මේ වගේ දේවල් උබලගේ ඇගේත් තියෙනවද?පරිස්සම&#3530

ulta

Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    මේ වගේ දේවල් උබලගේ ඇගේත් තියෙනවද?පරිස්සම&#3530

    :sorry:
    :sorry:
    :sorry:




    මේ වගේ දේවල් උබලගේ ඇගේත් තියෙනවද?පරිස්සම්වෙයල්ල

    image_e3fbb1e938.jpg


    අපේ ශරීරයට පුළුවන්කම තිබෙනවා යම්කිසි ලෙඩක් ඇතිවෙලා ශරීරය අඩපණ වූ විට ස්වයංව නැවත සකස් වන්නට..... මේ නිසාම, ශරීරයට විවිධ ලෙඩ රෝග වැළඳෙන්නට පෙර අවස්ථාවල ඒ බව අප දැනුවත් කරන්න ශරීරය විසින්ම නොයෙකුත් සංඥා නිකුත් කරනවා. ශරීරය විසින් නිකුත්කරන මේ ඉඟි කිසිවිටකත් නොසලකා හරින්න එපා. ඒවා දරුණු රෝගවල මුල් සලකුණු විය හැකි නිසයි. මොනවද මේ, අමුතු ලකුණු.

    ඇස් විවිධ පැහැයන් ගැනීම

    ඔබේ ඇසේ සුදු ඉංඟිරියාව මලානික සුදු පැහැ වී ඇත්නම් මෙයින් කියවෙන්නේ ඔබ ලබාගන්න නින්ද ප්‍රමාණවත් නොවීම සහ සෙම්ප්‍රතිශ්‍යාවේ ලක්ෂණයි. සුදු ඉංඟිරියාව කහ පැහැවී ඇත්නම් සෙංගමාලය, අක්මාවේ සහ පිත්තාශයේ ගැටලු නිරූපණය වනවා. ඒ වගේම, සුදු ඉංඟිරියාව රතු පැහැවී ඇත්නම් එමගින් කියවෙන්නේ හිස ඇසුරුකොට සිදුවන රුධිර පීඩනයේ වෙනස් වීමය.

    තොල් ඉරිතැලීම

    පරිසරයේ සුළඟ නිසා සහ උෂ්ණත්වයේ සිදුවන විවිධ වෙනස්කම් නිසා දෙතොල් ඉරිතැලීම ඇති විය හැකිය. නමුත්, දෙතොල් නිතරම වාගේ ඉරිතැලී වන වුණු ස්වරූපයක් ගෙන ඇත්නම් එයින් කියවෙන්නේ විටමින් B සහ සින්ක් ඌනතාවයයි. මෙය දිලීර ආසාදනය වීමේ දී ඇතිවන රෝග ලක්ෂණයක් නිසා වෙන්නටත් පුළුවන්.

    අවුරුදු 40 ට පෙර හිසකෙස් පැහීම

    වයස්ගත වීමත් සමඟ හිසකෙස් සුදු පැහැවීම ස්වභාවික ක්‍රියාවලියක්. ඒ වගේම, ජානමය හේතු නිසාත් හිසකෙස් අකලට පැහෙන්න පුළුවන්. නමුත්, ඔබ වයස අවුරුදු තිහේ පමණ පසුවන පුද්ගලයෙක් නම්, ඔබේ හිසකෙස් දැනටමත් 50% ක් පමණ පැසී අවසන් නම් ඔබ දියවැඩියා රෝගයට ගොදුරු වී තිබෙන්නට පුළුවන්. ඔබේ පවුලේ සාමාජිකයන්ටත් මින් පෙර මෙවන් දෑ සිදුවී ඇත්දැයි විපරම් කර බලන්න.

    විවිධ ලප ඇති වීම

    සමෙහි ඇතිවන ලප මගින් ශරීරයට පීඩාවක් නොවුණත් අධිකව හිරුඑළියට නිරාවරණය වීම නිසා ඇතිවන ලප භයානක තත්වයක් උදාකරන්නට පුළුවන්. උදාහරණයක් ලෙස හිරු කිරණ නිසා සහ UV කිරණ නිසා ඇතිවන ලප, පිළිකාව ඇතිවීමේ සලකුණක් ලෙස සලකනවා.

    නියපොතු වල සිදුවන වෙනස්කම්

    නියපොතු මගින් ශරීරයේ සිදුවන බොහෝ දෑ පිළිබඳව අනාවරණය කරගන්නට පුළුවන්. නියපොතු වඩාත් කහ පැහැ වනවානම් එය “hepatitis” වැනි අක්මාවේ ඇති වන රෝගී තත්වයක සලකුණක් වනවා. රතු පැහැ වූ නියකින් අර්ථවත් වන්නේ හදවත් රෝග පිළිබඳවයි.

    බෙල්ල ඉදිමීම

    ඔබේ බෙල්ලත් ඉදිමී ඇත්නම් ඔබ වහාම වෛද්‍යවරයෙකු මුණගැසෙන්න. ඔබේ බෙල්ලේ ඉදිරිපස පෙදෙස ඉදිමී ඇත්නම් එයින් කියවෙන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිවල ආසාදනයි. මේ තත්වය වයස අවුරුදු 20–50 අතර කාන්තාවන් අතර බහුලව දකින්නට පුළුවන්.

    අල්ල රතු පැහැ වීම

    අල්ල රතු පැහැ වීම විවිධ චර්ම රෝග නිසා, දද ඇතිවීම නිසා සහ ලෝහ, ඖෂධ සහ ආහාර සහ පාන වලින් විවිධ ආසාත්මිකතා ඇතිවීම නිසාත් ඇතිවන්නට පුළුවන්. මේ තත්ත්වය අධික ලෙස වැඩ කිරීම නිසාත් අක්මාවේ ඇතිවන රෝගී තත්වයන් නිසාත් සිදුවන්නට පුළුවන්.

    මුහුණ රතු පැහැ වීම

    මුහුණේ ක්‍ෂණික වෙනස් වීම වයස අවුරුදු 30–50 අතර කාන්තාවන්ට ඇතිවනවා. මේ තත්ත්වය සිදුවන්නේ හෝමෝන වල සිදුවන අසමතුලිත තාවයන්, උෂ්ණත්වයේ සිදුවන වෙනස්කම් සහ උණුසුම් ආහාර ලබාගැනීම වැනි හේතු නිසයි. සුදු පැහැ කම්මුල් ඇති කාන්තාවන් හට නිතරම වාගේ මුහුණින් රතු පැහැ වීම කුරුලෑ වැනි ඉදිමුම් සහිත බව ඇතුළත් “rosacea” ලෙස හඳුන්වන තත්ත්වය ඇතිවනවා. මෙය සමහර කාන්තාවන්ට ඇතිවන දිගුකල් පවතින චර්ම රෝගී තත්වයක්. මේ රෝගී තත්වය ඇතිවන්නට බලපාන හේතුව තවමත් සොයාගෙන නෑ.

    ඇහිබැම වර්ධනය නොවීම

    වයස් ගතවීමේ දී ඇහි බැමේ වර්ධනයත් ක්‍රමයෙන් අඩුවී යනවා. නමුත්, ඇහිබැම ක්‍ෂණයකින් වැටී යනවා නම් එය සිදුවන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය වැඩිවීම නිසා නැත්නම් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩපණ වීම වැනි විවිධාකාරයෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන ගැටලු නිසයි.

    දෙපා සීතල වීම

    පාද කියන්නේ හදවතට ඈතින්ම පිහිටි අවයවයයි. නමුත් ඕනෑම හදවත් රෝගයක් ප්‍රථමයෙන්ම නිරෑපනය වන්නේ පාද හරහායි. “Raynaud’s” නමැති රෝගය නිසා පාද සිසිල් වීමත් සුදුමැළිවී මලානික ස්වරෑපයකුත් ගනු ලබනවා. මේ රෝගී තත්වය ඇතිවන්නේ පාද වල රුධිර නාල තරමක් ඝනවීම නිසයි.

    ඔබේ සිරුරේත් මෙවන් දෑ දැකගන්නට ලැබේ නම් වෛද්‍යවරයෙකු මුණගැසී ප්‍රතිකාර කටයුතුවලට යොමුවීම වැදගත්.


    සටහන-දේශය

    මට හිතෙන විදිහටනම් අවුරුද්දකට සැරයක්වත් fullbody checkup එකක් කරගන්න පුලුවන්නම් ගොඩක් ලෙඩ රෝග වැළදෙන එක අඩු කරගන්න වගේම මග ඇරගන්නත් පුළුවන් වෙයි...
    උබලට අත්දැකීම් තියෙනවනම් ඒවත් මෙතන දාගෙන යමල්ල...
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113
    ෆුල් බොඩි චෙකප් එකකට කීයක් යනවද බන් :rolleyes:
     
    • Like
    Reactions: ulta

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මගෙත් කොණ්ඩේ පැහෙනවා,දියවැඩියාවද දන්නෑ :no: