මෛත්‍රිපාල_ගැන නංගී කියන කථාව

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෛත්‍රිපාල_ගැන නංගී කියන කථාව

    MS_2015.JPG

    පවුලේ වැඩිමලා මෛත්‍රිපාල සිරිසේන. දෙවැනියා ලලිතා පත්මිණි. තෙවැනියා ශ්‍රියාණි පුෂ්පකාන්ති. සිව්වැනියා සුනන්දා සිරිසේන. පස්‌වැනියා ඩඩ්ලි සිරිසේන. හයවැනියා කුමාරසිංහ සිරිසේන. සත්වැනියා චාන්දනී සිරිසේන. අටවැනියා සරෝජා සිරිසේන. නවවැනියා මම. මට බාල මල්ලිලා තුන් දෙනයි. ලාල් සිරිසේන, චමින්ද සිරිසේන, ප්‍රියන්ත සිරිසේනය. අපේ තාත්තා ඇල්බට්‌ සිරිසේන. තාත්තාගේ උපන් ගම ගම්පහ ඔරුතොට. අම්මගෙ උපන්ගම ගම්පහ යාගොඩ. සිරිසේන පවුලේ නවවැනියා වන සන්ධ්‍යා සිරිසේන මහත්මිය තම පවුල ගැන කතා කරන්නට වූවාය. නිවුණු හඬින් ඇය වචන එකතු කරන විට සිරිසේන පවුලේ ආඩම්බරය ඇයගේ දෙනෙත්වල දිලිසෙමින් තිබිණි. ඇයගේ කතාවට සවන්දී සිටින සන්ධ්‍යාගේ වැඩිමහල් සහෝදරියගේ දෙනෙත් ද සතුටින් ඉතිරිණි. ඇය කඳුළු සඟවාගනිමින් සන්ධ්‍යාගේ කතාවට මෙසේ එකතු විය.

    l1-2.jpg

    අපිව මෙතැනට ගේන්න අපේ තාත්තයි, අම්මයි, ගොඩක්‌ මහන්සි වුණා. දෙවැනි ලෝක යුද සමයේ අපේ තාත්තා හමුදා නිලධාරියෙක්‌. යුද්ධය අවසාන වුණාට පස්‌සේ හමුදා භටයන්ව හමුදා සේවයෙන් ඉවත් කරලා පොළොන්නරුවේ වගා කරන්න ඉඩම් දීලා පිටත් කළා. තාත්තටත් ඉඩමක්‌ ලැබිලා තිබුණා. පස්‌සේ තාත්තා ගම්පහ ඉඩකඩම් අතහැර පොළොන්නරුවේ පදිංචියට ගිහින් තිබුණා. ඒ යනකොට මෛත්‍රී අයිය ඉන්නවා. අයියා ඉපදිලා තියෙන්නේ ගම්පහ... පොළොන්නරුවේ පදිංචියට ගියාට පස්‌සේ තාත්තා ජ්‍යෙෂ්ඨ විභාගය සමත් වෙලා හිටපු නිසා ගම්මුලාදැනී තනතුර දීලා තිබුණා. 1956 බණ්‌ඩාරනායක මහත්තයා බලයට ආවට පස්‌සේ ගම්මුලාදැනී තනතුර, ග්‍රාමසේවක තනතුර බවට පත් කළා. එදා සිට විශ්‍රාම යන තෙක්‌ තාත්තා ග්‍රාමසේවක තනතුරේ සේවය කළා. මුලින්ම අපි පදිංචි වෙලා හිටපු ලක්‍ෂඋයන ගමේ ග්‍රාමසේවක විදිහට සේවය කළා. පස්‌සේ විශ්‍රාම යන තෙක්‌ කදුරුවෙල නගරයේ ග්‍රාමසේවක විදිහට වැඩ කළා. තාත්තා බොහෝම නීතිගරුකව, සාධාරණ ජීවිතයක්‌ ගතකළේ. තාත්තා ගම්මුලාදැනී විදිහට ඉන්න කාලේ ලක්‍ෂඋයනේදී දුවන කෝච්චිය නතර කරලා අරක්‌කුකාරයන්ව අත්අඩංගුවට අරගෙන තියෙනවා. නීතිය අකුරටම ක්‍රියාත්මක කළා. හැබැයි පඩියට අමතරව වී ඇටයක්‌ තරම් අරගෙන නෑ. ඒ නිසා ගමේ මිනිස්‌සු අතරත් තාත්තට පුදුම ගෞරවයක්‌ තිබුණෙ. තාත්තා විශ්‍රාම යනකොට කදුරුවෙල නගරයේ මිනිස්‌සු තෑගි දීලා තිබුණේ රත්තරං පවුම්. තාත්තාගේ සේවයට මිනිස්‌සු රත්තරං වටිනාකමක්‌ දීලා තිබුණා. තාත්තට තෑගිවලට ලැබුණ රත්තරං පවුම අදටත් මා ළඟ තියෙනවා...' මුවින් මුවට මාරු වන කතාව අතරේ පියාගෙන් සන්ධ්‍යාට ලැබුණු රන් පවුම ගැන ද සිහිපත් කළාය.

    'අපේ අම්මත් ජ්‍යෙෂ්ඨ විභාගය පාස්‌වෙලා හිටපු නිසා පොළොන්නරුවට ගිහින් ටික කාලයක්‌ යනකොට අම්මටත් ගුරු පත්වීමක්‌ ලැබුණා. අම්මට මුල් ගුරු පත්වීම ලැබුණේ ලක්‍ෂඋයන කනිෂ්ඨයට. අපි දොළොස්‌ දෙනාම මුලික අධ්‍යාපනය ලැබුවේ අම්මා උගන්වන ගමේ පාසලෙන්මයි. ඒ කාලේ පොළොන්නරුවේ ජීවිතේ හරිම දුෂ්කරයි. ගිනි අව්වේ ගමන පයින්. එහෙන් මැලේරියා උණ හැදිලා මිනිස්‌සු මැරෙනවා. අම්මයි තාත්තායි අපි ගැන පුදුම බයකින් හිටියේ. හෙම්බිරිස්‌සාවක්‌ හැදුණත් තාත්තයි අම්මයි පුදුම විදිහට කලබල වෙනවා. ඔහොම ටික කාලයක්‌ යනකොට නංගිල දෙන්නෙක්‌ව ගම්පහ ඉස්‌කෝලවලට ඇතුළත් කළා. පස්‌සේ කුමාරසිංහ මල්ලිවත් ගම්පහ ඉස්‌කෝලෙකට ඇතුළත් කළා. කුමාරසිංහ මල්ලි අධ්‍යාපනයෙන් ඉදිරියටම ගියා. පවුලේ අනිත් එකළොස්‌ දෙනාම උසස්‌ පෙළ දක්‌වා ඉගෙනගෙන තියෙනවා. මමයි, මෛත්‍රී අයියයි පොළොන්නරුව රෝයල් විද්‍යාලයෙන් උසස්‌ පෙළ කළා. උසස්‌ පෙළ විභාගය සමත් වුණාට පස්‌සේ අයියා කෘෂිකර්ම උපාධි පාඨමාලාවක්‌ කළා. ඒ කාලේදී තමයි 71 කැරැල්ල ආවේ. ඔය කාලේ මෛත්‍රී අයියා ගමේ ක්‍රියාකාරි තරුණ දේශපාලන සාමාජිකයෙක්‌. ගමේ ප්‍රජා ප්‍රගති මණ්‌ඩලයේ නායකයා. කැරලිකරුවන් පොළොන්නරුව පොලිසියට පහර දුන්නෙත් ඔය කාලේ. ඒ එක්‌කම කැරැල්ලට සම්බන්ධයි කියලා ගම්වල තරුණයන්ව අරගෙන ගිහින් මැරුවා. ඒ භීෂණකාරී තත්ත්වය නිසා ගම්වල ආරක්‍ෂක කමිටු පිහිටුවන්න කියන්න ප්‍රදේශයේ සමිතිවල නිලධාරීන් එකතුවෙලා කච්ෙච්රියට ගියා. මෛත්‍රී අයියත් ඒ කණ්‌ඩායමට සහභාගි වෙලා තිබුණා. එහෙම කච්ෙච්රියට ගිය සියලු දෙනාවම පොලිස්‌ අත්අඩංගුවට අරගෙන තිබුණා. එදා නම් අපේ ගෙදර තනිකරම මළ ගෙයක්‌. තාත්තා ග්‍රාමසේවක කාර්යාලයේ ඉන්නකොට තමයි සිද්ධිය ආරංචි වෙලා තිබුණේ. ඒ මොහොතෙම තාත්තා ගෙදර ඇවිත් කා එක්‌කවත් වචනයක්‌වත් කතා නොකර ගෙයි එහාට මෙහාට ඇවිද ඇවිද ඉඳලා ටික වෙලාවකට පස්‌සේ ඉකි ගසමින් ඇඬුවා... 'මම කිව්වා දේශපාලන වැඩවලට යන්න එපා කියලා... කෝ ඇහුවද... මම නම් පොලිසි ගානෙ යන්නේ නෑ' කියලා තාත්තා හොඳටම ඇඬුවා.

    අයියා දේශපාලනය කරනවට මුල ඉඳලම තාත්තාගෙ කැමත්තක්‌ තිබුණෙ නෑ. අයියව බලන්න තාත්තා යන්නේ නෑ කිව්වට ඊට පහුවෙනිදා උදේම තාත්තා පොලිසියට ගිහින් තිබුණා. එදාම අයියලව අවුරුදු දෙකකට මඩකලපුවේ සිර කඳවුරට යවලා තිබුණා. ඒ වෙනකොට අයියට අවුරුදු දාහතයි. එදා ඉඳලා අපේ ගෙදර තිබුණු සතුට නැති වෙලා ගියා. එතකොට අම්මට චමින්ද මල්ලිව හම්බ වෙන්න ඉන්නවා. ඒ අවුරුදු දෙකෙදීම තාත්තා හවසට ගෙදර ඇවිත් ඇඬුවා. සමහර දවස්‌වලට චුට්‌ටක්‌ බීලත් ආවා. 'මම කිව්ව දේ ඇහුවා නම් මෙහෙම වෙන්නේ නෑ. මේ රටේ දේශපාලනය කරන්න අමාරුයි... කොච්චර කිව්වත් ඇහුවද...' තාත්තා එහෙම කියල අඬපු වාර ගාන අනන්තයි. ඔය විදිහට අවුරුදු දෙකක්‌ම අපි කඳුළුයි බතුයි කෑවා. අන්තිමේ කිසිම නඩුවක්‌ නැතිව අයියලව හිරෙන් එළියට දැම්මා.

    හිරෙන් නිදහස්‌ වෙලා ඇවිත් අයියා අපිට කිව්වේ 'ළිඳට වැටුණ මිනිහා ළිං කටින්ම ගොඩ එන්න ඕනා...' කියලයි. පස්‌සේ අයියා පූර්ණකාලීනවම දේශපාලන වැඩවලට බැස්‌සා. ඒ වෙනකොට නම් අම්මයි, තාත්තයි දෙන්නම අයියා දේශපාලනය කරනවට කොහෙත්ම කැමති නෑ. අයියත්, අම්මා තාත්තා කියන හැම දෙයක්‌ම අහනවා. ගෙදර කීකරුම ළමයා මෛත්‍රී අයියා. ඒත් දේශපාලන වැඩවලට යන්න එපා කියලා කිව්වට ඇහුවේ නෑ. පස්‌සේ අම්මයි තාත්තයි එයත් එක්‌ක ඒ ගැන කතා කරන්න ගියේ නෑ.

