මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Status
Not open for further replies.

Kibi_Simba

Banned
Jun 5, 2018
59
6
0
avatar567595_1.gif


මේ ඉන්නෙ මෛත්‍රීපාලගෙ දුවට හුකපු එකා.
 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලක්‌ෂ තිහේ චෝදනාව; සුජීවගේ නම හංගන්න හදලා

    sugee333.jpg


    පර්පචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගමෙන් රුපියල් ලක්‌ෂ තිහක මුදලක්‌ ලබාගත් බවට චෝදනා ලැබ සිටින රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතාගේ නම ප්‍රසිද්ධියට පත් නොකරන ලෙස රජයේ ප්‍රබලම දේශපාලනඥයන් කීපදෙනකු නීතිපති දෙපාර්තමේන්තුවේ සහ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ උසස්‌ නිලධාරීන්ට දැඩි බලපෑම් එල්ල කර ඇති බව වාර්තා වෙයි.

    බලපෑම් නොසලකමින් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා පිළිබඳව අධිකරණය හමුවේ පෙරේදා 7දා හෙළි කර තිබිණි.

    පර්පචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගමෙන් රුපියල් තිස්‌ලක්‌ෂයක මුදලක්‌ සුජීව සේනසිංහ මහතා විසින් ලබාගත් බවට විමර්ශනවලින් හෙළිවීමත් සමගම කලබලයට පත් වූ මෙම රජයේ ප්‍රබල දේශපාලනඥයන් කීපදෙනකු ඒ මහතාගේ නම අධිකරණය හමුවේ හෙළි නොකරන්නැයි ඉල්ලමින් විමර්ශන කණ්‌ඩායම්වලට දැඩි බලපෑම් එල්ල කර ඇත.

    එම බලපෑම් දැඩි වීම නිසා එක්‌තරා අවස්‌ථාවක නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බැඳුම්කර වංචා විමර්ශන නඩුවෙන් ඉවත් වීමටද තීරණය කර තිබූ බව ආරංචි මාර්ග කියා සිටියේය.



    පාරම්පරික සල්ලිකාරයෝ :lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රජයේ දේපළක්‌ සාපරාධී පරිහරණය කිරීම, බීමත්ව රිය පදවා අනතුරක්‌ සිදු කිරීම, කඩු සන්තකයේ තබාගෙන තහනම් පිහි ආඥ පනත යටතේ වරදක්‌ කිරීම යන චෝදනා මත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්‌ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්‌ඩාර නමැති අය මෙම මස 12 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසට නුගේගොඩ වැඩබලන මහෙස්‌ත්‍රාත් තිස්‌ස විඡේරත්න මහතා පොලිසියට ඊයේ (08 වැනිදා) නියෝග කළේය.

    හලාවත - පුත්තලම මාර්ගයේ බංගදෙණිය කොට්‌ටපිටිය මංසන්ධියේදී ජුනි 06 වැනිදා අලුයම යශෝධ රංගේ බණ්‌ඩාර ගමන් ගත් කැබ් රථයක්‌ නිවෙසකට කඩාවැදීමෙන් එම නිවසට දැඩි අලාභහානි සිදු විය.

    එහිදී තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා රෝහල්ගත කරනු ලැබීය.

    එම රථය පරීක්‍ෂාවට ලක්‌ කිරීමේදී ඒ තුළ කඩු හා විදේශීය මත්පැන් බෝතල් තිබී පොලිසිය විසින් සොයාගනු ලැබීය.

    ඇමැති පුත්‍රයා පරිහරණය කරන ලද වාහනය වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට අයත් එකක්‌ බවද හෙළි විණැයි පොලිසිය කියයි.

    ඊයේ දිනයේදී ශ්‍රී ජයවර්ධනපුර රෝහලට පැමිණි ආරච්චිකට්‌ටුව පොලිසියේ නිලධාරීන් පසුව නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ගොස්‌ මෙම සැකකරු සම්බන්ධව කරුණු අධිකරණයට වාර්තා කළේය.

    පසුව රෝහල වෙත මහෙස්‌ත්‍රාත්වරයා සමග ගිය ආරච්චිකට්‌ටුව පොලිසියේ නිලධාරීහු සැකකරුගෙන් කරුණු විමසූහ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇලෝසියස්‌ගෙන් මම සල්ලි ගත්තේ නෑ - ඇමැති පී. හැරිසන්


    අර්ජුන් ඇලෝසියස්‌ගෙන් මුදල් ලබා ගත් මැති ඇමැතිවරුන් කවුරුන්ද යන්න හෙළිදරව් කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බව සමාජ සවිබල ගැන්වීම පිළිබඳ ඇමැති පී. හැරිසන් මහතා පැවසීය.

    තමන් ඇලෝසියස්‌ගෙන් මුදල් ලබාගෙන නොමැති බවද, එසේ මුදල් ලබා ගැනීමට කිසිදු අවශ්‍යතාවක්‌ නැති බවද කීවේය.

    ඇලෝසියස්‌ගෙන් මුදල් ලබාගත් මැති ඇමැතිවරුන් 166 දෙනකු සිටින බවට දයාසිරි ඇමැතිවරයා ප්‍රකාශ කරන බවද, එම නිසා එම ලැයිස්‌තුව ඉදිරිපත් කරන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද ඇමැති පී. හැරිසන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බැඳුම්කර කොමිෂන් වාර්තාව සැඟවීමට ගැසූ අලුත්ම තුරුම්පුව

    හිටපු ජනාධිපති ඡේ.ආර්. ජයවර්ධන මහතාගේ බටහිර ගැති ආර්ථික ප්‍රතිපත්තිය තුළ ආසියානු නැඹුරුවකට වඩා ඇමරිකන් නැඹුරුවක්‌ තිබූ බව කවුරුත් දනිති. නමුත් ලංකාවට නිදහස ලැබීමෙන් පසුව බලයට පත් ආණ්‌ඩුවල විශේෂයෙන්ම එක්‌සත් ජාතික පක්‌ෂ ආණ්‌ඩුවල සිටි පාලකයන් සෑම දෙනෙක්‌ම මෙලෙසම ඇමරිකන් ගැතිව සිටි බව හෙළිදරව් වීමට පටන් ගත්තේ ඉතා මෑතක සිටයි. 2015 ජනධිපතිවරණයේදී මහින්ද රාජපක්‌ෂ මහතා පැරැද්දවීමටත් මහ මැතිවරණයේදී යහපාලන රජය සුරක්‌ෂිත කරලීමටත් දියත් කළ ඇමරිකානු තානාපති කාර්යාලවල කාර්ය භාරය කාටත් නොරහසකි. පසුගියදා ඉදිරිපත් වූ විශ්වාස භංගයේදී අගමැතිවරයා ආරක්‌ෂා කර ගැනීම පිණිස මෙම දූතයන් කටයුතු කළ ආකාරය ගැනද තොරතුරු හෙළිව ඇත.

    ඇමරිකාවේ මෙලොන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වූ ඩොව් ලෙවින් මෑතකදී ලෝකයේ රටවල් 117 ක මැතිවරණ ගැන විශ්ලේෂණයක්‌ කරමින් වාර්තාවක්‌ ඉදිරිපත් කර තිබේ. එම වාර්තාවට අනුව 1946 සිට 2000 වසර දක්‌වා සිදු වූ පාර්ලිමේන්තු මහා මැතිවරණවලදී විශේෂයෙන්ම එක්‌සත් ජාතික පක්‌ෂ රජයන්හි අපේක්‌ෂකයන්ට කරන ලද මූල්‍ය ප්‍රතිපාදන සහ ආධාර ගැන විශේෂ සඳහනක්‌ කර ඇත. ඔහු පළමු වෙන්ම සඳහන් කර තිබෙන්නේ හිටපු අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවල ගැනයි. 1956 මැයි 04 දින පවත්වනු ලැබූ මහා මැතිවරණයට සතියකට පෙර ඇමරිකන් රාජ්‍ය ලේකම් ජෝන් ෙµdaස්‌ටර් මහතා ලංකාවේ සංචාරයක නියුක්‌ත විය. එහිදී පැවැත්වූ ප්‍රිය සම්භාෂණයකදී ජෝන් ෙµdaස්‌ටර් මහතා සහ එවකට ඇමරිකානු තානාපතිවරයා වූ පිලිප් ක්‍රෝ මහතාටද ආරාධනා ලැබුණි. එහිදී එළඹෙන මැතිවරණයේදී කොතලාවල රජය ජයග්‍රහණය කර ගැනීමට තිබෙන අවස්‌ථා ගැන කරුණු ඉදිරිපත් කිරීමක්‌ විය. ලේකම්වරයා ලංකාවට පැමිණෙන්ට ප්‍රථම මෙම මැතිවරණය සඳහා ඇමරිකන් ඩොලර් පහක ප්‍රදානයක්‌ ලබා දීමට පොරොන්දු වීම මෙම සාකච්ඡාවට හේතුවයි.

    මීළඟට මෙම මහාචාර්යවරයාගේ විශ්ලේෂණය යොමුවන්නේ 1965 දී පැවැත්වූ මහ මැතිවරණයයි. පැවති සිරිමා බණ්‌ඩාරනායක රජය විසින් ක්‍රියාත්මක කළ ජනතාවාදී ජාතික වාදී වැඩ පිළිවෙළ නිසා 1962 කුමන්ත්‍රණයකින් රජය පෙරළීමේ තත්ත්වයක්‌ද ඇති විය. විශේෂයෙන්ම කැල්ටෙක්‌ස්‌ සහ ෂෙල් වැනි බලගතු තෙල් සමාගම් සතුව පැවති ලංකාවේ තෙල් සැපයුම ජනසතු කොට බණ්‌ඩාරනායක රජය කළ විප්ලවය ආපසු හැරවීම පිණිස 1965 මැතිවරණයට ඇමරිකන් රජය බහුලව මුදල් වියදම් කළ බව මෙම හෙළිදරව්වෙන් පැවසෙයි. කෙසේ වෙතත් අවසානයේ සිරිමා රජය පෙරළා ඩඩ්ලි සේනානායක මහතා බලයට පත් කිරීම වෙනුවෙන් ඇමරිකා එක්‌සත් ජනපදය ඩඩ්ලි සේනනායක මහතා ගෙන් බලපොරෙත්තු වූයේ බටහිර ආර්ථික පිළිවෙතකට නැඹුරු වීම හෝ ඇමරිකන් හිතවාදී පිළිවෙතකට අවතීර්ණ වීමයි. ඩඩ්ලි සේනානායක රජය සිය පාලන කාලය තුළදී මෙම පොරොන්දු අනුව කටයුතු කළහ. 1968දී පිලිපීනයේ අන්තර් ජාතික සහල් පර්යේෂණායතනයත් සමඟ අත්සන් කරන ලද ගිවිසුමෙන් මෙරට කෘෂි කේෂ්ත්‍රය සම්පූර්ණයෙන්ම රසායනිකකරණය විය. සිරිමා රජය විසින් ඉන්දියාවට පිටත් කරන්නට නියමිතව සිටි දෙමළ වතු කම්කරුවන් ද මෙරට නවත්වා ගැනීමට කටයුතු කළ රජය ෙද්‍රdaහී අණපනත් රාශියක්‌ සම්මත කළහ. එසේම ජනවාරි 08 දින රාජ්‍ය භාෂා පනතට විරෝධය පා ගමන් කළ ළියකට පහර දීමෙන් දම්බරාවේ රතනාසාර සාමණේර හිමි නම අපවත් කරන ලදී.

    දේශපාලකයන් හට මැතිවරණ වලදී මුදල් වියදම් කොට තම ව්‍යාපාරික ඉඩකඩ හදා ගැනීම අතීතයේ සිටම පැවති පුරුද්දකි. ලංකාවට මෙන්ම ඉන්දියාවේද මේ පුරුද්ද අසීමාන්තිකව සිදු වේ. මනාප මැතිවරණ ක්‍රමය නිසා මේ පුරුදු තව තවත් සීග්‍රයෙන් වර්ධනය විය. නමුත් මහ බැංකුව මංකොල්ල කෑම සඳහා මෙහෙය වූ කුමන්ත්‍රණය වසා ගැනීමට මන්ත්‍රීවරුන්ට වියදම් කළ මුදල එවැනි සීමිත අරමුණක්‌ උදෙසා යෙදවූවක්‌ නොවේ. ලංකාවේ ආර්ථිකය ඝාතනය කොට ඇමරිකාව ඉදිරියේ ලංකාව අවසාන වශයෙන් දණ ගස්‌වා ජාතික සම්පත් විකිණීම සහ උතුරු නැගෙනහිර වෙන්කර වෙනම රාජ්‍යයකට අවශ්‍ය තත්ත්වය සාදා ගැනීම යන කරුණු වේගවත් කරලීමට මෙම මහ බැංකු කොල්ලය සිදු කළ බව ඔප්පු වෙමින් ඇත. නමුත් මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන ක්‍රියාධරයා රටින් පැන ගොසිනි. අනෙක්‌ පුද්ගලයා මෙරට ප්‍රධාන දේශපාලන දහරාවට නායකත්වය දෙමින් ජාතික සම්පත් විකිණීමට අවශ්‍ය පනත් සම්මත කරමින් සිටී. එA අතර මහ බැංකු කොල්ලය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් වාර්තාවද නිකුත් විය. එයින් කිසිවකුට නිසි පරිදි දඬුවම් නොලැබුණු අතර එම වාර්තාවට අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධානී අර්ජුන් ඇලෝසියස්‌ ගෙන් මුදල් ලබා ගත් ඔහුට දුරකථන ඇමතුම් දුන් මන්ත්‍රීවරුන් රාශියකගේ නම් දූෂමාන ආරංචි මගින් පළ වෙමින් පවතී. එහෙත් මුදල් ලබා ගත් අයගේ නම් හෙළිනොකර දුරකථන ඇමතුම් දුන් අයගේ නම් පමණක්‌ හෙළිකිරීම කථානායකවරයාට භාර රාජකාරිය බවට පත් වී තිබේ. මෙය අලුත්ම තුරුම්පුවක්‌ බවට පත් වන්නේ තවමත් මෙම බැඳුම්කර වාර්තාව මහජනතාවට ප්‍රසිද්ධ කර නොමැති හෙයිනි. එය ජාතික ලේඛනාගාරයට භාරදුන් බව ජනාධිපති ලේකම්වරයා පවසන අතර රහස්‍ය ලේඛනයක්‌ වශයෙන් වසර තිහකට පසුව එය මහජනයාට විවෘත වන බවද ප්‍රකාශයට පත්ව ඇත.

