මෛත්‍රීගේ පුතා දහම් සමග රාත්‍රිය ගත කළ මි&#350

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මෛත්‍රීගේ පුතා දහම් සමග රාත්‍රිය ගත කළ මි&#350





    මෛත්‍රීගේ පුතා දහම් සමග රාත්‍රිය ගත කළ මිතුරෙකුගේ මළ සිරුර පසුදා හමු වී නම් වීරවංශ කරන කථාව

    Murdurer-goes-to-death-mans-funeral.jpg



    (ලංකා ඊ නිව්ස් - 2016.ඔක්.29, ප.ව.8.25) විමල්ගේ හෝකන්දර



    ගෙදරින් තරුණයෙකුගේ මළ සිරුරක් හම්බ වෙලාලු නේද?


    ඒ තරුණයා විමල්ගේ පුතාගේ යාළුවෙක්ලු නේද?



    තරුණයා මැරිලා තියෙන්නේ ඒ ගෙදරදිලු නේද?



    විමල්ගේ පුතාත් එතන ඉඳලා තියෙනවලු නේද?


    මේ දවස්වල මිනිස්සු කතා කරන මාතෘකාවකි. එයට හේතුව අනෙක් මන්ත්‍රීවරුන්ගේ පමණක් නොව මැති ඇමතිවරුන්ගේත් අගමැති සහ ජනාධිපතිගේත් පෞද්ගලික ජීවිතයේ ප්‍රශ්න ඇති වුණාම විමල් ඒවා මඩට දමල දෙක තුන කරලා කියන නිසාය.


    මෑතකදී ජවිපෙ මන්ත්‍රී විජිත හේරත් අනතුරකට මුහුණ පෑවේය. ඔහුගේ වාහනය තාප්පයක හැපිණ. ඒ අනතුර වනවිට වාහනය පදවාගෙන ගියේ විජිත හේරත්ය. විජිත හේරත්ගේ රිය අනතුර ආරංචි වූ විගස විමල් ඔහුගේ වෙබ් අඩවිය හරහා ප්‍රචාරය කළේ විජිත හේරත් බීමතින් රිය පැදවූවා කියාය. පොලිස් වාර්තාවල ඒ බව සඳහන් වෙනවා කියමින් ඇහැට පෙනෙන්නේ නැති සී.සී.ටී.වී. දර්ශන දමමින් විජිත හොර ගමනක් ගොස් එද්දී අනතුර සිදු වුණු බවට පින්තූර විකෘති කොට පෙන්වූයේය.


    අනුර කුමාර දිසානායක මෑතකදී අයර්ලන්තයට ගියේය. අනුර අයර්ලන්ත ගුවන් තොටුපොළේ සිටින පින්තූර තම සගයන් ලබා වීඩියෝ කොට අනුර සැප ගන්න අයර්ලන්තයට ගොස් ඇතැයි කතන්දර හදලා සමාජ මධ්‍ය හරහා ප්‍රචාරය කළේය.


    ඊයේ පෙරේදා කොළඹ සමාජ ශාලාවක පහර දීමක් සිදුවූ විට එම පහරදීම පිටුපස ඉන්නේ මෛත්‍රීගේ පුතා දහම් යැයි විමල් ඇහින් දැක්කා වගේ කීවේය. එම ප්‍රහාරය වන වේලාවේ සමාජ ශාලාවේ සී.සී.ටී.වී. දර්ශන යැයි කියා සී.සී.ටී.වී. දර්ශන සමාජ මාධ්‍ය හරහා රට පුරා ප්‍රචාරය කළේය.


    පහත දැක්වෙන්නේ නයිට් ක්ලබ් සිද්ධිය වුණු විගස විමල් රත්නපුර රැස්වීම රත් කරමින් දහම්ට ගහපු ගැහිල්ලය.


    ඊයේ 8 රත්නපුරේ පැවැති මහින්ද පිලේ රැලියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස සිය කතාවේදී පසුගියදා ක්ලික් සමාජ ශාලාවට ප්‍රහාරයක් දියත් කිරීම සම්බන්ධයෙන් ජනපති පුත් දහම් සිරිසේනට චෝදනා එල්ල කළේය.


    ඔහු එහිදී මෙසේ කියා ඇත.


    "මේ රටේ ඇතැම් මාධ්‍ය නාමල් රාජපක්ෂලාට විරුද්ධව නොයෙකුත් චෝදනා වර ගන්වා ඉදිරිපත් කළා. විවිධ තර්ක ඔස්සේ විවිධ චෝදනා ගෙන ආවා. එහෙමනම් පුළුවන් නම්, මේකත් දාන්න කියලා මම මේ රටේ මාධ්‍යවලට අභයෝග කරනවා. එහෙම කළාට දාන්නේ නම් නැහැ. නමුත් සමාජ ජාල මාධ්‍යවලවත් යාවි නේ.

    අනේ හාමුදුරුවනේ සමාවෙලා මේ දහම් කොලුවාගේ නම වෙනස් කරලා සංඝ ආඥාවක් නිකුත් කරන්න. බුදුන්, දහම්, සඟුන් තමයි අපට තිබෙන තෙරුවන. මෙයා නිසා ඒකත් වැනසෙනවා. දහම් ගිහින් තිබෙනවා ටවුන්හෝල්වල තිබෙන "ක්ලික්" නමැති නයිට් ක්ලබ් එකට, ජනාධිපති ආරක්ෂක අංශයේ ආරක්ෂාව සහිතව.

    ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ජීප් රථයක තමයි ගිහින් තිබුණේ. පළමු වතාවේ ගිහින් ඇතුළු වෙන්න ඇහුවා. පොඩ්ඩක් ඉන්න කියා පිළිතුරක් ලැබී තිබුණා. පස්සේ එන්නම් කියලා ඒ වතාවේ ගිහින් ආපසු ඇවිත් ක්ලබ් එකේ සියලු වීදුරු බින්දා.


    එක සේවකයෙකුට පහර දී තිබෙනවා. ඒ සේවකයා කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා. ඒ පහර කෑමෙන් රෝගී වූ ඒ නයිට් ක්ලබ් සේවකයාට දැන් ජනාධිපති ආරක්ෂක අංශයෙන් ආරක්ෂාව ලබාදී තිබෙනවා. බලාපොරොත්තු වුණේ මේ වෙනස නේද?. නාමල් රාජපක්ෂලා, නයිට් ක්ලබ් ගිහින් මරා ගත්තේ නැහැ. මේ රටේ බහුතරයකට නයිට් ක්ලබ් යන, ගහගන්න, මරාගන්න පුතෙකුගේ තාත්තා කෙනෙක් ජනාධිපති කරවන වෙනසක් ඕනේ වුණා. ඒ වෙනස 2015 ජනවාරි 08 වැනිදා සිදු වුනණා."

    එහෙව් විමල් තමාගේ නිවෙසේ තරුණයෙකු ඝාතනය වීම ගැන ඉන්නේ දත කට පූට්ටු කරගෙනය.
    මේ වගේ තරුණ මරණයක් දහම්ගේ ගෙදරක හෝ දහම් ඉන්නා තැනක වුණා නම් අද විමල් හැසිරෙන්නේ කොහොමද?

    එහෙනම් මේ සිද්ධිය සිදු වුණු දිනට පසු දින පාර්ලිමේතුව ගිනියම් කරන විමල්ගේ කතාව පටන් ගන්නේ මෙහෙමය.

    "ගරු කතානායක තුමනි. අද රටේ මහා භායානක තත්වයක් ඇති වෙලා තියෙනවා. ජනාධිපතිගේ පුත් කුමාරයාගේ නිවෙසේ තරුණ මළ සිරුරක් හමුවී තියෙනවා. ඔහු ජනාධිපතිගේ පුත් කුමරාගේ මිත්‍රයෙක් බව අනාවරණය වෙලා තියෙනවා.

    මේ තරුණයා කවුද?