    අපි මහ ලොකු සැප වින්දෙත් නෑ. දුක්‌වින්දෙත් නෑ. අපේ තාත්තයි අම්මයි සාධාරණ විදිහට හම්බ කරලා හොඳට කන්න බොන්න, අඳින්න දීලා උගැන්නුවා. ඒ කාලේ අද වගෙ විලාසිතා නෑ. අම්මා එකම පාටින් රෙදි ගෙනත් අපි හය දෙනාටම ගවුම් මහලා දෙනවා. අයියලටත් එහෙමයි. සිංහල අලුත් අවුරුද්දට අපේ තාත්තා හොඳට සිරිත් විරිත් කරනවා. ගෙයි සාලය මැද පැදුරු එළලා තාත්තා අපි හැමෝටම කිරිබත් කවනවා. ඊට පස්‌සේ අම්මා කවනවා. අයියා කවනවා. අපි හැමෝම එහෙම එකිනෙකාට කිරිබත් කවා ගන්නවා. කිසිම දවසක අද වෙනතුරු අපි අතර අබමල් රේණුවක්‌ තරම් හිත් රිදවීමක්‌ නෑ. ඒ තරමට අපි දොළොස්‌ දෙනා සමගියෙන් ඉන්නවා. පුංචි කාලේ ඉඳලා අපේ අම්මයි තාත්තයි ඒ සමගිය අපිට පුරුදු කළා.

    මෛත්‍රී අයියට පුංචි සන්දියේ ඉඳලා පුදුමාකාර ගති පැවතුම් තිබුණේ. අයියා පුංචි කාලේ ඉඳල අපි ගැන පුදුම විදිහට සෙවිල්ලෙන් හිටියේ. ඉස්‌කෝලෙ ගිහිල්ලා එන්න පරක්‌කු වුණත් බයිසිකලේ පැදගෙන ඇවිත් අපිව එක්‌ කරගෙන යනවා. පුංචි කාලේ අපි ඉස්‌කොලෙ ගිහිල්ලා ඇවිල්ලා සෙල්ලම් ගෙවල් හදනවා. ඒ සෙල්ලම් ගෙවල්වල ඇත්තටම බත් උයනවා. එහෙම උයන බත් කන්න අපේ තාත්තා හරිම ආසයි. අපි සෙල්ලම් කරනවා තාත්තයි අම්මයි බලාගෙන ඉන්නවා. මොන සෙල්ලම කළත් අයියා තමයි අපේ නායකයා. අපේ සෙල්ලම් ගෙවල් කඩා බිඳලා දාලා කඩාකප්පල් කරන්නේ ඩඩ්ලි අයියා. එයා එහෙම කරන්නේ තරහින් නොවේ, සෙල්ලමට. සමහර දවස්‌වලට අපි එකතුවෙලා සමිති පවත්වනවා. ඒ සමිතියේ සභාපති වෙන්නේ මෛත්‍රී අයියා. තවත් දවස්‌වලට එකතුවෙලා සින්දු කියනවා. මෛත්‍රී අයියට ලස්‌සනට සින්දු කියන්න පුළුවන්. පස්‌සේ කාලෙදී වුණත් අපේ ගෙදරක උත්සවයක්‌ තිබුණොත් අනිවාර්යෙන්ම අපි සේරම එකතුවෙලා සින්දු කියලා විනෝද වෙනවා. ඒ හැම තැනම නායකයා වෙන්නේ ලොකු අයියා.

