මේ_විස්මිත_සතුන්_පිට_සක්වළින්_පැමිණි_අය_ද?

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
මේ_විස්මිත_සතුන්_පිට_සක්වළින්_පැමිණි_අය_ද?

ඔබට දකින්න නො ලැබෙන සාගර පත්ලේ විසිතුරු!

මේ අය බැලූ බැල්මට වෙනත් ලෝකයකින් ආ අය වගෙයි. ඒත් මේ විචිත‍්‍ර වර්ණ මුහුදු හම්බෙල්ලන් (sea slugs) ඇත්තෙන් ම අපේ සාගරවල දී හමුවන විස්මිත සතුන් කොටසක්!

නුඩිබ‍්‍රැන්කියාවන් (Nudibranchs) මෘදු ශරීරවලින් යුත් මොලූස්කාවන් හෙවත් මෘද්වංගීන් විශේෂයක්. කීට අවස්ථාවෙන් පසු කවචය හෙවත් කටුව හැළුෑ පසු ඔවුන්ගේ ඒ ඇතුළත වෛර්ණ සිරුරු නිරාවරණය වෙනවා. ඒ අවස්ථාව දක්ෂ කැමරාශිල්පියකුට මග හැර යන්නට බැරි තරම් විස්මයජනකයි.

ලෝක ප‍්‍රකට වනජීවී ඡායාරූප ශිල්පියකු වූ ෆ්රැන්කෝ බැන්ෆි (Franco Banfi) මේ විස්මිත පින්තූර කැමරාවට හසු කර ගෙන ඇත්තේ ඒ නිසයි. ඔහු මේ විසිතුරු සතුන් දුටුවේ ඉන්දුනීසියාව, පිලිපීනය, පැපුවා නිව්ගිනියාව යන රටවල් ආශි‍්‍රත මුහුදුවලත්, මධ්‍යධරණී මුහුද හා රතු මුහුද අවට කලාපවලත් සැරිසරද්දීයි.

article-2297979-18CD9649000005DC-219_634x421.jpg
වෙනත් ලෝකයකින් ආ අමුතු සතුන් බඳු මෙවැනි සතුන් ලොව පුරා සාගරවල ඉන්නවා. ඒ වෙනුවෙන් කැප වුණු කැමරාකරුවකු නොමැති නම් මෙතරම් පහසුවෙන් දැක ගන්න බැහැ.

නුඩිබ‍්‍රැන්කියාවනට ඒ නම ලැබුණේ ලතින් බසින් ‘නිරුවත්’ යන අරුත් දෙන නූඩස් (nudus) යන වදනත්, ගී‍්‍රක බසින් ‘කරමල්’ යන අරුත් දෙන ‘බ‍්‍රැන්කියා’ (brankhia) යන වදනත් එක් කිරීමෙනුයි.

මේ වර්ගයේ සත්ව විශේෂ බොහොමයක කරමල් පැහැදිලිව ඔවුන්ගේ පෘෂ්ඨීය මතුපිට තිබෙනු දැක ගන්න පුළුවන්.

විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මේ සතුන්ට මේ ආකාරයේ සුවිශේෂ දේහයන් පිහිටා ඇත්තේ අවට පරිසරයට මුසුව ඒ තුළ සැඟවී සිටීමටත්, විලෝපිකයන් මග හැර ජීවිතාරක්ෂාව සලසා ගැනීමටත් කියායි.

ඒ වගේ ඇතැම් සත්ව විද්‍යාඥයන් කියන්නේ මෙවැනි වර්ණ හා හැඩ ඇති කරගෙන තියෙන්නේ විලෝපිකයනට තමන් විෂ සහිත බවත්, ආහාරයට ගැනීම අනතුරුදායක බවත් ඇඟවීමට කියායි.

ඔවුන්ගේ බිත්තරත් බොහෝ විට රතු, රෝස, රඹ ආදී වර්ණවලින් යුක්තයි. සත්ව විශේෂයට අනුව වෙනත් වර්ණයකින් තිබෙන්නත් පුළුවන්.

නිවර්තන කලාපීය සාගර ජලයේ මේ නුඩිබ‍්‍රැන්කියාවන් දැක ගත හැකියි. බාදිය ඇති විට උදම ඇති වන හරියේ මුහුදු පත්ලේ තමයි, මොවුන් වැඩිපුරම දැකිය හැක්කේ.

article-2297979-18CD974B000005DC-40_634x422.jpg
නුඩිබ‍්‍රැන්කියාවකුගේ මේ ලස්සන සිරුර අපට දැක ගත හැකි වන්නේ ඌ කීට අවස්ථාව අවසන් කරන විට කටුව හැළුෑ විටයි.

සමහර සත්ව විශේෂ සිය සිරුරුවලින් විෂ විදීමෙන් විලෝපිකයන් අකර්මන්‍ය කර ඔවුන්ගෙන් ගැලවෙනවා.

සමහර සතුන් සම මතින් අම්ලයක් (ඇසිඞ්) නිකුත් කරනවා සතුරන්ගෙන් බේරෙන්න.

දැනට හඳුනාගෙන ඇති නුඩිබ‍්‍රැන්කියාවන් විශේෂ 3,000ක් පමණ ඉන්නවා. ඔවුන් ලොව පුරා නිවර්තන සාගරවල පමණක් නොව ඇන්ටාර්ක්ටිකාවේත් ජීවත්වෙනවා.

ඔවුන් මුහුදු පත්ලේ ගල්පරවල බඩගාමින් හෝ මුහුදු ශාකවලට, ඉස්පන්ජියන්ට, කොරල් පර ඇතුළු වෙනත් උපස්තරවලට ඇලී හෝ ජීවත්වෙනවා.

ඔවුන් කරදියෙහි මුහුදු පත්ලේ විවිධ මට්ටම්වල ජීවත්වෙනවා. ඒත් ඔවුන්ගේ ප‍්‍රමාණයෙන් විශාල හා විවිධත්වයෙන් වැඩි, වඩා වර්ණවත් සත්ව විශේෂ දැකිය හැක්කේ නොගැඹුරු මුහුදු පත්ලවලයි.

article-2297979-18CD950D000005DC-158_634x422.jpg
මේ මුදු සිරුරැති මුහුදු මෘද්වංගියන් මෙවන් සිරුරු හැඩයක් හා වර්ණ යොදා ගන්නේ ඔවුන් ආහාරයට ගන්නට එන විලෝපිකයන් පලවා හරින්නයි.

article-2297979-18DFFB85000005DC-631_634x421.jpg
මේ විචිත‍්‍ර රූප කැමරාවට නඟා ඇත්තේ ඉන්දුනීසියාව, පිලිපීනය, පැපුවා නිව්ගිනියාව යන රටවල් ආශි‍්‍රත මුහුදේ දී හා මධ්‍යධරණී හා රතු මුහුදුවලදීයි.

article-2297979-18DFF158000005DC-590_306x460.jpg
article-2297979-18DFF1A8000005DC-213_306x460.jpg

මේ නුඩිබ‍්‍රැන්කියාවනට ඒ නම ලැබුණේ ‘නිරුවත් කරමල්’ යන අරුත් දෙන ගී‍්‍රක හා ලතින් වදන් දෙකක් එක් වීමෙනුයි.

article-2297979-18DFF1AC000005DC-520_634x419.jpg
මේ සතුන් මෙවැනි බාහිර වර්ණ යොදා ගන්නේ තමන් විෂ සහිත යැයි ගොදුරු කර ගන්නට එන විලෝපිකයන්ට අනතුරු අඟවන්නයි.

article-2297979-18DFF19B000005DC-999_306x460.jpg
article-2297979-18DFF1B4000005DC-442_306x460.jpg
මේ වර්ණ ඇති වීම ගැන සත්ව විද්‍යාඥයන් දක්වන තවත් අදහසක් වන්නේ මේ සතුන් වෙස් වළා ගෙන පරිසරයට මුසු වී සැඟවී සිටීමට මේ වර්ණ යොදා ගන්නා බවයි.

article-2297979-18DFF204000005DC-23_634x420.jpg
වනජීවී දියයට කැමරාශිල්පී ෆ්රැන්කෝ බැන්ෆිට ලොව පුරා යන්නට සිදු වුණා, මේ ලස්සන රූප රාමු ඔබ වෙත ගෙන එන්නට.

article-2297979-18DFF218000005DC-19_634x421.jpg
මේ නුඩිබ‍්‍රැන්කියාවන් අයත් වන විවිධ සත්ව විශේෂ 3,000ක් පමණ අපේ සාගරවල ඉන්නවා.

article-2297979-18CD95FF000005DC-791_634x419.jpg
මුහුදු පත්ලෙහි සෑම මට්ටමකට මේ නුඩිබ‍්‍රැන්කියාවන් ජීවත්වෙනවා. ඔවුන් අතුරින් ප‍්‍රමාණයෙන් විශාල, විවිධ වර්ණ හා හැඩ ඇති සතුන් වැඩිපුර දැක ගත් හැක්කේ උණුසුම් නොගැඹුරු මුහුදේයි.

article-2297979-18CD98D8000005DC-71_634x419.jpg
සමහර නුඩිබ‍්‍රැන්කියාවන්ට සිරුර තුළ ඇති විෂ මගින් තමන් ගොදුරු කර ගැනීමට එන විලෝපිකයන් අකර්මන්‍ය කරන්න පුළුවන්.

article-2297979-18CD99AB000005DC-357_634x418.jpg
සමහර සතුන් විෂ ලබා ගන්නේ ඉස්පන්ජියන් ආහාරයට ගැනීමෙන්. සමහර සතුන් විෂ තමන්ගේ සිරුර තුළ ම නිපදවා ගන්නවා.

article-2297979-18CD99DE000005DC-317_634x421.jpg
නුඩිබ‍්‍රැන්කියාවන්ගේ තවත් ආරක්ෂක උපක‍්‍රමයක් තමයි, සමෙන් ඇසිඞ් වර්ගයක් විදීම.

article-2297979-18CD993C000005DC-81_306x461.jpg
article-2297979-18CD99B7000005DC-519_306x461.jpg
නුඩිබ‍්‍රැන්කියාවන් තමයි, මේ මිහිතලයෙහි වෙසෙන ඉතාමත් අලංකාර හා විවිධත්වයෙන් වැඩි සත්ව විශේෂය.

article-2297979-18CD99F6000005DC-112_634x421.jpg
බොහෝ සත්ව විශේෂවල පෘෂ්ඨීය මතුපිට ඔවුන්ගේ කරමල් තියෙනවා දකින්න පුළුවන්.

article-2297979-18CD9C8B000005DC-925_634x419.jpg
මුහුදු හම්බෙල්ලන්ගේ හිසෙහි ග‍්‍රාහිකා තියෙනවා. ඒවායින් තමයි, ආහාර සොයා ගන්නෙ, ඒවගේ ම වර්ගයා බෝ කරන්න සගයකු සොයා ගන්නේ.

article-2297979-18CD9B9B000005DC-611_634x419.jpg
ඔවුන් මුහුදු පත්ලේ ගල්පරවල බඩගාමින් හෝ මුහුදු ශාකවලට, ඉස්පන්ජියන්ට, කොරල් පර ඇතුළු වෙනත් උපස්තරවලට ඇලී හෝ ජීවත්වෙනවා.

article-2297979-18CD9B7E000005DC-935_634x419.jpg
ලොව පුරා නොගැඹුරු සාගර පත්ලවල මේ හම්බෙල්ලන් දැක ගන්න පුළුවන්.


article-2297979-18CD9B5F000005DC-614_634x421.jpg
නුඩිබ‍්‍රැන්කියාවන් ද්විලිංගකයි. එකම සතාගේ ලිංග දෙකම තියෙනවා. ඒත් වර්ගයා බෝ කරන්න දෙදෙනකු එක් වෙන්න ඕනෑ.

article-2297979-18CD9AB0000005DC-26_634x422.jpg
මුහුදු හම්බෙල්ලන්ගේ බිත්තර රතු. රෝස, රඹ ආදී විවිධ පැහැයන් ගන්නවා.

article-2297979-18CD9A5B000005DC-212_634x419.jpg
මුහුදු වෙරළේ ඇවිද ගෙන යන විටත් නුඩිබ‍්‍රැන්කියාවන් දැක ගන්න පුළුවන්. බාදිය ඇති විටෙක නොගැඹුරු මුහුදේ මේ සතුන් ගල්පර ආදියට ඇලී ජීවත්වෙනවා.

වනජීවී ඡායාරූප ශිල්පියකු වුවද ෆ්රැන්කෝ බැන්ෆි වඩාත් විශේෂත්වයක් උසුලන්නේ දියයට ඡායාරූප කලාවටයි. ඔහුගේ කැමරා ඇස වැඩිපුරම විහිදෙන්නේ ලොව පුරා ඇති ජෛව විවිධත්වයෙහි රැඳුණු සුන්දරත්වය දකින්නයි. ඒ වෙනුවෙන් පැවැත්වෙන විවිධ වැඩසටහන්වලට ඔහු සම්පත් දායකත්වය සපයනවා. ඔහුගේ වෙනත් වනජීවී ඡායාරූප දැක ගන්න හා ඔහු ගැන තවත් තොරතුරු දැන ගන්න කැමති නම් ඔහුගේ www.banfi.ch වෙබ් අඩවියට යන්න.

ගත්තේ "මල් කැකුළු" එකෙන්
 
Last edited:

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    දැනුම අලුත් කිරීම වෙනුවෙන් 4+ අගය කිරීමක් :yes: