බොරළු ඇනෙන පය රිදවන
වෙහෙස මදක් නිවාගන්න
ඔබේ සතුටු මුහුණ අපට
ටිකක් හොඳින් බලාගන්න
මහත්වරුනි බදුලු ඔයෙන්
කිරි කඳුළක් අපිත් ගන්න
කාසි ඇතොත් මේ බෙලිමල්
කඳුළු වතුර පොදක් බොන්න
කැලේ ගිහින් නිදි වැරුවා
කැලේ ගිහින් නිදි වැරුවා
කැපුන සඳුන් දණ්ඩ දනී
ඒ සඳුනෙන් හිත තැවරූ
සුවඳ පවා සිහින වැනී
අඳුරට දුක එකතු වෙලා
අඳුරට දුක එකතු වෙලා
නින්ද බිදුණු පැලට වඩී
අපට නැතත් බදුලු ඔයට
හෙටත් උදෑසනක් වඩී
රෑන ගිරව් කටුසු කොබෙයි
රෑන ගිරව් කටුසු කොබෙයි
උරග නාග සපුණි වනේ
නුඹට වගේමයි අපටත්
දුක් පීඩා විඩා දැනේ
කඳු ඉස්මත්තෙන් පාවී
කඳු ඉස්මත්තෙන් පාවී
වැගිරෙන දුන්හිඳ හීනේ
පුංචි එවුන්ටයි ලස්සන
කිරිගරුඩෙන් කවිය වුණේ
බොරළු ඇනෙන පය රිදවන
වෙහෙස මදක් නිවාගන්න
ඔබේ සතුටු මුහුණ අපට
ටිකක් හොඳින් බලාගන්න
මහත්වරුනි බදුලු ඔයෙන්
කිරි කඳුළක් අපිත් ගන්න
කාසි ඇතොත් මේ බෙලිමල්
කඳුළු වතුර පොදක් බොන්න
ගායනය - විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
පදරචනය - රුචිර පරණවිතාන
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