අද දිනයේ යොදා තිබූ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ යාපන සංචාරය හදිසියේ අවලංගු කර ඇති බව වාර්තා වනවා.
ජනාධිපතිවරයා අද පළාලි කදවුරේදී ත්රිවිධ හමුදාපතිවරුන් ඇතුළ ආරක්ෂක අංශ ප්රධානීන් මුණ ගැසීමට නියමතව තිබුණු අතර, අද පෙරවරුවේ හෝමාගම නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවටද ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතව සිටියත් එයද අවලංගු කර ඇති අතර ඇමති විජේදාස රාජපක්ෂ අතින් එය විවෘත කරනු ලැබින.
ජනාධිපතිවරයාට හදිසි අසනීප තත්වයක් මතුව ඇති බවැන් යාපනය සංචාරය අවලංගු කර ඇති බව පුවත් වෙබ් අඩවි ගණනාවක් වාර්තා කර ඇත.
මේ අතර ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා යෙදුනු හදිසි කටයුත්තක් හේතුවෙන් අද (04) දිනයේ ජනාධිපතිවරයා හට යෙදී තිබුනු යාපනය සංචාරය අවලංගු කොට ඇති බවට උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය නිවේදනය කර ඇත.