මේ ව්‍යාපාරිකයගෙන් ආදර්ශයක් ගන්න

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේ ව්‍යාපාරිකයගෙන් ආදර්ශයක් ගන්න

    මගේ පොතේ එක පරිච්චේදයක් තියනවා සාර්ථකත්වයේ C-10 කියලා. මේ පරිච්චේදයේ එක කොටසක් තමයි ධෛර්යය.. මේ ගැන ලියන්න අන්තර්ජාලය පුරා විස්තර හොයන් යනකොට මට හරි අපුරු වීඩියෝ එකක් හම්බුනා. මම හිතුවා එක ඔයාලා එක්ක බෙදාගන්න.

    අවුරුදු 20-30 වගේ ශක්තිමත් තරුණයෝ ගෙදරට බරක්වෙලා ගෙදරින් යැපෙනවා මම දැකලා තියනවා. අපෝ මේක බෑ මේක හරි අමාරුයි මහන්සියි පට්ට කට්ටක් කන්න වෙනවා කියලා මිනිස්සු තමන්ගේ හින අතැරලාදානවා මම දැකලා තියනවා. මේක පටන්ගත්තොත් හෙන කට්ටක් කන්න වෙයිද කියලා හිත හිත තමන්ගේ සාර්ථකත්වයට යන පාර අද්දර පාර දිහා බලාගෙන ලතවෙවී ඉන්න තරුණයෝ මම දැකලා තියනවා. ඒ හැමෝටම මේ ව්‍යාපාරිකයා ආදර්ශයක්. වයස අවුරුදු 75ක් නමුත් තාම සටන් කරනවා.

    මම ඔයාලගෙන් අහන්නේ මෙච්චරයි. මේ මනුස්සයට තියන ගට මේ මනුස්සයට තියන ධෛර්යයවත් ඔයාලට තියනවද? එහෙනම් තවත් හිතන්නේ මොකක්ද? සාර්ථකත්වයේ ගමන අදම පටන්ගන්න.




    Bx_98n6IIAARAVE.jpg
     
    Last edited: