මේ සර්පයා මොකෙක්ද.?

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    apo kunakatuvva marapu kalakanniyaaaaaaaaa... thotath ohoma kagen hari polu paraval kala thamayi merenn venne
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුණකටුවෙක්...........
    ඒත් ටිකක් විසයි බං....
    ඉදිමෙනවා.............

    උදේ හවස බුදුන්ට පහනක් තියන්න පුරුදු වෙයං.........
    ඔය වගේ හදිසි උවදුරු වලකිනවා.......
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මෙයාට කියන්නෙ "කුනකටුවා" කියලා. ඉංග්‍රීසියෙන් කියන්නෙ "Hump nose viper" කියලා. විද්‍යාත්මක නාමය "Hypnale hypnale". මෙයා ලංකවෙ ඉන්න මඳ විස සහිත සර්පයන්ගෙන් එක්කෙනෙක්. මෙයාගේ දෂ්ඨන නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයේ රෝහල් වල මරණ ඉතා සුළු ප්‍රමාණයක් වාර්තා උනත් මෙම සර්ප විශේෂය තවමත් උග්‍ර විෂ කාණ්ඩය යටතේ විද්‍යාත්මකව වර්ග කරන්නේ නැත. තෙලිස්සන් මද විෂ කාණ්ඩයේ වර්ග කෙරේ. ඇතැමුන් මෙම තෙලිස්සන් විශේෂය උග්‍ර විෂ කාණ්ඩයට යොදා දැක වූ අවස්ථා ඇතත් එය සාර්ථක වර්ග කිරීමක් නොවේ. මොකද අනෙක් පළාත් වල මෙවැනි මරණ වාර්තා නොවීම එක හේතුවක්. අනෙක දෂ්ටන සංඛ්‍යාව ඉතා ඉහල වුවත් සිදුවී ඇති මරණ සංඛ්‍යාව ඉතා සුළු වීමි.

    මෙම සතුන් සාමාන්‍යයෙන් නිශාචර සතුන් වේ. දහවල් කාලයේ කොළ රොඩු අතර හෝ කොටන් යට දැකිය හැකි වුවත් සංචරණය කරන්නේ කලාතුරකිනි. එමෙන්ම බොහෝ විට වහා කිපෙන සුළු සර්ප විශේෂයකි. නමුත් ඉතා අලස සර්ප විශේෂයකි. වේගයෙන් බොහෝ දුර සංචරණය නොකරයි. නමුත් සතාගේ හිස සීමාවෙන් අඩි 2ක් පසු පසින් සිටින කෙනෙකු දෂ්ඨනයකින් ආරක්ෂිතය. නමුත් ශරීරය දඟර ගසා එකවර දිග හැරී (පනින අයුරින්) සපා කෑමට තැත් කරයි නම් ටිකක් ඈතින් සිටීම ආරක්ෂිතය. නැතිනම් පා ආවරණ (Boots) පැළඳ සිටී නම් දෙපා ගැන බිය වීමට කාරනාවක් නැත. එමෙන්ම කට ලොකු බෝතලයක්, එක පසක් වැසූ PVC නලයක්, හෝ සහල් බෑගයක්‌ ඉදිරියෙන් තබා සතාගේ පිටුපසට කෝටුවකින් සෙමෙන් තට්ටු කිරීමෙන් ඉතා පහසුවෙන් සතාව ආරක්ෂිතව අල්ලා ගත හැක. පසුව කැලයකට සතාව නිදහස් කල හැක. දෙපාර්ශවයේම යහපත උදෙසා පළමුව සතා නිරීක්ෂණය කොට සුදුසු පරිදි ඉවත් කල හැකිනම් එය ඇත්ත වශයෙන්ම අගය කල යුතු යහපත් මනස උසස් (මනුෂ්‍ය) ක්‍රියාවකි.
    (දුශාන්ත කන්ඩම්බි මහතාගේ Facebook කමෙන්ටුවකින් උපුටා ගන්නා ලදී.)


    මේ තියෙන්නෙ මේ ජාතියෙ එක්කෙනෙක්ගෙ මම ගත්ත ෆොටෝ එකක්
    282773_10150974288044347_372876102_n.jpg
     
    Last edited:
    Jun 3, 2013
    659
    59
    0
    මෙයාට කියන්නෙ "කුනකටුවා" කියලා. ඉංග්‍රීසියෙන් කියන්නෙ "Hump nose viper" කියලා. විද්‍යාත්මක නාමය "Hypnale hypnale". මෙයා ලංකවෙ ඉන්න මඳ විස සහිත සර්පයන්ගෙන් එක්කෙනෙක්. ********එමෙන්ම කට ලොකු බෝතලයක්, එක පසක් වැසූ PVC නලයක්, හෝ සහල් බෑගයක්‌ ඉදිරියෙන් තබා සතාගේ පිටුපසට කෝටුවකින් සෙමෙන් තට්ටු කිරීමෙන් ඉතා පහසුවෙන් සතාව ආරක්ෂිතව අල්ලා ගත හැක. පසුව කැලයකට සතාව නිදහස් කල හැක. දෙපාර්ශවයේම යහපත උදෙසා පළමුව සතා නිරීක්ෂණය කොට සුදුසු පරිදි ඉවත් කල හැකිනම් එය ඇත්ත වශයෙන්ම අගය කල යුතු යහපත් මනස උසස් (මනුෂ්‍ය) ක්‍රියාවකි.
    (දුශාන්ත කන්ඩම්බි මහතාගේ Facebook කමෙන්ටුවකින් උපුටා ගන්නා ලදී.)


    මේ තියෙන්නෙ මේ ජාතියෙ එක්කෙනෙක්ගෙ මම ගත්ත ෆොටෝ එකක්
    282773_10150974288044347_372876102_n.jpg

    :love::love::yes: