මේ_සිංහල_අපගේ_රටයි

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මේ_සිංහල_අපගේ_රටයි

    539753_10151554460844844_2135475750_n.jpg

    විවිධ ක්ෂේත්‍රයන්හි විවිධ නිර්මාණ උපක්‍රම භාවිත කරමින් ජාතිවාදය සහ වර්ගවාදය ප්‍රචලිත කළ ගෝත්‍රික අදහස් තිබුණු ප්‍රසිද්ධ පුද්ගලයන් හෙළිදරව් කිරීම කාලෝචිතයයි හැඟේ. මීට අවුරුදු 50 ක් 60 ක් අතීතයට එබී බලන විට එවන් අන්තගාමීන් ඕනෑ තරම් සොයාගත හැකිය. එනිසාම අද බිහිවෙමින් පවතින උත්තුංග ශ්‍රී ලාංකික සමාජය ඉදිරියේ ඒ එකිනෙකා සොයාගෙන විභාග කළ යුතුයි. එකම ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස උපදින්නට වෙර දරන නව යුගයේ දරු උපත පමා කරමින් ජාතිවාදී මත සමාජගත කරන අන්තගාමීන් පෝෂණය ලබන්නට එවැනි ප්‍රතිගාමී, සමජවිරෝධී නිර්මාණ නිසැකවම හේතු වන්නට ඇත.

    'මේ සිංහල අපගේ රටයි
    අප ඉපදෙන මැරෙන රටයි
    අප හදවත් ගැහෙන රටයි
    මුළු ලොව මේ රටට යටයි'

    ආරම්භක පදයේදී ම ජාතිවාදය අවුස්සන මෙම ගීතය සමාජ ගත කිරීමට මූලික, චූදිත වග උත්තර කරුවන් තිදෙනෙකු අප විසින් හඳුනා ගෙන ඇත.

    1. මුල්ම වග උත්තරකරු අතිශය ජාතිවාදී, වර්ගවාදී අයුරුන් මෙම ගීතය නිර්මාණය කළ මහගම සේකර නම් නිර්මාණ කරු ය.

    2. දෙවනුව, අසන්නා තුල ජාතිවාදී, වර්ගවාදී සංකල්ප ජනිතවන කර්ණ රසායන ආකාරයට එම ගීතයේ පද අතර ගැබ් වී ඇති ගෝත්‍රික අරුත මානාව ප්‍රකට වන ලෙස තනුවක් නිර්මාණය කළ සහ ඊටම ගැලපෙන සංගීත නිර්මාණයක් කළ, ඩබ්ලියු. ඩී. අමරදේව නම් වූ සංගීතඥයා. මොහු නිරන්තරයෙන් සැරසී සිටින්නේ ද ජාතිවාදී ඇඳුමකින් ය.

    3. පසු කාලයේ කුමක් පවසා මේ වරදින් ගැලවෙන්නට උත්සහ කළ ද, මුල් කාලයේ එම ගීතය ඉතා මිහිරි ලෙස අසන්නන් මෝහනයට පත් කර මුලා කරමින් අසන්නන් තුළ ජාතිවාදය, වර්ගවාදය ජනිත වන අයුරින් ගායනය කළ නන්දා මාලිනි නම් ගායිකාව සහ පිරිස ය. මැය ද නිරතුරුවම ජාතිවාදී ඇඳුමකින් සැරසී ප්‍රසිද්ධ ස්ථානවල පෙනී සිටී.

    'මේ සිංහල අපගේ රටයි' යනුවෙන් මේ ගීතය තුළ ශ්‍රී ලාංකීය බහු ජාතීන්ට අයිති රට නොදියුණු ගෝත්‍රික සිංහල ජාතිවාදීන්ට පමණක් අයිති බව ව්‍යංගයෙන් අඟවන්නට පටු වර්ගවාදී උත්සහයක් ගෙන ඇත.

    අහස සිඹින ගිරි කඳුරු
    පොළව තෙමන වැව් සයුරු
    මුහුද අවට බැඳි පවුරු
    මෙරට අසිරි සිරි මෙයුරු

    එමෙන්ම අද අපට ගෙවල් දොරවල්, හෝටල් සාදා ගන්නටත් සංවර්ධනය කිරීමටත් ඇති බිම් 'අමුඩය' වැනි අසභ්‍ය ඇඳුම් ඇඳගත් ජාතිවාදීන් විසින් නිකන්ම නිකන් වතුරට යට කරමින් සාදා ඇති නොදියුණු ගෝත්‍රික වැව් අගය කරන්නටත් ඒවාට අනිසි වටිනාකමක් දෙන්නටත් ප්‍රතිගාමී උත්සහයක් දරා ඇත.