    1982 අවුරුද්දේ තාත්තා නැති වුණා. එතකොට තාත්තට වයස අවුරුදු 72 යි. එදා ඉඳලා අයියා අපි ගැන වෙනදටත් වඩා උනන්දුවෙන් හොයලා බැලුවා. ලොකු පිරිමි තුන් දෙනාම කසාද බැන්දෙ අපි හය දෙනාව කසාද බන්දලා දීලයි. මෛත්‍රී අයියටත් අපේ තාත්තගෙ ගති පැවතුම්මයි තියෙන්නේ. බොහෝම නිහතමානියි. අසාධාරණය වෙනුවෙන් ඕනෑම තැනක පෙනී ඉන්නවා. ගමේ හැමදේකදීම නායකත්වය දෙන්නේ අපේ අයිය. ඉස්‌කෝලෙදී වුණත් හැම තැනම අයියා ඉදිරියෙන් හිටියා. ගෙදරදි වුණත් අම්මා අපි අතර මූලික තැන දුනAනේ අයියට. මම දැකලා නෑ එයා කිසිම දවසක බත් බෙදාගෙන කනවා... හැමදාම අම්මා බත් ටික බෙදලා මේසෙට ඇරලා තියනවා. නායකත්වය කියන දේ එයාට උප්පත්තියෙන්ම ලැබිලා තිබුණා. අයියා කොහේට හරි ගිහින් ගෙදරට එනකොට අපි වුණත් කිසිම සද්දයක්‌ නෑ. බොහෝම යටහත් පහත් විදිහට තමයි ඉන්නේ. ඒ අයියට තියෙන බයට නෙමෙයි ගෞරවයට. අයියා කසාද බැන්ද සුදු අක්‌කත් (ජයන්ති සිරිසේන) අපි වගේම අයියට පුදුම ගරුත්වයක්‌ තියෙන්නේ. අක්‌කට මොන රාජකාරිය තිබුණත් අයියට කෑම ටික හදලා මේසෙට ඇරලා තියෙනවා. අවුරුදු ගානක්‌ අයියා කසාද බැඳලා මහ ගෙදර හිටියේ. නැන්දම්මා, නෑනලා ගොඩක්‌ මැද අක්‌කා හිටියා. කිසිම දවසක වචනයකින්වත් වරදක්‌ වෙලා නෑ. ඒ තරම් අක්‌කා ගුණ යහපත්කමෙන් පොහොසත්. අයියගෙයි අක්‌කගෙයි හමුවීම ආත්ම බැඳීමක්‌. අයිය කසාද බැන්දේ 1980 අවුරුද්දෙ. අයියා සමුපකාර සැපයුම් නිලධාරි විදිහට සේවය කරන කාලේ කුරුණෑගල පැත්තෙ ගිහිල්ලා එනකොට අක්‌කව මගදි දැකලා කතා කරලා තිබුණා. එතැනදී ඇති වුණ ඇසුර අවසානයේ කසාදය දක්‌වා ගියා.

    අයියගේ මුල්ම රැකියාව වුණේ සමුපකාර සැපයුම් නිලධාරි තනතුර. ඒක ස්‌ථිර රැකියාවක්‌ නෙමෙයි. සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ ආණ්‌ඩුව කාලෙ අයියට ග්‍රාමසේවක පත්වීමක්‌ දුන්නා. එතකොට අයියා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ තරුණ සම්මේලනයේ ලේකම්. 1977 අවුරුද්දේ ඡේ. ආර්. ජයවර්ධන මහත්තයා දිනුවට පස්‌සේ කියුබාවේ තරුණ සම්මේලනයක්‌ තිබුණා. ඒ සම්මේලනයට එක්‌සත් ජාතික පක්‍ෂයෙන් පනහක්‌, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් විසි පහක්‌ අනිත් පක්‍ෂවලින් විසි පහක්‌ ගියා. අපේ අයියත් ඒ සමුළුවට ගියා. ඒ ගිහිල්ලා එනකොට අයියට ග්‍රාම සේවක තනතුර නැතිවෙලා තිබුණා. ඊට පස්‌සේ අයියා දේශපාලනඥයකුගෙ ලේකම් කෙනෙක්‌ විදිහට සේවය කළා. 1990 පාර්ලිමේන්තු මැතිවරණයට අයියා පොළොන්නරුවෙන් ඉදිරිපත් වෙලා විපක්‍ෂ මන්ත්‍රිවරයෙක්‌ විදිහට අයිය පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. 1994 අවුරුද්දේ චන්ද්‍රිකා මැතිනියගේ ආණ්‌ඩුව යටතේ පොළොන්නරුවත් ජයග්‍රහණය කරලා අයියා පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. නියෝජ්‍ය ඇමැතිවරයෙක්‌ වුණා. එතැනින් එහාට ඇමැතිවරයෙක්‌ වුණා. අයියා පාර්ලිමේන්තු ඇමැතිවරයෙක්‌ වුණා කියලා අපි කිසිම කෙනකුට රජයේ රැකියාවක්‌වත් දුන්නේ නෑ. අයියා පාර්ලිමේන්තු යනකොට මට අවුරුදු 21 යි. උසස්‌ පෙළත් හොඳට පාස්‌. ඒත් මට රැකියාවක්‌ දුන්නේ නෑ. පවුලේ අපිට විතරක්‌ නෙමෙයි අපේ ඥාතියකුටවත් අයියා රැකියාවක්‌ දීලා නෑ. පොළොන්නරුවේ දුප්පත් පවුල්වල උගත් ළමයින්ට ඕන තරම් රැකියා දීලා තියෙනවා. පොළොන්නරුවෙ වෙන දේශපාලනඥයෙක්‌ අපේ නංගි කෙනෙකුට ගුරු පත්වීමක්‌ දුන්නා. ඒකත් අයියා නතර කරලා කිව්වා නැති බැරි පවුලක උගත් ළමයකුට ඔය පත්වීම දෙන්න කියල කිව්වා. කිසිම දවසක විහිළුවටවත් අපේ පවුලෙ කෙනෙකුට දේශපාලනයට එන්න කියලා අයියා කියලා නෑ. අඩුම තරමින් අයියා හැර අපේ ඥාති කෙනෙකුවත් ප්‍රාදේශීය සභාවකවත් නෑ. තානාපතිවරු, සභාපතිවරු, අධ්‍යක්‍ෂවරු කිසිම කෙනෙක්‌ අපේ පවුල්වල නෑ. ඒ උගත් අය නැති නිසා නෙමෙයි. අයියා අපේ අයට තනතුරු දුන්නේ නෑ. එහෙම පිරිසිදු චරිතයක්‌ විදිහට තමයි අයියා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ. ඒත් අයියට ගහන්න තියෙන හැම විදිහටම මඩ ගැහුවා. අපේ අයියට කියන්න දෙයක්‌ නෑ. පොළොන්නරුවට කරන්න පුළුවන් වැඩ කරලා තියෙනවා. පොළොන්නරුවේ මිනිස්‌සු ඒක ඔප්පු කරලා පෙන්නලා තියෙනවා.

    අයියා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා කිව්වට පස්‌සේ අපි ගොඩක්‌ බය වුණා. අපිට තාත්තා නැති වුණේ ඉස්‌කෝලෙ යන කාලේ. ගිය අවුරුද්දෙ අම්මත් නැති වුණා. එදා ඉඳල අයියා තමයි අපිට තාත්තා වුණේ. ඒ නිසා අයිය මේ මැතිවරණයට ඉදිරිපත් වෙනවට අපි බයවුණා. මොකද අපි හොඳට රටේ දේශපාලනය ගැන දැනගෙන හිටියා. ඒත් අයියා කිව්වා අනිවාර්යෙන්ම මම මේ මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා. අයිය කියන දේකට අපි කවුරුවත් පිටින් යන්නේ නෑ. අපිත් වෙන මැතිවරණවලට වඩා මේ මැතිවරණයේදී එකා වගේ එකළොස්‌ දෙනාම ජීවිත පරදුවට තියලා ඡන්ද වැඩට බැස්‌සා. අපේ පවුල සේරම එකතු වුණහම පනහට වැඩියි. ඒ සේරම දෙනා දිවි හිමියෙන් මැතිවරණයට බැස්‌සා. මැතිවරණ රැස්‌වීම්වලට සහභාගි වුණා. රැස්‌වීම්වල කතා කළා. එහෙම සතියක්‌ දෙකක්‌ යනකොට රටේ මිනිසුන්ගේ අයියට තිබුණු පිළිගැනීමත් එක්‌ක අපේ හිත්වල තිබුණ බය නැතිවෙලා ගියා. ඒත් අයියා ජයග්‍රහණය කරලා කියනකම් අපි කෑවෙ බිව්වෙත් නෑ. අන්තිම දවසෙ මගේ ඇඟ පිච්චෙනව වගෙයි. පැරදුණා නම් අපි ඉවරයි. ඒත් නව වැනිදා උදේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියලා කියනකොට නම් අපිට ඇති වුණ සතුට වචනයෙන් කියන්න බෑ. ඒ නායකත්වය ලැබුණේ අයියගේ තියෙන උතුම් ගතිගුණවලට.