    ලංකාවේ අතීතය පුරා ලේඛන සැම සුරක්‌ෂිතව පවතින්නේ ජාතික ලේඛනාරක්‌ෂක දෙපාර්තමේන්තුව යටතේ තිබෙන ජාතික ලේඛනාගාරය තුළයි. 1973 අංක 48 දරණ ලේඛනාරක්‌ෂක පනත අනුව ලේඛන සුරක්‌ෂිත කිරීම ඇතුළු කාරණා රාශියක්‌ එම පනත මගින් විග්‍රහ කර තිබේ. ඉන්පසු ලංකාවේ විධායක ජනාධිපතිවරුන්ගේ ලිපි ලේඛන ආවරණය වන පරිදි 1981 අංක 30 දරන ලේඛනාරක්‌ෂක සංශෝධන පනත සම්මත කර ඇත. මෙම ලේඛනාරක්‌ෂක පනතේ 16(ඈ) ඡේදය යටතේ රහස්‍ය ලේඛන මහජනයාට විවෘත කරවීම ගැන සඳහන් ව තිබේ. එම නියෝග මෙසේ දැක්‌වේ. 1973 අංක 48 දරන ජාතික ලේඛනාරක්‌ෂක පනතෙහි දෙවන උපලේඛනය යටතේ දැක්‌වෙන රජයේ කාර්යාලයකින් හෝ එම පනතෙහි 10 වන ඡේදය 11 වන ඡේදය සහ 18 වැනි ඡේදය යටතේ ජාතික ලේඛනාගාරයට ආබද්ධ වන ලේඛන මහජනයාගේ පරිශීලනය සඳහා විවෘත වන්නේ එම ලේඛන ආරම්භක දින සිට අවුරුදු 30 ක්‌ ඉකුත් වීමෙන් පසුවය. ජනාධිපති ලේකම් ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා දක්‌වන්නේ මෙම කාරණයයි. නමුත් එම පනතෙහිම නියෝග යටතේ එහි තෙවෙනි කොටසේ (ඇ) යටතේ දැක්‌වෙන්නේ එවැනි ලේඛනයක්‌ මහජනයාට විවෘත කරන්නේ කෙසේද යන්නයි. එය මෙසේය.

    මෙහි ඉහත දෙවන ඡේදයේ සඳහන් පනතේ 11 වන ඡේදය යටතේ ආබද්ධ වන ලේඛන ආවෘතව ඇති කාලය තුළදී එම ලේඛන පරීක්‌ෂා කිරීමට අවශ්‍ය වුවහොත් එA සඳහා ලි�ත අවසරය පරීක්‌ෂණ කොමිසම් පනත යටතේ පත් කරනු ලබන කොමිසම පිළිබඳ ඇති වූ ලේඛන සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ලේකම්ගෙන්ද පරීක්‌ෂණ කොමිසම් පනත යටතේ අමාත්‍යවරයෙකු විසින් පත් කරනු ලබන පරීක්‌ෂණ කමිටු පිළිබඳ ඇතිවූ ලේඛන සම්බන්ධයෙන් එA අවස්‌ථාවේදී ඊට අදාළ අමාත්‍යංශ ලේකම් ගෙන්ද ලබා ගත යුතුය. මෙලෙස රහස්‍ය ලේඛන මහජනයාට ලබා ගත හැකි ක්‍රම වේද කීපයක්‌ම නියෝග යටතේ සඳහන් කර තිබේ. ඊට අමතරව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ද මහජනයාට මේ තොරතුරු ලබා ගැනීමට හැකි විය යුතුය. ඉන්පසු එය නොදී සිටීමට තිබෙන බලය ගැනද එහි කියෑවෙයි. රාජ්‍ය ලේඛන පරිශීලනය සඳහා ඉහත (අ) සහ (ඇ) ඡේදවලින් ඉල්වනු ලබන අවසරය දෙනු ලැබීමේ හෝ නොදෙනු ලැබීමේ තීරණය එA සම්බන්ධව ක්‍රියාකරනු ලබන වගකිව යුතු නිලධාරියාගේ හෝ ජාතික ලේඛනාගාර අධ්‍යක්‌ෂගේ අභිමතය අනුව කළ හැකිය. යනු එහි නියමයයි. බැඳුම්කර කොමිෂන් වාර්තාව සැඟවීමේ තුරුම්පුවේ ආරම්භය ඇත්තේ එතැනයි.

    බැඳුම්කර කොමිෂන් වාර්තාව පසුගියදා එම ලේකම්වරයා විසින් ජාතික ලේඛනාගාරයට භාරදෙන අවස්‌ථාවේදී එහි මාණ්‌ඩලික නිලධාරීන් විසින් වාර්තාව භාර ගැනීම ප්‍රතික්‌ෂේප කරනු ලැබ ඇත. ඊට හේතුව ඔහු එම ස්‌ථානයට එම වාර්තාවේ ඡායා පිටපත් පමණක්‌ ගෙන පැමිණීමයි. සාමාන්‍යයෙන් ලේඛනයක්‌ යනු මුල් වාර්තා පිටපතයි. ඡායා පිටපතක්‌ ලේඛනයක්‌ ලෙසට ගණන් නොගැනේ. මෙම ලේඛන යම් කිසි රාජ්‍ය ආයතනයකින් භාරගන්නා විට අධ්‍යක්‌ෂවරයා මෙන්ම එහි මාණ්‌ඩලික නිලධාරීයෙකුගේ සාක්‌ෂි සහිතව එම පිටපත් භාර ගත යුතුය. පළමු අවස්‌ථාවේදී බැඳුම්කර වාර්තාවේ ඡායා පිටපත් භාර ගැනීම ප්‍රතික්‌ෂේප කරනු ලදුව දෙවනුව එම ඡායා පිටපත්ම (සම්පූර්ණ වාර්තාවේ පිටපත් ද එහි තිබී නැත) අධ්‍යක්‌ෂවරිය විසින් භාර ගනු ලබන්නේ ඉහළ නියෝගයකින් බව පැහැදිලිය. එAවා භාරගෙන තිබෙන්නේ මුල් පිටපත නොහොත් වාර්තාව හා සංසන්දනය කර අත්සන් තබාලීමෙන් ද නොවේ. මෙම අධ්‍යක්‌ෂ වරියගේ පත්වීම දේශපාලන පත්වීමක්‌ බැවින් ඉහළ දේශපාලන බලධාරීන්ගේ වුවමනාව ඉටු කිරීමට ඇය බැඳී සිටීමට ගිවිසගෙන ඇතිය යන සැකය මතුවේ. මෙවැනි බලධාරියෙකුගේ සේවා කාලය තුළ බැඳුම්කර කොමිෂන් වාර්තාවේ මුල් පිටපත් ලේඛනාගාරයට භාර නොගැනීම යනු අලුත්ම තුරුම්පුවේ යාථාර්ථයයි. මෙම ක්‍රියාව බරපතළ වරදකි. මන්ද යම් නීතිමය කටයුත්කදී ලේඛනවල උධෘතයක්‌ ඉල්ලා සිටි අවස්‌ථාවක එහි මුල් පිටපත ජාතික ලේඛනාගාරයේ තැනපත්ව තිබීම අත්‍යවශ්‍ය බැවිනි. නමුත් සියල්ල මුදලට විකිණෙන දේශපාලනය තුළ තව වසර තිහකින් එළියට එන බැඳුම්කර වාර්තාව කොළපත් වාර්තාවක්‌ වීමටද තිබෙන ඉඩකඩ වැඩිය. එA වනවිට මේ මංකොල්ලයේ මහ මොළකරුවන් රටේ ජාතික සම්පත් නොරටුන්ට හිමිකරදී අවසන්ය. එවිට අපට තිබෙන්නේ එම කොළ පත් ගෙන ගොටු ගසා හිඟමනේ යන්නටයි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොලිස්‌ විරුවන් හයසිය දෙනා සිහිකරන්න තිරුක්‌ කෝවිල්හි ස්‌මාරකයක්‌ හදනවා