    ඔහුගේත්, ජනාධිපතිගේ පුත් කුමරාත් අතර තිබුණු සම්බන්ධය කුමක්ද?

    එහෙම නැත්නම් ව්‍යාපාරික ගනුදෙනුවක්ද?
    එහෙමත් නැත්නම් අපි කවුරුත් නොදන්න වෙන යම් ගනුදෙනුවක්ද? ජනාධිපතිගේ පුත් කුමරා නිවෙසේ සිටියදීම ඔහු මැරණේ කෙසේද?
    මේ මරණය සම්බන්ධයෙන් පොලීසිය අපක්ෂපාතී පරීක්ෂණයක් කරනවාද?

    අපට දැනගන්න ලැබී තිබෙනවා මේ පරීක්ෂණ ජනාධිපති ආරක්ෂක අංශය යටතය අරගෙන කියල.

    ජනාධිපතිවරයාගේ ආර්යාව විතරයි තවම මේ ගැන ප්‍රකාශ කරන්නේ. ඇයි ජනාධිපතිගේ පුතාට මේ ගැන කතාකරන්න බැරි. ඇයි ඔහුව හංගලා තියෙන්නේ. ඇයි ඔහු ඉදිරියට නොඑන්නේ. පොලීසිය ඔහුගෙන් ප්‍රශ්න කළාද?

    මේ මරණය සිදු වූයේ කෙසේ ද කියලා මේරටත් රටේ ජනතාවත් දැනගත යුතුයි. කොහොමද මේ මරණය සිදු වුනේ. ස්වභාවික මරණයක්ද?

    නැතිනම් ඝාතන කුමන්ත්‍රණයක්ද?
    එසේත් නැතිනම් ස්වාභාවික මරණයක් ලෙස පෙන්වා ඔහුට විස පොවා සිදු කළ ඝාතනයක්ද?

    එවැනි ඝාතනයක්නම් එලෙස ඝාතනය කරන්න හේතු මොනවාද? ජනාධිපතිගේ පුත් කුමරාගේ රහස් ඔහු සතුව තිබුණාද?

    ජනාධිපතිගේ පුත් කුමරාගේ ව්‍යාපාරික ගණුදෙනු ගැන ඔහු දැන සිටියාද? ජනාධිපතිගේ පුත් කුමරාගේ වෙනත් සම්බන්ධතා ගැන ඔහු දැන සිටියාද?

    කතානායක තුමනි,

    මේ සභාව සත්‍ය දැනගත යුතුයි. අවුරුදු 24ක යොවුන් තරුණයෙක් ස්වාභාවික මරණයකට පත්වෙනවා කියන එක පිටුපස මහ අභිරහසක් තියෙනවා. ජනාධිපතිවරුන්ගේ අගමැතිවරුන්ගේ මැති ඇමතිවරුන්ගේ නිවෙස්වල වයසක උදවිය සේවකයන් මිය යන්න පුළුවන්. ඒත් ජනාධිපතිගේ පුත් කුමරාගේ මිත්‍ර වයස 24ක යොවුන් තරුණයෙකු ඔහු සිටි නිවසේදීම මිය යෑම මහා කුමන්ත්‍රණයක්.

    මේ තරුණයා ජනාධිපතිගේ පුත් කුමරා සමග රාත්‍රී කාලයේදී මෙම නිවසේ හමුවී තිබෙනවාලු. ඒ මොනවා ගැන සාකච්ඡා කරන්නද?
    රහස් රකින්නද?
    මුදල් ගනුදෙනුවලටද?

    ජනාධිපති මෙම අභිරහස් මරණයේ ඇත්ත රටට හෙළිදරව් වන තෙක් ජනාධිපති ධූරයෙන් ඉවත්විය යුතුයි.

    මා මේ ගරු සභාවෙන් ඉල්ලා සිටිනවා ජනාධිපතිවරයා ඉවත්විය යුතුයි කියා යෝජනාවක් සම්මත කරන ලෙසට. අපට දැනගන්න ලැබී තිබෙනවා මිය ගිය තරුණයාගේ පවුලේ අය බියගන්වන මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා කියා. සාක්ෂි වෙනස් කරන්න කුමන්ත්‍රණයක් දියත්වන බව ආරංචියි. මෙම කුමන්ත්‍රණය පරාජය කරන්න හෙට සිට කළු පටි බැඳ අපි මේ සභාව තුළ විරෝධතාවක් දියත් කරනවා."
    මෙම මියගිය තරුණයාගේ මල සිරුර දහම්ගේ ගෙදරදී හමු වුනානම් විමල් කියන කතාවය. විමල්ගේ හතුරු ලැයිස්තුවේ ඉන්න නායකයන්ට, මන්ත්‍රීවරුන්ට ගහපු මඩ දැන් තමන්ටම කැරකිලා එනවා යැයි විමල්ට දැන් තේරුම්ගොස් තියෙනවානම් හොඳය. අනුන්ට කපපු මඩ වළේ තමන්ද වැටෙයි පුතේ කියන්නේ නිකම්ම නොවේ.

    උපුල් ජෝෂප් ප්‍රනාන්දු


    ඉරිදා මව්බිම පුවත් පතට ලියූවකි
     
    Last edited:

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    උපුල් ජෝෂප් ප්‍රනාන්දු කොටින්ට කඩේ යන එකෙක් කියලා මිනිස්සු දන්නවා.
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    විමල් රනිලට ආත්මය විකුණයි!

    Murdurer-goes-to-death-mans-funeral.jpg


    ලහිරු ජනිත් විමල්ගේ ගෙදරදී මරණයට පත්වීමෙන් පසු සියලු පරීක්ෂණ යටගසා ඇත්තේ ඉහල අණකිනි. ඒ අණ පැමිණියේ රනිල් වික්‍රමසිංහගෙනි.

    විමල් හා ශෂී රහසේ රනිල් හමුවී බැගෑපත්ව හඬාවැටී ඇත්තේ කෙසේ හෝ තමන් බේරා දෙන ලෙසයි. මොනවා වුනත් හිරේ වැටෙන්නේට බැරියයි විමල් හා ශෂී යුවල හඬා වැලපී ඇත.

    මීට පෙරද විමල්ගේ පාස්පෝට් කේස් එකක පරීක්ශණ යට ගැසුනේ රනිල්ගේ අණිනි.

    මහින්ද රාජපක්ශ නඩයේ හොඳම කථිකයාට රනිල් නාස් ලණුව දමා ගත්තේ එලෙසය. මේ සිද්ධියෙන් පසු විමල් සිය ආත්මයම රනිල්ට පාවාදී ඇත.

    ඕනෑම මොහොතක මළමිණිය ගොඩ ගෙන නැවත පරීක්ශණ ආරම්ඹකල හැකි බව විමල් හොඳින් දනී.

    මෝඩ බයියන් පොන්නයා යයි බැන්නත්, රනිල් යනු ශූර දේශපාලන ගේම් කාරයෙකි. අවශ්‍ය මොහොතේදී මහින්ද රාජපක්ශයේ බලයට ඒමේ වෑයම විනාශ කිරීමට ඔහු විමල්ව පාවිච්චි කරනු ඇත. එතෙක් සුපුරුදු ලෙස තමන්ට බණිමින් ඉන්න යයි රනිල් ගෙන් සිය නවතම දේශපාලන වහලාට අණ ලැබී ඇත.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    උපුල් ජෝෂප් ප්‍රනාන්දු කොටින්ට කඩේ යන එකෙක් කියලා මිනිස්සු දන්නවා.
    ඌ කොටින්ට කඩේ යනවා ඇති.But ඌ කියලා තියන කරුණු ඇත්ත නේද?
    වීරවංශ අනිත් උන්ට මඩ ගහද්දි උඩ පැන පැන ගහනවා.තමන්ට මඩ වදිද්දි ඒක දරාගන්න බෑ. :rofl::rofl: