මේ_සිංහල_අපගේ_රටයි
විවිධ ක්ෂේත්රයන්හි විවිධ නිර්මාණ උපක්‍රම භාවිත කරමින් ජාතිවාදය සහ වර්ගවාදය ප්‍රචලිත කළ ගෝත්‍රික අදහස් තිබුණු ප්‍රසිද්ධ පුද්ගලයන් හෙළිදරව් කිරීම කාලෝචිතයයි හැඟේ. මීට අවුරුදු 50 ක් 60 ක් අතීතයට එබී බලන විට එවන් අන්තගාමීන් ඕනෑ තරම් සොයාගත හැකිය. එනිසාම අද බිහිවෙමින් පවතින උත්තුංග ශ්‍රී ලාංකික සමාජය ඉදිරියේ ඒ එකිනෙකා සොයාගෙන විභාග කළ යුතුයි. එකම ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස උපදින්නට වෙර දරන නව යුගයේ දරු උපත පමා කරමින් ජාතිවාදී මත සමාජගත කරන අන්තගාමීන් පෝෂණය ලබන්නට එවැනි ප්රතිගාමී, සමජවිරෝධී නිර්මාණ නිසැකවම හේතු වන්නට ඇත.
'මේ සිංහල අපගේ රටයි
අප ඉපදෙන මැරෙන රටයි
අප හදවත් ගැහෙන රටයි
මුළු ලොව මේ රටට යටයි'
ආරම්භක පදයේදී ම ජාතිවාදය අවුස්සන මෙම ගීතය සමාජ ගත කිරීමට මූලික, චූදිත වග උත්තර කරුවන් තිදෙනෙකු අප විසින් හඳුනා ගෙන ඇත.
1. මුල්ම වග උත්තරකරු අතිශය ජාතිවාදී, වර්ගවාදී අයුරුන් මෙම ගීතය නිර්මාණය කළ මහගම සේකර නම් නිර්මාණ කරු ය.
2. දෙවනුව, අසන්නා තුල ජාතිවාදී, වර්ගවාදී සංකල්ප ජනිතවන කර්ණ රසායන ආකාරයට එම ගීතයේ පද අතර ගැබ් වී ඇති ගෝත්‍රික අරුත මානාව ප්‍රකට වන ලෙස තනුවක් නිර්මාණය කළ සහ ඊටම ගැලපෙන සංගීත නිර්මාණයක් කළ, ඩබ්ලියු. ඩී. අමරදේව නම් වූ සංගීතඥයා. මොහු නිරන්තරයෙන් සැරසී සිටින්නේ ද ජාතිවාදී ඇඳුමකින් ය.
3. පසු කාලයේ කුමක් පවසා මේ වරදින් ගැලවෙන්නට උත්සහ කළ ද, මුල් කාලයේ එම ගීතය ඉතා මිහිරි ලෙස අසන්නන් මෝහනයට පත් කර මුලා කරමින් අසන්නන් තුළ ජාතිවාදය, වර්ගවාදය ජනිත වන අයුරින් ගායනය කළ නන්දා මාලිනි නම් ගායිකාව සහ පිරිස ය. මැය ද නිරතුරුවම ජාතිවාදී ඇඳුමකින් සැරසී ප්‍රසිද්ධ ස්ථානවල පෙනී සිටී.
'මේ සිංහල අපගේ රටයි' යනුවෙන් මේ ගීතය තුළ ශ්‍රී ලාංකීය බහු ජාතීන්ට අයිති රට නොදියුණු ගෝත්‍රික සිංහල ජාතිවාදීන්ට පමණක් අයිති බව ව්‍යංගයෙන් අඟවන්නට පටු වර්ගවාදී උත්සහයක් ගෙන ඇත.
අහස සිඹින ගිරි කඳුරු
පොළව තෙමන වැව් සයුරු
මුහුද අවට බැඳි පවුරු
මෙරට අසිරි සිරි මෙයුරු
එමෙන්ම අද අපට ගෙවල් දොරවල්, හෝටල් සාදා ගන්නටත් සංවර්ධනය කිරීමටත් ඇති බිම් 'අමුඩය' වැනි අසභ්‍ය ඇඳුම් ඇඳගත් ජාතිවාදීන් විසින් නිකන්ම නිකන් වතුරට යට කරමින් සාදා ඇති නොදියුණු ගෝත්‍රික වැව් අගය කරන්නටත් ඒවාට අනිසි වටිනාකමක් දෙන්නටත් ප්රතිගාමී උත්සහයක් දරා ඇත.
මව්බිම වෙනුවෙන් පොරණේ
දිවි දුන් විරු දරුවන්නේ
ලේ වලිනුයි මේ දෙරණේ
මිණි කැට මුතු ඇට මැවුණේ
තෙවැනි පද පෙලේ දී වර්ගවාදී ගෝත්‍රික සටන්වල දී බල්ලන් පූසන් සේ මියගිය ජාතිවාදීන්ගේ කුණු ලේ වලින් මැණික් සහ මුතු සැදී ඇති බව පවසයි. මෙලෙස අවිද්‍යාත්මක ලෙස මෙම ගීතය තුල අප රටට විදේශ මිනිමය උපාය ගන්නා සම්පතකට ජාතිවාදී ස්වරූපයක් තවරන්නට නින්දිත උත්සහයක් ගෙන ඇත.
සමනොළ ගිරි වළලු බිමේ
මුනිසිරිපා පිපෙන හිමේ
සම කරුණා ගුණ මහිමේ
අප උපතින් ලද උරුමේ
සර්ව ආගමික ආදම්ගේ කන්ද ද 'ආගම්වාදී' ව තනි අයිතියක් ලෙස උලුප්පා පෙන්වීමට නිර්ලජ්ජිත වෑයමක් කර ඇත. 'උරුමය' වැනි ප්රතිගාමී වචන පාවිච්චි කරමින් අසන්නා යම් ජාතිවාදී දේශපාලන පෙළඹවීමකට පහත් උත්සාහයක් දරා ඇත.
සමස්තයක් ලෙස මෙම ගීතය ජාතිවාදී ගෝත්රවාදය ඉතා මිහිරි ලෙස ප්‍රේක්ෂකයාට සම්ප්‍රේෂණය කරමින් මෙරට ගොඩනැගෙමින් පවතින බහුජාතික, බහුඅගමික පුනරුදය ආපසු හරවන්නට දරන අසාර්ථක ග්‍රාම්‍ය උත්සාහය සියලුම මානවවාදී දියුණු ශ්‍රී ලාංකීය ජනතාව පිළිකුලෙන් බැහැර කරනු ඇත.
මෙවැනි ගෝත්රවාදී ජාතිවාදීන් විවිධ ක්ෂේත්රවල තව බොහෝ ඇත. ඉතිහාසයේ ද නොඅඩුව ඇත. අනාගතයේ දී ඒ සියල්ලම ක්‍රමානුකූලව හෙළිදරව් කරන්නෙමු.
_Source_
රෙප් එපා.. මගේ ලිපියක් නෙවේ..මොළය කියල එකක් තියනවනම් කියවලා තේරුම් ගන්න..