මේ හෙලිකොප්පර සීන් එක මොකක්ද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    සුනාමිය එද්දි බන්දුල ගුණවර්ධන හිටියෙ අරුගම්බෙ. එයා එතකොට එක්සත් ජාතික පක්ෂෙ. අගමැති මහින්ද රාජපක්ෂ ඔහු තමයි බන්දුලට ගුවන් හමුදා හෙලිකොප්ටර් එකක් යැව්වෙ. බන්දුල හිටපු හොටලය අහලකට වත් සුනාමි රළ පහරේ ආවෙ නෑ. ඒ හොටලෙම හිටිය හොමගම පැත්තෙ වෛද්‍ය වරියක් සහ ඇයගෙ පවුලෙ උදවිය. සුනාමි රළ පහරේ ඇවිත් නිමාවුණු ගමන් මෙ වෛද්‍ය වරියක් සිය ස්වාමි පුරුෂයා සමග විපතට පත් අයට ප්‍රථමාධාර දෙන්න වෙරළ ආසන්නයට ගියා. සුනාමි රළ පහරේ අසුවී වැලි සහිත ජලය පෙළුණු ළමයි සහ වැඩිහිටියන් හට හත් දෙනෙක් අසාධ්‍ය තත්ත්වයේ පසුවී තිබෙනවා. මෙන්න මෙ වෙලාවෙ තමයි බන්දුලලා ගෙන එන්න හෙලිකොප්ටරය ඇවිත් තියෙන්නේ. ඒ හෙලිකොප්ටරය ලෑන්ඩ් කරනවාත් සමගම අර වෛද්‍ය වරිය දිව ගොස් එහි සිටි නියමු ගුවන් හමුදා නිලධාරීන් ගෙන් ඉල්ලීමක් කරල තියෙනවා අසාධ්‍ය රෝගීන් ගෙනි යන්න කියල. තමන් වෛද්‍ය වරියක් බවත් දැනුම් දීල තියෙනවා. එවිට එම නිලධාරීන් වෛද්‍ය වරියට දැනුම් දීල තියෙනවා තමන්ට නියොග ලැබිලා තියෙන්නේ වී.අපී.පී. කෙනෙක් ගෙන්න. ඔහු (බන්දුල) කියනව නම් අපිට පුලුවන් රොගීන් ගෙනි යන්න කියල. වෛද්‍ය වරිය වහාම බන්දූල ඉන්න තැනට දිව ගොස් ඒ ඉල්ලීම කරල තියෙනවා. වෛද්‍යවරියගෙ ඉල්ලීම මත පහකට ගණන් නොගත් බන්දුල තම බිරිය, දු දරුවන් සමග ඉගිල්ලිලා තියෙනවා. සුනාමි රළ පහරේ අසුවී අසාධ්‍ය ලෙඩ්ඩු විතරක් නොවෙයි ඔවුන් සමග ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු සහචරයන්වත් ඒ හෙලිකොප්ටරයෙන් රැගෙන ඇවිත් නැහැ. ඉන් එකෙක් දින ගණනාවකට පසු මා හමුවට පැමිණ සම්පූර්ණ විස්තරය කිව්වා පමණක් නොවෙයි, අර වෛද්‍යවරිය පවා මට මුණ ගැස්සුවා. ඒ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මට කිව් දෙයක් තමයි ඒකට ගිහිපු අපිව දාල ආවා නම්. නන්නාදුනන රොගීන් ගැන මොන කතාද කියල. මම මෙය කතාව 'සිළුමිණ' පුවත්පතේ පිටුවක් පුරා දිග හැරියා.
    හොදම කෑල්ල තමයි එදා ගාලු කොටුව තුළ සිරවී සිටි ජර්මනියේ චාන්සලර් හෙල්මුට්කොල්ටද මෙම අයුරින්ම කොළඹින් හෙලිකොප්ටරයක් යවල තිබුණා. හැබැයි ඔහු කිවිවා තමා ඉන්න හොටලයෙ ජීවිතාරක්ෂාව තිබෙන නිසා, හෙලිකොප්ටරය අනතුරුදායක ජීවිත බෙරගන්න යොදවන්න කියල. ඔහු ගාල්ල මහමෝදර රෝහලේ රොගීන්ට උදව් කරන්නත් ගියා. කොහොමද අපෙ බන්දුල සහ ජර්මන් චාන්සලර් වරයා අතර වෙනස. මුන් තමයි අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත නගා සිටුවන්න කතා කරන්නෙ.
    -------- Poddala Jayantha --------
    Copied

    #tsunami

    🤔
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,238
    24,966
    113
    tracing Geo-location.. ... ...
    ඕක ඇත්ත කතාවක් වෙන්න තමයි ලොකු ඉඩක් තියෙන්නේ.... .. හැබැයි මාලිමා ගැලවුණු රෙද්ද වහන්න ප්‍රමාණවත් නෑ..
    උන් හොඳ නැති හින්ද තමයි මාලිමාව ගෙනාවේ.. "කලින් හිටපු උන් මෙහෙමත් කරලා ඒ හින්දා මිනිස්සු ටිකක් මැරුණට කමක් නෑ.." කියන්න බෑ ඉතින්..
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,772
    113
    ඕක ඒ දවස්වල ඉදල තියෙන දෙයක්නේ... 2028 අර්බුධයක් එනවා කියලා කිවනේ බන්දුල සර්, ආවම බලමු.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    පත්තරෙත් ගියා ඔය සීන් එක සුනාමි දවස් වල බලු මූනා ගුවන් හමුදාවෙ හෙලිකොප්ටරයක් ගෙන්නගෙන බේරිලා ඇවිත්.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    VIP nam nam bell ekakne yawanna aththe, oka max danna puluwan gana aduine.
    math oya Bandulawage seen eka ahala thiyenava, oya leddu kathawa nam danne naha.