    මව්බිම වෙනුවෙන් පොරණේ
    දිවි දුන් විරු දරුවන්නේ
    ලේ වලිනුයි මේ දෙරණේ
    මිණි කැට මුතු ඇට මැවුණේ

    තෙවැනි පද පෙලේ දී වර්ගවාදී ගෝත්‍රික සටන්වල දී බල්ලන් පූසන් සේ මියගිය ජාතිවාදීන්ගේ කුණු ලේ වලින් මැණික් සහ මුතු සැදී ඇති බව පවසයි. මෙලෙස අවිද්‍යාත්මක ලෙස මෙම ගීතය තුල අප රටට විදේශ මිනිමය උපාය ගන්නා සම්පතකට ජාතිවාදී ස්වරූපයක් තවරන්නට නින්දිත උත්සහයක් ගෙන ඇත.

    සමනොළ ගිරි වළලු බිමේ
    මුනිසිරිපා පිපෙන හිමේ
    සම කරුණා ගුණ මහිමේ
    අප උපතින් ලද උරුමේ

    සර්ව ආගමික ආදම්ගේ කන්ද ද 'ආගම්වාදී' ව තනි අයිතියක් ලෙස උලුප්පා පෙන්වීමට නිර්ලජ්ජිත වෑයමක් කර ඇත. 'උරුමය' වැනි ප්‍රතිගාමී වචන පාවිච්චි කරමින් අසන්නා යම් ජාතිවාදී දේශපාලන පෙළඹවීමකට පහත් උත්සාහයක් දරා ඇත.

    සමස්තයක් ලෙස මෙම ගීතය ජාතිවාදී ගෝත්‍රවාදය ඉතා මිහිරි ලෙස ප්‍රේක්ෂකයාට සම්ප්‍රේෂණය කරමින් මෙරට ගොඩනැගෙමින් පවතින බහුජාතික, බහුඅගමික පුනරුදය ආපසු හරවන්නට දරන අසාර්ථක ග්‍රාම්‍ය උත්සාහය සියලුම මානවවාදී දියුණු ශ්‍රී ලාංකීය ජනතාව පිළිකුලෙන් බැහැර කරනු ඇත.

    මෙවැනි ගෝත්‍රවාදී ජාතිවාදීන් විවිධ ක්ෂේත්‍රවල තව බොහෝ ඇත. ඉතිහාසයේ ද නොඅඩුව ඇත. අනාගතයේ දී ඒ සියල්ලම ක්‍රමානුකූලව හෙළිදරව් කරන්නෙමු.

    _Source_

    රෙප් එපා.. මගේ ලිපියක් නෙවේ..මොළය කියල එකක් තියනවනම් කියවලා තේරුම් ගන්න.. :cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සිරාවට මෙ මිනුස්සුත් මහ ජාතිවාදියොනෙ තමන්ගෙ ජාතියෙ අඩම්බරය ගැන සිංදු ලියලා ගයනා කරලා
    මෙව අපෙ සහජිවනයට මරු පහරක් ජාතින් බෙද වෙනවාලොල්

    උබෙ රෙප් කපයි අම්මා මුත්තා මතක් කරලා කියන එක තෙරුම් ගන්නෙ නැති උන්

    එක නෙමෙ නන්දා මාලනි මහත්මිය වෙනස් වෙලාද? එයාත් $ වලට සහජිවනය කර පින්නාගෙනද?
    මම දන්න විදියට කාටවත් කඩෙ යන්නෙ නැහැ එතුමිය
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    'මේ සිංහල අපගේ රටයි
    අප ඉපදෙන මැරෙන රටයි
    අප හදවත් ගැහෙන රටයි
    මුළු ලොව මේ රටට යටයි'
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    සිරාවට මෙ මිනුස්සුත් මහ ජාතිවාදියොනෙ තමන්ගෙ ජාතියෙ අඩම්බරය ගැන සිංදු ලියලා ගයනා කරලා
    මෙව අපෙ සහජිවනයට මරු පහරක් ජාතින් බෙද වෙනවා ලොල්

    උබෙ රෙප් කපයි අම්මා මුත්තා මතක් කරලා කියන එක තෙරුම් ගන්නෙ නැති උන්

    එක නෙමෙ නන්දා මාලනි මහත්මිය වෙනස් වෙලාද? එයාත් $ වලට සහජිවනය කර පින්නාගෙනද?
    මම දන්න විදියට කාටවත් කඩෙ යන්නෙ නැහැ එතුමිය

    denatama ekkenek kapala.. :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරාවට මෙ මිනුස්සුත් මහ ජාතිවාදියොනෙ තමන්ගෙ ජාතියෙ අඩම්බරය ගැන සිංදු ලියලා ගයනා කරලා
    මෙව අපෙ සහජිවනයට මරු පහරක් ජාතින් බෙද වෙනවාලොල්

    උබෙ රෙප් කපයි අම්මා මුත්තා මතක් කරලා කියන එක තෙරුම් ගන්නෙ නැති උන්

    එක නෙමෙ නන්දා මාලනි මහත්මිය වෙනස් වෙලාද? එයාත් $ වලට සහජිවනය කර පින්නාගෙනද?
    මම දන්න විදියට කාටවත් කඩෙ යන්නෙ නැහැ එතුමිය
    නන්දා මිලිනිය ඔය ලිස්ට් එකෙන් අයින් කරනු මැනවි.........ඔය ගීතය ඇය නැවත ගැයීම වරෙක ප්‍රතික්ෂේප කලේ එමගින් ජාතිවාදය ඇවිස්සේය යන්න පළ කරමිනි. එපමණක් නොව ඇය චන්ද්‍ර මඩුලු යට සුරංගනාවන් නම් ගීතය නැවත ගැයනා කලේ එහි අවසන් අන්තරා කොටස වන

    “දූ අල්ලන්ට සැන්දෑ යාමේ - මල්ලක් අරගෙන බිල්ලෙක් එනව ලු
    වීර දුවේ මා බිය නොම වන්නේ - සිහල ලෙයයි නුඹ සිරුර දිවෙන්නේ“ යන ජාතිවාදී කොටස එයින් හලමිනි.
    (මා සතුව මුල් පටිගත කිරිම් සහ නව පටිගත කිරීම් දෙකම තිබෙන බැවින් මේ කතරුණු ඔප්පු කර පෙන්විය හැකිය)

    එපමණක් නොව 1972 දී මේ ගීතයට හොදම චිත්‍රපට ගීය ලෙස සරසවි සම්මනය නිර්දේශ කළ අය ද මේ ජාතිවාදී ලිස්ට් එකට දැමිය යුතුය.......
     
    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    මේවගේ ගීතයක් ගායනා කරන්න(ගැලපෙන) ලෝකයේ සුදුම රටක් හෝ රටවල් තියෙනවද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නන්දා මිලිනිය ඔය ලිස්ට් එකෙන් අයින් කරනු මැනවි.........ඔය ගීතය ඇය නැවත ගැයීම වරෙක ප්‍රතික්ෂේප කලේ එමගින් ජාතිවාදය ඇවිස්සේය යන්න පළ කරමිනි. එපමණක් නොව ඇය චන්ද්‍ර මඩුලු යට සුරංගනාවන් නම් ගීතය නැවත ගැයනා කලේ එහි අවසන් අන්තරා කොටස වන

    “දූ අල්ලන්ට සැන්දෑ යාමේ - මල්ලක් අරගෙන බිල්ලෙක් එනව ලු
    වීර දුවේ මා බිය නොම වන්නේ - සිහල ලෙයයි නුඹ සිරුර දිවෙන්නේ“ යන ජාතිවාදී කොටස එයින් හලමිනි.
    (මා සතුව මුල් පටිගත කිරිම් සහ නව පටිගත කිරීම් දෙකම තිබෙන බැවින් මේ කතරුණු ඔප්පු කර පෙන්විය හැකිය)

    එපමණක් නොව 1972 දී මේ ගීතයට හොදම චිත්‍රපට ගීය ලෙස සරසවි සම්මනය නිර්දේශ කළ අය ද මේ ජාතිවාදී ලිස්ට් එකට දැමිය යුතුය.......
    :D:cool:තැන්ක්ස්
     
    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    තමිල්නාඩුවේ හරි අරාබියේ හරි ජීවත්වෙන සිංහල පවුල් පහක විස්තර මේකේ දාපංකෝ බලන්න.
     
    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    සිංහලයට කොහේද බං රටක් වස්ත්‍රයවත් අයිතිනැතිකොට.
    "ඩබ්ලියු. ඩී. අමරදේව නම් වූ සංගීතඥයා. මොහු නිරන්තරයෙන් සැරසී සිටින්නේ ද ජාතිවාදී ඇඳුමකින් ය."
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    සිංහලයට කොහේද බං රටක් වස්ත්‍රයවත් අයිතිනැතිකොට.
    "ඩබ්ලියු. ඩී. අමරදේව නම් වූ සංගීතඥයා. මොහු නිරන්තරයෙන් සැරසී සිටින්නේ ද ජාතිවාදී ඇඳුමකින් ය."

    පජාතිවාදී අවජාතිවාදීන් විසින් නුදුරු අනාගතයේ දී අපේ උරුමයන් මෙලෙසින් විචාරය කළොත් පුදුම නොවන්න. ;)