    අයියට රටේ ජනාධිපතිකම ලැබුණා කියලා අපි නම් කිසිම දෙයක්‌ බලාපොරොත්තු වෙන්නේ නෑ. රටට හොඳක්‌ කරනව නම් අපට ඒ ඇති. මේ ජීවන් වන විදිහ අපට හොඳයි.

    තරංග රත්නවීර, චන්න විඡේනාම
    ඡායාරූප - සුජාතා ජයරත්න



    divaina
     
    Last edited:
    • Like
    Reactions: neyohk

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕව නම් වැඩක් නැහැ මචං..... ප්‍රතිපත්ති හා ඒවා ක්‍රියාත්මක කිරිම පමණයි වැදගත්

    පවුලේ අය පෙන්නේලා, කම කන හැටි පෙන්නේලා, අදින අඩුම පෙන්නේලා තවත් මහින්ද කෙනෙක් හදාගන්න එපා
    ඕව දැක්කම මට මතක් වෙන්නේ මහින්ද අගමැති උන කලේ tv පත්තර වල ගියපුව. අයිත මිනිස්සු ඒ තත්වෙට යන්න හදනවා කිය්ටන්නේ මහින්දට වඩා විනාශයක ආරම්භයක් තමයි
     
    • Like
    Reactions: ncdisa

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඕව නම් වැඩක් නැහැ මචං..... ප්‍රතිපත්ති හා ඒවා ක්‍රියාත්මක කිරිම පමණයි වැදගත්

    පවුලේ අය පෙන්නේලා, කම කන හැටි පෙන්නේලා, අදින අඩුම පෙන්නේලා තවත් මහින්ද කෙනෙක් හදාගන්න එපා
    ඕව දැක්කම මට මතක් වෙන්නේ මහින්ද අගමැති උන කලේ tv පත්තර වල ගියපුව. අයිත මිනිස්සු ඒ තත්වෙට යන්න හදනවා කිය්ටන්නේ මහින්දට වඩා විනාශයක ආරම්භයක් තමයි

    බයවෙන්න එපා..මෙයා ආයෙත් ජනාදිපතිකමට ඉල්ලන්නේ නැහැ කිව්වනේ.:D
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඕව නම් වැඩක් නැහැ මචං..... ප්‍රතිපත්ති හා ඒවා ක්‍රියාත්මක කිරිම පමණයි වැදගත්

    පවුලේ අය පෙන්නේලා, කම කන හැටි පෙන්නේලා, අදින අඩුම පෙන්නේලා තවත් මහින්ද කෙනෙක් හදාගන්න එපා
    ඕව දැක්කම මට මතක් වෙන්නේ මහින්ද අගමැති උන කලේ tv පත්තර වල ගියපුව. අයිත මිනිස්සු ඒ තත්වෙට යන්න හදනවා කිය්ටන්නේ මහින්දට වඩා විනාශයක ආරම්භයක් තමයි

    Aniwa. :yes:
    Minissunge oluwata gihin thiyenne dan rate raajaandu kramayak yanawa kiyala. Mahinda thamai oka patan gaththe.
    Kawru hitiyath apita family eke kawda, kanne monawada, owa kisima therumak na. Hariyata wade kare naththam kohen awath ekawannama one.
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ඕව නම් වැඩක් නැහැ මචං..... ප්‍රතිපත්ති හා ඒවා ක්‍රියාත්මක කිරිම පමණයි වැදගත්

    පවුලේ අය පෙන්නේලා, කම කන හැටි පෙන්නේලා, අදින අඩුම පෙන්නේලා තවත් මහින්ද කෙනෙක් හදාගන්න එපා
    ඕව දැක්කම මට මතක් වෙන්නේ මහින්ද අගමැති උන කලේ tv පත්තර වල ගියපුව. අයිත මිනිස්සු ඒ තත්වෙට යන්න හදනවා කිය්ටන්නේ මහින්දට වඩා විනාශයක ආරම්භයක් තමයි

    hmmmm aniwa....:yes::yes:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    මට නම් හිතෙන්නේ මීට අවුරුදු 10 ඉදන් තිබුන එ වහල් මානසිකත්වයෙන් මිදෙන්න බැරි වෙලා ඉන්නේ අපේ ජනමාධ්‍යට ,,,,
    උන්ට වන්දිබට්ට කම් නැතුව වෙන මොනවද කරන්නේ කියල හිතාගන්න බැරුව ඇති තාම .....
     
    • Like
    Reactions: skymicro

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මට නම් හිතෙන්නේ මීට අවුරුදු 10 ඉදන් තිබුන එ වහල් මානසිකත්වයෙන් මිදෙන්න බැරි වෙලා ඉන්නේ අපේ ජනමාධ්‍යට ,,,,
    උන්ට වන්දිබට්ට කම් නැතුව වෙන මොනවද කරන්නේ කියල හිතාගන්න බැරුව ඇති තාම .....
    100% True
     
    Sep 7, 2014
    60
    7
    0
    ඕව නම් වැඩක් නැහැ මචං..... ප්‍රතිපත්ති හා ඒවා ක්‍රියාත්මක කිරිම පමණයි වැදගත්

    පවුලේ අය පෙන්නේලා, කම කන හැටි පෙන්නේලා, අදින අඩුම පෙන්නේලා තවත් මහින්ද කෙනෙක් හදාගන්න එපා
    ඕව දැක්කම මට මතක් වෙන්නේ මහින්ද අගමැති උන කලේ tv පත්තර වල ගියපුව. අයිත මිනිස්සු ඒ තත්වෙට යන්න හදනවා කිය්ටන්නේ මහින්දට වඩා විනාශයක ආරම්භයක් තමයි

    අනිවා.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    අපි බලාපොරාත්තු වන පිරිසිදු දේශපාලනයක් තිබුනොත් ඇති....
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    බයවෙන්න එපා..මෙයා ආයෙත් ජනාදිපතිකමට ඉල්ලන්නේ නැහැ කිව්වනේ.:D

    ඔව් දැන් අගමැති කමට නේද ඉල්ලනවා කියන්නේ
     

    waligamaya

    Well-known member
  • ඕව නම් වැඩක් නැහැ මචං..... ප්‍රතිපත්ති හා ඒවා ක්‍රියාත්මක කිරිම පමණයි වැදගත්

    පවුලේ අය පෙන්නේලා, කම කන හැටි පෙන්නේලා, අදින අඩුම පෙන්නේලා තවත් මහින්ද කෙනෙක් හදාගන්න එපා
    ඕව දැක්කම මට මතක් වෙන්නේ මහින්ද අගමැති උන කලේ tv පත්තර වල ගියපුව. අයිත මිනිස්සු ඒ තත්වෙට යන්න හදනවා කිය්ටන්නේ මහින්දට වඩා විනාශයක ආරම්භයක් තමයි

    :yes::yes::yes:


    මේ තට්ටු මාරුවට එකම සෙට් එකේ උන්ට බලය දීලා වදන් නැ කියලා නැවත වරක් තහවුරු වෙලා තියෙනේ. ලංකාවේ මිනිස්සු කවදා ...............:growl::frown::frown:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ

    මෛත්‍රී පන්න පොකයා


    මගේ රට විනාස කරපු තොපියි තොපේ අනුරලා රනිල් ලා මෛත්‍රිලා හෙණ වැදියන්...
    තොපිට සාප කරනවා ඇරෙන්න මගේ රට විනාස වෙද්දි මට කරන්න දෙයක් නැ
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    මෛත්‍රී පන්න පොකයා


    මගේ රට විනාස කරපු තොපියි තොපේ අනුරලා රනිල් ලා මෛත්‍රිලා හෙණ වැදියන්...
    තොපිට සාප කරනවා ඇරෙන්න මගේ රට විනාස වෙද්දි මට කරන්න දෙයක් නැ
    :(:(:(
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    මෛත්‍රී පන්න පොකයා


    මගේ රට විනාස කරපු තොපියි තොපේ අනුරලා රනිල් ලා මෛත්‍රිලා හෙණ වැදියන්...
    තොපිට සාප කරනවා ඇරෙන්න මගේ රට විනාස වෙද්දි මට කරන්න දෙයක් නැ

    :(