රිය වී තිබිනි.බුද්ධත්වය බලාපොරොත්තු වූ අය බොහෝ විය. තමන් රහත් යැයි කියාගත අය ඉන්දියාව පුරාම සිටියහ.
සිද්ධාර්ථ ගෞතමයානන්ට සටන් කිරීමට සිදුවුනේ බමුණන්ගේ බිලිපූජා සමග පමණක් නොවේ.හරකුන් එළුව්න්,බල්ලන් ලෙස ජීවත් වූ අය සමගද සටන් කිරීමට සිදු විය. මේ අයට තිබූ බලය කොතරම්ද යන්න පෙනෙන්නේ ජම්බුක කතාවෙනි. බුදුන් වහන්සේ ජම්බුක දමනය කළහ. පසුව ජනතාව ඉදිරියට ගිය පළමු හමුවේදී ජනතාවට ප්‍රශ්නයක් වුනේ ගෞතම ජම්බුකව දමනය කළාද නැත්නම් ජම්බුක ගෞතමව දමනය කළාද යන්නය.ජම්බුක සතුව තිබූ සිවිල් බලය ඉන් පෙනේ.ඉන්දියාවේ ක්‍රි "පූ 6 වන සියවසේ මෙවැනි අය පහළ වීම අරුමයකි.ජම්බුක යනු අශූචි කන පරිබ්‍රාජකයෙකි.මේ අයට මිනිසුන් පෙරලි පෙරලි වැන්දහ.
අප බෞද්ධ ඇසින් දුටු පුරාණ ඉන්දියාව ජෛනයෝ වෙනත් ඇසකින් දකිති. මේ දෙකම කියවීම සුදුසුය.බිම්බිසාර ,පසේනදී කෝසල (ප්‍රසේනජිත් ), අජාසත්ත (අජාතසතෘ ) වැනි බෞද්ධ රජවරු ඔවුන්ගේ පොත්වල ජෛන රජවරු ලෙස හදුන්වා ඇත.මේ රජවරු සිය ප්‍රතිපත්ති ප්‍රකාශන රැගෙන හැම තැනටම ගියාට සැක නැත.දකින දකින අය රජා අපේ ආගමේය කියා සතුටු වූවාට සැක නැත.
අපූරු කතාවක් මතක් වෙයි.වරක් පසේනදී කෝසල බණ අසමින් සිටින විට පාරේ පරිබ්‍රාජක පිරිසක් ගියහ . කෝසල වහා නැගිට ගොස් ඔවුන්ට නමස්කාර කළහ.ඉන් පසු තීර්ථකයන් පිරිසක් ආඅහ. කෝසල කලින් වර සේම කළේය. මේ ආකාරයට ශ්‍රමණයන් කණ්ඩායම් ආ අතර කෝසලද දුව ගොස් ඔවුන්ට නමස්කාර කළේය.
ඉන්පසු බුදුන් අමතා මේ ගිය අය රහතුන් නිසා වැන්දාට කමක් නෑ නේදැයි අසා ඇත. එවිට බුදුන් රහතුන් යනු කවුදැයි පහදා බණ කියා ඇත. එවිට කෝසල
ඉතා මැණවි ඒ ගිය අය මගේ චර පුරුෂයෝය.කියා කියා ඇත. මෙහිදී කෝසල කර ඇත්තේ බුදුන් පරීක්ෂා කිරීමක් නේද
මේ කෝසලම වරෙක ජේතවනය අසල තීර්ථකයන්ගේ ආරාමයක් සෑදීමට අල්ලස් ගත්හ.
ඉස්සර රාජප්පුලා ක්‍රියා කර ඇත්තේ දේශපාලන සටකපටකම් වලින් මිස සැබෑ භක්තියෙන් නොවේ.
බුදුන් සියල්ල දත් කෙනෙක්ද කියා සිතිය හැකිද පහත දේවල්වලින් පෙනෙන්නේ සියල්ල දත් කෙනෙකුට වඩා සාමාන්‍ය සමාජ සංශෝධකයෙක් හා විද්වතකු බවයි
බුදුන් වහන්සේ පැනවූ විනය නීති වරින්වර වෙනස් කිරීම සිදු කළහ. ඒ අවස්ථාවන්ට අනුවය.අනාගතය දන්න කෙනෙක් ලෙස නොව සමූහයක් පාලනය කරන නායකයෙක් ලෙසය
උන් වහන්සේ අව්‍යාකෘත ප්‍රශ්න වලට පිළිතුරු නොදුන් සේක.
වච්ඡගොත්ත සූත්‍රයේදී සර්වඥ බව ගැන අපූරු කතාවක් කී සේක.
කච්චායන හමුවේදී සියල්ල නැතැයි කීමත් සියල්ල ඇතැයි කීමත් එක සේම මංමුලා වීම් බව කී සේක.
එසේම පහත දේවල් පසුකාලීනව එක් වූ බව සිතන්න හැකි නේද
සූර්ය පරිත්ත චන්ද පරිත්ත සූත්‍රවල තිබෙන භූගෝල විද්‍යාත්මක කරුණු
පොලවේ අභ්‍යන්තරය ගැන විග්‍රහය ( ජලයට යටින් වාතය )
ජාතක කතා
ඉහත දේවල් නිසා බුදුන් වහන්සේ ගැන වෙනස් කියවීමක් අවශ්‍ය බව පෙනේ.
උන් වහන්සේ සාමාන්‍ය මනුශ්‍යයෙකු සේම ලෙඩ රෝගවලට ගොදුරු වූහ.මහළු වූහ.
එසේම උන් වහන්සේ ජීවත්ව සිටි කාලයේ අයට උන් වහන්සේ එතරම්ම අරුමයක් නොවූ බව පෙනේ.
බුදුන් එන බව අසා කුතුහලයෙන් නගරයට ආ පිරිසක් එකිනෙකා පෙරලා ගෙන ගියහ.එවිට එක් ශ්‍රමණයෙක් හැපී ඇද වැටුනි. එක් පුරුශයෙක් ශ්‍රමණයා නැගිටුවා ලූ විට මොකද මේ කලබලේ කියා ඇසූහ. දන්නෙ නැද්ද අද බුදුහාමුදුරුවො එනවානෙ කියා කී විට ශ්‍රමනයා " මම තමයි බුදුහාමුදුරුවෝ " කියා ඇත. මේ අනුව බුදුන් එකළ සිටි මිනිසුන්ට වඩා වෙනස් කෙනෙක් නොවූ බව පැහැදිලිය.
මම සිතන්නේ බුදුන් ද යේසුස් මොහමඩ් සොක්‍රටීස් වැන්නන් සේම සාමාන්‍ය මනුෂ්‍යයෙක් බවයි. උන් වහන්සේ දාර්ශනිකයෙකු , බුද්ධිමතකු සේම සමාජ සංශෝධකයෙකුද වූ සේක.එසේම පසුකාලීනව බුදුන් වහන්සේ වටා විවිධ දේවල් ගොඩ නගා ඇත,.
මම බුදුරජානන් වහන්සේට ගරු කරමි. ඊට හේතු ඇත.ඒ සර්වඥයන් වහන්සේ කෙනෙක් ලෙස නොවේ.විශිෂ්ට දාර්ශනික විග්‍රහයක් ඉදිරිපත් කළ දාර්ශනිකයෙකු හා විද්‍යාඥයෙකු ලෙසය.උන් වහන්සේ කී දේ කුමක්ද
බුදුන් වහන්සේ සිටි යුගයේ ඉන්දියාවේ හා චීනයේත් දාර්ශනික චින්තාවලියක් පහළ විය.
බටහිරින් පර්සියාවේ අහුරමස්දා දහම පැතිරී තිබිණි.පර්සියානුවෝද ඉන්දියානුවන් සේම සොබාවික වස්තූන්ට නමස්කාර කරමින් සිට සර්වබලධාරී දෙවි කෙනෙකුට නම්ස්කාර කරන්නට පටන් ගත්හ. ඔවුන්ගේ අනාගත වක්ත්රෘන් වූවේ සොරවැස්ටර් තුමාය. ඔවුන්ගේ ශුද්ධ ග්‍රන්ථය අවෙස්ථා නම් විය. මෙම දහමට අනුව අහුරමස්දා සහ ආරිමාන් යැයි බලවේග දෙකක් වෙයි. අහුරමස්දා යහපතත් ආරිමාන් නපුරත් නියෝජනය කරයි.අවසානයේ ජය අහුරමශ්දාටය.ඊට පූරවයෙන් මැවුම්කාර බලවේගයක්ද වේ.
අසල්වැසි චීනයේ ට ඕ නම් සංකල්පයක් විය. මෙය ඉන්දියානු බ්‍රහ්මන් ගේම චීන ස්වරූපයකි.ඉන්දියානු පුද්ගල දෙවියා චීන බලපෑමෙන් බලවේගයක් වූ බව මම සිතමි.මෙම කාලයේදීම කර්ම ය බලවේගයක් විය. රා ( සෝම ) බොන ගවයන් සමග ඔබ මොබ යන වෛදික දෙවිවරු ක්‍රම ක්‍රමයෙන් බලවේග බවට පත් විය.ඒ අනුව දෙවගනන්ට බැලුම් හෙළැන බ්‍රහ්මයා වෙනුවට බ්‍රහ්මන් නම් වූ සියල්ල තුල පවතින බලවේගයක් නිර්මාණය විය. මිනිසාගේ අරමුණ එම බලවේගය හා එක් වීමයි.
දාර්ශනික ප්‍රබෝධය ඇතිවන්නේ එසේය. පවු ( කෙලෙස් ) නැති කර ගැනීමට විවිධ උපක්‍රම කියා දුන් ගුරුවරු තැනින් ඇන පහළ වේ.ශට් ශාස්තෲවරු පස්වග තවුසන් උද්දකලා කාල දේවල ලා මෙවැනි අයයි.බුදුන්ට පූර්වයෙන් මහාවීර ඉන්දියාවේද ලා ඔට්සේ චීනයේද ග්‍රීසියේ විශාල පිරිසක්ද දාර්ශනිකයන් ලෙස ජීවත් වූහ.මේ අය බුදුන් ට බලපා තිබේ. සිවුර , නමස්කාර ක්‍රම , අනුභව චාරීත්‍ර මේ සියල්ල මෙසේ උරුම වූ ඒවාය. ජෛනයන්ගේ පංචශීලයෙහි සුරාමේරය වෙනුවට තිබුනේ බ්‍රහ්මචර්යාවයි.
කපිලවස්තුවේ කපිල මුනි නම් වූ දාර්ශනිකයෙක් විය. මෙතුමන්ගේ දර්ශනය සාංඛ්‍ය දර්ශනය නම් විය.සියල්ල අනිත්‍ය බව මෙයින් කියවේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම දැක්මක් එහි විය. සියල්ල වෙනස්වන සුළුය කියා ඉගැන්වීය. කපිලවස්තුවට නම වැටුනේද මෙම මුනිවරයා නිසා ඔහු කොතරම් බලපෑමක් කළාද කියා සිතිය හැක.
බෞද්ධ දර්ශනය සාංඛ්‍ය දර්ශනයේ දිගුවක් බව මට සිතේ.අවශ්‍ය නම් කපිල මුනි කාශ්‍යප බුදුන් ලෙස සිතාගැනීමට කෙනෙකුට පුළුවන.ජෛනයන්ගේද මෙවැනි තීර්ථංකරයන් 28 ක් වෙයි.වර්ධමාන 28 වැණි තීර්ථකරයන් වහන්සේය.පූර්ව බුදුවරු යන සංකල්පය බෞද්ද දහමට ආවේ ජෛනයන්ගෙනි. ජෛනාගම බුදුදහමට වඩා පැරණිය.ජෛනයන් ආදි කතෲවරයෙක් ගැනත් කියයි. ඒ පාර්ශ්වනාථය. සමහරවිට පාර්ශ්වනාථ හා කපිල මුනි එක් අයෙක් විය හැක.
ඉන්දුඉ නිම්නයෙන්ද ශ්‍රමන රූප හමුවී ඇති නිසා ඇදහිල්ල වෙනුවට දාර්ශනික විග්‍රහ පැහැදිලිවම අනාර්ය උරුමයකි.
ඉන්දියානු දර්ශනය බහුදේවවාදයෙන් ඒක දේවවාදයටත් ඉන් පසු බලවේග යුගයටත් පැමින දැන් ශූන්‍යවාදයක් කරා පරිනාමය වී ඇති බව පෙනේ.මට තේරෙන හැටියට ඒ කියන්නෙමෙයයි.
සියල්ල වෙනස් වේ. නිත්‍ය වූ කිසිවක් නැත.මෙහිදී ආත්මයද නිත්‍ය නැත. එනිසා ආත්මයද වෙනස් වේ .එනම් ආත්මයක් නැත.මෙය කර්මය ක්ෂය ආත්මය විශුද්ධියට කරා යාමට වෙනස් වෙයි.එනම් විශුද්ධිය කරා යාමට ආත්මයක් නැත.මෙහිදී පරස්පරයක් ඇතිවෙයි.ආත්මයක් නැත්නම් විමුක්තිය ලබන්නේ කවරක්ද
සම්මුතියක් ලෙස මමත්වය ඇත.මෙය රදා පවතින්නේ එය බිහිවීමට හේතුවූ සාධක නිසාය.එම සාධක අහෝසි වුන විට මම ද අහෝසි වේ.මෙය මෙසේ තේරුම් ගනිමු. අද ලෝකය ඊයේ ලෝකයේ ප්‍රතිපලයකි. එනම් අද ලෝකය ඊයේ ලෝකය ඇසුරින් නිර්මාණැය වූවකි. මෙය හේතුඵලවාදයයි. වෙන ගුප්ත කිසිවක් නැත.
මම කියා කෙනෙක් නැත.මෙය මෙසේ තේරුම් ගනිමු. ශුක්‍රාණුවක් හා ඩිම්බයක් එක් වී යුක්තානුවක් ඇතිවේ.ශුක්‍රානුව හා ඩිම්බය වෙනත් ජීවීන් දෙදෙනෙකුගේය.එනිසා යුක්තානුවට මමත්වයක් තිබිය නොහැක.ජීවිතය පිළිබද සියළු තොරතුරු අඩංගු සෛල බෙදී බෙදී යයි.එනිසා සැබවින්ම නොපවතින මමත්වය පසුකාලීනව මනසේ නිර්මාණය වන්නකි.
සිතිවිලි යනු චිත්ත රූපය. මෙම චිත්ත රූප ජීවියා තුල ගබඩා වෙයි.එසේම එක සමාන චිත්ත රූප කාන්ඩ ගත වෙයි.සිතීම යනු මෙයයි.අපට යම් චිත්ත රූපයක් පහල වූ විට එම චිත්ත රූපයට සමාන චිත්ත රූප අපේ මතක ගබඩාවෙන් එකතුවෙයි. මේ පොකුර වැල මෙන් යයි. එය අවසන් වන්නේ වෙනස් චිත්ත රූපයක් ගැටෙන විටය. එයද පෙර මෙන්මය.මමත්වය පහලවනේ මෙසේ කාන්ඩගතවීමේදීය.මෙසේ කාන්ඩගතවන්නේ එක් ප්‍රධාන චිත්ත රූපයක් වටාය. එය ප්‍රධාන චේතනාව ( භවාංගය ) කියා කියමු.ධර්මාවබෝධයේදී සිදුවන්නේ මෙම ප්‍රධාන චේතනාව අහෝසි වීමයි.මමත්වය අහෝසිවූ විට ලෝකය හා මගේ බැදීමද අහෝසි වේ.
ධර්මයේ හරය එයයි.එය කෙනෙකුට පැහැදිලිව තේරුම් කළ හැකි තේරුම් ගත හැකි දෙයකි. අහසින් යාම් වැනි ප්‍රාතිහාර්යයන් අවශ්‍ය නැත.කිසිම මැජික් එකක් අදාලම නැත.
සර්වඥ කෙනෙකුගේ නොව බුද්ධිමතකුගේ සාර්ථක පැහැදිලිකිරීමකි.ඉන්දියානු තත්කාලීන දැනුම සාරසංග්‍රහ කිරීමකි.සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ කතා සත්තු කතා කරන සිදුවීම් ,දිව්‍ය ලෝකවල දිග පළාල දමා විතන්ඩවාදීව කරුණු ඉදිරිපත්කිරීම් වලින් වන්නේ නිධානයකින් වැසූ පිධානය්ක් මෙන් සත්‍ය සැගවී යාමය.
බුදුදහමේ සාරය අංගුලිමාල කතාවෙන් පිළිබිඹු වේ. ශ්‍රමන භවත් ගෞතමයන් දහස් ගනන් අංගුලිමාලලාට නවතින ලෙස කියයි. එහෙත් ඒ කිසිවෙක් නවතින්නේ නැත. ඒ වෙනුවට දුවන ලෝකයේ විවිධ අරමුණු ඔස්සේ දුවති හති වැටෙති.මොකක්ද මේ නැවතීම. නිර්මිත මන්හ්කල්පිතයක් වන මම නවත්වාගැනීමයි.සියළු සිතිවිලි බැහැරකිරීමයි. සියළු ආශාවන් දෂ්ට කරන සරපයන් බැවින් උන්ගෙන් ඈත්වීමයි.එසේ නැතිව විකාර පුදපූජා කරමින් ආශාවන් පොදි බදිමින් අඩව් අල්ලමින් දහ අට පාලිය නැටීම නොවේ.
බුදුදහම යනු ක්‍රමානුකූලව කාලයක් තිස්සේ ඇතිවූ දාර්ශනික විපරිනාමයකි. තනි පුද්ගලයෙකුගේ සොයාගැනීමක් නොවේ. එහි කිසි ගුප්ත ගූඪ බවක්ද නැත
බුදුදහම ඇතුළු භාරතීය දර්ශන ගැන තුලනාත්මක අධ්‍යනයක් අවශ්‍යය.මෙය ශ්‍රාවකයන් නළවා මෝහනය කිරීමට නොව බුද්ධි කලම්බනය පිණිසය.
.