මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Status
Not open for further replies.

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    image_94cad102be.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ශුද්ධ වන්තයෙක් වෙන්න දගලන රිලා සිරි


    බැදුම්කර මුදල් ලබාගත් මන්ත්‍රීවරු සිටිනවා විය හැකි නමුත් අපට ලැබී ඇති ආරංචි අනුව ජනාධිපති කොමිසම මගින් ලබා දී ඇති බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව තුළ එවැනි මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක්‌ (දයාසිරි මන්ත්‍රීවරයා කියූ පරිදි) තිබී නැත. ඒ බව කථානායකවරයා ද මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණි. එසේම එවැනි මැති ඇමැතිවරුන් 118 දෙනකුගේ ලැයිස්‌තුවක්‌ බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ නොමැති බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා ප්‍රකාශ කළ අදහස ද ඊයේ (06) පුවත්පතක පළ වී තිබුණි.

    මැතිවරණ කාලවලදී දේශපාලනඥයන්ට නොයෙක්‌ අය ආධාර කරනවා විය හැකිය. ව්‍යාපාරිකයන් මැතිවරණ ව්‍යාපාර සඳහා වියදම් කිරීමට නොයෙකුත් දේශපාලනඥයන්ට මුදල් ලබා දෙනවාද විය හැකිය. එය අරුමයක්‌ නොවේ. එහෙත් එසේ තමන්ට ලබා දෙන මුදල් වලින් කවර අය දෙන මුදල් ආධාර බාර ගන්නවාද, කවර අය දෙන මුදල් භාර නොගෙන සිටිනවාද යන්න එම දේශපාලනඥයන් විසින් තීරණය කළ යුතු වේ. විශේෂයෙන් ම මහජන මුදල් කොල්ල කා ඒ මුදල්වලින් කොටසක්‌ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට ලබා දෙනවා නම් එවැනි මුදල් ආධාර දේශපාලනඥයකු විසින් භාර ගැනීම කිසිසේත්ම සුදුසු දෙයක්‌ නොවේ. ඒ නිසා බැඳුම්කර මගඩියෙන් කොල්ල කෑ මහජන මුදල් මැතිවරණ කටයුතු වෙනුවෙන් භාර ගැනීමත් එසේම සාමාන්‍යයෙන් ව්‍යාපාරිකයන් විසින් ඡන්ද අපේක්‍ෂකයන්ට (දේශපාලනඥයන්ට) මැතිවරණ ව්‍යාපාර සඳහා මුදලින් ආධාර කිරීමත් කිසිසේත්ම එකක්‌ නොව දෙකකි. ඒ සිද්ධි දෙක කිසිසේත්ම සමාන කළ නොහැකිය. 2015 පෙබරවාරි 27 දින සිදු වූ මුල් බැඳුම්කර මගඩියෙන් පසු එම සිද්ධිය මුළු රටේම ඉමහත් ආන්දෝලනයට තුඩු දුන්නේය. ඒ සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේJද්‍රන් මහතාටත් ඔහුගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්‌ටත් චෝදනා එල්ල වූ බව ද රහසක්‌ නොවේ. මෙලෙස මේ සිද්ධිය මෙන්ම ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පාර්ශ්වයන් මෙන්ම ඒ සඳහා සම්බන්ධ වී ඇති සමාගම් යනාදිය ප්‍රසිද්ධියට පත්ව ඇති පසුබිමක එවැනි පාර්ශ්වයන්ගෙන් මැතිවරණ ව්‍යාපාර සඳහා මුදල් ලබා ගැනීම කිසිසේත්ම සුදුසු දෙයක්‌ විය නොහැකිය. එය මහජන නියෝජිතකමටත් නිගාවකි.

    p8 1දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට අනුබද්ධ සමාගමකින් රු. මිලියනයක චෙක්‌පතක්‌ ලැබී එය ආරක්‍ෂක නිලධාරියෙක්‌ ලවා මාරු කරගත් සිද්ධිය අධිකරණයට ඉදිරිපත් ව තිබූ වාර්තාවකින් හෙළිදරව් වූ අතර, එය මාධ්‍ය මගින් ද ප්‍රසිද්ධියට පත් විය. ඉන් පසු දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා තමා එසේ රු. මිලියනයක මුදලක්‌ ලබාගත් බව ඔහු විසින් ම පිළිගනිමින් කියා සිටියේ තමා පමණක්‌ නොව එවැනි මුදල් ලබාගත් තවත් මන්ත්‍රීවරු 118 දෙනකු සිටින බවත්, ඒ ලේඛනය ජනාධිපති ලේකම්වරයා සතුව තිබෙන බවත් ය. දයාසිරි මන්ත්‍රීවරයාගේ මේ ප්‍රකාශයට මාධ්‍ය මගින් පුළුල් ප්‍රසිද්ධියක්‌ ලැබීම නිසා එය සමාජය තුළ වඩාත්ම කතාබහට ලක්‌වන සිද්ධියක්‌ ද විය. ඒ අනුව මුළු සමාජයේම කතාබහට ලක්‌ වූයේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට අමතරව මේ මුදල් ලබාගත් අනෙකුත් මන්ත්‍රීවරු කවුද යන්නයි. ඒ ගැන මේ වන තෙක්‌ම ජනතාව තුළත්, මාධ්‍ය තුළත් සංවාදයක්‌ ඇතිව තිබේ. රටේ සියලු ප්‍රශ්න අමතක කොට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කියූ 118 මන්ත්‍රී කණ්‌ඩායම හෙළිදරව් කර ගැනීම සියලු දෙනාම පාහේ උනන්දුව දක්‌වන ප්‍රධාන කාරණය විය. එහෙත් ප්‍රශ්නය තිබෙන්නේ ඇත්ත වශයෙන් ම දයාසිරි ජයසේකර කියන පරිදි එසේ මුදල් ලබා ගත් මන්ත්‍රීවරුන් 118 දෙනකුගේ ලැයිස්‌තුවක්‌ තිබේද යන්නයි. එවැන්නක්‌ ජනාධිපති බැඳුම්කර කොමිසම මගින් සත්‍ය වශයෙන් ම ජනාධිපතිවරයාට භාර දී තිබේද යන්නයි.

    බැදුම්කර මුදල් ලබාගත් මන්ත්‍රීවරු සිටිනවා විය හැකි නමුත් අපට ලැබී ඇති ආරංචි අනුව ජනාධිපති කොමිසම මගින් ලබා දී ඇති බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව තුළ එවැනි මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක්‌ (දයාසිරි මන්ත්‍රීවරයා කියූ පරිදි) තිබී නැත. ඒ බව කථානායකවරයා ද මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණි. එසේම එවැනි මැති ඇමැතිවරුන් 118 දෙනකුගේ ලැයිස්‌තුවක්‌ බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ නොමැති බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා ප්‍රකාශ කළ අදහස ද ඊයේ (06) පුවත්පතක පළ වී තිබුණි. මෙය සත්‍යයක්‌ වන අතර ඒ අනුව බැඳුම්කර මුදල් ලබාගත්තේය කියන මැති ඇමැතිවරුන්ගේ ලැයිස්‌තුවක්‌ පිළිබඳ කතාව අමු කෙප්පයකි. එහෙත් එහි අදහස දේශපාලනඥයන් හෝ වෙනත් පාර්ශ්වයන් අදාළ මුදල් ලබා ගෙන නැති බව නොවේ. මේ ගැන කළ විමසුමකදී මේ ලියුම්කරුට දැනගැනීමට ලැබුණේ ද එවැනි ලැයිස්‌තුවක්‌ නැති නමුත් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට අනුබද්ධ සමාගම්වලින් විවිධ පාර්ශ්වයන්ට ලබා දී මාරු කරගෙන ඇති මුදල් චෙක්‌පත් ගැන දිගටම පරීක්‍ෂණ කරගෙන යන බවයි. මේ අනුව නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ ගැන පරීක්‍ෂණ සිදුකරගෙන යන අතර දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ නම අධිකරණයට ඉදිරිපත් වුයේaද ඒ ආකාරයට විය හැකිය.

    මෙලෙස දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ නම මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් වු විට ඔහු මාධ්‍යයට කීවේ මහ බැංකු බැඳුම්කර වාර්තාවේ මෙතෙක්‌ හෙළි නොකළ පිටුවල අර්ජුන් ඇලෝසියස්‌ගෙන් මුදල් සහ විවිධ වරප්‍රසාද ලබාගත් 118 දෙනාගේ නම් ඇති බවත් ජනාධිපති ලේකම්වරයා එම නම් හෙළි නොකර සඟවාගෙන සිටින බවත් ය. එම 118 දෙනා රටට හෙළි කිරීමට ඉදිරි දින දෙක ඇතුළත තොරතුරු දැනගැනීමේ පනත හරහා ජනාධිපති ලේකම්වරයාට ලි�ත ඉල්ලීමක්‌ කරන බව ද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කර තිබුණි. එම නම් හෙළි කිරීමට හෝ එම නම් ලබාගැනීමට නම් ඇත්ත වශයෙන් ම එවැනි නාම ලේඛනයක්‌ තිබිය යුතුය. එහෙත් දැන් තහවුරු වී ඇත්තේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ ආකාරයේ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක්‌ ජනාධිපති බැඳුම්කර කොමිසම විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඉදිරිපත් කර නොමැති බවයි. මේ නිසා මුළුÊසමාජයම උනන්දු වූයේ මේ 118 දෙනා කවුද කියා දැන ගැනීමටය. එවැනි ලැයිස්‌තුවක්‌ කොමිෂන් සභා වාර්තාව තුළ හෝ එහි ඇතුළත් මෙතෙක්‌ හෙලිදරව් නොකළ රහසිගත ලේඛනවල හෝ නැත්නම් එම ලේඛන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත්, වෙනත් කවුරුන් විසින් හෝ එම ලේඛන ලබා ගනු ලැබුවත් වැඩක්‌ වන්නේ නැත. එනම් දයාසිරි මන්ත්‍රීවරයා කියන පරිදි අර්ජුන අලෝසියස්‌ගෙන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමෙන් හෝ ඊට අනුබද්ධ සමාගම්වලින් මුදල් ලබාගත්තා යෑයි කියන නිශ්චිත නම් ලැයිස්‌තුවක්‌ බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවට අන්තර්ගතව නොතිබීමයි.

    ඇත්ත මෙය නම් නැති ලැයිස්‌තුවක්‌ ගැන දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කීවේ ඇයි? තමා පමණක්‌ නොව වෙනත් අයත් මෙලෙස මුදල් ලබාගෙන ඇතැයි කියා ඔහු මුදල් ගත්තේය කියන කරුණට පැවැති සමාජ අවධානය අඩුකර ගැනීමටද? මෙසේ නැති ලැයිස්‌තුවක්‌ ගැන කීමේ දයාසිරි මන්ත්‍රීවරයාගේ ඇත්ත අරමුණ කුමක්‌ දැයි අප නොදන්නා නමුත් ඉන් දයාසිරි මන්ත්‍රීවරයාට ගැන අමතක වී සියලු දෙනාගේම අවධානය යොමු වූයේ එසේ මුදල් ගත් අනිත් මන්ත්‍රීවරු කවුද කියන කාරණයටය. මාධ්‍යයත්, මහජනතාවත් මේ 118 ලැයිස්‌තුවල පසුපස ගියේය. ඒ අතරේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ද තමන් අර්ජුන් ඇලෝසියස්‌ගෙන් රු. ලක්‍ෂයක මුදලක්‌ ලබාගත් බව ප්‍රසිද්ධියේ පිළිගෙන තිබිණි. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ද ඊට පෙර පාර්ලිමේන්තුව හමුවේම ප්‍රකාශයක්‌ කරමින් තමන් රු. මිලියනයක මුදල් චෙක්‌පතක්‌ ලබා ගත් බව පිළිගත්තේය. පසුගිය මැයි 28 දින නිදහස්‌ මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දයාසිරි මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණේ මැතිරණයකදී එදා පටන් සෑම ඡන්ද අපේක්‍ෂකයෙකුටම විවිධ ව්‍යාපාරිකයන්ගෙන් සහ හිතමිතුරන්ගෙන් උපකාර සහ මුදල් ලැබෙන බවත් තමාට අර්ජුන ඇලෝසියස්‌ රු. ලක්‍ෂ දහයක චෙක්‌පතක්‌ ලබා දුන්නේ අල්ලසක්‌ ලෙස නොවන බවත් ය. මුදල් කොලවල මුදල් ඉපයූ ආකාරය සඳහන් නොවන බව ඇත්තය. එහෙත් මේ කියන මුදල් ලබා ගන්නා විට පළමු බැඳුම්කර මගඩිය සිදුවී (2015 පෙබරවාරි 27 දින) බොහෝ කල්ය. ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන්ට චෝදනා ද එල්ල වී තිබූ අතර, මේ බැඳුම්කර වංචාව සමාජය තුළ ඉමහත් ආන්දොaලනයකට ලක්‌ වූ ප්‍රධානතම සිදුවීමක්‌ ද විය. මෙවැනි පසුබිමකදී මෙවැනි පාර්ශ්වයකින් මුදල් ලබා ගැනීම කෙතරම් සදාචාරාත්මකද? මේ ගැන මහජනයා වෙත තවදුරටත් කරුණු පැහැදිලි කළ යුතු යෑයි අපි නොසිතමු. මේ සියල්ල අද මහජන අධිකරණය හමුවේ ද විභාග වෙමින් තිබේ. බරපතළම තීන්දු ලැබෙනු ඇත්තේ මහජන අධිකරණ විනිශ්චයන් හරහා බව ද මේ අය කල්පනා කළ යුතුය.

