මෛත්‍රීපාල ජනපති ක්‍රමය අහෝසි කරාවි - TNA

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,285
    12,343
    113
    Ohio, USA
    මෛත්‍රීපාල ජනපති ක්‍රමය අහෝසි කරාවි - TNA

    140724165641_r_sambandan_512x288_bbc.jpg


    පොදු අපේක්ෂකයා ලෙස තෝරා ගෙන සිටින මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා බලයට පත්වුවහොත් විධායක ජනාධිපතිධුරය අහෝසි කරනු ඇති බවට දෙමළ ජාතික සන්ධානය විශ්වාසය පළ කරයි.
    පක්ෂය රැස්ව මෙතෙක් තීරණයක් ගෙන නැති නමුත් පොදු අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් වන හිටපු අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන ට සහයෝගය පළ කරන්නේද යන්න පිළිබඳව ඉතා ඉක්මනින් තීරණයක් ගන්නා බවද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.
    පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා රූපවාහිනිය ඔස්සේ දැක්වූ අදහස් සාධනීය යැයි තමන්ට ඒත්තු ගිය බව පැවසූ සම්බන්ධන් මන්ත්‍රීවරයා දේශපාලන කාර්යභාරය පිළිබඳව පළ කළ අදහස් සම්බන්ධයෙන් පැහැදීමක් ඇති වූ බව වැඩිදුරටත් සඳහන් කළේය.
    මුස්ලිම් කොන්ග්‍රසය
    මේ අතර බීබීසී දෙමළ සේවය කළ විමසීමකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ මහලේකම් හසන් අලි, එළඹෙන ජනාධිපතිවරණයේදී සහාය දෙන්නේ කුමන අපේක්ෂකයාටද යන්න සම්බන්ධයෙන් පක්ෂය තවමත් තීන්දුවක් ගෙන නැති බව සඳහන් කළේය.
    ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව සහ පොදු විපක්ෂය දෙපාර්ශවයම සමඟ සාකච්ඡා පවත්වන බවද මුස්ලිම් කොන්ග්‍රසයේ මහලේකම්වරයා සඳහන් කළේය.
    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට මෛත්‍රීපාල සිරිසේන හිටපු අමාත්‍යවරයා දුන් ප්‍රතිඥාව අගය කරන නමුත්, සුළු ජාතීන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ඔහු දක්වන ස්ථාවරය කවරක්ද යන්න දැනගැනීම තමන්ට වඩා වැදගත් වන බවත් හසන් අලි කියා සිටියේය.


    Code:
     http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/11/141121_maithripala_tna
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    my3 mama hithanne na modayek kiyala..uhth oya deshapalanaye awurudu 40 ganak indala thiyana nisa..btw..mama thama idea ekak na kata denawada kiyalanam..:P :P
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    සුළු ජාතීන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ඔහු දක්වන ස්ථාවරය කවරක්ද යන්න දැනගැනීම තමන්ට වඩා වැදගත් වන බවත් හසන් අලි කියා සිටියේය.

    :rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මුං දෙගොල්ලොම එකයි. රටට හෙණ ගැහිලා ගියත් මුං බලන්නෙ කල දුටු කල වල ඉහ ගන්න :angry:
    එ වගෙම මුන් දෙගොල්ලොම ඉන්නෙ මොන පැත්තද එ පැත්ත පරාද කරන්න ඔන මහින්ද සිrරිසෙනද කියන එක වෙනසක් නැහැ දෙන්නාම රට බෙදන්න කැමති නැති උන්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    තම්බි මියක් කඩන්නෙ අත ලොවින්න නෙමෙ සිංහල කියා ගන්න නායක පොන්නයාන්ගෙ වරද මහින්දයාගෙත් වරද ඔය හකිම්ට අදිකරන ඇමතිකම දුන්න එක එහෙම මහින්දත් අපි හිතපු විදියට සිංහලයාට යමක් කරෙත් නැහැ මුන් දෙගොල්ලොන් ඉන්න පැත්ත පරාද කරන්න ඔන මහින්ද උනත් එච්චරයි අපිට ඔන අපිව රැකෙන නායකයෙක් නැතිව අපෙ පිහිටෙන් සුලු ජාතින්ව මක්කම දක්කන අය නෙමෙ
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    තම්බි මියක් කඩන්නෙ අත ලොවින්න නෙමෙ සිංහල කියා ගන්න නායක පොන්නයාන්ගෙ වරද මහින්දයාගෙත් වරද ඔය හකිම්ට අදිකරන ඇමතිකම දුන්න එක එහෙම මහින්දත් අපි හිතපු විදියට සිංහලයාට යමක් කරෙත් නැහැ මුන් දෙගොල්ලොන් ඉන්න පැත්ත පරාද කරන්න ඔන මහින්ද උනත් එච්චරයි අපිට ඔන අපිව රැකෙන නායකයෙක් නැතිව අපෙ පිහිටෙන් සුලු ජාතින්ව මක්කම දක්කන අය නෙමෙ
    ආ..ගයියෝ...උඹට වැඩ තියෙයි දැන්...:rolleyes::rolleyes:
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    පැටියා;17408392 said:
    මුං දෙගොල්ලොම එකයි. රටට හෙණ ගැහිලා ගියත් මුං බලන්නෙ කල දුටු කල වල ඉහ ගන්න :angry:
    :yes::yes::yes: