මෛත්‍රීට චන්දය දුන් ලක්ශ 62 වෙතයි..!!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,212
    12,229
    113
    Ohio, USA
    මෛත්‍රීට චන්දය දුන් ලක්ශ 62 වෙතයි..!!


    Maithree__Mahinda_Discussions.jpg


    ශ්‍රී ලංකා දේශපාලනයේ ඓතිහාසික පාවාදීමක් සිදුකිරීමට පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන ජනාධිපතිවරයා කැස කවමින් සිටින බව වාර්තා වේ.

    ජාතික ආණ්ඩුවේ පිනා ඇමැති ධූරයක් ලබා ගත් ඩිලාන් පෙරේරා විසින් ගෝඨාභයගේ කළු සල්ලි සුදු කළ දූෂිතයෙකුට අයත් රූපවාහිනී නාලිකාවකට අද කරන ලද ප්‍රකාශයකින් මේ බව හෙළි වේ. එම ප්‍රකාශය නම් පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන ජනාධිපතිවරයා සහ, ජනතාව විසින් ඉතා බිහිසුනු ඡන්ද සටනකින් පරාජය කර මැදමූලනට එළවා දැමූ මෘග චෞරයා පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ අතර සාකච්ඡාවක් ලබන 6 වෙනිදා පැවැත්වීමට නියමිත බව හෙලි කිරීමයි.

    පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට තරඟ කරද්දී තමා ජනාධිපති වීමෙන් පසුව ‘නිර්පාක්ෂික වෙනවා යයි‘ ජනතාවට පොරොන්දු වී ජනාධිපති වූ වහාම කිසිවෙකුට නොදන්නවා ඒ පොරොන්දුව කඩ කරමින් ශ්‍රීලනිපයේ නායකත්වය ලබා ගත් පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන මහතා එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකයා බවට පත් කර ගත්තේ තමන්ට ජාතකව කොහේදෝ ගැහැණියකට දරුවන් සිටිනවා යැයි අවලාදයක් නිර්මාණය කළ ඩිලාන් පෙරේරා නමැති කප්පරක් මහජන මුදල් ගසා කෑ දූෂිතයාව ය. පසුව ඔහුට ඇමැති තනතුරක්ද දුන්නේ ය.

    එකී ඩිලාන් පෙරේරා අද කරන ලද ප්‍රකාශය රාජපක්ෂලා විසින් අඩි 6 ක් යට වළලන්න සිටි පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන එම අනතුරින් මුදවා ජනාධිපති පුටුවට ඔසවා තැබූ මහජනතාවට එල්ල කළ අතුල් පහරකි.

    තමන් ඇතුළු පිරිස පසුගිය මැයි 01 වන දා හයිඩ් පිටියට පෙළපාලි ගියේ 'එනවා එනවා මහින්ද එනවා - සමගි වෙලා දෙනව බැටේ' කිය කියා බවත්, එතැන් සිට සමහරුන් කිරුළපනේ මැයි රැළියට (සරසවි ආචාර්ය වරුන්ට පහරදුන් මැයි රැලියට) ගියේද එම සටන්පාඨය කියවමින් බවත් පවසන ඩිලාන් පෙරේරා මෛත්‍රී සහ මහින්ද හමුව එම සටන් පාඨය සැබෑවක් බවට පත්කරන පෙරනිමිත්තක් බවද අද කරන ලද ප්‍රකාශයේ දැක්වේ.

    වැඩි දුරටත් අදහස් දක්වන ඩිලාන් පෙරේරා මෙසේද පවසයි.

    මේ ‘පිනා අගමැති‘ සහ ‘පිනා ආණ්ඩුව‘ ගෙදර යවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ ශ්‍රීලනිප අගමැතිවරයෙකුගෙන් යුතු ආණ්ඩුවක් හදන බවත්, මෙම සාකච්ඡාව ඒ සඳහා තීරණාත්මක වනු ඇති බවත් පවසන ඩිලාන් පෙරේරා, මහින්ද රාජපක්ෂ ගේ ‘දේශපාලන කටයුතු‘ සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා ‘කැමැත්ත‘ පළකර ඇති බවත්, මෙම හමුවේදී එකී දේශපාලන කටයුතු පිළිබඳවද සාකච්ඡා කරනු ඇති බවද පවසයි.

    ඩිලාන් පෙරේරා යනු ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින්ම ශ්‍රීලනිපයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කරන ලද පුද්ගලයා නිසා ඩිලාන් පෙරේරා කී කතා වල සම්පූර්ණ වගකීම මෛත්‍රීපාල සිරිසේනද දරනවා විය යුතුය.

    ඒ එසේ නම් ‍පෙර කී ලෙසම පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන ජනාධිපතිවරයා ලබන 6 වෙනිදා කරන්නට තටමන්නේ ශ්‍රී ලංකා දේශපාලනයේ ඓතිහාසික පාවාදීමකි. තමන් බලයට ගෙන ආ සියළු මිතුරු බලවේගයන්ට එරෙහි වීමකි.

    මෛත්‍රී මහින්ද හමුවෙන් සැබෑ කරන්නට යන සටන් පාඨය කුමක්ද? 'එනවා එනවා මහින්ද එනවා - සමගි වෙලා දෙනව බැටේ'. මේ සමගි වෙන්නේ කව්ද? මෛත්‍රී සහ මහින්දයි. සමගි වෙලා බැටේ දෙන්නේ කාටද? මෛත්‍රී ජනාධිපති පුටුවට ඔසවා තැබූ බලවේයන්ට මිස මෛත්‍රී සහ පවුල අඩි 6 ක් යට වළලන්නට සිටි මෘගයන්ට නොවේ.

    මෙය හැඳින්වීමට ‘පාවා දීම‘ හැර අන් වචනයක් නැත.

    ඊළඟට මහින්ද රාජපක්ෂ ගේ ‘දේශපාලන කටයුතු‘ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ‘කැමැත්ත‘ පළකර ඇති බව ඩිලාන් පවසයි. මේ මහින්දගේ ‘දේශපාලන කටයුතු‘ මොනවාදැයි රටේ ජනතාව වසර 9 ක් පුරා දැනගෙන සිටියේය.

    මහින්ද කරන ලද දේශපාලන කටයුතු නම්
    මහජන මුදල් කෝටි 65000 ක් ගසා කා පිටරට තැන්පත් කර ගැනීම යි
    මෘගයෙකු මෙන් ක්‍රියා කරමින් වතුර ඉල්ලූ අසරණයාටද, භූමිතෙල් සහනාධාරය ඉල්ලූ අසරණයාටද, තමන්ගේ ඊපීඑෆ් එක ගන්න එපා යි කී අසරණයාටද, වෙඩි තබා ඝාතනය කිරීම යි.
    අගවිනිසුරුවරිය පන්නා දමා බැංකු සභාපතිවරයෙක් පිලිකන්නෙන් ගෙනැවිත් අගවිනිසුරු පුටුවේ තබා නීතිය බල්ලාට දැමීමයි
    තමන්ට එරෙහි ව අකුරක් ලියූ මාධ්‍යවේදීන් සුදු වෑන් වලින් අතුරුදහන් කරවීමයි
    තමන් විවේචනය කළ මාධ්‍ය ආයතන ගිනි තැබීමයි.
    දළදා වහන්සේ පවා බල්ලාට දමා නයිට් රේස් පැදීමයි.
    කටුගෙයි කඩු හොරකම් කිරීමයි
    එස්ටීඑෆ් දමාගෙන නිධන් හෑරීමයි
    නිරායුධ සිරකරුවන් ඝාතනය කිරීමයි
    මෙකී නොකී කප්පරක් මෘග සහ චෞර ක්‍රියා මහින්ද රාජපක්ෂගේ ‘දේශපාලනය‘ වූ නිසා පසුගිය ජනවාරි 8 වෙනිදා මේ රටේ 62 ලක්ෂයකට අධික ජනතාව ඔහුගේ ඒ දේශපාලනයට නැවතීමේ තිත තැබූහ.


    දැන් මෛත්‍රීපාල සිරිසේන කැමැත්ත පළ කර ඇතැයි ඩිලාන් කියන්නේ මහින්ද රාජපක්ෂගේ ඉහත කී ‘දේශපාලන කටයුතු‘ වලට මිස අන් මොනවාටද? බලයෙන් ඉවත්ව ගිය පසු ඔහු කළ දේශපාලන කටයුතු වලට නම් ඒ මොනවාද? නීතිය ඉදිරියට එන්නැයි කී විට නොපැමිණීම. තමන්ගේ බලය පෙන්වූ මැයි දින රැලියේදී සරසවි ආචාර්ය වරුන් දෙදෙනෙකුට පහර දීම ආදියයි. දැන් මෛත්‍රීපාල සිරිසේන මහතා කැමැත්ත පළ කර ඇතැයි ඩිලාන් කියන්නේ මහින්ද රාජපක්ෂගේ මෙවැනි ‘දේශපාලන කටයුතු‘ වලට මිස අන් කවරකටද?

    එසේ නම් මෛත්‍රී මහින්ද සමග කරන්නට තටමන සාකච්ඡාවට කිව යුත්තේ ‘පාවාදීම‘ යන වචනය හැර අන් කවර වචනයක්ද?