    මීළඟ බරපතළ කරුණ වන්නේ කෝප් කමිටුවේ සංයුතියයි. එම කමිටුව තුළ මේ බැඳුම්කර වංචාව ගැන විමර්ශනයක්‌ සිදු වූ බව අපි කවුරුත් දනිමු. මේ කමිටුවේ බැඳුම්කර මුදල් ගත් මන්ත්‍රීවරු සිටින්නේ නම් එය බරපතළ ප්‍රශ්නයකි. එසේ වුවහොත් මේ පාර්ලිමේන්තු කමිටු තවදුරටත් විහිළුවක්‌ බවට පත්වීම වැළැක්‌විය නොහැකිය. ඒ නිසා මේ සම්බන්ධයෙන් වහාම කථානායකවරයා විසින් පියවරක්‌ ගත යුතු වෙයි. එනම් පර්පෙචුවල් සමාගමට අනුබද්ධ සමාගම්වලින් මුදල්, නිවාස හෝ වෙනත් කුමන ආකාරයක හෝ ප්‍රතිලාභ ලැබූ මන්ත්‍රීවරුන් සිටී නම් ඒ අය තවදුරටත් කෝප් කමිටු සාමාජිකයන් ලෙස කටයුතු කිරීමෙන් වැළැක්‌වීම සඳහා කථානායකවරයා කටයුතු කළ යුතු බවයි. පාර්ලිමේන්තුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගියදා කල් තැබීම නිසා නව කෝප් කමිටුවක්‌ පත් කිරීමට සිදුවිය. පසුගිය කෝප් කමිටුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ට මේ වන විට බැඳුම්කර මුදල් ලබා ගැනීම පිළිබඳ චෝදනා එල්ල වී ඇති බව මේ වන විට රටම දන්නා කරුණකි. එවැනි අයගෙන් සමන්විත වූ නිසා පසුගිය කෝප් පරීක්‍ෂණවල විශ්වසනීයත්වය පවා අභියෝගයට ලක්‌ වෙයි. එවැනි මුදල් ලබාගත් අය එවැනි කමිටු නියෝජනය කර තිබීමෙන් එම කමිටුවල විමර්ශන පිළිබඳ මහජනතාව විශ්වාසය තබන්නේ කෙසේද? අතීතය සම්බන්ධයෙන් එවැනි ප්‍රශ්නයක්‌ තිබෙන අතර අනාගතය සම්බන්ධයෙන් හෝ මේ තත්ත්වය නිවැරැදි කර ගත යුතු වේ. එසේ මුදල් ලබාගත් අය ඒ බව ප්‍රසිද්ධියේ කියන්නේ නැති බව ඇත්තය. ඒ නිසා අඩු තරමේ එම කමිටු නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ගෙන්, අදාළ චෝදනා එල්ල වී ඇති පුද්ගලයන්ගෙන්, සමාගම්වලින් හෝ ඒවාට අනුබද්ධ සමාගම්වලින් මුදල් හෝ වෙනත් කිසිදු ආකාරයක වරප්‍රසාදයක්‌ නොලද බවට දිවුරුම් ප්‍රකාශයක්‌ හෝ ලබා ගැනීමට කටයුත කරන්නේ නම් මැනවි. කලින් සඳහන් කළ ආකාරයේ 118 ක ලැයිස්‌තුවක්‌ නැති වුවත් අදාළ චෝදනා එල්ල වූ සමාගම් හරහා මුදල් චෙක්‌පත් ලබාදීමේ සිද්ධි ඔස්‌සේ පරීක්‍ෂණ පවත්වා එම බැඳුම්කර මුදල් ලබාගත් අය හෙළිදරව් කර ගැනීම ද අත්‍යවශ්‍ය කරුණක්‌ බව නම් කිව යුතුමය. එවිට එවැනි අය තවදුරටත් මහජන නියෝජිතයන් ලෙස නැවත පත්කර ගන්නවාද (ඒ අයට ඔවුන්ගේ දේශපාලන පක්‍ෂවලින් නාම යෝජනා දුන්නොත්) යන තීරණය ඡන්දදායක මහජනයාට හෙට දිනයේදී ගත හැකිය.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලැට් රෝසි සහ කෙසෙල් සුජීව

