මේ වෙසක් පඬුර ඔබගේ ජීවිතයට ධර්ම ප්‍රීතිය
මේ වෙසක් පඬුර ඔබගේ ජීවිතයටධර්ම ප්‍රීතිය, සුඛය හා සැනසිල්ල පිරි නිවී සැනසුණු ජීවිතයකට උපකාරීවේවා!
අප මිනිස් ලොව ඉපිදසිටින්නේ ඉතාමත් සුළු කලකටයි. නමුත් මේ සුළු කාලය තුළ දී බොහෝ දේ කරන්නට තියෙනවා.එනිසා අපට සිතෙන්නේ ගොඩාක් කාලය අපට තියෙනවා කියලයි. නැහැ… ඇත්තෙන්ම අපට තියෙන්නේඉතාමත් සුළු කාලයයි. මේ සුළු කාලයේදීත් අප ලද මිනිස් ජීවිතයේ යම්කිසි සාර්ථකත්වයක්ලබාගන්නට ඕන. සැපවත් ලෙස ජීවිතය ගත කරන්නට ඕන. පින් රැස් කරගන්නටත් ඕන. සතර අපායටනොවැටෙන ලෙස ජීවිතය රැක ගන්නටත් ඕන. මරණින් මතු සුගතියේ උපත ලබන්නට ත් ඕන. සසරෙන්එතෙර වෙන වැඩපිළිවෙලක් ඇති කරගන්නටත් ඕන.
ඇත්තෙන්ම සසරක සැරිසරනබව අපට තේරෙන්නේ නැහැ. අප තුළ පටිච්ච සමුප්පාදයක් ක්‍රියාත්මක වන බව තේරෙන්නේනැහැ. අප සිටින්නේ අවිද්‍යාව තුළ බව තේරෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍යය අවබෝධ නොවී මේගත කරන පෘථග්ජන ජීවිතය ඉතා භයානක වූ, අනතුරුදායක වූ තත්වයක් බව තේරෙන්නෙත් නැහැ.අපේ සිතේ හැමතිස්සෙම පවතින්නේ ඉන්ද්‍රියන් පිනවිම තුළින් සතුටක් ලබන්නට සිතුවිලිඇතිකර ගැනීම නේද?
අපට නොතේරෙන, නොවැටහෙන, නොදන්නා ඉතා පුදුමාකාර වාසනාවක් මුණ ගැසී තිබෙනවා. ඒ කියන්නේ මේ මිනිස් ලොව සත්යයපෙන්වා දිය හැකි බුදු කෙනෙක් පහළ වෙලා ධර්මය දේශනා කොට පිරිනිවන් පා තිබෙනවා. ඒබුදුරජුන් විසින් එදා සමාජයට ඉතා ආශ්චර්යය වූ අද්භූත වූ පරම සුන්ද වූ විස්මිත වූඅපූර්ව වූ ධර්මයක් කියා දී තිබෙනවා. ඒ ධර්මය අපේම භාෂාවෙන්, අපේම හැඟීම් වලින් අසාදැනගන්නට ඇති වාසනාව සුළුපටු දෙයක්ද? සැබැවින්ම කාම මඩ ගොහොරුවේ එරී සිටින අන්ධබාලපෘථග්ජන ජීවිතයෙන් අත්මිදී ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයන්ගේ ලෝකයට පියනගන්නට මෙයටත්වඩා හොඳ අවස්ථාවක් කවරදාක නම් ආයෙමත් ලැබෙයිද?
ඉතින් පින්වතුනේ, අපකුඩා අවදියේ සිට නොදැනුවත්කමින් හෝ සරණ ගියේ ඒ බුදුරජාණන් වහන්සේවයි. දැන් අපිදැනුවත් වෙමු. අවබෝධයෙන්ම සරණ යමු. ඒ ආශ්චර්යවත් ධර්මය කලණ මිතුරන්ගේ ඇසුරින් අසමු.සිතෙහි දරාගනිමු. මේ අවස්ථාව අප ලද උතුම්ම ක්ෂණ සම්පත්තියයි. ඉතින් ඒ සඳහා ඒ මහාකාරුණික බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින් ගලා ගිය බ්රහ්මස්වර විහිදෙන මිහිරිහඬින් යුතු වූ ගාථා රත්නයන්ගෙන් කිහිපයක් මා පවසන්නම්. මේ වෙසක් පඬුර ඔබගේ ජීවිතයටධර්ම ප්‍රීතිය, සුඛය හා සැනසිල්ල පිරි නිවී සැනසුණු ජීවිතයකට උපකාරීවේවා!
මනුස්සලාභංලද්ධාන – සද්ධම්මේසුප්පවේදිතේ
යේ ඛණං නාධිගච්ඡන්ති – අතිනාමෙන්ති තේ ඛණං
ජීවිත ප්රතිලාභයකුත්ලැබිලා, මැනැවින් වදාරණ ලද උතුම් සද්ධර්මය අසන්නටත් ලැබිලා තියෙද්දී යමෙක් මේ ක්ෂණසම්පත්තිය ඇතිකර නොගනිත්ද, ඔවුන් අහිමි කරගන්නේ ක්ෂණ සම්පත්තියමයි.
බහුහිඅක්ඛණා වුත්තා – මග්ගස්ස අන්තාරායිකා
කදාචි කරහචි ලෝකේ – උප්පජ්ජන්ති තථාගතා
නිවන් මගට අනතුරුදායකවූ බොහෝ අක්ක්ෂණයන් ඇති බව වදාරලයි තියෙන්නේ. ඉතාමත්ම කලාතුරකින් අතිශයින්මදුර්ලභවයි තථාගතයන් වහන්සේ පහළ වෙන්නේ.
තස්සිදංසම්මුඛීභූතං – යං ලෝකස්මිං සුදුල්ලභං
මනුස්සපටිලාභෝ ච – සද්ධම්මස්ස ච දේසනා
අලං වායමිතුං තත්ථ – අත්ථ කාමේනජන්තුනා
මනුස්ස ජීවිතප්රතිලාභයත්, සද්ධර්ම දේශනාව අසන්නට ලැබීමත් යන යමක් ඇද්ද, එය ලොව අතිශයින්මදුර්ලභයි. ඒ දුර්ලභ දේ දැන් මනුෂ්‍යයාට හමු වී ඇත. එහිලා තමාගේ යහපත කැමති මිනිසාවිසින් උත්සාහ කිරීම සුදුසුමයි.
කථං විජඤ්ඤාසද්ධම්මං – ඛණෝ වෝ මා උපච්චගා
ඛණාතීතා සෝචන්ති – නිරයම්හිසමප්පිතා
සදහම් දෙසුම් ගැනතේරුම් ගන්නට ඕන. ඔබේ මේ ක්ෂණ සම්පත්තිය අහිමි වෙන්නට එපා! ක්ෂණ සම්පත්තිය අහිමිකරගත් උදවිය නිරයෙහි ඉපදිලා ශෝක කරනවා.
ඉධචේව නංවිරාධේති – සද්ධම්මස්ස නියාමතං
වාණිජෝව අතීතත්ථෝ – චිරත්තංඅනුතපෙස්සති
මේ ජීවිතයේදීම ක්ෂණසම්පත්තිය තුළින් සද්ධර්මාවබෝධය ඇතිකරවන ආර්ය මාර්ගය ලැබී තිබියදී එය වරදවා ගත්තොත්පිරිහී ගිය ව්‍යාපාරිකයෙක් වගේ බොහෝ කල් තැවි තැවී සිටින්නට වේවි.
අවිජ්ජානිවුතෝ පෝසෝ – සද්ධම්මං අපරාධිකෝ
ජාති මරණ සංසාරං – චිරංපච්චනුභොස්සති
අවිද්යවෙන් වැසුණු පුද්ගලයා සද්ධර්මය වැරදි ලෙසගැනීම නිසා උපදින මැරෙන සංසාරය තුළ බොහෝ කල් විඳවන්නට සිදුවේවි.
යේච ලද්ධාමනුස්සත්තං – සද්ධම්මේ සුප්පවේදිතේ
අකංසු තත්ථ වචනං – කරිස්සන්ති කරොන්ති වා
යම් කෙනෙක් මනාකොටවදාරණ සද්ධර්මය කතා කරන යුගයක මිනිසත් බව ලබා ඒ ශාස්තෘන් වහන්සේගේ වචනයට අනුව ජීවත්වුණා නම්, ඒ වගේම ජීවත් වෙනවා නම්, ඒ වගේම මත්තෙහි ද එසේ ජීවත් වෙයිනම්,
ඛණං පච්චවිදුං ලෝකේ – බ්රහ්මචරියං අනුත්තරං
යේ මග්ගං පටිපජ්ජිංසු – තථාගතප්පවේදිතං
ඒ වගේම යම් කෙනෙක්අනුත්තර වූ බඹසර වන ඒ ක්ෂණ සම්පත්තිය අවබෝධයෙන්ම සාක්ෂාත් කළා නම් ඒ උදවිය තථාගතයන්වහන්සේ මැනැවින් වදාරණ ලද නිවන් මගටයි බැසගෙන ඉන්නේ.
යේ සංවරාචක්ඛුමතා – දේසිතාදිච්චබන්ධුනා
තේසු ගුත්තෝ සදා සතෝ – විහාරේඅනවස්සුතෝ
ඒ වගේම ආදිච්චබන්ධු වූසදහම් ඇස් ඇති භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ශීලාදී සංවරවීම් ගැන වදාරලා තියෙනවා.හැම මොහොතේම ඒ සංවරය තුළ රැඳෙමින් සිහි නුවණින් යුතුව කෙලෙසුන්ගෙන් තෙත් නොවී වාසයකිරීමයි කළ යුත්තේ.

Last edited: