මරා වියරු වැටේ: බඩු පොලොවේ ගසමින් කුණුහරුප විදී: PSD ටෙලිෆෝන් ටැප් කරයි: හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවයි
(ලංකා ඊ නිව්ස් -2014.නොවැ.21, ප.ව.9.50) මැදමූලන මරා හීනෙකින් හෝ නොසිතූ ලෙස ශ්‍රීලනිප මහලේකම් වරයා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඔහුට එරෙහිව සටනට පිවිසීමත් සමග මැදමූලන මරා වියරු වැටී පිස්සෙක් මෙන් හැසිරීමට පටන් ගෙන තිබේ. අරලියගහ මැදුරේ බඩු භාණ්ඩ පොලොවේ ගසමින් කුණු හරුප කියමින් කෑගසමින් හැසිරී ඇති ඔහු දකින දකින සැමටම බණින්නට පටන් ගෙන ඇත.
තම ඔත්තු සේවාවන්ට තිත්ත කුණු හරුපෙන් බැන වැදී ඇති ඔහු වසර දෙකක් තිස්සේ තිබූ මෙම කුමන්ත්‍රණය ගැන හාංකවිසියක් හෝ දැන නොසිටීම ගැන දෙස් දොවොල් තියා ඇත.
තම ආරක්ෂක අංශ කෙරෙහිද සැක කිරීම ආරම්භ කර ඇති මැදමූලන මරා මේ වන විට ජනාධිපති ආරක්ෂක අංශයේ සියළු දුරකථන ටැප් කිරීම ආරම්භ කර තිබේ.