    මේ ‘පිනා අගමැති‘ සහ ‘පිනා ආණ්ඩුව‘ ගෙදර යවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ ශ්‍රීලනිප අගමැතිවරයෙකුගෙන් යුතු ආණ්ඩුවක් හදනවා යැයි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකයා කියයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කිරීමට ජනතාව ඡන්දය දුන්නේ ජනතාවට ඉදිරිපත් කළ දින 100 වැඩ සටහන අනුවය. එහි පැහැදිලිව සඳහන් වන්නේ මෛත්‍රීපාල ජනාධිපති කර රනිල් වික්‍රමසිංහ අගමැති කරන බවය. එසේ නම් දැන් ඉන්නේ පිනා අගමැති වරයෙක් නොව 62 ලක්ෂයක් ජනතාවගේ කැමැත්තෙන් පත්වූ අගමැතිවරයෙකි. පිනා වී ඇත්තේ එම ඡන්දයේදී පරාජිත පිලේ සිට දැන් ඇමැති ධූරයක් ලබා ගත් ඩිලාන් පෙරේරා ය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ ශ්‍රීලනිප අගමැතිවරයෙකුගෙන් යුතු ආණ්ඩුවක් හදනවා යි ඩිලාන් පෙරේරා කියයි. ඔහු දකින සිහිනයේ ශ්‍රීලනිප අගමැතිවරයා මහින්ද රාජපක්ෂ විය යුතුය. එය පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන ජනාධිපතිවරයාගේත් සිහිනය නම් එය ඔහු ජනාධිපති පුටුවට ඔසවා තැබු සියළු බලවේගයන්ට කරන ඓතිහාසික ද්‍රෝහී කමකි. නීච පාවාදීමකි. එවැන්නක් තිරිසනෙකුටවත් කළ නොහැකිය.

    මහින්ද රාජපක්ෂ නමැති මෘග චෞරයා පරාජයට පත් කළ ජනතාව එක හෙළා එකක් කියති. දැනටමත් දින 100 ඉක්මවා ඇති මේ පාර්ලිමේන්තුවට තව දුරටත් කිසිදු ජනවරමක් නැත. මහින්ද රාජපක්ෂ අගමැති කිරීමේ ඩිලාන්ලාගේ ද්‍රෝහී සිහිනය සැබෑ කර ගැනීමට අවශ්‍යනම් හෙටම පාර්ලිමේන්තුව විසිරුවා ඡන්දයක් තබනු.

    තොපේ ද්‍රෝහී සිහිනය කුඩු කරන සැටි ජනතාව පෙන්වනු ඇත..!


    LankaEnews
     

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන​
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Al Baik ලාට යහපත් හෙටක් හදමු....
    සිරා බේරාගමු......
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    හදිසියේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ඉහළට

    රුපියල් 65ක්ව තිබූ පොන්නි සම්බා කිලෝවක් රුපියල් 75ක් දක්වාත්, රුපියල් 139ට තිබූ පරිප්පු කිලෝ ග්‍රෑමයක් රුපියල් 164 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.අතුරු අයවැයෙන් ග්‍රෑම් 400 සැමන් ටින් එකක් රුපියල් 132 දක්වා අඩු කළ අතර එය යළි රුපියල් 140 දක්වා වැඩිකර තිබෙනවා.ඊට අමතරව රුපියල් 675ක්ව තිබූ හයිලන්ඞ් කිරිපිටි කිලෝව ද රුපියල් 100 කින් ඉහළ දමා ඇත
    See more at:- http://singhafm.com/news/local-news/හදිසියේම-අත්‍යවශ්‍ය-ආහාර/
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලනය අපේක්ෂාවෙන් චන්දය දුන් සිංහලයා මේ වනවිටත් පුක්ෂණය වී හමාරය
     
    • Like
    Reactions: anuradhamapa

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    යහපාලනය අපේක්ෂාවෙන් චන්දය දුන් සිංහලයා මේ වනවිටත් පුක්ෂණය වී හමාරය

    බඩත් රිදෙනවා බන් මේක කියවල....... +12
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    යහපාලනය අපේක්ෂාවෙන් චන්දය දුන් සිංහලයා මේ වනවිටත් පුක්ෂණය වී හමාරය
    යහපාලනය කොහොමත් අපේ උන්නට දැම්ම ඕනේ නැ ,මේක හොද දෙයක් ,,ම්හින්ද ගොටාබය දෙන්නම ඉන්න ඕන අනත් නැට්ටෝ නැතිව විශේෂ නම බැසිල්
    ඔකා තමා කෑවේ ගම
    හැබයි මේකේ අවුල තින්නේ මයිට්‍රි ගේ අවසානය වෙන්නත් පුළුවන්
    රටේ ඉන්න හැමෝම එකතු කරන් යන ක්‍රමයක් ඕනේ ..තව අවුරුදු 10 යි තිඉන්නේ මොනා කරන්ත්
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    යහපාලනය කොහොමත් අපේ උන්නට දැම්ම ඕනේ නැ ,මේක හොද දෙයක් ,,ම්හින්ද ගොටාබය දෙන්නම ඉන්න ඕන අනත් නැට්ටෝ නැතිව විශේෂ නම බැසිල්
    ඔකා තමා කෑවේ ගම
    හැබයි මේකේ අවුල තින්නේ මයිට්‍රි ගේ අවසානය වෙන්නත් පුළුවන්
    රටේ ඉන්න හැමෝම එකතු කරන් යන ක්‍රමයක් ඕනේ ..තව අවුරුදු 10 යි තිඉන්නේ මොනා කරන්ත්

    අනිවරෙන්ම මේක හම්බස්තන් වෙනවා මෙහෙම ගියාම..........
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අනිවරෙන්ම මේක හම්බස්තන් වෙනවා මෙහෙම ගියාම..........
    මතක තියා ගන්න ,ලංකාවේ ජන ගහන වරධන වේගය 1.7 එක තින්නේ මුස්ලිම් අය නිසා ,සිංහල පෙන හැටියට වර්දන වේගය - වෙලා තින්නේ
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    යහපාලනය කොහොමත් අපේ උන්නට දැම්ම ඕනේ නැ ,මේක හොද දෙයක් ,,ම්හින්ද ගොටාබය දෙන්නම ඉන්න ඕන අනත් නැට්ටෝ නැතිව විශේෂ නම බැසිල්
    ඔකා තමා කෑවේ ගම
    හැබයි මේකේ අවුල තින්නේ මයිට්‍රි ගේ අවසානය වෙන්නත් පුළුවන්
    රටේ ඉන්න හැමෝම එකතු කරන් යන ක්‍රමයක් ඕනේ ..තව අවුරුදු 10 යි තිඉන්නේ මොනා කරන්ත්

    hm :yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මතක තියා ගන්න ,ලංකාවේ ජන ගහන වරධන වේගය 1.7 එක තින්නේ මුස්ලිම් අය නිසා ,සිංහල පෙන හැටියට වර්දන වේගය - වෙලා තින්නේ

    මං හිතන්නේ සිංහල ජාතිය රැකෙන්න නම් ජනගහන පාලනයක් කරන්න වෙයි.
    එහෙම කලොත් පාඩුව සිංහලයට නෙවේ කොහොමත්.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මං හිතන්නේ සිංහල ජාතිය රැකෙන්න නම් ජනගහන පාලනයක් කරන්න වෙයි.
    එහෙම කලොත් පාඩුව සිංහලයට නෙවේ කොහොමත්.
    අනිවා ජනගහන පාලනයක් ඉක්මනින් අවශ්‍යයි. දැනටත් ඉන්න ජනගහනය මේ රටට ඔරොත්තු දෙන්නෙ නැ. අනාගතේ වැඩි වෙන්නෙත් ඌරැ පැටව් තමයි ගොඩක්. මේ ජනගහන වර්ධනය පාලනය නොකලොත් තියෙන කැලැ ටිකත් විනාශ වෙලා රට විනාශෙන් විනාශෙයට යනවා
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මෛත්‍රී කොහොමත් වැඩි කල් ඉන්නෑ :dull: :dull:
    උට වෙන්නෙ එඩාඩ් ස්ටාක්ට වුන දේ :yes: :yes: :yes:
    මං නං කියන්නෙ ටික කාලෙකට හරි මහින්දත් එක්ක එකට සෙල්ලම් කරන්න පුළුවන් මහින්ද වගේ දරුණු කෙනෙක් එන්න ඕනෙ මහින්දට ගේම් එක තේරෙන්න :yes: :yes:
    සාකච්ඡා කලත් ඒ හැටි අවුලක් නෑ :no: :no:
    මිතුරන්ව ලඟින් ඇසුරු කරන්න..
    සතුරන්ව ඊටත් වඩා ලඟින් ඇසුරු කරන්න :yes: :yes:
    කොහොමත් මල මහින්දය ආපහු ජනාධිපතිවෙන්නෑ :D :D :D
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මහින්ද මරල මිනීමස් කන්න බලන් හිටපු එකෙක් දැන් විකාරෙන් කියවනවා:rofl::rofl:
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    "පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ" හිටපු ජනාධිපතිගේ ඇත්ත නම මේකද???????