මෛත්‍රීට නො රුවටෙනු

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මෛත්‍රීට නො රුවටෙනු

    මෛත්‍රීට නො රුවටෙනු

    මහින්ද රාජපක්‍ෂ රැ වැටුණු වළේ දවල් වැටෙන්නට යන බව පැහැදිලි ය. වාර්තාවන අන්දමට මහින්දට මැතිවරණයේ දී ශ්‍රී ල නි පක්‍ෂයෙන් තරගකිරීමට ඉඩදීමට මෛත්‍රිපාල කැමති වී ඇත. එහෙත් අගමැතිකම දීම ප්‍රතික්‍ෂෙප කර ඇත. ශ්‍රී ල නි පක්‍ෂයේ ඇතැමකු එයට කැමැත්ත පළ කර ඇතැයි ද වාර්තා වෙයි. මෙය ඉතාමත් භයානක තත්ත්වයකි. ඔවුන් කියන්නේ පාර්ලිමේන්තුවට තේරී පත්වූවාට පසු මහින්දට අගමැතිකම ලබා ගත හැකි ය යන්න ය.
    එහෙත් ඒ කවදාවත් සිදු නොවන්නකි. අද ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් බහුතරය මහින්ද වටා රොක් වී සිටින්නේ ජනතාවගේ ඡන්ද තිබෙන්නේ එතැන බැවිනි. මැතිවරණය පවත්වන තුරු බලය ඇත්තේ මහින්දට ය. එහෙත් පාර්ලිමේන්තුව තෝරා ගැනීමෙන් පසු බලය ඇත්තේ මෛත්‍රිපාලට ය. ඔහු ජනාධිපති ය. අගමැති පත්කෙරෙන්නේ ඔහුට අවශ්‍ය අන්දමට ය.

    මෛත්‍රිපාලගේ ප්‍රධාන ගිවිසුම රනිල් අගමැති කිරීමට ය. එය බටහිරයන් සමග ඇති ගිවිසුමකි. පාර්ලිමේන්තුව තෝරා පත්කර ගැනීමෙන් පසු ඔහුට පසුගිය වතාවේ මෙන් රනිල් අගමැති ලෙස පත් කළ හැකි ය. ගියවර මෙන් ම ශ්‍රී ල නි ප මන්ත්‍රීන්ට තර්ජන, ගර්ජන බලපෑම් ආදියෙන් රනිල්ට සහාය දෙන තැනකට ගෙන ගිය හැකි ය. මෛත්‍රිපාල වැඩිම වුවහොත් නිමල් අගමැති කරනු ඇත. ඔහු කිසි දිනෙක මහින්ද අගමැති ලෙස පත් නොකරනු ඇත.
    ඔහු ඒ බවට පොරෙනදුවක් දුන්නත් ඒ ඉටු කරාවි යැයි විශ්වාස කළ හැකි නො වේ. මෛත්‍රිපාල උදේ කියන දෙයට විරුද්ධ දෙයක් දවල් කියයි. හවසට කියන්නේ වෙනත් ම දෙයකි. රෑට ඒ සියල්ල ප්‍රතික්‍ෂෙප කරයි. මෛත්‍රිපාලට නොරැවටිය යුතු ය. රෑ වැටුණු වළේ දවල් නොවැටිය යුතු ය.
    අද මහින්ද කළ යුත්තේ මෛත්‍රිපාලට නොරැවටී වෙනම සංධානයකින් තරග කිරීම ය. අද බලය ඇත්තේ මහින්දට ය. ඒ බලය මැතිවරණයෙන් පසුව ද රැක ගත යුතු ය. නැතහොත් මහින්දට සිදුවන්නේ අවුරුදු පහක් පසුපෙළ මන්ත්‍රීවරයකු ලෙස කල්ගත කිරීම ය. එවිට වයස ගොස් ය.

    නලින් ද සිල්වා :lol::lol::lol::lol::lol::lol:

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28

    මේ දෙපැත්තකට වැනි වැනි හරි තීරණයක් ගන්න බැරි මනුස්සය අපේ රටේ ජනාධිපතිද?.... මහින්දව පැත්තකට දාමු රටෙ ජනතාවට දෙන පොරොන්දුත් මේ වගේ තම්යි හිටංංංං:(
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    11666076_715544355240563_8647319786440644045_n.jpg