    ලැට් රෝසි සහ කෙසෙල් සුජීව


    බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින අර්ජුන ඇලෝසියස්‌ මහතාගෙන් එක්‌සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන තරුණ රාජ්‍ය ඇමැතිවරයකු රුපියල් හතළිස්‌ ලක්‍ෂයක මුදලක්‌ ද එම පක්‍ෂයේම ප්‍රබල දේශපාලකවරියක්‌ රුපියල් දසලක්‍ෂයක මුදලක්‌ ද ලබාගෙන ඇති බව මේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලින් අනාවරණය වී ඇත.

    මෙම තරුණ රාජ්‍ය ඇමැතිවරයා මෙන්ම දේශපාලකවරිය පසුගිය මහ මැතිවරණයේදී සිය ප්‍රචාරක කටයුතු සඳහා අදාල මුදල් යොදවා ඇති බවද හෙළිවී තිබේ.

    මොවුන් දෙදෙනා අර්ජුන් ඇලෝසියස්‌ගෙන් මුදල් ලබාගත් බවට ඔප්පු කළ හැකි සාක්‍ෂි ලැබී ඇති බවද විමර්ශන කණ්‌ඩායම් කියා සිටියි.

    අර්ජුන් ඇලෝසියස්‌ මහතාගෙන් මුදල් සහ නොයෙකුත් වරප්‍රසාද ලබාගත් දේශපාලනඥයන් ඇතුළු තවත් ප්‍රබල පුද්ගලයන් රැසක්‌ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්‌ පැවැත්වෙන නිසා මේ පිළිබඳව වැඩිදුර තොරතුරු හෙළි කළ නොහැකි බවද විමර්ශන කණ්‌ඩායම් පවසයි.

    කොළඹ කොම්පඤඤවීදිය ප්‍රදේශයේ පිහිටි පර්පචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන කාර්යාලය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා වටලා එය දැඩි පරීක්‍ෂාවට ලක්‌කර තිබිණි.

    මෙසේ මුදල් ලබා ගත්තේයයි කියන තරුණ දේශපාලනඥයා රාජ්‍ය ඇමතිවරයකු වන අතර කලක්‌ අගමැති රනිල් වික්‍රමසිංහට විරුද්ධව ක්‍රියා කළ අයෙකි. දේශපාලනඥවරිය දැනට උසස්‌ තනතුරක්‌ හොබවන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක නොවන අයෙකි.
     
    Status
    Not open for further replies.