    maravin555.jpg


    "අපේ රටේ සියයට හැත්තෑදෙකක්‌ ජීවත් වන සිංහලයා වෙනුවෙන් අද කවුරුත් කතා කරන්නේ නැහැ. උතුරේ මියගිය ත්‍රස්‌තවාදීන් වෙනුවෙන් උපහාර උත්සව පවත්වනවා. නමුත් තිරුක්‌කෝවිල්හි එකතැන අමු අමුවේ ඝාතනය කළ සිංහල පොලිස්‌ නිලධාරීන් හයසිය දෙනා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ මියගිය විරුවන්ගේ ඥතීන් අදත් දුක්‌ විඳිනවා. එම පොලිස්‌විරුවන් සිහිපත් කිරීමට වීර දුටුගැමුණු සංවිධානය 09 වැනිදා (අද) තිරුක්‌කෝවිල්හි දී ස්‌මාරකයක්‌ ඉදිකිරීමට කටයුතු කරනවා."

    මඩාටුගම කොටසර පියංගලු රජමහ විහාරාධිපති දකුණු කලාගම් පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කුඩා කත්නෝරුවේ සිද්ධාර්ථ හිමි බැහැ දැකීමෙන් අනතුරුව වීර දුටුගැමුණු සංවිධානයේ සභාපති හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා එසේ පැවසීය.

    එහිදී මර්වින් සිල්වා මහතා මෙසේද කීය. "අද සිංහලයා වෙනුවෙන් කවුරුත් කතා කරන්නේ නැහැ. සංහිඳියාව නිසා සිංහලයාට වෙන අසාධාරණය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මෛත්‍රී - රනිල් දෙදෙනාම උතුරට යනවා. නමුත් දකුණ ගැන කතා කරන්නේ නැහැ. ගම, පංසල, බුද්ධාගම, සිංහලකම රකින්නේ නැත්නම් අපට අනාගතයක්‌ නැහැ.

    බුදුන්වහන්සේ වැඩසිටි සමයේත් අපේ රටේ විවිධ ජාතීන් ජීවත් වුණා. එදා යක්‍ෂ, නාග, දේව වශයෙන් ගෝත්‍ර තුනක්‌ ඉඳලා තියෙනවා. ඒත් අද සිංහල නොවන අනෙක්‌ ජනවාර්ගික කොටස්‌ විවිධ පක්‍ෂ සඳහා විවිධ දේශපාලකයන් තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමට ක්‍රියා කරන අසාධාරණ කපටි ක්‍රියා අප අනුමත කරන්නේ නැහැ."

    "එදා තිරුක්‌කෝවිල්හිදී අමු අමුවේ අපේ පොලිස්‌ නිලධාරීන් හයසීයක්‌ මරා දැම්මා. ඒ විරුවන් අප සිහිපත් කළ යුතුයි. එම විරුවන්ගේ ඥතීන් අපි එක්‌ කළ යුතුයි. එම විරුවන් සිහිපත් කිරීම සඳහා අපි තිරුක්‌කෝවිල්හි ස්‌මාරකයක්‌ හදනවා. ඒ සඳහා මහා සංඝරත්නය අපට උදව් කළ යුතු වෙනවා. පෙර රජ දවස මෙන් සිංහල ජාතිය සුරකිමින් බුද්ධ ධර්මය ඉදිරියට ගෙන යැමට වීර දුටුගැමුණු සංවිධානයේ උදාර මෙහෙවරට ඔබටත් එක්‌විය හැකියි."

    පූජ්‍ය කුඩා කත්නෝරුවේ සිද්ධාර්ථ හිමි" - ඔබතුමා ගෙන යන ජාතික වැඩපිළිවෙළට ජාතික වශයෙන් මමත් මහා සංඝරත්නයත් එක්‌වෙනවා. විජිතපුර, බැලුම්ගල සිද්ධියේදී ඔබතුමා ඉදිරිපත් වීම ගැන මල්වතු අනුනාහිමියෝ ප්‍රශංසා කළා. බුද්ධාගමත් සිංහලකමත් ආරක්‍ෂා කර ගැනීමට වීර දුටු ගැමුණු සංවිධානය ක්‍රියා කිරීම අගය කළ යුතුයි."
     
    Status
    Not open for further replies.