මේ භික්ෂුව විනය පිටකය එක පාරක් වත් කියවලා නෑ වගේ, විනය තියා ධර්මය මෙලොව දෙයක කිසිම ලෞකික අවබෝධයක් වත් නෑ වගේ.
ලංකාවේ ගිහියන් ඕවා දන්නෙත් නෑ, දැං සෙට් එකට නම් මෙවා ඉතින් radical vibe එන මරු වැඩ වගේ.
මහණෙනි, නැටුම්, ගැයුම් හා වැයුම් බැලීමට යා යුතු යැයි යමෙක් සිතන්නේ නම් දුකුලා ඇවැත් වේ.
“
න භික්ඛවෙ නච්චං වා ගීතං වා වාදිතං වා දස්සනාය ගන්තබ්බං යො ගච්ඡ්යෙය ආපත්ති දුක්කටස්ස” (චුල්ලවග්ග පාලියේ බුද්ධක වත්ථු ඛන්දකය)
මෙම පැණවීමට හේතුව වූ ෂඩ් වාර්ගික භික්ෂූන් රජගහනුවර කඳු මුදුන්හි පැවැත්වුණු ගිරග්ග සමජ්ජ නම් සැණකෙළියක් නැරඹීමට යාමත්, එසේ යාම තුළින් ඔවුන් දෝෂ දර්ශනයට ලක්වීමත් නිසා ය. මිනිසුන්ගේ දෝෂ දර්ශනයට ලක්වීම ‘ගිහීන කාම භොගිනා’ වශයෙන් එකිනෙකා භික්ෂූන්ට රළු පරලු චෝදනා කරන්නට වීම ප්‍රබල කාරණාවක් ලෙස දක්වා තිබේ. මේ අනුව නෘත්‍ය දර්ශන පැවිදි පාර්ශ්වයට නිත්‍ය වශයෙන් ම තහනම් වේ.
TThambi සහ ක්‍රිස්තියානි සෙට් එක සතුටෙන් හිනා වෙනවා ඇති මේ කෝලං දැකල.