මේ_සියවසේ_විශිෂ්ටතම_සංගීත_භාණ්ඩය_මෙන්න!

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
මේ_සියවසේ_විශිෂ්ටතම_සංගීත_භාණ්ඩය_මෙන්න!

ඕනෑම සංගීත භාණ්ඩයක හඬක් නැංවිය හැකියි!

තනි වාදකයකුට වාදනය කළ හැකි අලූත් ම වාදක භාණ්ඩ කට්ටලයක් සහිත අලූත් ම වාදක සංගීත භාණ්ඩයක් දැන් තනා තියෙනවා. විසි එක්වන සියවසේ විශිෂ්ටතම සංගීත භාණ්ඩය ලෙස එය සැලකිය හැකියි. ගිටාරක සිට වයලීනය තෙක් ඕනැම තත් භාණ්ඩයක් මෙමගින් වාදනය කළ හැකියි. පියානෝවක් හෝ ඞ්රම්ස් කට්ටලයක් ලෙසත් වාදනය තරන්න පුළුවන්.

මෙය තනා ඇත්තේ නෑෂ්විල්හී සංගීතඥයෙක්. විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක්. විවිධ සංගීත භාණ්ඩ රැසක ශබ්ද ඇතුළත් මේ අමුතුම සංගීත භාණ්ඩය හැඳින්වෙන්නේ ‘ඉන්ස්ට්රුමන්ට් වන්’ හෙවත් ආර්ටිෆෝන් (Artiphon) කියලයි.

මෙයට සංගීත භාණ්ඩ ගණනාවක හැකියාව තිබුණත් එතරම් බර නැහැ. ගිටාර් එකක් වාගෙ උරහිසෙහි එල්ලා ගෙන හෝ උකුලේ තියා ගෙන වාදනය කළ හැකියි. වාදක භාණ්ඩය අනුව සුදුසු ඉරියව්ව ඔබට පහසු විධියට යොදා ගත්තෑකි.

article-2349876-1A8AD39B000005DC-557_634x622.jpg

ගිටාරයේ හෝ වයලීනයේ සැබෑ තත් නැතුවාට මෙහි ආභාසී තත් (virtual cords) තියෙනවා. ඒවා මත ඇඟිලි තුඩු ගෙන යන විට අවශ්‍ය වාදනය ඇහෙනවා.

මෙහි ඇතුළත ඇම්ලිෆයරයක් තියෙනවා. කටහඬ මයික්‍රෝෆෝනයක් මගින් පටි ගත කර ගන්න පුළුවන්. මෙහි ශබ්ද පාලන මුළුමනින් ම අයි ෆෝනයක් යොදා ගෙන කළ හැකියි.

බොත්තමක් තද කිරීමෙන් භාණ්ඩයේ හඬ මාරු කළ හැකියි. මෙය ඇපල් ආයතනයේ මෙවලම් සමග වැඩ කරන ලෙස සකසා ඇතත් මිඩි (MIDI) උපාංගයක් සවි කිරීමෙන් වෙනත් ඒවාටත් භාවිත කළ හැකියි.

අළෙවියට තබන්නේ ගිටාර, බාස්, වයලීන, බැන්ජෝ ආදිය සහිත තමන් කැමති ඕනෑම සංගීත භාණ්ඩයක හඬ ඇනවුම් කර ලබා ගන්න පුළුවන්.

වාදකයාට තියෙන්නේ අවශ්‍ය හඬ සකි‍්‍රය කර, එය වයලීනයක් නම් නිකට යටින් තියාගෙන වාදනය කිරීමයි. බෙරයක් හෝ පියානෝවක් වගේ වාදනය කරනවා නම් උකුල මත තියාගෙන එය කළ හැකියි.

මෙය නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වන්නේ ඇමරිකාවේ ටෙනසි ජනපදයේ නාෂ්විල්හී බෙල්මොන්ට් විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා කථිකාචාර්ය වරයකු වූ මයික් බුතේරා (Mike Butera) ටයි. ඔහුට ආචාර්ය උපාධියක් තියෙනවා ධ්වනි විද්‍යාවට හා සංගීතයට.

මේ වසර අගදී එකක් ඩොලර් අසූ දහසක් පමණ මිලකට මෙය අළෙවියට තබන බව සඳහන් වෙනවා.

ඔබට තවත් විස්තර අවශ්‍ය නම් ආටිෆෝන් (artiphon.com) වෙතින් ලබා ගත්තෑකි.

වීඩියෝ පහතින් බලන්න.



article-2349876-1A8A3A2D000005DC-645_634x286.jpg
‘ඉන්ස්ට්රුමන්ට් වන්’ හෙවත් ආර්ටිෆෝන් (Artiphon) කියල හැඳින්වෙන මේ අපූරු සංගීත භාණ්ඩයට ගිටාරයක, බැන්ජෝවක, පියානෝවක, නව යතුරු පුවරු සහිත සංගීත භාණ්ඩයක හඬ නංවන්න පුළුවන්. බොත්තමක් තද කිරීමෙන් භාණ්ඩය සැණෙන් මාරු කළ හැකියි. එය පාලනය කරන්න අයිෆෝනයක් හෝ අයිපොඞ් ටච් එකකින් පුළුවන්.

article-2349876-1A8A7E44000005DC-908_634x552.jpg
‘ඉන්ස්ට්රුමන්ට් වන්’ හෙවත් ආර්ටිෆෝන් සංගීත භාණ්ඩය පාලනය කරන්න මේ විදියට අයිෆෝනයක් සවි කර ගත්තාම පුළුවන්.

article-2349876-1A8A7E6B000005DC-717_634x391.jpg
ආර්ටිෆෝන් සංගීත භාණ්ඩය තුළ හඬ නිකුත් වීමට ස්පීකර් තියෙනවා.

article-2349876-1A8A7E64000005DC-533_634x618.jpg
ආර්ටිෆෝන් සංගීත භාණ්ඩය තුළ ස්පීකර් විතරක් නෙවෙයි, තමන්ට විතරක් ඇහෙන්න ඕනැනම් හෙඞ්ෆෝන් ජැක් එකක් තියෙනවා. අළෙවියට තබන්නේ ගිටාර, බාස්, වයලීන, බැන්ජෝ ආදිය සහිත තමන් කැමති ඕනෑම සංගීත භාණ්ඩයක හඬ ඇනවුම් කර ලබා ගන්න පුළුවන්.



ගත්තේ "මල් කැකුළු" එකෙන් ..
 

Similar threads