ඔය වගේම කැමති ඇඳුමක් ඇදන් ඉන්න පුලුවන් නිදහසක් වෙනුවෙන් කතා කරන්න ඕනෙ. ඒකට ඉතින් ප්‍රෝ රැග් සපෝට් එක හැලෙනව. හැබැයි මේ බුවා මම දන්න තරමින් ඇන්ටයි රැග් එකෙක්.
ශිෂ්‍ය සංගම් ගැන හෙල්ති විවේචනයක් කරන ගමන් ම හැබැයි අනිත් අතට ඇඩ්මින් එකට පුක දෙන්න යන්නෙත් නැතුව ඉඳීමෙන් විතරයි විශ්ව විද්‍යාල ඇතුලෙ අපි බලපොරොත්තුවෙන ප්‍රොග්‍රෙසිව් පරිසරය හදන්න පුලුවන්.
ඇයි ශිෂ්‍ය සංගම් ගැන විවේචනය "හෙල්දි" වෙන්න ඕනේ? අනික ඇඩ්මින් එකට "පුක දෙනවා" කියන්නේ මොකක්ද?
ඇඩ්මින් එක ගැන "හෙල්දි විවේචනයක්" කරන ගමන් ශිෂ්‍ය සංගම්වලට "පුක නොදී" ඉන්න එක නරක දෙයක් නෙවෙයිද?
ආටෝ අතර ඇඩ්මින් එකට පුක දෙනවය කියල හඳුනාගන්න තරම් විශේෂ ශිෂ්‍ය කණ්ඩායමක් හිටියේ නැහැ. (මමත් පේරා හිටියේ.)
හැබැයි ශිෂ්‍ය සංගමේ කියන හැම දේටම ඇහුම්කන් දීගෙන ඕක ඇඟට අරගෙන පුකදීපු කට්ටියක් නම් හිටියා.
ඇන්ටි-රැගර් කියල තමන්ව හඳුන්වගන්න පිරිසේ සමහර කට්ටිය විතරක් යම් "වරප්‍රසාදිත" බවක් ආරූඪ කරගෙන හිටියා.
ඒ අයගෙන් බහුතරයක් එහෙම නැහැ. ඔය පිරිසේ ගොඩක් දිනපතා කැම්පස් එකට එන අය.
කැම්පස් එකේ නේවාසිකාගාරවල හිටියේ නැහැ. ගොඩක් හිටියේ නුවර, මාතලේ, කුරුණෑගල වගේ පැතිවල.
අනික් අතට "අල නොවී හිටපු" ශිෂ්‍යයෝ වුනත් බහුතරයක් ශිෂ්‍ය සංගමේ ක්‍රියාකාරීව හටියේ නැහැ.
නිකම් ඔය පන්ති වර්-ජනයක් තිබුනහම පැසිව් විදිහට සහයෝගයක් පෙන්නනවා.
උන්ටත් "ගෙම්බා කැන්ටිමට ගිහින් කෑම කන්න පුළුවන් වීම" වගේ අලයන්ට නොතිබ්බ "වරප්‍රසාද" තිබුනා.
"ශිෂ්‍ය නායකයෝ" කියන අය එකම විදිහේ අය නෙමෙයි. ඉහළම පෙළේ නායකයෝ යම් තත්ත්වයක් තියාගන්නදෝ සුහද විදිහට හිටියා.
තව පිරිසක් හිටියා, හෙන අග්රෙසිව් අය. උන් තමා රැග් එකේදී මූලිකත්වය ගන්නේ.
උන්ට අවුලක් නැහැ, චරිතේ කැත වුනාට. උන්ට ඉහළම නායකයොන්ට වගේ රැකගන්න දෙයක් නැහැ. මට එහෙමයි හිතුනේ.
උන් තමා අර මම මුලින් කියපු සංගමේට පුකදීගෙන හිටපු සෙට් එක.
මගේ නම් මතය විශ්ව විද්‍යාල ඇතුළේ නව වාමාංශික ශිෂ්‍ය ව්‍යාපාරයක් එනකම්
(ජෙප්පෝ හෝ පෙරේට්ටෝ නැතුව අලුත්ම එකක්- විශේෂයෙන් ඔය ලංකාවේ වම්මු වැඩිය කතා කරන්නේ නැති ටබූ ඉශූස් ගැන කතා කරන)
ඕවගේ ප්රෝග්රෙසිව් පරිසරයක් හදන්න බැහැ.
ඒක කරන්න නොදෙන්නෙත් ඔය ජෙප්පොයි, පෙරෙට්ටොයි කියන එකිනෙකාත් එක්ක බද්ධ වෛරයෙන් ඉන්න කණ්ඩායම් දෙක.
අලුතින් එන ශිෂ්‍යයෝම එකතු වෙලා නායකත්වය අරගෙන තමයි ඕක වෙන්න ඕනේ. පිටින් ප්ලාන්ට් කරන්න බැහැ.
උන්ම තමයි ශිෂ්‍ය සංගම් නිලවරණ තියන්න ඕනේ තැනට කැම්පස් එකේ පරිසරය හදන්න ඕනේ.
උන්ට ඒකට ඕනේ නැතිනම් මටත් ඒකට ඇඟේ අමාරුවක් නැහැ!
රැග එකක් දෙනකම් කොන්දක් නැතුව ඉන්න හොඳ නම් අපිට මොකද?