මේ ලංකාවද නැත්නම් පොන්නා කොලනියක්ද? (18+)

Zeion

Banned
Aug 25, 2013
16
1
0
මේ ලංකාවද නැත්නම් පොන්නා කොලනියක්ද? (18+)


පහත දැක්වෙන්නේ ලක්බිමේ පලවූ මේ සිදුවීම සම්බන්ධ පුවතයි
\\ ශ්‍රී ලංකාවේ ප්‍රථම සමලිංගික විවාහය පසුගිය 16 වන සිකුරාදා දින රත්මලාන ප්‍රදේශයක නිවෙසක පවත්වා තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ සැබෑ මංගල උත්සවයක් ලෙසින්ම විවාහ චාරිත්‍ර මෙහි පැවැත්වීමයි.

මෙහි මනාලිය වී ඇත්තේ මොරටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පිරිමි පාසලක උසස්පෙළ සිසුවෙකි. මෙහි මනාලියගේ පාර්ශවයේ වුයේ උපතින් පිරිමි වුවත් ගැහැණුන් ලෙස ඇඳුම් පැළඳුම් ඇඳීමට , කතා බහකිරීමට කැමති කොට්ඨාශයකි.

මානලියගේ පාර්ශවයෙන් විවාහවූ තරුණියගේ මව , ලොකු අම්මා ඇතුළු පිරිසක් සහභාගී ව සිට ඇතිඅතර මනාලයාගේ පාර්ශවයෙන් ඔහුගේ යහළුවන් පිරිසක් සහභාගී වී ඇත. මෙම විවාහයේදී මනාලියගේ ලොකු අම්මා ලෙසින් හදුන්වා ගත් තැනැත්තා විසින් සාක්ෂි කරුවන් මධ්‍යයේ විවාහය ලියාපදිංචි කොට ඇත.

ඉන් අනතුරුව මනාලයා හා මනාලිය විසින් මුදු හුවමාරුකරගෙනද ඇත. මුදු හුවමාරු කිරීමෙන් අනතුරුව මනාලයාගේ පාර්ශවයෙන් මනාලයාගේ ලඟම හිතවතෙකු කතාවක් පවත්වා ඇතිඅතර මනාලියගේ පාර්ශවයෙන් එම සමලිංගික මධ්‍යස්ථානය පවත්වාගෙන යාමට මුලික රොහාන් නම් තැනැත්තා විසින් කතාවක් පවත්වා ඇත.

මේ සියලු කරුණු මෙසේ සිදුවෙද්දී ඉන්පසු දිනයේ පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිළධාරීන් විසින් රත්මලානේ එම විවාහය සිදුකල දෙමහල් නිවස වටලා හතරදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

රත්මලාන ධම්මිකාරාම විහාරය ඉදිරිපිට පිහිටි මෙම ස්ථානයට නිතරම පාසල් සිසුන් හා කනේ කරාඹු දාගත් තරුණයින් යන එන බවටත් ඊට පෙර පොලීසියට පැමිණිලි ලැබී තිබූ අතර සමලිංගිකයින්ට සේවා සපයන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගන ගොස් තිබූ මෙම ස්ථානයේ අසභ්‍ය ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට ප‍්‍රදර්ශනය කිරීම සඳහා වෙනම කාමරයක් හා අසභ්‍ය සඟරා සහිත පුස්තකාලයක්ද පොලීසියට හමුවී තිබුණා.

ඒවා පරිහරනය කිරීමට මුදල් ගෙවා සාමාජිකත්වය ලබාගත යුතු අතර ඒ සඳහා නිතර පාසල් සිසුන් හා තරුණයින් විශාල පිරිසක් පැමිණෙන බවද හෙළි වී තිබෙනවා.

එහිදී උපත්පාලන කොපු රාශියක් දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත. එහිදී අත්අඩංගුවට පත් සැකකරුවන් සතුව තිබී එම සමලිංගික විවාහයේ ජායාරූප ද සොයාගෙන ඇති අතර ඒවායින් කිහිපයක් අප වෙත ලැබී තිබෙනවා.\\


ශ්‍රී ලංකාව යනු රටක්ද නැතිනම් මුලු ලෝකයේම කුණු කන්දල් පුරවාගනිමින් බටහිර මතවාද අනුව ගමන්කරන බොල් මනසක් ඇත්තවුන්ගේ කොලණියක්ද යන කාරනය ඇසියයුතු තරමට මෙරට විවිධාකාරයේ දුරාචාරයන් වර්ධනය වෙමින් පවතී. අප මාතෘකාවට අදාල සිද්ධිය වාර්තා වන්නේ මොරටුව ප්‍රදේශයෙනි. ඒ සමලිංගික විවාහයක් කිරීමට ගොස් එය සිදුකළ පිරිස හා සමලිංගික ජෝඩුව පොලිස් අත් අඩංගුවට පත්වීමයි. මේ සිද්ධිය හමුවේ ඇහැ කන පියාගෙන නොසිට වහා ක්‍රියාත්මක වී අදාල වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ පොලීසිය ඇතුලු සියලු පාර්ශවයන්ට පළමුව ස්තුතිය පුදකරමින් වැඩිදුර කරුණු කීමට කැමැත්තෙමි.
මෙය විහිලුවකට ගතයුත්තක් හෝ සුලුවෙන් තැකියහැකි දෙයක් නොවේ. එමෙන්ම මේ සිද්ධිය හිටි අඩියේ සිදුවුන අහඹු සිදුවීමක්ද නොවේ. අද අප සමාජය තුල විවිධාකාරයෙන් එලිබහින සියලුම ආකාරයේ දුරාචාරයන් මීට කලකට පෙර අපේ සමාජයේම ඇතමුන් නොදැනුවත්කමට හෝ හිතාමතා කළ අමණකම් වල ප්‍රතිඵල වේ. ඒ ගැන තවත් කතා අවශ්‍ය නැත. පැහැදිලිවම එකලද සමාජයේ බලවත්ව සිටි බටහිර අනුකාරකායින් වූ ඇතැම් පිරිස් වලට අනාගතයේදී මෙවැනි විකුර්ති කාමුක ක්‍රියා වලට පිළිගැනීමක් දී වර්ධනය කිරීමට උවමනාවක් තිබී ඇත. අද ප්‍රතිඵල වෙමින් පවතින විකුර්ති කාමුකත්වයට මීට කලකට ඉහතදී මුලික පදනම වැටෙන්නේ ඒ කරුණ අනුවයි. සමලිංගික විවාහයන් සිදුවන තරමට තබා සමලිංගිකත්වය යන යෙදීම හඳුනන තරමටවත් විකුර්ති සමලිංගික හැසිරීම් මෙරට අතීත සමාජයේ නොතිබුණු බව ඉතා පැහැදිලිය. එසේනම් පසුගිය දිනක මොරටුව ප්‍රදේශයේ සිදුවී පොලීසියට හසු වූ පිරිමි සමලිංගික විවාහය ඒ ආකරයෙන් සිදුවන තැනට කටයුතු සිදුවුනේ කෙසේද? මේ එක් සිද්ධියකි. විවාහයක් තරමට දුරට නොගියත් මෙවැනිම කාන්තා සමලිංගික ඇසුරක් දුරදිගගොස් ද්විත්ව ඝාතනාකින් කෙළවර වුනු සිද්ධියක් වාර්තා උනේ පුල්මුඩේ ප්‍රදේශයෙනි. (http://prathiwadhiya.blogspot.com/2013/04/blog-post_27.html) පිරිමි වෙස්ගත් කාන්තාවක් හමුදාවේ සේවය කරන්වාඇයි කියමින් තවත් කාන්තාවක් රවටා විවාහ කරගත් සිද්ධියක් ඊට කලකට පෙර වාර්තා විය. ඒ පිළිබඳ පුවත සම්බන්ධ කරුණු මේ වන විට අපසතුව නැත, ඇහ්නම් පසුව ඉදිරිපත් කළහැක.


මේ වටා තිබෙන අනෙක් කරුණු ගැනද අප කෙටියෙන් විමසා බැලීම මෙහිලා වැදගත් ය. එක් පැහැදිලි කරුණක් වන්නේ කාලාන්තරයක් තිස්සේ මෙරට මුහුදුබඩ ප්‍රදේශ වල සංචාරක කර්මාන්තය හරහා විදෙස් සංචාරකයන් විසින් සිදුකරන සමලිංගික ළමා අපචාර අදවනතෙක්ද නැවතී නැති බවයි. අනෙකනම් මෙරට ජනප්‍රිය යැයි කියාගන්නා බොහොමයක් පිරිමි හා බාලිකා පාසල් වල ශිෂ්‍ය නේවාසිකාගාර සමලිංගිකත්වයේ පෙරහුරුව ලබන අපචාර ගුබ්බෑයම් බවයි. එමෙන්ම මෑතකදී විශේෂයෙන් චන්ද්‍රිකා කුමාරතුන්ග ජනාධිපති තනතුරට පත්වීමෙන් පසු ක්‍රියාත්මක කළ බටහිර කාන්තා විමුක්තිවාදය හා සමගාමීව රාජ්‍ය නොවන සමලිංගික සංවිධාන රට තුල ස්ථාපිතකළ ආකාරය ඒ පිළිබඳ තතුදත් කිසිවෙකුටත් අමතක විය නොහැක. මේවනවිට රටපුරා සමලිංගිකයන්ට කල්ලිගැසීමට බටහිර යුදෙවු නූතනත්වයේ ආක්‍රමණය සමග පෙරටත් වඩා ඉඩකඩ පුලුල් වී ඇත.
අප විසින් විමසා බැලියයුත්තේ අපේ රට මේතරම අවාසනාවන්ත තත්වයකට ඇදවැටුනේ කෙසේද යන්නයි. සියල්ලට පෙර අප විමසා බැලියයුත්තේ සමලිංගිකත්වයට වැඩීමට කිසිදු ඉඩකඩක් නොතිබුණු මෙරට සමාජයේ ලිංගිකත්වය හා බැඳුනු සැබෑ වටිනාකම් මොනවාද යන්න වේ. මේ හා සම්බන්ධව බලන කළ අප සමාජයේ සමලිංගික විෂබීජයට වැඩීමට ඉඩ නොදෙන වටිනාම සාධකය වන්නේ ස්ත්‍රී පුරුෂ වශයෙන් එකිනෙකාට ලාක්ෂණික වූ සමාජමය මානසික අනුවර්තනයි. මෙය අප රටේ පමණක් නොව බටහිර පවා යුදෙවු චින්තනය බලවත්වීමට පෙර ඉතා පැහැදිලි මෙන්ම ජනයා විසින් ඉතා වැදගත් ලෙසද සැලකූ දෙයක් විය. අද තිබෙන තත්වය දක්වා මෙරට සමාජය තුල සමලිංගික විකුර්ති කාම ව්‍යාධිය වර්ධනය වීමේදී ඊට ඉමහත් රුකුලක් වී තිබෙන්නේ සමාජය තුල තිබූ ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වයන්ට අදාල මනෝවිද්‍යාත්මක අනුවර්තනයන් ක්‍රමයෙන් ඉවත්වීමට සැලැස්වීමයි. එය ක්‍රියාවට නැගූ අමණ උගතුන් බුද්ධිමතුන්, හොර දේශපාලුවන් ඇතුලු සියලු දෙනා මුලින් කළේ ලිංග භේදයක් එපා යැයි කියමින් සමාජය මානසික නපුංසකකරණයකට ලක්කිරීමය. එයින්ද නොනැවතුනු මේ අමණ මරි මෝඩ රැල ඔවුන් අනුගමණයකළ බටහිර කාන්තා විමුක්තිය ඇතුලු යුදෙවු චින්තනයෙන් පැනනැගුනු ලිංගිකත්වය හා බැඳී ඇති විකුර්ති මතවාද බුදු දහමටද සාවද්‍ය ලෙස ගැලපුවෝය. එකළ බටහිර අධ්‍යාපනය හරහා තම ප්‍රතිරූප පුම්බාගත් ව්‍යාජ උගතුන් කීවේ බුදුන්වහන්සේ විසින් කාන්තා විමුක්තිය මුලින්ම ලබාදුන් බවයි. බුදු දහමට අනුව විමුක්තිය යනු නිවන මිස කාම විකුර්තිතාවයන් හා ලිංගිකත්වය මත පදනම් වන වෛරය නොවන බව ඔවුන් හිතාමතා අමතක කර තිබෙන්නේ කුහකකම නිසා මිස වෙනදෙයක් හේතුවෙන් නොවේ. බටහිර යුදෙවු නූතනත්වයේ මානසික වහලුන් වුන මේ පුහු අනුකාරකයින්ට බටහිර කාන්තාවිමුක්තිය මෙරට තුල පැලපදියම් කර පෝෂණය කිරීමට තිබුනේ පුදුමාකාර උනන්දුවකි. මේ කුහක මැටිමෝලන් එසේ කිරීමෙන් තමන්ට සමාජයතුල අධි ගුණයහපත්කමක් ආරූඪ කරගතහැකියැයි සිතුවාට කිසිදු සැකයක්ද නැත. ඔවුන්ගේ මේ අමණ මරි මෝඩ හැසිරීම ඔවුන් විසින් හැඩබලමින් මෝඩ වින්දනයක් ලබාගන්නා ආභරණයක් බවට පත්කරගෙන තිබුණි. යම් දිනක බටහිරට අනුව යමින් සමලිංගිකත්වයට පිළිගැනීමක් ලබාදීමට කැසකවමින් සිටි විජාතික බලවේග උපරිම ප්‍රයෝජනයක් ගෙන තිබෙන්නේද ඒ අනුකාරකයින්ගේ අමණ හැසිරීමෙනි.
ක්‍රමයෙන් අවස්ථාවාදීව මේ කුහක සමාජ තත්වයන්ගෙන් ප්‍රයෝජන ගත් බටහිර විජාතික විකුර්ති කාම බලවේග ස්ත්‍රී පුරුෂ ස්වභාවික ලිංගික සබඳතා පසුබස්වමින් සමලිංගිකත්වය වර්ධනය කිරීම දිගින් දිගට කරගෙන ගියෝය. මේ තත්වය යටතේ, කිසිදු සංසන්දනයක් නොමැතිව කාන්තාවන් අඳින වස්තරයෙන් ශරීරය වැහෙන ප්‍රමාණයට මුලු සංස්කෘතියම ගොනු කරමින්, කොටගවුමයි අඩිගනන් පැලූ සායයි පතුරුගැසූ සංස්කෘතික බක පණ්ඩිතයන්ද කර තිබෙන්නේ අවසානයේ අර විකුර්ති කාමවාදීන්ට ලිංග භේදය එපා කියමින් කාන්තාවන් මානසිකව පුරුෂකරණය කර විකුර්ති කාමුකත්වය වැඩිදියුණු කිරීමටම වන්නේ ඔවුන් මෙරට සිංහල කාන්තාවන්ට ගැලපෙන ඇඳුම කුමක්ද යන්න හා ගැලපෙන ක්‍රියාකාරකම් මොනවාදැයි නොකීම නිසය. මේ අනුව බලන කළ විජාතික විකුර්ති කාම බලවේග මෙරට ජනසමාජයේ පවතින කුහකකම් හා අනෙකුත් දුර්වලකම් කොපමණ දක්ෂ ලෙස කලමනාකරණය කරන්නේද යන්න පැහැදිලිය.මෙරට දේශපාලන ඉතිහාසය පුරාවට සිංහල චන්දදායකයා කර තිබෙන ගොන්කම් වල එක් උච්ච අවස්ථාවක් සනිටුහන් කරමින් චන්ද්‍රිකා කුමාරතුන්ග ජනාධිපතිනිය බවට පත්වුනේ ඇය අනුගමණය කළ ලිබරල් පරතිපත්ති හා බටහිර කාන්තා විමුක්තිවාදය අර සමලිංගික විකුර්ති කාම බලවේගවලට රැකවරණය සපයන තත්වයක් උදාකරමිනි. චන්ද්‍රිකා ජනපති පුටුවේ වැජඹුන කාලය තුල කාන්තා විමුක්තිවාදීන් හා සමලිංගික කල්ලි ප්‍රසිද්ධියේ බඩපිනුම් ගසපු ආකාරය තතුදත් කිසිවෙකුට අමතක නොවේ. අදටත් උන් යකා නටන්නේ චන්ද්‍රිකා පාලනසමයේ ඔවුන් ලැබූ ශක්තියෙනි.
ලිපිය අවසානයේ මතක්කරදීමට ඉතිරිව ඇත්තේ එක්දෙයක් පමණි. එනම් අද දවසේ අප මෙවැනි ප්‍රශ්න වලින් බැටකන්නේ අතීතයේ කරපු වැරදි වල සාමූහික ප්‍රතිඵල ලෙස යන්නයි. එබැවින් මේවැරදි හදා නොගන්නා තෙක් අප ඒ තුලම කැලැත්තෙමින් බටහිර බොරු නූතනත්වයේ සිහිනද දකිමින් අපේ විනාෂය ලඟාකරගැනීම වැලැක්විය නොහැක. මේ සමලිංගික විකුර්ති කාමුකත්වය හිස එසවීමේ ගැටලුව සම්බන්ධයෙන් බලන කල, එයින් ගැලවීමටනම් පාසල් අධ්‍යාපනය, ක්‍රීඩාව ආදිය හරහා නැතිකර දමා තිබෙන ස්ත්‍රී පුරුෂ සමාජමය හැඩගැසීම් නැවත ස්ථාපිතකිරීම කළයුතුමය. බටහිර නූතනත්වයේ මානසික වහලුන් විසින් නැතිකරදැමූ ලිංගිකත්වය හා සම්බන්ධ අපට හුරුපුරුදු සැබෑ වටිනාකම් නැවත සමාජය තුල පිහිටුවා සජීවී බවට පත්කිරීමෙන් මෙපිට මේ ගැටලුවට වෙනත් විසඳුම් නැත.