"මහසෝනට අපි බයයි. රීරී යාකාට අපි බයයි. ඒ වගේම දේශපාලනයෝ මහින්දට බයයි, රගර් ක්‍රීඩකයෝ යෝෂිතට බයයි." යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (08) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියේය.
වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා අදහස් දක්වමින් කියා සිටියේ මෙසේය.
මහින්දට බය නිසා තමයි මහින්දව ජනතාව ප්‍රතික්ෂේප කලේ.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති තුමා නැවතත් අවස්ථාවක් ලබා දීලා මහින්ද රාජපක්ෂට පරාද වෙන්න.
"මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා ලබා දෙන්න ගත් තීරණය ඉල්ලා අස් කර ගන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා" යයි රන්ජන් රාමනායක මහතා වැඩි දුරටත් පැවසීය.